පල්ලමේ නිවුට්‍රල් ඉන්ධන ඉතිරි කරනවද?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    පල්ලමේ නිවුට්‍රල් ඉන්ධන ඉතිරි කරනවද?



    •••••කම්මැලි කමට නොකියවා බැක් යන්න එපා මම කියනවට එක පාරක් කියවන්න. හුගක් ප්‍රයෝජනයක් වෙයි ඔය ගොල්ලන්ට. සුබ දවසක් එලකිරි සෙට් එකට!!!!!!!



    නිවාඩුවට නුවර පළාතෙ යනකොට වගේම එනකොට හම්බෙන ලස්සන හරියක් තමයි කඩුගන්නාව පල්ලම. නිකමටවත් හිතුනද පල්ලම බහිනකොට වාහනේ නිවුට්‍රල් කරන්න. ඒකෙන් ඉන්ධන ඉතුරුවෙයි කියලත් හිතුවද. නෑ ! අපි අද කියන්න යන්නෙ ඒ ගැන.

    කවුරුහරි හිතනවා නම් වාහනේ නිවුට්‍රල් කරාම එන්ජින් එක ගියර් බොක්ස් එකෙන් නිදහස් වුනාට පෙට්‍රල් නිදහස් වෙනවා කියලා, එහෙම වෙන්නෙ නෑ. මොකද ගියර් එක නිවුට්‍රල් වුනත් එන්ජින් එක නොනැවතී එක දිගට දුවන්න ඕන එහෙමත් නැත්නම් එන්ජින් එක idle speed එකේ තියාගන්න ඕන පෙට්‍රල් ප්‍රමාණය කොහොමත් inject කරනවා.

    ඊට පස්සෙ මොකද වෙන්නෙ? එන්ජින් එක ගියර් එකෙන් නිදහස් නිසා වාහනයේ බරත් එක්ක වාහනය නිදහසේ පහළට ඇදෙනවා. කිසිම control එකක් නැතුව. Control කරන්න වෙන්නෙ කොහොමද? ඔව් බ්‍රේක් තමයි. ඉතිං වාහනේ දිගටම පල්ලමේ බ්‍රේක් කර කර එනකොට මොකද වෙන්නෙ? බ්‍රේක් ඔයිල් අධික ලෙස රත්වෙන්න පටන්ගන්නවා. බ්‍රේක් ඔයිල් රත්වෙනකොට මොකද වෙන්නෙ? බ්‍රේක් ඔයිල් වාෂ්ප වෙනවා. බ්‍රේක් ඔයිල් වාෂ්ප වුනාම මොකද වෙන්නෙ ඊට පස්සෙ බ්‍රේක් ගැහුවම බ්‍රේක් නෑ. බ්‍රේක් පැඩල් එකේ ඉඳලා කැලිපර් වලට පීඩනය දෙන්න බ්‍රේක් ඔයිල් නෑ.

    හරි අපි හිතමු දාලා තියෙන්නෙ හොඳ බ්‍රේක් ඔයිල් වර්ගයක් කියලා. වාෂ්ප වෙන්නැති ඔයිල් එකක් කියලා. ඊට පස්සෙ ප්‍රශ්ණය එන්නෙ බ්‍රේක් ඩිස්ක් හා බ්‍රේක් පෑඩ්ස් වල. බ්‍රේක් වලට එන අධික පීඩනයත් අධික ඝර්ශණයත් එක්ක ඩිස්ක් සහ පෑඩ්ස් අධික ලෙස රත්වෙනවා. ඒත් එක්කම එක වෙලාවකදි ඝර්ශණ සංගුණකය අඩුවෙනවා. ඒ කියන්නෙ අධික උෂ්ණත්වයත් එක්ක ඝර්ශණය වැඩිවෙලා එක පාර අඩුවෙනවා. ඊට පස්සෙ බ්‍රේක් ගැහුවට වදින්නෑ. Brake Fade වෙනවා කියන්නෙ මේකට.කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඝර්ශණය වැඩිවෙන එක හොඳයිනෙ කියලා. ඔය ඝර්ශණය වැඩිවෙලාවට බ්‍රේක් ගැහුවම මොකද වෙන්නෙ. බ්‍රේක් ගැහුවා ගැහුවම තමයි. ආපහු release වෙන්නෙ නම් නෑ. බ්‍රේක් පෑඩ්ස් බ්‍රේක් ඩිස්ක් එකේ ඇලෙනවා. Brake Bind වෙනවා කියන්නෙ අන්න ඒකට.

    එතකොට රේසිං කාර්? ඔව් රේසිං කාර් නිශ්පාදනය කරලා තියෙන්නෙ ඉහළ තාක්ෂණයකින් යුත් Brake System දාලා. ෆෝමියුලා 1 වල සෙල්සියස් අංශක 600වගේ වෙනකම් බ්‍රේක් නෑ එතනින් එහාට බ්‍රේක් උපරිමයි. හැබැයි සාමන්‍ය වාහනේක ඒකෙ අනිත් පැත්ත. සෙල්සියස් අංශක 600න් එහාට බ්‍රේක් නෑ.

    හරි අපි දැන් බලමුකො වාහනේ ගියර් එකේ පල්ලම බස්සනකොට මොකද වෙන්නෙ කියලා. අපි ගියර් එකේ පල්ලම බහිනකොට අපිට බ්‍රේක් එකට යන්න ඕනවෙන්නෙ නැති තරම්. මොකද ගියර් එකේදී වාහනේ එන්ජින් එක ගියර් බොක්ස් එකත් එක්ක සම්බන්ධ වෙලා තියන නිසා වාහනේ control. ඒත් එක්කම වාහනේ බරත් එක්ක වාහනේ වාහනේ පහලට තල්ලුවෙලා යනකොට එන්ජින් එකේ වේගය වැඩි වෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ? වාහනේ accelerator එක පාගලා නෑ හැබැයි එන්ජින් එකේ වේගෙ වැඩිවෙලා. එතකොට ECU එකෙන් බලනවා වාහනේට පෙට්‍රල් ඕන නෑ නිකම්ම තල්ලු වෙන නිසා කියලා. ඉතිං පෙට්‍රල් inject කරන එක නවත්වනවා. හැබැයි එන්ජින් එක idle තියනකොට වගේ එන්ජින් එක නොනැවතී තියාගන්න සැරින් සැරේ පෙට්‍රල් විදිනවා. මේ වෙලාවට Power Stroke එකට දහනය කරන්න ඉන්ධන නෑ. එතකොට Compression Stroke එකේ වායු සම්පීඩනයට අවශ්‍ය ශක්තිය එන්නෙ එළියෙන්. එතකොට එන්ජිමෙන් වාහනය ධාවනය කරනවා වෙනුවට වාහනෙන් එන්ජිම ධාවනය කිරීමයි වෙන්නෙ. Engine Braking
    කියන්නෙ මේකට. එතකොට බ්‍රේක් එකට බරක් නොවී වාහනේ control කරගන්න පුලුවන්.

    දැන් ඉතිං තේරෙනවනෙ පෙට්‍රල් ඉතුරුකරගන්න ගිහින් ඊට වඩා ප්‍රශ්ණ ගොඩකට මූණදෙන්න වෙනවා කියලා. මොකටද නිකම් ජීවිතේ අවධානමකට ලක්කරගන්නෙ නේද?
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    11.gif
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    4rybFKI.jpg


    අඩෝ, මම මෙක දැම්මේ කාට හරි වට්යි කියල මිසක් රෙප් ගන්න නෙම්යි බන්, අනික මට එලකිරි එකෙ රෙප් කොටු එකතු කර කර ඉන්න වෙලවකුත් නෑ බන්. කමක් නෑ වෙල්කම් everyone :)
     
    • Like
    Reactions: allrights

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    පල්ලමේ ඉන්ධන ඉතිරිය කෙසේ වෙතත් පරිස්සමින් එළවපන්. ඔක්කොම බ්‍රේක් එකෙන් තමයි ස්පිඩ් එක කන්ට්‍රෝල් කරන්න වෙන්නෙ. ගියර්ස් වලින් කන්ට්‍රෝල් එකක් නෑ. මම කොල්ලා කාලෙ ඕක කරන්න ගිහින් තව පොඩ්ඩෙන් බඩු බනිස්. එහෙනම් මේක ලියන්න අද මම නෑ...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    පල්ලමේ ඉන්ධන ඉතිරිය කෙසේ වෙතත් පරිස්සමින් එළවපන්. ඔක්කොම බ්‍රේක් එකෙන් තමයි ස්පිඩ් එක කන්ට්‍රෝල් කරන්න වෙන්නෙ. ගියර්ස් වලින් කන්ට්‍රෝල් එකක් නෑ. මම කොල්ලා කාලෙ ඕක කරන්න ගිහින් තව පොඩ්ඩෙන් බඩු බනිස්. එහෙනම් මේක ලියන්න අද මම නෑ...

    :)