පරාජය දරාගත නොහැකිව ප්‍රේක්ෂයන්ට පහරදුන&

Mar 16, 2012
310
132
0
පරාජය දරාගත නොහැකිව ප්‍රේක්ෂයන්ට පහරදුන&

පරාජය දරාගත නොහැකිව ප්‍රේක්ෂයන්ට පහරදුන් ජනපති පුතුන්


Namal-Yoshitha-%2BGossip9-%2BPreview.jpg
පෙරේදා මහනුවර නිත්තවෙල පිටියේදී පැවති අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලියේ හටගත් ගැටුමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සම්බන්ධවී ඇති බවට වාර්තා වෙනවා.

මහනුවර කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අතර පැවැති මෙම තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්ව ඇත.

මෙම තරගයේදී ජනාධිපති පුතුන් තිදෙනා ද නාවික හමුදා කණ්ඩායම නියෝජනය කර ඇති අතර තරගය නිමවීමෙන් අනතුරුව පරාජය දරගත නොහැකි වූ නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් පැමිණි හමුදා සෙබළුන් පිරිසක් ක්‍රීඩා ලෝලීන්ට එලව එලවා පහරදී තිබෙනවා.

සවස් යාමයේ තරඟය හමාර වීමෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් මහනුවර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය සමරද්දී ප්‍රහාරය ආරම්භ කළේ නාවික හමුදාවේ භෞත චිකිත්සකවරයා බව පවසන බව මහනුවර ක්‍රීඩා සමාජයේ සභාපති ලසන්ත විජේසූරිය මහතා, ජනාධිපතිවරයාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පවා ප්‍රහාරයට සම්බන්ධ වූ බවටද චෝදනා කරනවා.

මේ පිළිබඳව මහනුවර ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා පවසන්නේ "නාවික හමුදාවේ කණ්ඩායම එලියට එන ගමන් කණ්ඩායමේ එක් කෙනෙක් එතන හිටපු ක්‍රීඩා ලෝලීන්ට ගහන්න පටන් ගත්තා

ඊට පස්සේ මම හිතන්නේ යෝශිතලා හිටන් සම්බන්ධ වුනා අපේ අයට ගහන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉන්න ආරක්ෂක නිලධාරි ක්‍රීඩා ලෝලීන්ටයි කාන්තාවන්ටයි ඔක්කොටම ගහන්න පටන් ගත්ත ක්‍රීඩාංගනයෙන් එලියට යනකම්ම ගහල එලෙවුවා"

ප්‍රහාරයේදී කාන්තාවක ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති බවද ඔහු පැවසිය.

තරඟය නැරඹීමට පැමිණ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බිරිඳ පිටව යාමෙන් අනතුරුව හමුදා භටයන් ක්‍රීඩාලෝලීන් ට පහර දෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ජනපති පුතුන් තිදෙනාම ඒ දෙස බලා සිටි බව ද ලසන්ත විජේසූරිය මහතා පවසයි.

නාවික හමුදාවේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් පසුගිය වසරේත් තමන් සමඟ තරඟයෙන් අනතුරුව මේ අන්දමින්ම ක්‍රීඩාලෝලීන්ට පහර දුන් නමුත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් ද පොලීසිය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බව මහනුවර ක්‍රීඩා සමාජය පවසනවා.

ප්‍රහාරය සිදු වෙද්දී පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එතැන සිටි නමුත් ඒ දෙස බලා සිටියා හැරෙන්නට කිසිදු පියවරක් ඔවුන් ගෙන නැහැ.

Namal-+Yoshitha-+Gossip9-++(1).jpg


Namal-+Yoshitha-+Gossip9-++(2).jpg


Namal-+Yoshitha-+Gossip9-++(3).jpg


Namal-+Yoshitha-+Gossip9-++(4).jpg
 
  • Like
Reactions: PMUB and udaragun
Mar 16, 2012
310
132
0
ක්‍රීඩාව දේශපාලනී කරණය ඇරඹුණේ මීට දශක කිහිපයකට පෙර සිටය. එදා පටන් බලයේ සිටින දේශපාලකයන් විසින් ක්‍රීඩා සංගම් වල සභාපති ධූරයන්ට පොරකන්නට විය. මේ නිසා කළුගල් වල ඔළුව හප්පා ගන්න අකමැති ක්‍රීඩා සංගම් නිලධාරීන් කරන්නේ ඔවුන්ට ඕනෑ කුදයක් ගහගන්නට ඉඩදී පැත්තකට වී සිටීමයි. දැන් ක්‍රීඩාව දේශපාලනීකරණය වීමේ දෙවෙනි අධියර ක්‍රියාත්මක වෙමින් පවතියි. ඒ දේශපාලකයන්ගේ පුතුන් ක්‍රීඩාවට අවතීර්ණ වීමෙනි.



ඊයේ දිනයේ (එනම් 2012 අගෝස්තු 12 වැනිදා) මහනුවර නගරයේ, තිත්තවෙල ක‍්‍රීඩා පිටියේ පැවති, අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලිය වෙනුවෙන් මහනුවර කන්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම් අතර පැවති තරගය අවසානයේ දෙපිරිසක් අතර ගැටුමක් හට ගන්නට හේතුවත් මෙයම බව මගේ අදහසයි. එම කණ්ඩායම් දෙක අතර පැවති තරඟයෙන් ලකුණු 25-20ක් ලෙස මහනුවර කණ්ඩායමට ජය හිමි කරගත් පසුව මෙම ගැටුම ඇති වී ඇත. ශ්‍රී ලංකා රග්බි කන්ඩායමේ නායකත්වයට පත්වන්නට සුදුස්සන්ව සිටි ක්‍රීඩකයන් නියෝජනය කරන්නේ මහනුවර කන්ඩායමයි.



දේශපාලකයන්ගේ පුතුන්ටද ශාරීරික සුවතාවය අවශ්‍යය. එහි කිසිදු විවාදයක් නැත. ඇත්තටම ඔවුන් ගන්නා සැප වැඩි නිසා අද වැඩියෙන් ශාරීරික සුවතාවය අවශ්‍ය ඔවුන්ටමය. නමුත් ප්‍රශ්නය වන්නේ දේශපාලකයන් මෙන්ම මෙම ක්‍රීඩක පුතුන්ද ක්‍රීඩාවේ ඉහළම තනතුර එනම් කන්ඩායම් නායකත්වය ලබා ගන්නට පෙලඹීමයි. මේ නිසා දක්ෂයන්ට සිදුවන්නේ දේශපාලක පුත්තුන්ගේ සපත්තුවට පෑගී සිටින්නටය. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්වයක් නොවේද? මෙමගින් සිදුවන්නේ ක්‍රීඩාව දිනෙන් දිනම පරිහානිය කරා ගමන් කිරීමයි. ජනතාව ආඩම්බරකාර තාත්තලා පත්‍කළේ මෙවැනි තත්වයක් බලාපොරොත්තුවෙන්ද?



මෙය අපේ රටේ දේශපාලකයන්ට නොතේරෙන්නේද? නැතිනම් සිදුවන සියල්ලම දැන දැනම බීරි අලින් මෙන් කටයුතු කරන්නේද? යන්න මට නම් ප්‍රශ්නයකි. රටේ ඉදිරිපෙල නායකයන් විසින් මෙසේ කරන කළ ඔවුන්ගේ දෙවැනි පෙල නායකයන් කුමක් නොකරයිද? මෙය විශාල නරක පුර්වාදර්ශයකි. තමන්ගේ දරුවන්ට මෙන්ම රටේ දරුවන්ටද එකසේ ආදරය කරන නායකයෙක් වේ නම් මෙම තත්වය සොයා බලා නිසි පියවර ගත යුතුය යන්න මගේ අදහසයි. කෙසේ වුවද නිලධාරීන් දේශපාලකයන් හමුවේ දණ ගසද්දී දේශපාලකයන්ගේ පුතුන් ඉදිරියේ දණ නොනමන්නට කොන්දක් තිබෙන ක්‍රීඩකයන් තවම අප රටේ සිටීම ගැන මම සතුටු වෙමි.
 

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    okun kavadawath kreeda karala
    dinanna beri un. e nisa wena widihata
    dinanna hadanawa.
    upcountry lions kiyala rugby club ekak heduweth
    kandy dinanawa balanna beri kamata.
    namal kawadawath full match ekak gahanna
    puluwan ekek neweyi.
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ගහපල්ලා .. ඔය මදි තව ගහපල්ලා..තොපිලා වගේ එවුන්ට චන්දේ දුන්නට ඔහොම ගහල මදි., එලෝ එලෝ ගහපල්ලා....
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අඩෝ නිකන් බොරු දාන්න එපා. ඔය ගහල තියෙන්නෙ ආදරේටනෙ.. උඹලට ඒකවත් තේරෙන්නෙ නෑ.. ඕක තමයි ආශ්චර්ය.. තවම ආශ්චර්ය ලඟා උනේ නුවරට විතරයි.. ටික දවසකින් මෙහෙටත් ආශ්චර්ය ළඟා වෙනව..