පරාජයේ පසු වදන

කුලසේකර අතින් ගිලිහී ගිය තීරණාත්මක උඩපන්දුව
ඉකුත් 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමෙන් පසු 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූයේ ශූරතාව පිළිබඳව දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙනය. තමන්ට නුහුරු නුපුරුදු කොදෙව් රටේදී ලෝකයේ හොඳම දෙවැනි කණ්ඩායම බවට පත්වීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම වසර 4 කට පසු තමන්ට හුරුපුරුදු ආසියාවේ පැවැත්වෙන 2011 තරගාවලියට ලකලෑස්ති වූයේ කොදෙව් දේශයේදී ලබා ගැනීමට නොහැකි වූ කුසලානය නැවතත් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ බලාපොරොත්තුව පොදි බැඳගෙනය.
පසුගිය පෙබරවාරි 19 වැනිදායින් ඇරඹි 10 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සති 6 ක කාලයක් ගතවීමෙන් පසු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අවසන් මහ තරග අවස්ථාව හිමිකර ගත්හ. මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ ආසියානු රටවල් දෙකක අවසන් මහ තරග අවස්ථාව හිමිකර ගත් පළමු අවස්ථාව මෙය වෙයි. මෙම අවසන් මහ තරගය ඉන්දියාවේ මුම්බායිහි වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
බිලියන 1.2 කට වඩා වැඩි ඉන්දීය ජනතාවකගෙන් 30000 කට වැඩි පිරිසක් සහ මිලියන 20 කට ආසන්න ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 3000 කට ආසන්න පිරිසක් වෙන්කඩේ ක්‍රීඩාංගණයටද සහ ලොව මිලියන ගණනක ක්‍රිකට් රසිකයන් රූපවාහිනි තීරය ඉදිරියේදී එදා සැදී පැහැදී සිටියේ ආසියාවේ මෙන්ම ලෝකයේම ක්‍රිකට් බලවතා කවුරුන් වේද යන කුකුස සිත තුළ පෙරදැරිවය.
ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2 හි කනිසම වදිනවාත් සමඟම ආරම්භ වූයේ ලෝක කුසලාන අවසන් මහ තරග ඉතිහාසයේ කඩුලු රකින්නන් දෙදෙනකු අවසන් මහ තරගයක් මෙහෙයවූ විරළ වාර්තාවද ලෝක කුසලාන ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් කරමිනි.
තරග තීරක ජෙෆ් ක්‍රෝගේ ප්‍රධානත්වයෙන් උරගා බැලුණු කාසියේ වාසියද මීට පෙර තරගාවලි උරගා බැලුණු කාසියේ වාසියට වඩා බෙහෙවින් වෙනස් ස්වාභාවයක් ඉසිලීමද විශේෂත්වයක් විය. කාසියේ වාසිය දෙවතාවක් උරගා බැලීම අදාළ සුවිශේෂීතාව විය. එහිදී පළමු වරට කාසියේ වාසිය උරගා බැලීමේදී එහි ජය සංගක්කාර සතු වුවද ඔහුගේ ඉල්ලීම තරග තීරක ජෙෆ් ක්‍රෝට සහ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිට නිසියාකාරව ශ්‍රවණය නොවීම හේතුවෙන් නැවතත් කාසියේ වාසිය උරගා බැලීමට තීරණය විය.
ආරම්භයම තරමක බාධා සහිත වූ කාසියේ වාසිය දෙවැන්නද ශ්‍රී ලංකා නම ඉදිරියෙන් සටහන් වනවාත් සමඟම පිතිකරුවන්ට වැඩි දායකත්වයක් දක්වනු ලබන වෙන්කඩේ තණතීරුවේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා නායකයාගේ තීරණය විය.
පිතිකරුවන්ට සහයෝගයක් දක්වනු ඇතැයි බැලූ බැල්මට පෙණුනද ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණය තරමක අවදානම් එකක් යෑයි පළමු පන්දුවාර 10 අවසනදී දැක ගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 31 කට එක් කඩුල්ලක් වශයෙන් දිස්විය.
ශ්‍රී ලංකා ඉනිමට යවන ලද පළමු පන්දුවාර තුනම නිලකුණු පන්දුවාර 3 ක් වශයෙන් යෑවීමට සමත් වූ සහීර් ඛාන් එහිදී තරංගගේ කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 17 ක් වශයෙන් සටහන්ව තිබියදී දවා ගැනීමට සමත් වූ අතර තර්ජනාත්මක ස්වාභාවයක් ගත් ඔහුගේ පළමු පන්දු යෑවීමේ වාරය අවසන් වූයේ පන්දුවාර 5 කදී ලකුණු 06 කට එක් කඩුල්ලක් වශයෙනි.
ආරම්භය තරමක් මන්දගාමී වුවත් මහේල ජයවර්ධන, නුවන් කුලසේකර සහ තිසර පෙරේරාගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය පිලට පන්දුවාරයකට ලකුණු ලබාගැනීමේ දළ වේගය 5.5 ක තරම් වේගයක් රඳවාගනිමින් ජයග්‍රාහී ලකුණු 275 ක ඉලක්කයක් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගාවලිය පුරාම පන්දු යෑවීමෙන් දස්කම් දැක්වීමට සමත් වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අවශ්‍යම තරගයේදී ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට නොහැකි වීම මත අවසානයේ ඉන්දීය කණ්ඩායම සොම්නසද ශ්‍රී ලංකාවට දොම්නසද ඉතිරිකරමින් 10 වැනි ලෝක කසලාන අදියර හෙවත් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමාවට පත් විය.