පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    පරිණාම වාදය කියන්නෙ ප්‍රවාදයක් විතරය කියන කතාව ටිකක් මිනිස්සු අතර ප්‍රචලිත වීගෙන යන අදහසක්නෙ. මේකට ස්වභාවයෙන්ම ආගමික අදහස් හෝ බටහිර ඇරියස් තියෙන ඇත්තො ආශක්ත වෙන බවක් පේන්න තියෙනව, ඊට අමතරව අවංකව සැක පල කරන අයත් නැතුව නෙමේ. ඒව කෙසේ ඔය කතාව කියද්දි පරිස්සම් වෙන්න ඕනෙ තැනක් තමයි නිකන්ම ප්‍රවාදයක්ය නොකියා පරිණාමවාදයෙ මොන කොටසද ප්‍රවාදයක් වෙන්නෙ, මොන කොටසද ඉන්ද්‍රියභූත දැනුමක් (සිංහලෙන් කිව්වොත් empirical knowledge) වෙන්නෙ කියන එක...ඔහොම පදාස දෙකක් තියෙනවය, ඒව කොතනින්ද වෙන් වෙන්නෙ කියන එක ගැන දැනුවත්කමකින් ඔය විවේචනය එල්ල කරන එක තමයි සද්භාවවේදි විවාදයකට වැදගත් වෙන්නෙ.

    කෙටියෙන් කිව්වොත් මෙහෙමයි:

    "මීට අවුරුදු බිලියන ගණනකට පෙර යම් යම් පාරිසරික තත්ත්ව යටතේ ප්‍රාග්-ඓතිහාසික සූපයක (primordial soup) සිද්ධ උන අහඹු ජෛව රසායනික ක්‍රියාවලියකින් මුල්ම ඒක සෛලික ජීවින් හටගත්තා විය හැකියි" කියල ඩාවින් (සහ ඩාවින්ගෙ සමකාලීන ස්වභාව විද්‍යාඥයො) කියන මෙන්න මේ සම්භව වේදි තර්කය තවම ඔප්පු කරල නැහැ. මේක ප්‍රවාදයක් තවමත්.

    හැබැයි...

    a) සවභාවික වරණය හෙවත් ජීවින්ගේ පරම්පරා ඉදිරියට සම්ප්‍රේශණය වන්නේ බාහිර භෞතීය රසායනික සාධක මත ජීවත්වීමට සුදුසුම ජීනෝමික ව්‍යුහය රැකෙන ආකාරයෙන් බව, b) ජීනෝමයන් අනවරත වෙනස්වීම් වලට ලක්වෙමින් පවතින බව කියන පරිණාමවාදයේම වැදගත් කණුදෙකක් විදිහට ගැනෙන යුගලය තවදුරටත් ප්‍රවාද නෙමේ.

    මොනවද තියෙන සාක්ෂි?

    a) සඳහා--> මේ වෙද්දි මිනිස් ජීනෝමය සහ චිම්පන්සී ජීනෝමයෙ රසායනික ව්‍යුහය සම්පූර්ණයෙන්ම වගේ සීක්වන්ස් කරල අවසන් විතරක් නෙමේ ඩවුන්ලෝඩ් කරන්නත් තියෙනව ඕපන් සෝර්ස්. ඒ විතරක් නෙමේ Great Ape පවුලෙ අනෙක් වානරයොන්ගෙත් අවශ්‍ය ජීනෝමික දත්ත අපි දන්නව. සංසන්දනාත්මක විශ්ලේෂණ වලින් චිම්පන්සී සහ මානවයන් අතර 96% ක ජීනෝමික සමානකම් දැරීම, මානවයන්ගෙ සහ චිම්පන්සීන්ගෙ ක්‍රෝමසෝම සැකැස්මෙ සමානකම් සහ අල්ප වෙනස්කම් (උදා. අපිට වඩා චිම්ප්ස්ලට වැඩියෙන් ක්‍රෝමසෝම් එකක් තිබීම) සහ ඒ වෙනස්කම ඇතිවෙන්න හේතු වගේ දේවල් මේවයෙ ප්‍රදාන ප්‍රතිඵල. මම මේ කිව්වෙ මෙන්ඩෙලීයානු නිලීන/ප්‍රමුඛ නීරීක්ෂණ, genetic polymorphism සම්බන්ධයෙන් 19නි සහ 20 ශතවර්ෂයෙ මුල් දශක වල උන සම්භාව්‍ය ශාස්ත්‍රීය දැනුම් අතෑරලා.

    b සඳහා--> නිතැතින් ම වෙන ජීනෝමික වෙනස්වීම් ගැන හැට ගණන් වල ඉඳලම ජීවවිද්‍යාඥයොන්ට ඉවක් තිබුනත් 80 ගණන් වල අගභාගයෙ Robert May, Haldane සහ Jayakar ගෙ අතින් ජානමය ව්‍යාධීන් ගැන උන රීසර්ච් වලින් ඒකට න්‍යායික පදනමක් වැටුනා. උදාහරණ විදිහට රුධිර කාණ්ඩ නිර්ණය කරන ජානය ස්වරූප තුනකින් මිනිස් ජීනෝමයෙ පැවතීම (A, B, O නමින්) සහ X -Y ලිංගික ක්‍රෝමසෝම දෙකක් විකසනය වීම ප්‍රාක්-ජීනෝමික යුගවල පොදු ජීනෝමයක (common ancestral genome) සිද්ධවුන mutations වල ප්‍රතිඵල.

    මීට අමතරව ජීනෝමයෙ තියෙන "පරිණාමී" ගුණයෙ වලංගුභාවය මාතෘකා ගණනාවක් යටතෙ කතාකරන්න පුලුවන්.

    මං හිතන්නෙ නෑ ඔය උඩින් සටහන් කරල තියෙන සංකීර්ණතාවය ගැන මිනිස්සු දැනුවත් කියල. එගෙම දැනුවත්නම් ඔය පරිණාමවාදය ප්‍රවාදයක්ය කියන කියමන "ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක්කල් බ්ලා බ්ලා" මාදිලියෙ වගේ වෙන කියන්න දෙයක් නැතිවීම නිසා හෝ කෙනෙක් කියනව අහගෙන ඉඳල කියන ඒකාකාරී catchphrase එකක් විදිහට පාවිච්චි කරන්නෙ නෑ. බයිලොජි ගුරාලගෙ ඉඳල ඔය කතාව කියන එකේ සාමාන්‍ය මිනිස්සු එහෙම වීමෙ පුදුමෙකුත් නෑ.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    හොඳ ත්‍රෙඩ් එකක්

    පරිණාමය දැනට වාදයක් (theory) පස්සේ ඔප්පු උනාම නියමයක් (law) වෙනවා කියන එක නම් වැරදියි. scientific law එකක් කියන්නේ සංසිද්දියක් විස්තර කිරීමක් ඒක වෙන්නේ ඇයි කියල විස්තර කරන එක scientific theory එකක්.

    වාදයක් නියමයක් වෙන්නෙත් නෑ නියමයක් වාදයක් වෙන්නෙත් නෑ. වාදයක් නිසා credibility අඩු වෙන්නෙත් නෑ. ඔප්පු නොවුන theory වලට කියන්නේ hypothesis කියල.

    උදාහරණ විදිහට අපිට ක්ෂුද්‍ර ජීවින්ගෙන් ලෙඩ හැදෙනවා කියන එක (ඒක පිලි නොගන්න එවුන් නැතුව ඇතිනේ) කියවෙන්නේ germ theory of disease තුලින්. ක්ෂුද්‍ර ජීවින් ඉන්නවා සහ උන්ගෙන් අපි ලෙඩ වෙනවා කියල පට්ට ෂුවර් වෙලත් අදටත් ඒක theory මිසක් germ law of disease නෙවෙයි.
     
    jaxon

    Active member
  • Apr 1, 2019
    267
    77
    28
    ඩාවින්ගේ බොරුව says a Sinhalese who voted for Golter Rajapaksha

    You better off starting මහාවංශය බොරුව. Tissa was the second son of Mutasiva of Anuradhapura

    ;)

    My fellow niggers, please don't believe pseudo Science and please try to be more logical.
    I left Sri Lanka because here people didn't teach Critical Thinking and believe in anything any asshole says.
     
    • Like
    Reactions: Kodiya97

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    ඩාවින්ගේ බොරුව says a Sinhalese who voted for Golter Rajapaksha

    You better off starting මහාවංශය බොරුව. Tissa was the second son of Mutasiva of Anuradhapura

    ;)

    My fellow niggers, please don't believe pseudo Science and please try to be more logical.
    I left Sri Lanka because here people didn't teach Critical Thinking and believe in anything any asshole says.

    I think the wording of the title is intended as clickbait. I don’t think OP seriously denounce Darwinism as a viable theory.

    Mahavamsa is obviously an origin myth. Highly politically motivated. “Myth” as in narrative construction, not “myth” as in false.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    දැන් නන් ත්‍රෙඩ් එක නියම තැනකට ඇවිල්ලා තියනවා....මට ඕනි වුනෙත් මෙහෙම තැනකට ගේන්න..සුදු වෙන්නේ කර්මය නිසා කියන ගොබ්බ තැනකට විද්‍යාව දාන ගුරාලා සෙට් එකකුයි,ආගමික මතවාද ඔලුවේ තියන් හරක් මරණ එක නවත්තලා,හැමතැනම ඌරු මස් විකුණන පිරිසකුයි,ක්න්‍යාවියෝ ගන්න මිනීමරණ තව කොටසකුයි ආදී විවිධ පිරිස් එකතු වෙලා තර්කානුකූල හිතීම මොට්ට කරලා දානවා රාවණා මතධාරියොත් මේකට ලොකු උදව්වක් කරනවා.රාවණා හිටියේ දැනට වසර කීයට කලින් අතීතයෙද්දි කියලා ඇහුවත් උත්තරයක් නෑ.හැබයි පරිණාමයයි අනිත් ඔක්කොම දේවලුයි බොරුයි.බුදු දහමේ කියනවා වගේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු කරන්න වෙලා බහුතරයකට

    හොඳ ත්‍රෙඩ් එකක්

    පරිණාමය දැනට වාදයක් (theory) පස්සේ ඔප්පු උනාම නියමයක් (law) වෙනවා කියන එක නම් වැරදියි. scientific law එකක් කියන්නේ සංසිද්දියක් විස්තර කිරීමක් ඒක වෙන්නේ ඇයි කියල විස්තර කරන එක scientific theory එකක්.

    වාදයක් නියමයක් වෙන්නෙත් නෑ නියමයක් වාදයක් වෙන්නෙත් නෑ. වාදයක් නිසා credibility අඩු වෙන්නෙත් නෑ. ඔප්පු නොවුන theory වලට කියන්නේ hypothesis කියල.

    උදාහරණ විදිහට අපිට ක්ෂුද්‍ර ජීවින්ගෙන් ලෙඩ හැදෙනවා කියන එක (ඒක පිලි නොගන්න එවුන් නැතුව ඇතිනේ) කියවෙන්නේ germ theory of disease තුලින්. ක්ෂුද්‍ර ජීවින් ඉන්නවා සහ උන්ගෙන් අපි ලෙඩ වෙනවා කියල පට්ට ෂුවර් වෙලත් අදටත් ඒක theory මිසක් germ law of disease නෙවෙයි.
    වාදයක් සැකයකින් තොරව ඔප්පු කලාම නියමය්ක් විදිහට පිලිගන්නවා කියන එක මම ඉගෙනගෙන තියෙනවා..ඩෝල්ටන්ගේ පරමෑණුක වාදය කියන ඒක ගමු.ඉදිරිපත් කරපු කාලයත් එක්ක පරමාණුව සම්බන්ධව ගැටලුවලට පිලිතුරු දෙන්න හැකි වුන ඒක ඒ වකවානුවේ පිලිගත්තත් ඒකේ තිබ්බ කරුණු ඔක්කොම දැන් වැරදියි.(ඒකෙන් පරමාණුව ගැන් හොය්න්න මූලික අඩිතාලම වැටුනා) දැන් ඩෝල්ටන්ගේ පරමාණුක වාදය ඉවත් කරලා තියෙන්නේ.දැන් පරමණුව ගැන වෙනත් වාදයන් ඔස්සේ පැහැදිලි කරනවා.ඔය විදිහටම නිව්ටන් ඉදිරිපත් කරපු සරල රේඛීය චලිතය පිලිබද නිවටන් යාන්ත්‍ර විද්‍යාව සමුද්දේශ රාමුවක් ඇතුලේ නිවැරදියි කියන එක ආයේ ආයේ ඔප්පු වෙලා තියෙනවා.කාලයත් සමග එන විවිධ අලුත් ගැටලුවලට උත්තර දෙන්න පුලුවන් එයාට.එක් නිසා නිවටන් ඉදිරිපත් කරපුවා නියමන් විදිහට්ට කියන්න පුලුවන්..මෙන්ඩල් නියම වුනත් ග්‍රෙගරි මෙන්ඩල් මැරිලා යනකල්ම කවුරුවත් පිලිගත්තේ නෑ.දැන් වෙද්දී මෙන්ඩල් නියම ගැන සියලුම කරුණු හොයාගෙන අවසන්.(වර්ණ දේහවල හැසිරීම/ ස්වාධීන සංරචණය වගේ දේවල් සහ එම නියම වලින් සිදු වෙන අපගමන ගැනත්) ඒක නිසා මෙන්ඩල් නියමයක් විදිහට හදුන්වනවා.මේක මම ඉගෙන ගත්ත විදිහ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වැදගත් මචෝ tfs....

    වාදයක් ඔප්පු උණාම නියමයක් බවට පත්වෙනව කියන එක මමත් අහල තියෙනව (පරිණාමවාදය ගැනම ගිය ටී වී ප්‍රෝග්‍රෑම් එකකින්)
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අපේ zooසර් ඉස්සර කියනවා අම්මා කිරි හොද්දක් හදන්න පොල්ගගා ඉන්න කොට වැස්සක් ඇවිත් කුස්සියට අකුණක් ගහල ආපහු අම්මට සිහිය එනකොට කිරිහොද්ද සුවඳ ගගහ හැදිල තිබුන වගේ වැඩක් කියල - 4)- ජෛව රසායනික පරිණාමවාදය

    එයා නං කිව්ව theory of directed panspermia කියන මතය තමයිලු යම් පමණකින් හරි ගලපන්න පුලුවන් ඒ 2000 මුල කාලෙ
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සුද්දා කියපු දේවල් ඒ විදිහටම පිළිගන්නේ නැතුව, මෙහෙම හෝ තර්ක කරන එක හා වෙනස් පැති ඔස්සේ හිතන එක බොහොම වටිනවා.

    අපේ මොළ ඔලමොට්ටල් වෙන්නත් තව කෙනෙක් කියපු දේ ඒ ආකාරයෙන්ම උගන්වන අධාපන ක්‍රමය වගකිව යුතුයි.

    නිදහස් චින්තනයක් ඔස්සේ කුතුහලය සමගින් නව මානයන් සොයා යාම එදා සිටම හෙළයා ප්‍රගුණ කල ක්‍රමවේදයයි.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    අපේ zooසර් ඉස්සර කියනවා අම්මා කිරි හොද්දක් හදන්න පොල්ගගා ඉන්න කොට වැස්සක් ඇවිත් කුස්සියට අකුණක් ගහල ආපහු අම්මට සිහිය එනකොට කිරිහොද්ද සුවඳ ගගහ හැදිල තිබුන වගේ වැඩක් කියල - 4)- ජෛව රසායනික පරිණාමවාදය

    එයා නං කිව්ව theory of directed panspermia කියන මතය තමයිලු යම් පමණකින් හරි ගලපන්න පුලුවන් ඒ 2000 මුල කාලෙ

    makes sense the probability is so small
     
    • Like
    Reactions: Lahiru120

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේක ගැන ආස අය ඕන නං
    PBS Eons
    SciShow
    Stated Clearly
    youtube channel ටිකටත් ඉන්ටරස්ට් වේවි, ඕවට අදාල ගොඩක් දේවල් කතා කරනවා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1

    මාතෘකාව දැම්මේ ත්‍රෙඩ් එකට සෙනග අදින්න.මට ඕනි වෙලා තියෙන්නේ ජීවයේ සම්භවය පිලිබද දැනට ඉදිරිපත් වෙලා තියන මතයන් සහ වාදයන් පිලිබදව පැහැදිලි කිරීමක් කරන්න.සරලවම ගත්තොත් මේලෝකේ තියෙන මොකක් හරි සංසිද්දියක් පැහැදිලි කරන්න ඉදිරිපත් කරන අදහසකට තමයි මතයක් කියලා කියන්නේ.මතය හැම වෙලාවේම හරි නෑ,ඒකට යන්න පුලුවන් සීමාවක් තියෙනවා එතනින් එහාට යන්න බැරි නන් හෝ එතනින් එහාට පැහැදිලි කරන්න බැරි නන් අලුත් මතයක් ඉදිරිපත් කරනවා පරන එක විසික් කරලා දානවා.දැනට හොයාගෙන තියෙන ප්‍රශ්න සැකයක්.නැතුව විසදගන්න පුලුවන් මතයන්වලට අපි කියනවා වාදයක් කියලා.මතයක් වාදයක් වෙන්න අවුරුදු 100ක්වත් යනවා කාලයත් සමග මතු වෙන ප්‍රශනවලට පිලිතුරු දෙන්න එයාට පුලුවන් වෙන්න ඕනි.කිසිම ගැටලුවක් නැතුව අවුරුදු සියගනක් පවතින වාදයකට නියමයක් කියනවා.මේ නිකන් 5 පන්තියේ විද්‍යාව වගේ සරලව කිව්වේ..පරිණාමය වාදය කියලයි තවම කියන්නේ මේකට දැනට තියන ප්‍රශ්න විසදන්න පුලුවන් අනාගතේ දී එන ඒවා විසදන්න පුලුවන් නන් මේකත් නියමයි වෙයි.
    මෙතන පොඩ්ඩක් අවුල් නේ අයියේ? අයින්ස්ටයින්ගේ සමාන්‍ය සාපේක්ෂතාවයෙන් නිව්ටන්ගේ නියම වැරදියි කියල ඔප්පු වුනා නේ. අයිස්න්ටයින් ගේ සාමාන්‍ය සාපේක්ෂතාවයෙන් පෙන්වන්වා ගුරුත්වය කියන්නේ අවකාශ කාල වක්‍රතාවය නිසායි වස්තු ඒ ඒ ආකාරයෙන් පිහිටන්නේ හෝ චලනය වෙන්නේ කියලා. නිව්ටන්වාදයේදී වස්තු දෙකක් අතර ඇතිවන ආකර්ෂනය නේ බලයක් විදියට ක්‍රියා කොරන්නේ. අනිත් එක නිව්ටන්ගේ නියම වලින් පෙන්වන්නේ ග්‍රහලෝක චලනය වන්නේ වෘත්තයක. නමුත් ඒක වැරදියි! අයින්ටයින් ගේ සාමාන්‍ය සාපේක්ශතාවයෙන් නිවැරදිව පෙන්නුවා නේ ග්‍රහලෝක ගමන් කොරන්නේ ඉලිප්සීය මාර්ගයක කියලා. මගේ පුරස්නේ මේකයි. කෝ ඉතින් නිව්ටන්ගේ නියමය අවලංගු වුනාද? නැහැ නේද?
     
    වැරදී කියලා ඔප්පු වුනේ නෑතෝ... සමුද්දේශ රාමුවක් ඇතුලේ ඕක හරි.සහ අපි සලකන සාමාන්‍ය වස්තුවලට ඕකෙන් වෙන අපගමනය ඉතා කුඩා එකක්.එක නිසා අපි ඒක එදිනෙදා ජීවිතේදි හරි කියලා ගන්නවා.සාමාන්‍ය සාපේක්ශතාවාදය දාලා කාර් එකක් ත්වරණය වෙන හැටි පැහැදිලි කරන්න එකද කරන්න පුලුවන්.කාර් එකේ ස්කන්ධය නිසා වෙන ඔය කියන කාලය හා අවකාශ වක්‍රවීම සලකන්න පුලුවම්ද?