Weather Forcast
පවතින අයහපත් කාලගුණ තත්ත්වය ලබන ඉරිදා තෙක
අද දිනයේ මීලිමීටර් 100ත් 150ත් අතර අධික වැසි ඇතැම් ප්‍රදේශවලට ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කැලණි ගඟේ නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 7.3ක් ලෙස සටහන්ව ඇති බව නිව්ස්ෆස්ට් අද උදෑසන කළ නිරීක්ෂණයේදී දැක ගත හැකි විය.
මේ අතර අරනායක නාය යෑමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා අද තවදුරට ත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසී ය.
නාය යාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ජල ගැලීම්වලට කොටු වී සිටින පිරිස් මුදා ගැනීම සඳහා අද ත් මේහෙයුම් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, තවමත් පිරිසක් කොටු වී සිටින බවට තොරතුරු ලැබී ඇති බව ය.
අවතැන්වූවන්ට ආහාර ලබා දීමේදී කිසියම් ගැටලුවක් ඇත්නම් 117 දුරකතන අංකයට දැනුම් දිය හැකි ය.
ඊට අමතරව 011 2 670 002 අංකය වෙත ද දැනුම් දිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ජල ගැලීම් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම තවදුරට ත් තාවකාලිකව වසා දමා තිබේ.
අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකාර අධ්යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ, අධිවේගී මාර්ගයේ කඩවත හා කොට්ටාව අතර ගාස්තු අය කිරීමකින් තොරව භාවිත කිරීමට ද අවස්ථාව ලබා දී තිබෙන බව ය.
අද දිනයේ දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඊයෙ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දුන්නේ ය.
පවතින ගං වතුර තත්ත්වයත් සමග බෝවන රෝග පැතිර යාමේ අවදානමක් මතුව තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ, කුඩා ළමුන් සහ ගැබිනි මව්වරුන් පිළිබඳ විශේෂ අවධානයකින් පසුවිය යුතු බව ය.
ගංවතුරින් අවතැන්ව, පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇති බවද ඇය සදහන් කලා.

Last edited: