පරාජය හමුවේ නැගෙනහිර කල් තබයි

monson

Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    පරාජය හමුවේ නැගෙනහිර කල් තබයි

    ඊයේ (01) නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුවේ බලය ගිළිහිමේ අවධානමක් ඇති වීමෙන් අද (02) දක්වා කල් තැබූ අතර අද රැස්වූ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් දස දෙනෙකු පමණක්ද විපක්ෂයේ නියෝජිතයින් පහළොස් දෙනෙකුද පැමිණ සිටියහ. මේ නිසා හදිසියේම ජනවාරි 12 වැනිදා දක්වා සභාව කල් තබන බව සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය ප්‍රකාශ කළාය.

    එම පළාත් සභාවේ අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා අයවැය විවාදයට එක්වී සිටියදී සභාව කල් තැබිණ. අද සභාවාරය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනාද ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කළ සමස්ත ලංකා මහජන කොංග්‍රස් මන්ත්‍රිවරු තුන්දෙනාද පැමිණ නොසිටියහ.


    - lankatruth
     
    Feb 3, 2014
    860
    125
    0
    10689470_785519288184630_2008914723518684412_n.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රාජපස්සල හිතන්නෙවත් නැති පලත්සබාවක් අල්ලන්න සකච්චාවක් යනව
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    ආරියවතිගේ මුත්‍රාබර සහ පළාත් සභාව කල් දැමීම

    ඊයේ කල්තැබුණු සභාවේ කටයුතු අද පෙරවරු 09.30ට යළි ආරම්භ කරන අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් සභාවේ රැඳි සිටියේ මන්ත‍්‍රීවරුන් දස දෙනෙකු පමණයි. විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 15 දෙනාම සභාවේ රැඳි සිටියා.



    ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් 07 දෙනා සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් 03 දෙනා සභාවට පැමිණ සිටියේ නැහැ. මේ අනුව එම මන්ත‍්‍රීවරුන්ගේ සහය නොලැබුණහොත් නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂයට හිමි බහුතර බලය අහිමිවීමේ අවදානමක් පවතිනවා.


    මේ පිළිබඳ නෙත් නිවුස් නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගෙන් ද විමසීමක් කළා.



    මම අම්මෙක්. මම හොද අාච්චියෙක් මම පැය ගානක් ඔතන ඉදලා මගේ මුත්‍රා බර තද වුනා තමයි. ඒ තද වුනේ කොයි වරුවෙද දන්නවද. රෑ 7.30 ට. මම කල් ඉල්ලුවා පැය බාගයක් . එත් බෑ කිව්වා. නමුත් මම ඇවිල්ල මුත්‍රා කරලා එනකොට සභාව කල් දැම්මා.



    අද උදේ පක්ෂ නයකයන්ගේ රැස්වීම ගත්තේ වැය ශීර්ෂය, එකක් වාරිමාර්ග අනෙක පුළුවන් උනොත් අධ්‍යාපනය ගන්න කතාකරගෙන ගියේ. යනකොට ඒගොල්ලෝ ඊයේ ප්‍රශ්නය ඇදගෙන. දගලන්න ගත්තා, ඉතින් මට කරන්න තිබුනේ සභාව කල් දමන එක. මේක ඇතුලේ ගහ ගන්න බැහැනේ. ඉතින් මම කල් දැම්මා. පක්ෂ නායක රැස්වීම අනුව ගත්ත තීරණය සභාවට ගියා. පක්ෂ දෙකේ කට්ටිය නොසන්සුන් උන නිසා මම සභාව කල් දැම්මා. ජනවාරි 12 දක්වා.

    - http://nethfm.com/article/46870
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    උණුසුම නිසා බස්නාහිර පළාත් සභාව කල් තබයි !

    මැතිවරණ උණුසුම නිසා බස්‌නාහිර පළාත් සභාවේ මීළඟ රැස්‌වීම ජනවාරි 20 වැනිදා දක්‌වා කල් තැබීමට එහි සභාපති සුනිල් විඡේරත්න මහතා නියම කළේය.

    බස්‌නාහිර පළාත් සභා රැස්‌වීම ඊයේ (01 දා) සභාපති සුනිල් විඡේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ අවස්‌ථාවේදී මීළඟ රැස්‌වීම ජනවාරි 06 වැනිදා පැවැත්වීමට තීරණය කෙරිණි.

    ඒ අවස්‌ථාවේ නැගී සිටි එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී මංජු ශ්‍රී අරංගල මහතා අධික සීතල නිසා ඌව කල්තැබුවා නම් මැතිවරණ උණුසුම නිසා බස්‌නාහිරත් නියමිත දිනයේ නොපවත්වා කල් තබන ලෙසට ඉල්ලීමක්‌ කළේය.



    ඒ අනුව සභාපතිවරයා සභාව ජනවාරි 20 දා දක්‌වා කල් තැබුවේය. මේ අවස්‌ථාවේදී සීතල නිසා ඌව කල් තැබුවා උණුහුම නිසා බස්‌නාහිර කල් තැබුවා යෑයි පවසමින් මන්ත්‍රීවරු ඝෝෂා කළහ.
     
    Oct 30, 2014
    306
    9
    0
    සීතල නිසා ඌව සභාව ජනවාරියට කල් දමයි

    නත්තල් කාලයත් දෙසැම්බර් මාසයේ සීතලත් සලකා බලා ඌව පළාත් සභා රැස්වීම දෙසැම්බරයේ නොපැවැත්වීමට ඌව පළාත් සභාව අද (27)වැඩි ඡන්දයෙන් තීරණය කළේය.
    පළාත් සභාව රැස් වුයේ සන්ධානයේ මන්ත්‍රීන් හතර දෙනකු විපක්ෂයට එක්වෙතියි පැතිර ගිය රාවයත් සමඟය .සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක් ඇත.අද (27) සන්ධානයේ උදාර සොයිසා පැමිණ නොසිටියේය.විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු හා සංවිධායක ආනන්ද කුමාරසිරි ද තවත් මන්ත්‍රිවරු දෙදෙනෙක්ද පැමිණ නොසිටියහ.

    දෙසැම්බර සභාවාර කල් දැමීමට විරුද්ධව එජාපය හා ජවිපය දැඩි විරෝධය පළ කළේය. මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද පැමිණ සිටියේය.

    එහෙත් රැස්වීම ජනවාරි 15 වැනිදාට කල් තැබීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 17ක්ද පසුව ඡන්ද 11ක් ලැබීමෙන් ආණ්ඩු පක්ෂය ජයගත්තේය.

    Source: lankadeepa
    Original date and Time : 2014 නොවැම්බර් මස 27 16:42:51