පරාජය හමුවේ නැගෙනහිර කල් තබයි
ඊයේ (01) නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුවේ බලය ගිළිහිමේ අවධානමක් ඇති වීමෙන් අද (02) දක්වා කල් තැබූ අතර අද රැස්වූ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් දස දෙනෙකු පමණක්ද විපක්ෂයේ නියෝජිතයින් පහළොස් දෙනෙකුද පැමිණ සිටියහ. මේ නිසා හදිසියේම ජනවාරි 12 වැනිදා දක්වා සභාව කල් තබන බව සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය ප්‍රකාශ කළාය.
එම පළාත් සභාවේ අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා අයවැය විවාදයට එක්වී සිටියදී සභාව කල් තැබිණ. අද සභාවාරය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනාද ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කළ සමස්ත ලංකා මහජන කොංග්‍රස් මන්ත්‍රිවරු තුන්දෙනාද පැමිණ නොසිටියහ.
- lankatruth