මේ හෑල්ලු වන්නේ ජාතියේ අනාගතයයි!

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    කියන එක නම් ලෙසටම කියල තියෙනවා..ඒත් ඉතින් මේවා කීයෙන් කීදෙනාටද තේරෙන්නේ...

    Ape Adambarakara Thathai puththu tikai wate inna niwatayo tikatai Arenna mole thiyana hamotama therenawa machan.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    දාන්නකෝ බලන්න මාත් ආසයි, මචන් දානකොට පැහැදිලිව දන්නා මොනවද සුදුසුකම් කියලත්. ඔයා නැට්ට පාගගේනේ දගලන්නේ සහෝ ඔය 45000ක් basic වැටුපක් ඉල්ලන සුදුසුකම මොකද්ද කියලත් බලන්න

    මචං Temp. LEc. කෙනෙක්ගේ වැටුප 26090 පමණ. ජීවන වියදම් දීමනාව- 5850 කැපිල යන ගාන 3500 ක් විතර.

    28500 ක් විතර අතට එනවා. (Research allowance එහෙම ලැබෙන්නේ නෑ.)

    වැඩ කරන්නේ ජ්'පුර (මගේ යාලුවෙක්) සුදුසුකම් - මූලික උපාධිය (1st class) PG වලට register වෙලා.

    ඔබ දාපු ගාන demo කෙනෙක්ගෙ වෙන්න ඇති. (demo ගෙ වැටුප නම් මම දන්නේ නෑ)


    මචන් මටත් තාම මුලික උපාදිය තමා තියෙන්නේ මගේ වැටුප rs 80000ක් ඒක සාදරණද? මාත් රජයේ රැකියාවක් තමා කරන්නේ... :confused:

    වැටුප තීරණය වන්නේ බඳවාගැනීමේ මූලික සුදුසුකම්, 2006/09 ශේණිගත කිරීම, සංස්ථාව ද දෙපාර්තමේන්තුවක්ද, බැංකුවක්ද, ලාභ ලබන/නොලබන ආයතනයක්ද, විශාම වැටුප් ලබන/නොලබන තනතුරක්ද ආදී කරුණු ගණනාවක් මත.

    සන්සන්දනයකින් තොරව කියන්න දන්නේ නෑ.

    ඉතින් ඔබතුමාත් පිළිගන්නවා නම් වැටුප් විශමතාවයක් තියනවා කියලා, ලාභ ලබන ආයතනයක් තමන්ගේ ආයතනයේ වියදමක් විදිහට ගෙවන වැටුප් තලයක් ලාභ නොලබන ආයතනයක වැඩ කරන කෙනෙක් රජයේ වියදමක් ලෙස ගෙවන්න කියලා ඉල්ලනකොට සිදු වෙන්නේ තිබෙන වැටුප් විශමතාවය තවත් වැඩි වෙන එක නේද?

    මට මේකට විතරක් උත්තරයක් කියන්න - මේ රටේ මීට කළින් දහස් ගණන් වැඩ වර්ජන, උද්ඝෝෂණ තිබිලා තියනවා. කිසිම දවසක කිසිම වෘත්තීය සමිතියක් තමන්ට කිසිම අදාළත්වයක් නැති ක්ෂේත්‍රයක් පෙන්නල "අන්න අරූට ගෙවන වැටුප අපිට දියන්" කියල ඉල්ලලා තියනවද?

    හෙද සංගමය උද්ඝෝෂණ කරනවා නම් ඔවුන් ඉල්ලන්නේ දොස්තරලට ගෙවන මොකක් හරි එකක්. උපාධිදාරී ගුරු සංගමය ඉල්ලන්නේ පුහුණු ගුරුවරුන්ට සාපෙක්ෂව මොකක් හරි එකක්.

    කවදාවත් මෙහෙම ඉල්ලීමක් කරලා නෑ නේද.?
    මේක නිර්මාල් කියන කෙනාම ඊයේ සාකච්ඡාවකදී පිළි අරගෙන තියනවා..

    මේක නැවත නැවතත් පුවත්පත් වලින්, සාකච්ඡා වලින් ප්‍රකාශ කරල තියෙද්දී ඇයි ඔබ එක සාධාරණීකරණය කරන්නේ.?

    මේ වැටුප් තල දුන්නොත් ඒක අනික් වෘත්තීය සමිති වලට වැරදි ආදර්ශයක් වෙනවා නේද කියල පොඩ්ඩක් හිතල බලන්න.

    ඊයේ සාකච්ඡාවකදී නිර්මාල් කිව්වා ප්‍රශ්ණ පත්තර ලකුණු නොකිරීම තමන්ට තියන කේවල් කිරීමේ ශක්තිය පෙන්වීමක් කියලා. දැන් හෙදියන්ට තියනවා නේද මීට වඩා කේවල් කිරීමේ ශක්තියක්? දොස්තරලටත් තියනවා නේද? එතකොට මේ කවුරු හරි තමන්ගේ කේවල් කිරීමේ ශක්තිය යොදලා බැංකු වැටුප් තල ඉල්ලුවොත් ඔබතුමා ඒකත් සාධාරණීකරණය කරනවද?


     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ බං..... :( මේ අමන දේශපාලුවන්ට මේ කිසි දේක වගේ වගක් නෑ..... :angry:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කලකන්නියෝ, මෝඩයෝ ඉන්න තරමට මුන්ට ලේසි තමන්ට ඕන විදියට නටන්න. එකට පාර තමා ඔය කපාගෙන යන්නේ.
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83



    Private consultation කරන කට්ටිය මෙම වර්ජනය දේවාශීර්වාදයක් ලෙස සලකා දවස පුරා Private consultation කරම්න් ලක්ෂ ගණන් උපයති. මම දන්නා ඉංජිනේරු ප්‍රීඨ මාහාචාර්ය වරයෙක් වර්ජනය නැතිව වුවද පෞද්ගලික ආයතනයක සේවය කරම්න් උපයන මුදල දළ වශයෙන් මසකට ලක්ෂ 5 පමණ වේ.

    මොවුන්ට රාජකාරි කාලයක් ලෙස වෙන් කළ කාලයක් නැත. අත්සන් කිරීමට පොතක්/ලේඛණයක් නැත. අවම වශයෙන් දිනපතා රාජකාරී ස්ථානයට වාර්තා කිරීමටවත් මොවුන් නීතියෙන් බැඳී නැත. වර්ජනය නිසා සිදුවී ඇත්තේ ඉඳහිට හෝ විශ්ව විද්‍යාලය වෙත යාමේ අවශ්‍යතාවයද නැති වීමයි.

    වර්ජනය නිසා කෙළවී ඇත්තේ
    Private consultation නොකරන අයට පමණක් බව වටහා ගන්න.

    මේ ලිපියේ නැවත නැවතත් කියන්නේ 6% ක ඉල්ලීම ගැන පමණි. තමන්ට කිසිම සම්බන්ධයක් නැත බැංකු වැටුප් තල ඉක්මවා යන වැටුපක් ඉල්ලීම ගැන වචනයක් වත් නැත.

    1. බැංකු සේවකයන් වැටුප් ලබන්නේ තමන් සාමූහිකව උපයන ලාභයෙනි. එය ජනතා බදු මුදලින් ගෙවන්නේ නැත. එය රජයේ වැය ශීර්ෂයක් නොවේ. මොවුන් ඉල්ලා සිටින්නේ එම මට්ටම්ද ඉක්මවන වැටුපක් ජනතා බදු මුදලින් තමන්ට ගෙවන ලෙසයි.:rolleyes:

    2. මෙසේ ඉල්ලීම් කළද ඔවුන් තමන්ගේ රාජකාරිය ගැන ජනතාවට වග කියන්නේ නැත. එනම් ඔවුන් දිනපතා රාජකාරී කරන බවට වගකීමක් නැත. රාජකාරී වෙලාවේ බිස්නස් කලද ඒ බව පැමිණිළි කිරීමට ආයතනයක් හෝ නිළධාරියෙක් නැත. එය වරදක් ලෙසද නොසැළකේ. මේ කුමන විහිළුවක්ද?:rolleyes:

    3. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් සිසුන්ට ගල් පැලෙන බොරුවක් කීවා යයි සිතන්න. මෙය පැමිණිළි කිරීමට ආයතනයක් හෝ නිළධාරියෙක් සිටීද? කොහෙත්ම නැත. එනම් තමන්ගේ අත්‍යාවශ්‍ය රාජකාරිය පැහැර හැරියත් ඒ බවට
    ජනතාවට ඔවුන් වග කියන්නේ නැත.

    4. බැංකු නිලධාරියෙක් නොදන්වා වැඩට නොගියොත් එදිනම ඔහුට VOP වදිනු ඇත. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් නොදන්වා මාස ගණන් වැඩට නොගියද කිසිවක් සිදු නොවේ. අධ්‍යයන නිවාඩු ඉවර වී මාස ගණන් සේවා ස්ථානයට වාර්තා නොකරන අය එමට සිටිති.

    මෙවැනි කිසිවෙකුට වග නොකියන කිසිම අධීක්ෂණයක් නැති, විනය පරීක්ෂණ, දඩුවම් නැති රාජකාරියක් කරන අය මෙතරම් ඉහළ වැටුප් තල ජනතා බදු මුදලින් ඉල්ලීම සාධාරණද?:confused:

    :yes::yes::yes::yes:

    ekek hari innava me gena katha karana deshapaluvanta kade noyana
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    @Yasas;
    උඹට මොකක්හරි අවුලක් තියෙනවද විශ්වවිද්‍යාල මිනිස්සුටත් එක්ක.
    උඹ කොහොමද මනුස්සයෝ බැංකු මිනිහෙක්ගේ පඩිය මහාචාර්ය/ආචාර්ය මිනිස්සුන්ගේ පඩි සමාන කරන්නේ
    මහාචාර්යකම නිකන්ම හම්බෙනවා කියලද හිතන්නේ.
    උඹලා වගේ උන්ම තමා ලොකු පුටුවලත් ඉන්නේ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    @Yasas;
    උඹට මොකක්හරි අවුලක් තියෙනවද විශ්වවිද්‍යාල මිනිස්සුටත් එක්ක.
    උඹ කොහොමද මනුස්සයෝ බැංකු මිනිහෙක්ගේ පඩිය මහාචාර්ය/ආචාර්ය මිනිස්සුන්ගේ පඩි සමාන කරන්නේ
    මහාචාර්යකම නිකන්ම හම්බෙනවා කියලද හිතන්නේ.
    උඹලා වගේ උන්ම තමා ලොකු පුටුවලත් ඉන්නේ

    බැංකු වල ලොකු පුටුත් නිකම්ම ලැබෙනවා කියලද උඹ හිතන්නේ?