පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1
පරිණාමය ගැන පැහැදිලි කරන ඉදිරිපත් කරලා තියනවා මතයන් ගොඩක් මානව ඉතිහාසය පුරාම.එකින් එක අරගෙන ඒ මොනවද අඩු පාඩු මොනවාද කියන එක පැහැදිලි කරමු මෙතන ඉන්දලා.
1)- මැවීමේ වාදය
මේක තමයි පරණම අදහස පරිණාමය ගැන.දෙවිකෙනෙක් විසින් (සර්ව බලධාරී හෝ වෙනයම් දෙවි කෙනෙක්) ජීවීන්වයි ජීවය සම්බන්ධ අනිත් අයවයි මැවුවායි කියන එක.ඔක්කොම ආගමික මතවාද මේක අස්සට තමයි දාන්නේ.පොඩි පොඩි වෙනස්කම් තිබ්බත්.
2)- ස්වයං සිද්ධ ජනනවාදය
16 ශතවර්ශයට කලින් යුරෝපයේ පිලිගත්තේ මේක.මේකට අනුව අජීවී ද්‍රවය් වලින් ඕනිම වෙලාවක ජීවියෙක් බිහි වෙන්න පුලුවන් කියන එක තමයි කිව්වේ.
අහක දාන රෙදි කෑලිවලින් මීයෝත් පිළුනු වන මස්වලින් මැස්සොත් බිහි වෙනවා කියලා තමයි මෙයලා කිව්වේ.දර මිටියා,දෙහි කොලයා වගේ සත්තුත් මේකට දානවා සමහරු.
ෆ්‍රන්සිස්කෝ රෙඩී කියන ඉතාලි විද්‍යඥායා කරපු සරල පරීක්ෂණයකින් මේක බොරු කියලා ඔප්පු වුන.පරීක්ෂණ තමයි මස් කෑලල්ක් බෝතලයකට දාල එක බෝතලයක් මැස්සන්ට එන්න බැරි වෙන්න රෙදි කෑල්ලකින් වහනවා අනික ඇරලා තියෙනවා.වහලා තිබ්බ එකේ පනුවෝ නෑ ඇරලා තිබ්බ එක පනුවෝ ගහනවා.පනුවෝ කියන්නේ මැස්සන්ගේ පැටවු කියලා ඔප්පු වෙනවා මේකෙන්.
ජීවයේ සම්භවයයි පරිණාමවාදයයි දෙකක් විදියට ඩිස්කස් කොලා නම් අපිට යමක් ඉගෙන ගන්න පුලුවන්. ඩාවින්වාදයේදි ජීවයේ සම්භවය පිලිබඳ විග්‍රහයක් නැහැ නේද?

