පවතින අයහපත් කාලගුණ තත්ත්වය ලබන ඉරිදා තෙ&#3482

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගංවතුර පින්තුර ගන්න : අධිවේගී මාර්ග නීතිය කඩයි

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියදුරෝ වාහන තැන තැන නතර කරමින් ගංවතුර පින්තූර ගනිති.
    මෙය දැඩි ලෙස අධිවේගී මාර්ග නීති කඩකිරිමකි.
    අධිවේගී මාර්ගයට ඇතුළු වු වාහනයක් නියමිත පිවිසුමට පෙර නතර කළ හැක්කේ වැලිපැන්නේ සේවා මධ්‍යස්ථානයේ පමණි.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    අරණායක සාමසර කන්දේ නාය යෑමෙන් මිය ගිය 21 දෙනකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය කියයි.



    අවතැන් කඳවුරු 12ක 2000කට වැඩි පිරිසක් රඳවනු ලැබ සිටිති.



    ගංතුන ප්‍රදේශයේ අවතැන්වූවෝද ප්‍රධාන අවතැන් කඳවුරකට ගෙන ආ බව සහන සේවකයෝ කියති.
    අද දහවල් 12 වන විට අරණායක අහස අඳුරු වී තිබෙන බව එහි සිටින පිරිස් පවසති,
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආධාර ඉල්ලා එන අයගෙන් පරිස්සමෙන්

    ස්වභාවික විපත් වලින් අවතැන්වූ පිරිස්වලට ලබාදීමට ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා පොලිසියේ නම් සදහන් කරමින් ආධාර එකතු කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යද්දී ඔවුහු පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.


    මෙවැනි වංචා වලට හසු නොවන ලෙස පොලිසිය හා ආපදා කළමනාකරණ ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



    ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා දිසාපති කාර්යාලය මගින් අවතැන් වුවනට ආධාර දීමේ හොඳම ක්‍රමය බව රජය පවසයි.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ බලන අතර මාර්ගය ගිලා බැසීම හේතුවෙන් මහනුවර හා රඹුක්කන අතර දුම්රිය ධාවනය ඇන හිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.



    මේ හේතුවෙන් කොළඹ කොටුව සිට මහනුවර, බදුල්ල දුම්රිය ධාවනය සිදුනොවන බව කියති.
    බදුල්ල සිට කොටුව දක්වා ගමන් ගන්නා රාත්‍රී දුම්රියද නවතා දමා ඇත
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    අරනායක සහ බුලත්කොහුපිටිය ප්‍රදේශවල නායයාම් වලින් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව යුධ හමුදාව පවසයි.

    යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේ අරනායක නායයාමෙන් අතුරුදන්ව සිටි තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද දිනයේ සොයාගත් බවයි.

    මේ අතර කෑගල්ල ප්‍රදේශයට අද දිනයේ ද වර්ෂාව ඇද හැලුනද සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා සඳහන් කළේය.

    නාය යෑමේ අවධානම් තත්වයක් හේතුවෙන් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 500කට අධික පිරිසක් පදිංචි ස්ථාන වලින් ඉවත් කර තිබේ.

    උඩහගම, කලටුවාව ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් පිරිසක් මෙලෙස පීඩාවට පත්ව ඇති බව සඳහන්ය.

    ඔවුන් තාවකාලික ස්ථාන 05ක රැදවීමට පියවර ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේය.

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 1070ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පවුල් 62,000කට පමණ අයත් ලක්ෂ 03ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටියි.

    ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ආරක්ෂිත ස්ථාන 611ක එම පිරිස් රඳවා ඇති බවයි.

    නිවාස 3500ක් පමණ ජල ගැලීම් හේතුවෙන් විනාශ වී තිබේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් යළි විවෘත කර තිබේ.


    ඊයේ රාත්‍රියේ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් එක් වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට තවදුරටත් වැසි ලැබුණහොත් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බව වාර්තා වෙයි.

    මේ හේතුවෙන් කොත්මලේ ඔය පරිහරණය කරන ජනතාව දැඩි විමසිල්ලකින් පසුවිය යුතු බව බලාගාර ඉංජිනේරුවන් පවසයි.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගිලාබැසීමක් හේතුවෙන් වසා දමා තිබූ හැටන් - මහනුවර ප‍්‍රධාන මාර්ගය රථ වාහන ධාවනය සඳහා යළි විවෘත කර තිබේ.


    මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එක් මංතීරුවක් පමණක් රථවාහන ධාවනය සඳහා යළි විවෘත කර ඇති බව සඳහන්ය.

    හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගය නාවලපිටිය මීපිටිය ප්‍රදේශයෙන් ගිලා බැසීම හේතුවෙන් දින දෙකකට පෙර වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගත්තේය.

    මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කිරීම සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර ඇත.

    මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු වලට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ උඩරට දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් රඹුක්කන සහ මහනුවර අතර දුම්රිය ධාවනය තවදුරටත් සිදු නොකරන බවයි.

    කෙසේවෙතත් කොළඹ සිට රඹුක්කන දක්වා සහ මහනුවර සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරන බව වී.එස් පොල්වත්තගේ මහතා කියා සිටියි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආපදා හේතුවෙන් මේ දක්වා වාර්තා වී මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 132ක් ගැන කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


    එහි නවතම සංඛ්‍යා ලේඛනවලට අනූව ආපදා තත්ත්වය පිළිබඳ වැඩි විස්තර පහත පරිදිය.

    බලපෑමට ලක්වූ පවුල් සංඛ්‍යාව - 103,776යි

    බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව - 425,601යි

    මියගිය සංඛ්‍යාව - 63යි

    තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව - 29යි

    අතුරුදන් ව සිටින සංඛ්‍යාව - 132යි

    නිවාස පූර්ණ හානි සංඛ්‍යාව -354යි

    අර්ධ හානි සංඛ්‍යාව - 3326යි

    ආරක්ෂිත ස්ථාන සංඛ්‍යාව 597යි

    කඳවුරු සංඛ්‍යා 63,370යි.

    කඳවුරු තුළ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 319,195යි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජල ගැලීම් හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා නාවික හමුදා කුඩා යාත්‍රා කණ්ඩායම් 83ක් අද දිනයේ ද මෙහෙයුම් සඳහා යොදවා ඇති බව නාවික හමුදාව පවසයි.

    නාවික හමුදා මාධ්‍ය නිලධාරි කපිතාන් අක්‍රම් අලවි මහතා ප්‍රකාශ කළේ සෙසු නාවික ප්‍රදේශවලින් යාත්‍රා මේ වන විට ජල ගැලීම් වලට ලක්වු ප්‍රදේශවලට රැගෙනවිත් ඇති බවයි.

    ගත වු දින කිහිපය තුළ පුද්ගලයින් 18,000කට වැඩි පිරිසක් නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ.

    ඊට අමතරව තවත් 20,000කට පමණ ආහාර ලබාදීමට පියවර ගත් බව ද නාවික හමුදා මාධ්‍ය නිලධාරිවරයා සඳහන් කළේය
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි ගඟ දෙපස පහත් බිම් සහ සෙසු ප්‍රදේශවල ජල මට්ටම ඊයේ දිනයට සාපේක්ෂව පහල ගොස් තිබේ.


    අද පෙරවරු 07.00 වනවිට නාගලන්ගමුව ජල මාපකයේ ජල මට්ටම අඩි 7.2 ක් ලෙස සටහන් වී ඇති අතර එය පෙර දිනයේ 7.65ක් ලෙස වාර්තා වුණි.

    මේ සම්බන්ධයෙන් කළ විමසිමකදී කොළඹ දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ කේ.ජි පත්මකීර්ති මහතා ප්‍රකාශ කළේ හංවැල්ල සහ හංවැල්ල ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ද පහත ගොස් ඇති බවයි.

    කෙසේ වුවද ජල ගැලීම් තත්ත්වය තවදුරටත් පවතින බව පත්මකීර්ති මහතා ප්‍රකාශ කළේය.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    බේස්ලයින් පාර

    බේස්ලයින් පාර ආශ්‍රිතව මේවන විට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය කියයි.


    ගංවතුරින් පීඩාවට පත් ජනතාව සිටින ප්‍රදේශ වල සිදුකෙරෙන සහන ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් සඳහා විශාල පිරිසක් එම ප්‍රදේශවලට යාම ඊට හේතුව බව වාර්තා වේ.

    මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරමින් වාහන ධාවනය කරන ලෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    විදුලි බිඳවැටීම් ගැන 1987ට කියන්න

    [FONT=&quot]විදුලි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රැහැන්වලට හානි සිදුවී ඇති ස්ථානවලට ළඟා නොවන ලෙසත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විදුලි බිඳවැටීම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇත්නම් [/FONT][FONT=&quot]1987[/FONT][FONT=&quot] ක්‍ෂණික ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙසත් විදුලිබල හා පුනර්ජනනීය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍ෂණික ඇමතුම් අංක[/FONT][FONT=&quot] 1987[/FONT][FONT=&quot]ට හෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදුලිබල හා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් අංක[/FONT][FONT=&quot] 1901[/FONT][FONT=&quot] ට ඒ පිළිබඳව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැනුම්දිය හැකි අතර[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඇතැම් ප්‍රදේශවල සිදුවී ඇති විදුලි බිඳවැටීම් කඩිනමින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යථා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තත්ත්වයට පත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරීමටද සිය නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අමාත්‍යාංශය දැනුම්දෙයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තවද ආපදාවලින් විපතට පත්වූවන් රඳවා සිටින තාවකාලික කඳවුරුවලට අවශ්‍යතාව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පරිදි අතිරේක විදුලි සැපයුම් ලබාදීමට කටයුතු කරන බවද විදුලිබල හා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot][/FONT]

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කිසිදු සහන සේවාවක් නොලැබූ පිරිස් රැසක් ද&#3538

    [FONT=&quot]කිසිදු සහන සේවාවක් නොලැබූ පිරිස් රැසක් දිවයින පුරා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අයහපත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට විවිධ කණ්ඩායම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ක්‍රියාත්මක වුවද මෙතෙක් කිසිදු සහන සේවාවක් නොලැබූ පිරිස් රැසක් දිවයින[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුරා සිටිනබව අද ට වාර්තා වේ.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කොළඹ ස්ථාන රැසක්ම මේවනවිට ජලයෙන් යටවී ඇති අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ සියලුම ස්ථාන කරා සහන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සේවකයන් මෙතෙක් ළඟා වී නොමැත. එමෙන්ම ආපදාවට ලක් වූ පිරිස් වෙත ආහාරපානද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලැබී නැතැයි වාර්තා වේ. මේපිළිබඳ සහන සේවා සහ ජීවිත බේරාගැනීමේ අංශ මගින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපකළ විමසීමේදී දැනගැනීමට ලැබුණේ කැලණි ගඟේ ජල ප්‍රවාහය අස්වාභාවික ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රචණ්ඩවී ඇති හෙයින් ගඟේ බෝට්ටු ගමනාගමනයද අනතුරුදායක වී ඇති බවය.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ නිසාම කොටුවූ පිරිස් සිටින ඇතැම් පෙදෙස්වලට ආහාර පාන සැපයීම ප්‍රශ්නයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වී ඇතැයිද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවතැන්වූ ඇතැමුන් කෑම ඉල්ලා පණිවුඩ එවන නමුත් ගඟේ සැඩපහර නිසා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එම ප්‍රදේශවෙත ළඟා විය නොහැකි බවද සහන සේවකයෝ පැවසූහ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ අතර කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොළඹ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජලසැපයුමට බාධාවක් විය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එමෙන්ම මාලඹේ ප්‍රදේශයේ ගෘහාශ්‍රිත නළ ජලය මඩ පැහැයට මිශ්‍ර අව පැහැයක් ගෙන ඇති බව ජල පාරිභෝගිකයෝ පැවසූහ.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ජල නළ මාර්ග බොහොමයක් ගංවතුරට යටවීමෙන් අබලන්වීම ඊට හේතුව බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැකි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉක්මනින් පොම්පාගාරවල ජල පොම්ප යථා තත්ත්වයට පත්කරන බවත් ජල සම්පාදන හා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජලාපවහන මණ්ඩලය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සඳහන් කළේය[/FONT][FONT=&quot][/FONT]
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගංවතුරෙන් විපතට පත් ජනතාවට තවදුරටත් නාවික හමුදාවේ සහාය



    දිගින් දිගටම බලපා ඇති අයහපත් කාළගුණය හේතුකොටගෙන මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර, පුද්ගලයන් විශාල පිරිසක් ද ගංවතුරෙන් පීඩාවට පත් වී ඇත. තවදුරටත් නාවික හමුදාව විසින් ඔවුන් මුදවා ගැනීමේ ක්‍රියාන්විතයන්හි නිරත වෙමින් පවතී. ඒ අනුව (19) සවස වන විට නාවික හමුදාව විසින් පුද්ගලයන් 13,772 දෙනෙකුගේ ජීවිත බේරා ගෙන බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථානයන් කරා ප්‍රවාහනය කර ඇත.



    එමෙන්ම තල්දූව, හංවැල්ල, රනාල, නවගමුව, මල්වාන, කෑගල්ල, කඩුවෙල, මුල්ලේරියාව, දොම්පේ, පූගොඩ, වැල්ලම්පිටිය, කොළොන්නාව, බියගම, ‍කොටිකාවත්ත, අංගොඩ, කැළණිමුල්ල වවුනියාව, විලච්චිය සහ මන්දගල්ආරු යන ප්‍රදේශයන්හි මුදවා ගැනීමේ කණ්ඩායම් 81 ක් ස්ථානගත කර ඇති අතර, හදිසි අවස්ථාවන්වලදී සහාය දැක්වීම සඳහා තවත් කණ්ඩායම් 40 ක් සියළුම ගංවතුර තර්ජන සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි කදවුරු වල සූදානමින් තබා ඇත




    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg
    5.jpg
    6.jpg
    7.jpg
    8.jpg
    9.jpg
    10.jpg
    11.jpg
    12.jpg
    13.jpg
    14.jpg
    15.jpg
    16.jpg
    17.jpg
    18.jpg
    19.jpg
    20.jpg
    21.jpg
    22.jpg
    23.jpg
    24.jpg
    25.jpg
    26.jpg
    27.jpg
    28.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ටෙලිකොම් සේවකයෝ දිනක වැටුප පරිත්‍යාග කරත

    ටෙලිකොම් සේවකයෝ දිනක වැටුප පරිත්‍යාග කරති

    විදුලි සංදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය එක් වෙමින් ආපදාවට පත් වූවනට මුදලින් රුපියල් ලක්ෂ සියයක මුදලක් අද (20) විශේෂ ජනාධිපති අරමුදලට පරිත්‍යාග කළේය.



    ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් හා ටෙලිකොම් සමූහයේ අනෙකුත් සියලු අනුබද්ධිත ආයතනවල සේවයේ නියුතු සියලු දෙනාගේ දිනක වැටුප පරිත්‍යාග කරන ලදී.



    විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු හා නියෝජ්‍ය ඇමැති තරංග බස්නායක මහත්වරුගේ මාසික වැටුප ද ඊට එක්වන බව ටෙලිකොම් සමූහයේ සභාපති පී.ජී කුමාරසිංහ මහතා අද (20) පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    වහිනවද බන්....මෙහෙට අව්වත් පායලා...උදේ විනාඩි කිපයක් වැස්සා විකරයිනේ.....පානදුර
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    වහිනවද බන්....මෙහෙට අව්වත් පායලා...උදේ විනාඩි කිපයක් වැස්සා විකරයිනේ.....පානදුර

    Meheta pawwata wadak na ban. Udata wahinawanam. Jala poshaka pradesha walata wahinawanam paya 2-3 athulatha pahalata wathura ekathu wenawa.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වහිනවද බන්....මෙහෙට අව්වත් පායලා...උදේ විනාඩි කිපයක් වැස්සා විකරයිනේ.....පානදුර

    උඩට වැස්සොත් කේස් බන්
    ඒ පැති වලට සාමාන්‍ය කාලෙටත් වහිනවනේ බන්
    ඒ වතුර ටික පහලට ආවත් ඇති දැන් මෙහේ වතුර වැඩිවෙන්න
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    හෝමාගම ඇඹුල්ගම පාරු පදින්නට ගිය හය දෙනෙකුගෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු අතරුදන් වී ඇති බව පොලිසිය කියයි