පරාජය සහ අපේ CRICKET

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    තරගයක් දිනන්නත් පරදින්නත් පුලුවන්. නමුත් පැරදිය යුත්තෙ හොද තරගයක් දීමේනුයි. ඉන්දියාව අපිව පැරැද්දුවෙ නෑ. අපේ team එකම අපේ රට පැරැද්දුවා. දිනුවෙ ඉන්දියාව නෙවෙයි England Tamilnadu Sri lanka වල ඉන්න කොටි හිතවාදිනුයි. ගුටි කාගෙන තරගය බලන්න ආපු අපේ නරඹන්නන් වෙනුවෙන් හොද තරගයක් දකින්න ලැබුනේ නෑ.
    ආරම්භක පිතිකරුවකු විදියට දිගින් දිගටම අසාර්ථක වුන කුසල්ව මෙම තිරණාත්මක තරගයේදිත් ආරම්භය සදහා යෙදවිම අපේ පරාජයේ ආරම්භයයි. සවිමත් පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දියාවට හොද තරගයක් දෙන්නනම් අඩුම 250 ඉක්මවු ලකුනු ප්‍රමානයක් ලබා ගත යුතුව තිබුනා.
    අපේ team එක bat කරද්දි India fielding එක ලෙසටම හැදුවා. තිසර out වුනේ ඒ උපායන්ට අහු වුන නිසයි. ඒ දේවල් ඔවුන් ඉගෙන ගත්තෙ IPL වලිනුයි.ඔවුන් IPL වලින් SL Players ලාගේ ක්‍රිඩා විලාසයන් හොදින් learn කලා. නමුත් අපේ අය හෙවුවෙ සල්ලි විතරයි. IPL යාමේ වරදක් නැත. ගිය අයට කොහොමත් සල්ලි ලැබෙන එකේ ඇයි අපේ අයට බැරි වුනේ Indian players and overseas players ලාව learn කරන්න.

    160023.icon.jpg


    IPL මගින් India team එකට හොද නවකයින් එක් කර ගැනිමක් (Shikar Dawan) සිදු කරනවා. එ එක් IPL tournament එකකින් පස්සෙත් නෙමෙයි. Tournament කිපයකින් පස්සෙ දක්වන දක්ෂතා මතයි ඔවුන් national team එකට ගන්නෙ. Kusal janith ලා සෙල්ලම් කලේ එකම එක SLPL එකයි.එහි දැක්වු දක්ෂතා National team එකට එන්න කිසිසේත්ම ප්‍රමාණවත් නැත.
    Kusal – Mat 11 runs 180
    Dilshan Munaweera – Mat 4 runs 39 (T20)

    S Dawan – Mat 9 runs 411

    160025.icon.jpg


    මුල සිටම අලසව සෙල්ලම් කරපු අපේ අය තරගයේ පන්දු රැකිමෙනුත් එ අලසකමින්නම් ඉවත් වුනේ නෑ. එහි ප්‍රතිඵලයක් විදියට තමා Dhoni bowlers කෙනෙක් වුනේ ඊයේ.නැත්නම් semifinal match එකක Dhoni එවිද bowl කරන්න.ඔහුගේ පන්දු යැවිම අපේ පිලට කරපු සමච්චලයක් පමණි.ඔහුට අත දිග හැර පහරවල් 2ක් ගසා මෙල්ල කිරිමට අප පිතිකරුවනට නොහැකි විය.50 ගහපු Mathews තම පිත්ත ඔසවා ආචාර කිරිමට තරම්වත් ශක්තියක් තිබුනේ නැති ආකාරය අප දැක්කෙමි. පන්දු වාර 40 කදිම අප ලබා තිබුනේ ලකුණු 120 ක් පමණි. තරගාවලියේදි එකම තරගයක් පමණක් ක්‍රිඩා කරපු Jeewan Mendis තරමක සාර්ථකත්වයක් ලැබුවද batting power play එකේ bat කල විදියනම් අන්තිමය. Batting power play එකක පිට පිට maiden overs 2ක් යවපු එකම තරගයද මෙය වේ.තිසර කෙරෙහි තැබු විශ්වාසයද bat කරද්දි බිදි ගියේ ඉන්දිය නායකයාගේ හොද පිටිය සැකසිම නිසාවෙනි.

    ලකුණු 181 ඉලක්කය ඉන්දියාවට ඉතා පහසු එකක් විය.පන්දු රකින්නන් අතර වු හිඩැස් සොයමින් පහරවල් එල්ල කරමින් ඔවුන් පහසුවෙන්ම අපව පරාජය කලේය. චන්දිමාල් injured වි ඉවත් කලයි කීම විහිලුවකි. ODI or T20 වලට චන්දිමාල් කිසිසේත්ම ගැලපෙන්නෙ නැත. නමුත් test වලට ඔහු සුදුසු ක්‍රිඩකයෙකි. එවන් චන්දිමාල් ODI wise captain and T20 captain විම අනුමත කල හැකිද?
    පිටියට හා පිටියට පිටතින් සපයා තිබු ආරක්ෂාවද ප්‍රමාණවත් මට්ටමක නොතිබිනි. එම නිසා අප රට අපහසුතාවයට පත් කරන්නනට සිටින LTTE හිතවාදින්ටද අවශ්‍ය ලෙස නාඩගම් නැටිමට ඉඩ ලැබිණි. ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයන් 15කට ආසන්න පිරිසක් තුවාල ලැබ ඇති අතර කොටි හිතවාදීන් ශ‍්‍රී ලංකා පේ‍්‍රක්ෂකයන්ට පහරදීම සඳහා යකඩ පොලූ මුගුරු සහ විවිධ පුවරු භාවිත කර තිබෙන බවද පැවසේ.කොටි හිතාවාදීන් 2000ක් පමණ ක්‍රීඩා පිටියේ රැදී සිට ඇති අතර අතිරේක පොලිස් කණ්ඩායම් එහි පැමිණීමත් සමඟ ගැටුම් තත්වය සමනය වී තිබේ.

    2015 world cup එකෙන් පස්සෙ Dilshan, Sanga, Mahela ඉවත් වුනොත් අප කණ්ඩායමට කුමන ඉරණමක් අත් වනු ඇත්ද ?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,060
    1
    11,096
    113
    Malingata Indiawa ekka play karanakota Yoker, slow Bounser, Low fulltoss wage uge trumps balls watennema na, i don't know why....:baffled::baffled::oo:
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොහොමටත් අපි දැනගෙන හිටිය ඔය මැච් එක පරදිනව කියල. එහෙම නූනොත් කට්ටියව IPL එකට select වෙන්නෙ නැති හින්ද. අපේ උන්ට ඕනෙ සල්ලි විතරයි රට වෙනුවෙන් ක්‍රිඩා කරන්න නෙමෙයි. අර ඉස්සර අරවින්ද ගහන කාලෙ ප්‍රසිද්ද කියමනක් තිබුනෙ "man of the match තැග්ගට දෙන sports car එකක් ග්‍රවුන්ඩ් එකේ පේන්න තිබුනොත් අරවින්ද හිටු කියල ගහනව කියල" ඒ වගෙ තමයි
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Ado ubala dakka da Malingaya field 1y inna kota arumuk arinawa.
    Cameraman ikmanta camera 1a gaththa ahkata.

    Ado ai bun ape un FIGHT 1k duney nath tey..?

    Anum witarak neweyi slip eke aya nitarama ath badagena seethale
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ape untam onawa welada ban.. mulin wicket1k giyoth run rate eka aduwenawa 2.0 walata. ape un bayawenawa nahutheta. eeye dakkada 10 overs walata gahala thibune lakunu 28i. mehema puluwanda ban semi final match1 sellam karanna.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    Cricket ????? monavada bn cricket kiyanne???????? :confused: mata mokuth mathaka na ne.... :P

    (Thisra gena 1k kiyanna one... uoota balle boundary 1n eliyata yanna sellam karanava kiyanne simple case 1k, but uoo mole pavichchi karala sellam karan na. hama velema leg side 1n sellam karanna try karanne(fielders la vadipura legside 1ke innakotath). off side 1k gena hithannema na :angry:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අපේ ගස් ගෙම්බෝ ක්‍රිකට් ගහනව බලන්න රෑ එලි වෙනකන් ඇහැරන් ඉන්න ප්ලෑන් ගහපු අපිට ගහන්න ඕනේ. මේ යක්කු වර්ල්ඩ් කප් දෙකකදිම ඔය කැ* වැඩේ ප්‍රේක්ශකයො වෙච්ච අපිට කරා. මුන් වගේ එවුන් පොල් පිති වලිනුත් කපා ගන්න පුලුවන්. යකෝ මුන් ටික ඉන්දියන් ටීම් එකට සෙල්ලම් කරා නන් මුන්ගේ ගෙවල් නෙවෙයි ගිනි තියන්නේ. පන පිටින් වලලනව එහෙනන්. "දිනන දාට කොල්ලෝ" කියලා සින්දු කිව්වට හිතේ අම්මපල්ල තරහක් තියෙනවා මුන්ට අර පඩ ශෝ හැත්ත ඉස්සරහ අවුට් උනත් කමක් නෑ කියලා අත දිග ඇරල හතරේ එකක් ගහගන්න හයියක් නොතිබිච්ච එකට. සින්හයෝ නිකන ඇට දෙක ගලවපු බැටලුවො ටිකක් වගේ මැච් එක ගැහුවේ. සිරාවටම දුකයි. මුන්ට ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න වියදම් කරන සල්ලි වලින් පිටිසර දුප්පත් ඉස්කෝලවල ලමයින්ට පොත් පැන්සල් අරන් දුන්නනන් අඩුම ගානෙ උන් ටික හරි සතුටු වෙයි. නොදකින්.... එච්චරයි කියන්න තියෙන්නේ
     
    Last edited:

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Cricket ekka rata ganath hitanawanam mehema wenne na, api cricket balanawa , parajayan widaganna puluwan, apita duka taragayak nodi parajaya waladagaththa ekayi
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    'තිත්ත ඈත්ත'

    අයෙ නම් මම ලොකෙ මොන මෑච් එක බෑලුවත් ල0කාව සහ ඉන්දියාව ගහන එක මෑච් එකක් වත් බලන්නෙ නෑහෑ..මොකද නිදි මරන් ,,වෑඩ පාලු කරන් බෑලුවට වෑඩක් නෑහෑ,,අන්තිම ප්‍රතිපලය අපි ඔක්කොටම පෙනවා මෑච් එක ගහන්න ඉස්සෙල්ලම,,අපෙ උන් අයි,පි,එල් ගහන්න අරින එක නවත්තපු දාට නම් අපෙ උන් ල0කාව වෙනුවෙන් සෙල්ලම් කරයි,,අකමෑත්තෙන් උනත් කියන්න තියෙන්නෙ එකම එක දෙයයි,,එ තමා අපෙ උන් සෙල්ලම් කරන්නෙ දෑන් ල0කාව වෙනුවෙන් නෙමෙයි ඉන්දියාව වෙනුවෙන් කියන එක

     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    'තිත්ත ඈත්ත'

    අයෙ නම් මම ලොකෙ මොන මෑච් එක බෑලුවත් ල0කාව සහ ඉන්දියාව ගහන එක මෑච් එකක් වත් බලන්නෙ නෑහෑ..මොකද නිදි මරන් ,,වෑඩ පාලු කරන් බෑලුවට වෑඩක් නෑහෑ,,අන්තිම ප්‍රතිපලය අපි ඔක්කොටම පෙනවා මෑච් එක ගහන්න ඉස්සෙල්ලම,,අපෙ උන් අයි,පි,එල් ගහන්න අරින එක නවත්තපු දාට නම් අපෙ උන් ල0කාව වෙනුවෙන් සෙල්ලම් කරයි,,අකමෑත්තෙන් උනත් කියන්න තියෙන්නෙ එකම එක දෙයයි,,එ තමා අපෙ උන් සෙල්ලම් කරන්නෙ දෑන් ල0කාව වෙනුවෙන් නෙමෙයි ඉන්දියාව වෙනුවෙන් කියන එක


    මුන්ට බත් නෙවේ රත්තරන් කාසි කන්න දෙන්න ඕනෙ බඩගින්නට.... චා යකෝ. අපිට නන් තව කමක් නෑ. යූ කේ වල ඉන්න මැච් එක බලන්න ගියපු උන්ට මුන් කිසිම සාධාරනයක් කරේ නෑ. කොටින්ම ඊයේ මැච් එක බලපු එකෙකුටවත් කිසිම කික් එකක් දැනෙන්න තරන් මැච් එකක් තිබ්බේ නෑ. ගූ 70යි
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මෙක නම් පිච් එකෙ වරදක් නෙමෙයි මචන්,අපෙ උන් අපෙ රට ගෑන හිතන විදිහෙ වරදක් මෙතන තියෙන්නෙ,,ල0කා ටිම් එකෙ මෑච් ගහන්න බෑරිව ඉන්ජර්ඩ් උන මෑතිව්ස් අයි,පි,එල් මෑච් වලට අපුරුවට ගියා මතකද මචන් උබලට,,එහෙම නායකයෙක් නෙද දෑන් අපිට ඉන්නෙ????
     
    Last edited:

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    මොනව උනත් දැන් ඉන්දියන් ටීම් එකට ලංකාව කියන්නේ බයිටි එකක් විතරයි