පරාජයේ පසු වදන

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    පරාජයේ පසු වදන

    sanga3.jpg
    කුලසේකර අතින් ගිලිහී ගිය තීරණාත්මක උඩපන්දුව

    ඉකුත් 2007 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමෙන් පසු 2011 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගි වූයේ ශූරතාව පිළිබඳව දහසකුත් එකක්‌ බලාපොරොත්තු පොදි බැඳගෙනය. තමන්ට නුහුරු නුපුරුදු කොදෙව් රටේදී ලෝකයේ හොඳම දෙවැනි කණ්‌ඩායම බවට පත්වීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්‌ඩායම වසර 4 කට පසු තමන්ට හුරුපුරුදු ආසියාවේ පැවැත්වෙන 2011 තරගාවලියට ලකලෑස්‌ති වූයේ කොදෙව් දේශයේදී ලබා ගැනීමට නොහැකි වූ කුසලානය නැවතත් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ බලාපොරොත්තුව පොදි බැඳගෙනය.

    පසුගිය පෙබරවාරි 19 වැනිදායින් ඇරඹි 10 වැනි ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී සති 6 ක කාලයක්‌ ගතවීමෙන් පසු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අවසන් මහ තරග අවස්‌ථාව හිමිකර ගත්හ. මෙතෙක්‌ ලෝක කුසලාන ඉතිහාසයේ ආසියානු රටවල් දෙකක අවසන් මහ තරග අවස්‌ථාව හිමිකර ගත් පළමු අවස්‌ථාව මෙය වෙයි. මෙම අවසන් මහ තරගය ඉන්දියාවේ මුම්බායිහි වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    බිලියන 1.2 කට වඩා වැඩි ඉන්දීය ජනතාවකගෙන් 30000 කට වැඩි පිරිසක්‌ සහ මිලියන 20 කට ආසන්න ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 3000 කට ආසන්න පිරිසක්‌ වෙන්කඩේ ක්‍රීඩාංගණයටද සහ ලොව මිලියන ගණනක ක්‍රිකට්‌ රසිකයන් රූපවාහිනි තීරය ඉදිරියේදී එදා සැදී පැහැදී සිටියේ ආසියාවේ මෙන්ම ලෝකයේම ක්‍රිකට්‌ බලවතා කවුරුන් වේද යන කුකුස සිත තුළ පෙරදැරිවය.

    ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2 හි කනිසම වදිනවාත් සමඟම ආරම්භ වූයේ ලෝක කුසලාන අවසන් මහ තරග ඉතිහාසයේ කඩුලු රකින්නන් දෙදෙනකු අවසන් මහ තරගයක්‌ මෙහෙයවූ විරළ වාර්තාවද ලෝක කුසලාන ක්‍රිකට්‌ වාර්තා පොත් අතරට එක්‌ කරමිනි.

    තරග තීරක ජෙෆ් ක්‍රෝගේ ප්‍රධානත්වයෙන් උරගා බැලුණු කාසියේ වාසියද මීට පෙර තරගාවලි උරගා බැලුණු කාසියේ වාසියට වඩා බෙහෙවින් වෙනස්‌ ස්‌වාභාවයක්‌ ඉසිලීමද විශේෂත්වයක්‌ විය. කාසියේ වාසිය දෙවතාවක්‌ උරගා බැලීම අදාළ සුවිශේෂීතාව විය. එහිදී පළමු වරට කාසියේ වාසිය උරගා බැලීමේදී එහි ජය සංගක්‌කාර සතු වුවද ඔහුගේ ඉල්ලීම තරග තීරක ජෙෆ් ක්‍රෝට සහ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිට නිසියාකාරව ශ්‍රවණය නොවීම හේතුවෙන් නැවතත් කාසියේ වාසිය උරගා බැලීමට තීරණය විය.

    ආරම්භයම තරමක බාධා සහිත වූ කාසියේ වාසිය දෙවැන්නද ශ්‍රී ලංකා නම ඉදිරියෙන් සටහන් වනවාත් සමඟම පිතිකරුවන්ට වැඩි දායකත්වයක්‌ දක්‌වනු ලබන වෙන්කඩේ තණතීරුවේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා නායකයාගේ තීරණය විය.

    පිතිකරුවන්ට සහයෝගයක්‌ දක්‌වනු ඇතැයි බැලූ බැල්මට පෙණුනද ශ්‍රී ලංකා කණ්‌ඩායම ගත් තීරණය තරමක අවදානම් එකක්‌ යෑයි පළමු පන්දුවාර 10 අවසනදී දැක ගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 31 කට එක්‌ කඩුල්ලක්‌ වශයෙන් දිස්‌විය.

    ශ්‍රී ලංකා ඉනිමට යවන ලද පළමු පන්දුවාර තුනම නිලකුණු පන්දුවාර 3 ක්‌ වශයෙන් යෑවීමට සමත් වූ සහීර් ඛාන් එහිදී තරංගගේ කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 17 ක්‌ වශයෙන් සටහන්ව තිබියදී දවා ගැනීමට සමත් වූ අතර තර්ජනාත්මක ස්‌වාභාවයක්‌ ගත් ඔහුගේ පළමු පන්දු යෑවීමේ වාරය අවසන් වූයේ පන්දුවාර 5 කදී ලකුණු 06 කට එක්‌ කඩුල්ලක්‌ වශයෙනි.

    ආරම්භය තරමක්‌ මන්දගාමී වුවත් මහේල ජයවර්ධන, නුවන් කුලසේකර සහ තිසර පෙරේරාගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය පිලට පන්දුවාරයකට ලකුණු ලබාගැනීමේ දළ වේගය 5.5 ක තරම් වේගයක්‌ රඳවාගනිමින් ජයග්‍රාහී ලකුණු 275 ක ඉලක්‌කයක්‌ ලබාදීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත් විය. තරගාවලිය පුරාම පන්දු යෑවීමෙන් දස්‌කම් දැක්‌වීමට සමත් වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අවශ්‍යම තරගයේදී ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට නොහැකි වීම මත අවසානයේ ඉන්දීය කණ්‌ඩායම සොම්නසද ශ්‍රී ලංකාවට දොම්නසද ඉතිරිකරමින් 10 වැනි ලෝක කසලාන අදියර හෙවත් 2011 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය නිමාවට පත් විය.

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඉන්දීය ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා ලෙස ඉන්දීය නායක මහේන්ද්‍ර සිsං දෝනි තරගයේ වීරයා සම්මානයද, යුවරාඡ් සිං තරගාවලියේ වීරයා සම්මානයද හිමිකර ගනිද්දී ශ්‍රී ලංකා කණ්‌ඩායමට අනුශූරතාව මෙන්ම ජයග්‍රාහී ඉන්දීය ප්‍රේක්‍ෂකයන් මෙන්ම ඉන්දීය කණ්‌ඩායම ක්‍රීඩාපිටියේදී සිය ජයග්‍රහණය සමරන අයුරු කඳුළු පිරි දෑසින් යුතුව බලාගෙන හිඳීමට සිදුවිය. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වෙන්කඩේ ක්‍රීඩාංගණයට රැස්‌වූ 3000 කට අධික ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන් මෙන්ම (ශ්‍රී ලංකාවට ජය පතා ගිය ශ්‍රී ලාංකිකයන් අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද විය.) ශ්‍රී ලංකාවේ සිට තම කණ්‌ඩායම ජය පතා පන්සලක්‌, පල්ලියක්‌, දේවාලයක්‌ ගානේ ගිය ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ද තරගාවසානයේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන් සමගින් තම දුක බෙදා ගත්තේ ශූරතාව හිමි නොවුණත් අප පිට පිටම අනුශූරයන්ය යන සිත තුළ මෙනෙහි කර ගනිමිනි.

    ශ්‍රී ලංකා කණ්‌ඩායමෙන් සුළු වශයෙන් නොව විශාල වශයෙන් සිදුවූ අතපසුවීම මත මෙම තරගයේ ජය ඉන්දීය පිලට ඉතාමත් පහසුවෙන් අත්කර ගැනීමට හැකිවිය.

    එහි පළමුවැන්න කණ්‌ඩායම තේරීම පිළිබඳවූ ගැටලුකාරී තත්ත්වය ගෙන හැර දැක්‌විය හැකිය. පළමු තරගයේ සිටම අවසානය දක්‌වා පැමිණි ගමන් මගේදී එකම තරගයක්‌ හෝ ක්‍රීඩා නොකළ චාමර කපුගෙදරව, තරගාවලියේ මැද පෙළ පිතිකරුවන් අතරින් එකම අර්ධ ශතක ලාභියා වූ චාමර සිල්වා වෙනුවට යොදා ගැනීම බොහෝ දෙනාගේ අප්‍රසාදය පළවූ සිදුවීමක්‌ විය.

    තරග 86 කට ක්‍රීඩා කරමින් තමන්ගේ ස්‌ථාවරය හදා ගැනීමට අපොහොසත් වී සිටින චාමර කපුගෙදරව අවසන් මහ තරගයට කැඳෙව්වේ කුමන දක්‍ෂතාවක්‌ පදනම් කරගෙනද යන්න තරගාවලියට කණ්‌ඩායම නම් කිරීමේදී මෙන්ම පළමු තරග කිහිපය තුළදී කණ්‌ඩායම් තේරීම සම්බන්ධයෙන් ක්‍රිකට්‌ තේරීම් කමිටුව දිනාගෙන තිබූ විශ්වාසය පලුදු වන තරමේ විය.

    ප්‍රබල පිතිකරුවන් 7 දෙනකුගෙන් සමන්විත ඉන්දීය කණ්‌ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 300 කට වැඩි ඉලක්‌කයක්‌ ලබාදීමට අත්‍යවශ්‍ය වුවත් හදිසියේ කපුගෙදරගේ දැවී යැම මත එම තත්ත්වය ලකුණු 274 දී ඇන සිටියේ සමරවීරගේ දැවී යැමෙන් ලකුණු 03 ක්‌ ලකුණු පුවරුවට එක්‌වන අතරවාරයේ කපුගෙදරද දැවී යැම මතය. අදාළ කඩුල්ල වෙනුවෙන් තරමක්‌ දුරට හෝ සාර්ථක ලෙස ලකුණු සම්බන්ධතාවක්‌ පැවැත්වීමට හැකි වූයේ නම් ලකුණු 300 සීමාව ඉක්‌මවා ලකුණු රැස්‌ කර ගැනීමට ශ්‍රී ලංකාවට නිසැකයෙන්ම අවස්‌ථාව තිබිණි.

    ලකුණු පුවරුව 186 ක්‌ව සටහන්ව තිබියදී කපුගෙදර දැවී යැම මත ශ්‍රී ලංකාවට ලකුණු 240 ක්‌ වැනි ලකුණු සංඛ්‍යාවක්‌ ලබා ගැනීම සඳහාද අවදානම් තත්ත්වයක්‌ වූ නමුත් මහේල ජයවර්ධන කඩුල්ලේ රැඳී සිටිමින් කුලසේකර සහ තිසර පෙරේරා සමගින් ගොඩනැංවූ කඩුලු සම්බන්ධතා මත ලකුණු 275 ක ඉලක්‌කයක්‌ ඉන්දියාවට ලබාදීමට ශ්‍රී ලංකාවට අවස්‌ථාව උදාවිය.

    සහීර් ඛාන් විසින් ක්‍රියාත්මක කරන ලද 48 වැනි පන්දුවාරය වනවිට මහේල ජයවර්ධන පන්දු 81 කදී ලකුණු 90 ක්‌ ලබාගෙන සිටි අතර ඔහුගේ තෙවැනි, සිව්වැනි සහ පස්‌වැනි පන්දු හමුවේ නොබියව පිළිවෙළින් 2, 4, 4 වශයෙන් ලකුණු ලබාගැනීම මත මහේලගේ 14 වැනි ශතකය පන්දු 84 කදී ලබා ගැනී මට ඔහුට හැකි විය. එහිදී ශතකය ලබාගැනීම වෙනුවෙන් කඩුල්ල විවෘත කරමින් එක්‌ස්‌ට්‍රා කවර් කලාපයට ඉහළින් එල්ල කළ හතරේ පහර ඉතාමත් දැකුම් කළු එකක්‌ විය.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    1996 වසරේ සිට පැවැති (1999 වසරේ පැවැති තරගාවලිය හැර) ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයේහිදීම ශතකයක්‌ රැස්‌කිරීමට සමත්වූ පිතිකරුවා සිටින කණ්‌ඩායම ලෝක කුසලාන දිනා ගැනීමට සමත්වූ අතර මහේලගේ වික්‍රමය හමුවේ මෙවර තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේද යන්න ප්‍රශ්නාර්ථයක්‌ පැන නැගුණේ ලෝකයේ ප්‍රබලතම පිතිකරුවන්ගේ ලැයිස්‌තුවට හිමිකම් කියන ඉන්දීය පිල අනතුරුව පන්දුවට පහරදෙන නිසාවෙනි.

    වත්මන් එක්‌දින ක්‍රිකට්‌ ලෝකය තුළ භයානකම පිතිකරුවන් යුගලය වන ටෙන්ඩුල්කාර් සහ ෂෙවැග් යුගල පැමිණියේ එදින තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණ සිටි දහස්‌ ගණනක්‌ ප්‍රේක්‍ෂකයන්ගේ යටිගිරියෙන් නගන ලද ජයග්‍රාහී ඝෝෂා හඬ මධ්‍යයේය. තරගාවලියේ සමාරම්භය සනිටුහන් කළ තරගයේදී බංග්ලාදේශ පිලට එරෙහිව හතරේ පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ විරේන්ද්‍ර ෂෙවැග් මෙම තරගයේදී ද හතරේ පහරකින් ඉන්දීය ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ඇතැයි ඉන්දීය විස්‌තර විචාරක සුනිල් ගවස්‌කාර් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ ලසිත් මාලිංගව හෑල්ලුවට ලක්‌ කරමිනි. එහෙත් සිදුවූයේ අනෙකකි. තරගයේ යවන ලද දෙවැනි පන්දුව ෂෙවැග්ගේ පා ආවරණය සොයා ආවේ පිත්ත අහලකට ගෙන ඒමටවත් කාලයක්‌ ඔහුට ඉතිරි නොකරමිනි. ඒ අනුව කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව ෂෙවැග් දැවී යන විට ගවස්‌කාර් සඳහන් කර සිටි හතරේ පහර කෙසේ වෙතත් ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 00 ක්‌ වශයෙන් සටහන් වී තිබිණි.

    අනතුරුව ක්‍රියාත්මක වූ මාලිංග ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද තෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවට සචින් තෙන්ඩුල්කාර්ව දවාගැනීමට සමත්වීම මත එතෙක්‌ වෙලා ජය ඝෝෂා නදින් ගිගුරුම් දුන් වෙන්කඩේ ක්‍රීඩාංගණයම මීයට පිම්බා හා සමාන ලෙසින් නිශ්ශබ්ද විය. කඩා වැටුණු ඉනිම ගොඩනැංවීම වෙනුවෙන් ගාම්භීර් සහ කෝලි උත්සාහයක නිරත වෙමින් සිටියේය. ඒ අනුව මැතිව්ස්‌ගේ ස්‌ථානය වෙනුවට කණ්‌ඩායමට කැඳවන ලද සුරාඡ් රන්දිව් 14 වැනි පන්දුවාරය යෑවීම සඳහා කැඳවනු ලැබීය. රන්දිව්ගේ තෙවැනි පන්දුව හමුවේ ලකුණු 30 ක්‌ ලබා සිටි ගෞතම් ගාම්භීර් ඉදිරියට පැන පහරක්‌ එල්ල කළ අතර එය ලෝන්ග් ඕෆ්හි පන්දු රකින නුවන් කුලසේකර වෙත ඇදී ගියේ රැකගැනීමට පහසු උඩපන්දුවක්‌ ලෙසිනි. එහෙත් පන්දුව තමා වෙත පැමිණෙන කාලවේලා ගණනයේදී සිදුවූ අතපසු වීමක්‌ මත කුලසේකරගෙන් අදාළ උඩපන්දුව ගිලිහී ගිය අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස ලකුණු 30 ක දී අවසන් වීමට නියමිත වූ ගාම්භීර්ගේ ඉනිම පන්දු 122 කදී ලකුණු 97 ක්‌ දක්‌වා දික්‌ විය.

    ශ්‍රී ලංකා පරාජයට බෙහෙවින් ඉවහල් වූ අදාළ උඩපන්දුව කුලසේකර විසින් රැක ගත්තේ නම් ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 68 කට කඩුලු 3 ක්‌ වශයෙන් සටහන් වන නමුත් අදාළ කඩුල්ලේ සම්බන්ධතාව ඩිල්ෂාන්ගේ සුපිරි පන්දු රැකීම හමුවේ නිමා වනවිට 22 වැනි පන්දුවාරයේදී ලකුණු 114 ක්‌ දක්‌වා දුර ගොස්‌ තිබිණි.

    එමෙන්ම තම අවසන් ජාත්‍යන්තර තරගයට සහභාගිවෙමින් සිටි මුත්තයියා මුරලිදරන් කණ්‌ඩායමට ක්‍රීඩා කරනු ලබන්නේ පන්දු යවන්නකු වශයෙන් මිස පිතිකරුවකු වශයෙන් නොවන බව ශ්‍රී ලංකා නායකයාට අමතකවීමද තරමක්‌ කනස්‌සල්ලක්‌ එකතු කරන සිදුවීමක්‌ වේ.

    ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඉක්‌මනින් දැවී ගියද මුරලිදරන් පන්දු යෑවීමට පැමිණෙන්නේ 19 වැනි පන්දු වාරයේදීය. 7 වැනි පන්දුවාරයේදී ආරම්භක පිතිකරුවන් දැවී ගියද ඉතිරි පිතිකරුවන් මෙල්ල කිරීම වෙනුවෙන් මුරලිදරන්ව කැඳවීමට සංගක්‌කාර උත්සුක වූයේ නම් මීට වඩා තියුණු තරගයක්‌ බලා ගැනීමේ අවස්‌ථාව ප්‍රේක්‍ෂකයන්ට උදාවනු නියතය.

    ප්‍රධානම දඟ පන්දු යවන්නාගේ භූමිකාව මුරලිදරන් විසින් රඟ දැක්‌වුවද ශ්‍රී ලංකා නායකයා ඔහු පිළිබඳ විශ්වාසය නොරැඳීම මත අවසන් ජාත්‍යන්තර තරගයේදී මුරලිදරන්ට පන්දුවාර 8 ක්‌ පමණක්‌ යවමින් තම ක්‍රිකට්‌ දිවිය හමාර කිරීමට සිදුවීමද තරමක්‌ වේදනාවක්‌ එක්‌කරන්නක්‌ වනු ඇත. මෙම තරගය 49 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී අවසන් වූ අතර එහිදී පන්දුවාර 8 කදී ලකුණු 39 ක්‌ පමණක්‌ ලබා දුන් මුරලිගේ පන්දුවාර 10 ම ලබාගැනීමට ශ්‍රී ලංකා නායකයා නොපෙළඹුණේ ඇයිද යන්නද ප්‍රශ්නාර්ථයක්‌ එක්‌කරනු ලබන කරුණක්‌ වේ.

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ටෙස්‌ට්‌ මෙන්ම එක්‌දින තරගවල කඩුලු ලබා ගැනීමේ හිණිපෙත්තේ පසුවන මුරලිදරන් පිළිබඳ අවධානය යොමු නොකොට පළමු තරග කිsහිපයේදී පමණක්‌ තම සේවය කණ්‌ඩායමට ලබාදුන් නුවන් කුලසේකරගේ පන්දු යෑවීම පිළිබඳව ශ්‍රී ලංකා නායකයා වැඩි වශයෙන් විශ්වාසය තැබීම මාධ්‍ය කුටියේද බොහෝ දෙනා විවේචනාත්මක කතිකා කළ මාතෘකාවක්‌ විය.

    ශ්‍රී ලංකා කණ්‌ඩායමට තවත් සිදුවූ අඩුපාඩුවක්‌ වූයේ ප්‍රධාන පිට දඟ පන්දු යවන්නන් දෙදෙනකු සමගින් මෙම තරගයට අවතීර්ණ වීමයි. ටී. එම්. ඩිල්ෂාන් සංචිතයේ පිට දඟ පන්දු යවන්නකු ලෙස පසු වුවද මුරලි සමගින් රන්දිව්ද තරගයට ක්‍රීඩා කිරීම වක්‍රාකාරයෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ජයග්‍රහණයට වූ අතුල් පහරක්‌ විය.

    කෝලිගේ දැවී යැමෙන් පසු පිටියට පිවිසීමට නියමිතව සිටියේ යුවරාඡ් සිං වුවත් එම සථානයෙන් පන්දුවට පහර දීමට දෝනි පැමිණියේ මෙම කරුණ නිසාවෙනි. පිට දඟ පන්දු යවනනන් හමුවේ මුහුණදීමට වමත් පිතිකරුවන් දක්‌වනු ලබන අසීරුතාව වටහාගත් දෝනි එම අවස්‌ථාවේදී පිටියට පිවිසෙන්නේ එබැවිනි. ඒ වන විටත් යුවරාඡ් හොඳින් ලකුණු අතර සිටින ක්‍රීඩකයකු වුවත් පිට දඟ පන්දු යවන්නන් දෙදෙනා හමුවේ යුවරාඡ් දැවී ගිය හොත් එහි පීඩනය කණ්‌ඩායමට තදින්ම දැනෙන බව දෝනි දැනගෙන සිටියේය. යම් ලෙසකින් මෙම තරගයට රංගන හේරත් ක්‍රීඩා කළේ නම් දෝනිගේ පැමිණීම යළිත් යුවරාඡ්ට පසුව වන්නට ඉඩ තිබිණි.

    එමෙන්ම පන්දුවාර 20 ක්‌ පමණ යෑවීමෙන් පසුව ක්‍රීඩාංගණයට පතිත වූ තද පිණි සහිත ස්‌වභාවයද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට විශාල පාඩුවක්‌ ගෙන දුන් එකක්‌ විය. දඟ පන්දු යවන්නන් හට වැඩි බර පැටවීමේ බලාපොරොත්තු තබා තිබුණද පතිත වූ පින්න මත පන්දුවේ දඟ කැවීම එතරම්ම නොතිබීම මෙම තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට හරහට සිටි තවත් කරුණක්‌ වූවේය. පන්දුව නිසියාකාරව ග්‍රහණය කර ගැනීමේදී පින්න පතිත වී තිබේ නම් පන්දුව කිසියම් ලිස්‌සන ස්‌වභාවයක්‌ ගනු ලබන අතර එයද පන්දුව තදින් දඟ කැවීම වෙනුවෙන් ප්‍රධානත්වයක්‌ ගනු ලබන කරුණක්‌ වනු ඇත.

    මෙහිදී ඉන්දීය පන්දු රකින්නන් අතරින් යුවරාඡ් සිං, සුරේෂ් රයිනා සහ විරාත් කෝලි ප්‍රධානව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 30 කට ආසන්න සංඛ්‍යාවක්‌ නතර කිරීමට සමත් වූ අතර ඔවුන් දක්‍ෂ අයුරින් පන්දු නොරැක්‌කේ නම් එම ලකුණු 30 ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්‌වීමේ අවස්‌ථාව පැවතුණි. වසර 28 කට පසුව ලබාගත නොහැකිව තිබූ ජයග්‍රහණය සොයා යන ගමනේදී ඉන්දීය පන්දු රකින්නන් ශ්‍රී ලංකා ලකුණු ලබාගැනීම එසේ අවම කරන විට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් නොතිබුණු ලකුණු, දුර්වල පන්දු රැකීමෙන් සහ දුර්වල පන්දු යොමු කිරීම මත ලකුණු 20 කට වඩා සංඛ්‍යාවක්‌ ප්‍රතිවාදීන් වෙත ලබාදීමයි.

    එමෙන්ම ඉන්දීය ජයග්‍රහණයේදී ශ්‍රී ලංකා නායකයා කළ තවත් අත්වැරැද්දක්‌ ලෙස සඳහන් කළ හැක්‌කේ පන්දු 79 කදී නොදැවී ලකුණු 91 ක්‌ ලබමින් ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා වූ මහේන්ද්‍ර සිං දෝනි පන්දුවට පහර දීමට පැමිණි අවස්‌ථාවේදී තම ප්‍රබලම පන්දු යවන්නා වන ලසිත් මාලිංගව පන්දු යෑවීමට නොකැඳවීමයි. ඉන්දීය පිලේ සිටින ප්‍රබලම පිතිකරුවන් දෙදෙනා දවා ගැනීමට මාලිංග සමත්වීම මත ඔහුගේ පන්දුවට මුහුණදීම සම්බන්ධව කිසියම් චකිතයක්‌ දෝනිගේ මනසේ ක්‍රියාත්මක වනු නොඅනුමාන නමුත් එහිදී දෝනිට පන්දු යෑවීම සඳහා මාලිංගව යොදා නොගැනීම ශ්‍රී ලංකාවට අවාසියක්‌ විය. මේ පිළිබඳව තරගයට දින දෙකකට පසුව ඉන්දීය පුවත්පතක ඉහළින්ම සඳහන් වුණු කරුණක්‌ බවටද පත්ව තිබිණි.

    මෙම තරගයේදී ශ්‍රී ලංකා නායකයාට වඩා ඉතාමත් ඉදිරියෙන් සිටි ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී වැඩිම ප්‍රහාරයකට මුහුණ දුන් සත්‍යකුමාරන් ශ්‍රීෂාන්ත්ව පන්දු යෑවීම වෙනුවෙන් යොදාගත් ආකාරයද සුවිශේෂී විය. ප්‍රථමයෙන්ම ඩිල්ෂාන්ගේ පිත්ත හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්‌වූ ශ්‍රීෂාන්ත්ගේ පන්දු යෑවීමේ වාරය වහා නිමාකොට එහිදී මුනාෆ් පටෙල්ව යොදා ගැනීමත් අනතුරුව කඩුලු වැටෙන අවස්‌ථාවන්වලදී පමණක්‌ ශ්‍රීෂාන්ත්ගේ සේවය කණ්‌ඩායමට ලබාගැනීමත් විශේෂත්වයක්‌ විය. එහෙත් සංගක්‌කාර එසේ නොකළේය. අතීතයේදී දැක්‌වූ දක්‍ෂතා මත විශ්වාසය තබා ඔහු විසින් සිදුකරන ලද්දේ නුවන් කුලසේකරව දිගින් දිගටම පන්දු යෑවීමට යොදා ගැනීමය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස කුලසේකරගේ පන්දුවාර 8.2 දී ලකුණු 64 ක්‌ ලබාගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්වී තිබිණි.

    මෙවන් අතපසුවීම් ශ්‍රී ලංකා කණ්‌ඩායමෙන් සිදුවන අතරතුරදී 2011 ලෝක කුසලාන දිනාගැනීම වෙනුවෙන් ඉන්දියාවට තරගයක්‌ නැති අවසානයේ දිස්‌විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක්‌ හඹා යමින් ලෝක කුසලානක්‌ ජයගත් ලෝකයේ පළමු රට බවට පත්වීමට ඉන්දීය පිලට හැකි විය. එමෙන්ම ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයකු ශතකයක්‌ ලබාගෙන තිබියදී තරගයක්‌ ජය ගත් ප්‍රථම ලෝක කුසලාන අවසන් මහ තරගය ලෙස මෙම තරගය ඉතිහාස ගත විය.

    2011 ලෝක කුසලානයේ අවසානය එසේ නිමාව දිටීය. එහිදී කුසලාන සමඟින් මුදලින් ඇමරිකන් ඩොලර් ලක්‍ෂ 30 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 34 කට ආසන්න මුදල් ත්‍යාගයක්‌ ඉන්දීය පිලට හිමිවද්දී ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 16 ක පමණ මුදලක්‌ ශ්‍රී ලංකාවට හිමිවූයේ අනුශූරතාවට පත්වීම හේතුවෙනි.

    2007 වසරේ අනුශූරතාව දිනාගැනීමෙන් පසු කුසලාන දිනා ගැනීම සඳහා 2011 තරගාවලිය තෙක්‌ බලා සිටි ශ්‍රී ලංකාව එයිනුත් අනුශූරතාවෙන් පමණක්‌ සෑහීමට පත්වීමට සිදුවීම මත දැන් නැවතත් කුසලාන දිනාගැනීම වෙනුවෙන් 2015 ලෝක කුසලාන තරගාවලිය පැමිණෙන තෙක්‌ දෑස්‌ දල්වා බලා හිඳීමට සිදුව තිබේ.

     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අප්පට සිරි වින්ඩෝස8 මන් හිතුවෙ ඕකත් ෆොන්සෙකගෙ කුමණ්තරනයක් කියල
    :lol::lol::lol::lol::lol::lol::lol: