පරිණාම වාදය කියන්නෙ ප්‍රවාදයක් විතරය කියන කතාව ටිකක් මිනිස්සු අතර ප්‍රචලිත වීගෙන යන අදහසක්නෙ. මේකට ස්වභාවයෙන්ම ආගමික අදහස් හෝ බටහිර ඇරියස් තියෙන ඇත්තො ආශක්ත වෙන බවක් පේන්න තියෙනව, ඊට අමතරව අවංකව සැක පල කරන අයත් නැතුව නෙමේ. ඒව කෙසේ ඔය කතාව කියද්දි පරිස්සම් වෙන්න ඕනෙ තැනක් තමයි නිකන්ම ප්‍රවාදයක්ය නොකියා පරිණාමවාදයෙ මොන කොටසද ප්‍රවාදයක් වෙන්නෙ, මොන කොටසද ඉන්ද්‍රියභූත දැනුමක් (සිංහලෙන් කිව්වොත් empirical knowledge) වෙන්නෙ කියන එක...ඔහොම පදාස දෙකක් තියෙනවය, ඒව කොතනින්ද වෙන් වෙන්නෙ කියන එක ගැන දැනුවත්කමකින් ඔය විවේචනය එල්ල කරන එක තමයි සද්භාවවේදි විවාදයකට වැදගත් වෙන්නෙ.
කෙටියෙන් කිව්වොත් මෙහෙමයි:
"මීට අවුරුදු බිලියන ගණනකට පෙර යම් යම් පාරිසරික තත්ත්ව යටතේ ප්‍රාග්-ඓතිහාසික සූපයක (primordial soup) සිද්ධ උන අහඹු ජෛව රසායනික ක්‍රියාවලියකින් මුල්ම ඒක සෛලික ජීවින් හටගත්තා විය හැකියි" කියල ඩාවින් (සහ ඩාවින්ගෙ සමකාලීන ස්වභාව විද්‍යාඥයො) කියන මෙන්න මේ සම්භව වේදි තර්කය තවම ඔප්පු කරල නැහැ. මේක ප්‍රවාදයක් තවමත්.
හැබැයි...
a) සවභාවික වරණය හෙවත් ජීවින්ගේ පරම්පරා ඉදිරියට සම්ප්‍රේශණය වන්නේ බාහිර භෞතීය රසායනික සාධක මත ජීවත්වීමට සුදුසුම ජීනෝමික ව්‍යුහය රැකෙන ආකාරයෙන් බව, b) ජීනෝමයන් අනවරත වෙනස්වීම් වලට ලක්වෙමින් පවතින බව කියන පරිණාමවාදයේම වැදගත් කණුදෙකක් විදිහට ගැනෙන යුගලය තවදුරටත් ප්‍රවාද නෙමේ.
මොනවද තියෙන සාක්ෂි?
a) සඳහා--> මේ වෙද්දි මිනිස් ජීනෝමය සහ චිම්පන්සී ජීනෝමයෙ රසායනික ව්‍යුහය සම්පූර්ණයෙන්ම වගේ සීක්වන්ස් කරල අවසන් විතරක් නෙමේ ඩවුන්ලෝඩ් කරන්නත් තියෙනව ඕපන් සෝර්ස්. ඒ විතරක් නෙමේ Great Ape පවුලෙ අනෙක් වානරයොන්ගෙත් අවශ්‍ය ජීනෝමික දත්ත අපි දන්නව. සංසන්දනාත්මක විශ්ලේෂණ වලින් චිම්පන්සී සහ මානවයන් අතර 96% ක ජීනෝමික සමානකම් දැරීම, මානවයන්ගෙ සහ චිම්පන්සීන්ගෙ ක්‍රෝමසෝම සැකැස්මෙ සමානකම් සහ අල්ප වෙනස්කම් (උදා. අපිට වඩා චිම්ප්ස්ලට වැඩියෙන් ක්‍රෝමසෝම් එකක් තිබීම) සහ ඒ වෙනස්කම ඇතිවෙන්න හේතු වගේ දේවල් මේවයෙ ප්‍රදාන ප්‍රතිඵල. මම මේ කිව්වෙ මෙන්ඩෙලීයානු නිලීන/ප්‍රමුඛ නීරීක්ෂණ, genetic polymorphism සම්බන්ධයෙන් 19නි සහ 20 ශතවර්ෂයෙ මුල් දශක වල උන සම්භාව්‍ය ශාස්ත්‍රීය දැනුම් අතෑරලා.
b සඳහා--> නිතැතින් ම වෙන ජීනෝමික වෙනස්වීම් ගැන හැට ගණන් වල ඉඳලම ජීවවිද්‍යාඥයොන්ට ඉවක් තිබුනත් 80 ගණන් වල අගභාගයෙ Robert May, Haldane සහ Jayakar ගෙ අතින් ජානමය ව්‍යාධීන් ගැන උන රීසර්ච් වලින් ඒකට න්‍යායික පදනමක් වැටුනා. උදාහරණ විදිහට රුධිර කාණ්ඩ නිර්ණය කරන ජානය ස්වරූප තුනකින් මිනිස් ජීනෝමයෙ පැවතීම (A, B, O නමින්) සහ X -Y ලිංගික ක්‍රෝමසෝම දෙකක් විකසනය වීම ප්‍රාක්-ජීනෝමික යුගවල පොදු ජීනෝමයක (common ancestral genome) සිද්ධවුන mutations වල ප්‍රතිඵල.
මීට අමතරව ජීනෝමයෙ තියෙන "පරිණාමී" ගුණයෙ වලංගුභාවය මාතෘකා ගණනාවක් යටතෙ කතාකරන්න පුලුවන්.
මං හිතන්නෙ නෑ ඔය උඩින් සටහන් කරල තියෙන සංකීර්ණතාවය ගැන මිනිස්සු දැනුවත් කියල. එගෙම දැනුවත්නම් ඔය පරිණාමවාදය ප්‍රවාදයක්ය කියන කියමන "ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක්කල් බ්ලා බ්ලා" මාදිලියෙ වගේ වෙන කියන්න දෙයක් නැතිවීම නිසා හෝ කෙනෙක් කියනව අහගෙන ඉඳල කියන ඒකාකාරී catchphrase එකක් විදිහට පාවිච්චි කරන්නෙ නෑ. බයිලොජි ගුරාලගෙ ඉඳල ඔය කතාව කියන එකේ සාමාන්‍ය මිනිස්සු එහෙම වීමෙ පුදුමෙකුත් නෑ.

Last edited: