මම මේක ගොඩක් තැන් වල කියනවා..අපි ලොකු ලොකු දේවල් කරන්න ඕන නෑ..
තමන් කන බොන ටොපි කොළේ,රටකජු දාලා තියෙන පොඩි බෑග් එක කාලා ඉවර වෙලා මෙලෝ රහක් නැති ව විසිකරල දාන මිනිස්සු,ගෑණුත් ඇතුලුව කොච්චර ඉන්නවද..කෝච්චියක යන අය දන්නවා හවසට වැඩ ඇරිලා ඩබල් සෙට් එකක් කොළඹ ඉඳන් පොල්ගහවෙලට යනකොට පරිසරයට කරන විනාසේ..කාලා කාපු ටොපි කොළේ අදාල තැනකට දාන්න අඩුම ගානේ..එකෙක් ඒ වැඩේ කරලොත් ඒකත් ඇති..ටිකක් තරණු පරපුර දැන් දැන් මේ වැඩේ කරනවා..ඒකත් දෙයක්..
සිරා සිරා....ඒත් ඔය පුරුදු මෙහේ පැල පදියම් කරන්න බෑ බං...ඒක ඇඟෙන්ම එන්න ඕනි.... ඕවා තව කල්ප කාලාන්තරේකට අපේ මිනිස්සු පුරුදු වෙන ඒවා නෙමෙයි....




