පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වේ…

    වසර කිහිපයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කළ පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    රාගම රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු අසූ හතක් විය.

    දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් කියාසිටී.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,661
    8,878
    113
    kandy
    ඉස්සර අස්ගිරිය ground එකේ මැ ච් එකක් තියනකොට පර්සි අන්කල් කොඩිය අරන් ground එක වටේ යනවා .. අපි ලගට එනකොට ආතල් එකක් ගන්න "කමෝන් ඉන්දියා " කියලා කෑ ගහනවා .. එතකොට පොරට යකා නගිනවා ..

    RIP
    පර්සි අන්කල්
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    නිවන් සුව ලැබේවා...
    අන්තිම මොහොත වෙනකන් ලංකාවේ ක්‍රිකට් ගොඩ යත්වා කියලා ප්‍රාර්ථනා කරපු කෙනෙක් 😢😢
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අපරාදේ නේද අංකල් ගේ මහන්සිය. දැන් නම් ක්‍රිකට් බලු.

    මෙතුමාගේ ආදායම් මාර්ගේ මොකද්ද බන්....මැච් බල බල ලෝකේ වටේ යන්න, සෑහෙන්න සල්ලියක් ඕනේ නේ .
    දැන් ඔය කොඩිය උස්සගෙන දුවන මිට්ටා නම් ආමර් වීදියේ කඩයකින් මතු වුණා දවසක්. ඌට කඩේ අයිති ඇති ද දන්නේ නැහැ.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    අපරාදේ නේද අංකල් ගේ මහන්සිය. දැන් නම් ක්‍රිකට් බලු.

    මෙතුමාගේ ආදායම් මාර්ගේ මොකද්ද බන්....මැච් බල බල ලෝකේ වටේ යන්න, සෑහෙන්න සල්ලියක් ඕනේ නේ .
    දැන් ඔය කොඩිය උස්සගෙන දුවන මිට්ටා නම් ආමර් වීදියේ කඩයකින් මතු වුණා දවසක්. ඌට කඩේ අයිති ඇති ද දන්නේ නැහැ.
    ස්පොන්සර්ලා සෙට් වෙනවා බන්