පව් - අකුසල්

Nov 21, 2013
34
12
0
පසුගිය දිනවල බුදු දහම ගැන විවිද ගැටළු විමසා එළකිරි යේ විවිද ත්‍රෙඩ් දමා තිබුණි. ඒවායේ පව් පින් ගැනත් විමසා තිබුණි.
මේ ඇරඹෙන්නේ එම ගැටළු වලට සරලව පිළිතුරු ලබා දෙමින් ආරම්භ කෙරු ත්‍රෙඩ් එකක පළමු වන්නය.
ප්‍රතිචාර අනුව අනිකුත් ලිපිත් පල කිරීමට බලාපොරොත්තු වෙමි.

මේ පහතින් දැක්වෙන්නේ දශ අකුසල් ය.

1)ප්‍රාණඝාතය
2)සොරකම
3)කාමමිච්චාචාරය.
4)බොරු කීම
5)කේලම් කීම
6)පරුෂ වචන කීම
7)සම්ප්‍රලාප කීම
8)අන්සතු දෑ අයිතිකර ගැනීමට සිතීම
9) ඊර්ෂ්‍යාව මුල්කර ගෙන අන් අය නැසෙත්වා කියා සතිම
10) මිත්‍යාදෘෂ්ටිය

දැන් මේවා විස්තර සහිතව විමසා බලමු. මෙහිදී ඉතා සරලව පැහැදිලි කර ඇත.

1)ප්‍රාණඝාතය

ප්‍රාණඝාත අකුසලයක් සිදු වීමට පහත කරුණු සම්පුර්න විය යුතුය.
පණ ඇති සතෙක් විය යුතුය,සතාට පණ ඇති බව දැන ගැනීම, සතාව මරන්න චේතනාවක් පැමිණීම, සතාව මරන්නට උප්‍රකමයක් යෙදීම ඒ නිසා සතා මරණයට පත් වීම.

මේ කාරනා පහ සම්පුර්ණ වුවහොත් ප්‍රාණ ඝාත අකුසලක් සිදුවේ. එහිදී සතෙක් මැරීම පවක් කියා දැන සිටියත්, නොදැන සිටියත් අදාළ අකුසලය සිදුවේ.
එසේම යම්කසි කෙනෙකුගේ කීම මත තවත් කෙනෙක් සතෙක්ව මරුවහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවේ.
එසේම තවත් දෙයක් කිව යුතුය. යම්කසි අයෙක් සතෙක් මරා දැමීම සදහා ඌට යම්කසි පහරක් ගැසුවා කියා සිතමු. ඒ පහර නිසා එම සත්වයා එම මොහොතේ මිය නොගියත්, එම පහර හේතුකොට ගෙන අනාගතයේ දිනකඅදාළ සත්වයා මිය යනවා කියා සිතමු. උදාහරණයක්‌ විදියට එල්ල කරපු පහර නිසා සතාගේ කකුලක් කැඩී අහාර සොයා ගැනීමට නොහැකිව.
එසේ වුවහොත් අර මුලින් කි තැනැත්තා අදාළ සතාට පහර එල්ල කල මොහොතේම ප්‍රාණ ඝාත අකුසලය සිදුවේ. එම මොහොතේ සතා මිය නොගියත්, අනාගතයේ සතා මිය යන නිසා අකුසලය සිදුවේ.

සැලකිය යුතුය- මෙවිට ඇතැම් කෙනෙක්ට අනාගතයේ වෙන දෙයකට මේ මොහොතේ අකුසලය වෙන්නේ කෙසේදැයි කියා සිතිය හැක. එනමුත් කීමට ඇත්තේ, මෙහි දැක්වෙන ඇතැම් කරනා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කර ගත යුතු ඒවාය. ඒවා කෙනෙකුට පහදවා දිය නොහැක,
සෝවාන් ඵලයට පිවිසුණු උත්තමයන්ගෙන් සිට ඉහලට ඇතැම් කාරනා වැටහෙනු ඇත.

ඉහතින් දක්වා ඇත්තේ සත්වයන් මැරීම ගැනය. එයට මිනිසුන් ඝාතනය කිරීමද අයිති මුත් මා පියන් මැරීම වෙනම පැහැදලි කර යුතුය.

යම්කසි මිනිසෙක්, මනුෂ්‍ය වුම තම මව හෝ පියා මරුවහොත් නොවැරදීම ඉලගට ආත්මයේදී පඩිසන් දෙන බැවින් ආනන්තනිය පාපකර්මය ලෙස එය හැදින්වේ.
එය යම්කසි උදාහරණ කිහිපයකින් තේරුම් ගනිමු.
උදාහරණයක්‌ ලෙස යම්කසි කෙනෙක් රාත්‍රියේ නිදාගෙන සිටිනා විට නිවසට හොරු ඇවිත් බව දැන ගන්නවා කියා සිතමු. ඒ මොහොතේ, හොරාව මරා දැමීමට එල්ල කරන පහර වැදී මව හෝ පියා මරුනහොත් ආනන්තනිය පාප කර්මය සිදුවේ.
එසේම යම්කසි කෙනෙක් සතෙක් මරා දැමීමට ඕනා යයි කියා එල්ල කරන පහරක් වැදී ඒ තැනැත්තාගේ මව හෝ පියා මැරුණත් එහිදීද මුලින් කි ආනන්තනිය පාප කර්මය සිදුවේ.
මෙහිදී මේ ආනන්තනිය පාප කර්මය බලපාන්නේ යම්කසි කෙනෙක්, තවත් සත්වයෙක්ව මරා දැමිය යුතු යයි කියා එල්ල කරන පහරක් වැදී මව පියා මිය ගියහොත් පමණකි.

එසේ නොමැතිව, වෙනත් කෙනෙක්ව මරා දැමීමේ චේතනාවෙන් නොමැතිව, එල්ල කරන පහරක් වැදී මව පියා මරුනහොත් ආනන්තනිය පව සිදු නොවේ.
උදාරණයක් විදියට, යම්කසි කෙනෙක් තමා සතුව ඇති පිහියක මඩ තැවරී ඇති බව දැක එය පිරිසිදු කර ගැනීමට එම පිහියෙන් පිදුරු ගොඩකට ඇන්නා යයි කියා සිතමු, එහිදී ඒ පිදුරු ගොඩ ඇතුලේ සිටි ඒ තැනැත්තාගේ මව හෝ පියා එම පිහිය ඇනී මිය ගියාට ආන්නතනිය පාපය සිදු නොවේ. මන්ද ඔහු පිදුරු ගොඩට පිහියෙන් ඇන්නේ කිසිවෙකු මරා දැමීමට නොවන නිසාය.

ඉහතින් දක්වා ඇත්තේ මනුෂයන් තමුන්ගේ මව් පියා මරුවහොත් එය බලපාන අයුරුය. එනමුත් තිරිසන් සතෙක් ,තිරිසන් ආත්මයකම වූ තම මව,පියා මරා දැමුවාට ආනන්තනිය පාපකර්මයක් සිදු නොවන මුත්, ඉතා බලවත් අකුසලක් පමණක් සිදුවන බව දැනගත යුතුය.

එසේම ප්‍රාණඝාත අකුසලය හා කතා කිරීමේදී තවත් දෙයක් කිව යුතුය.
එනම් මරා දමන සතාගේ ප්‍රමාණය, ගුණ අගුණ බව අනුවද සිදුවන ප්‍රාණඝාත කර්මයේ ප්‍රමාණය වෙනස් වේ.
මරා දමනු ලබන සත්වය ගුණවත්, සිල්වත් අයෙකු වූ කල සිදුවන අකුසලය වැඩිය.
මෙහිදී සාමාන්‍ය අයෙකුට ප්‍රාණ ඝාත අකුසලයක් නිසා සිදුවන බරපතලම පව සිදුවන්නේ මව්පියන් හා රහතන් වහන්සේලා මැරීමෙන් ය. මේ උත්තමයන් මරා දැමීමෙන් සිදුවන ආනන්තනිය පාප කර්මය නිසා කල්පයක් පුරාවට නිරයේ දුක් විදීමට සිදුවන බව කියවේ.
කිසිම කෙනෙකුට බුදු රජාණන් වහන්සේ කෙනෙක්ව නැසිය නොහැක. එම නිසා බුද්ධ ඝාත කර්මයක් නොමැත. එනමුත් යම්කසි තද පහරක් වැදුන හොත් බුදුවරයෙක්ගේ සිරුරේ එම ස්ථානයේ ලේ කැටි වේ. එය නම් මහා අකුසල් ගෙන දෙන ආනන්තනිය පවකි.

අනික නම් එකම ගුණ ඇති ශරීර ප්‍රමාණ වෙනස් සතුන් සලකා බලමු. එහිදී ශරීර ප්‍රමාණය විශාල සතුන් මරා දැමීමේදී සිදුවන අකුසලය වැඩිය. එසේම සතෙක් මැරීමේදී දැඩි ක්‍රෝධයෙන් එය කිරීමේදී සිදුවන අකුසලය වැඩිය. ක්‍රෝධය අඩුවෙන් එය කිරීමේදී සිදුවන අකුසලය අඩුය. එසේම කිසිදු ක්‍රෝධයක් නැතිව තවත් අයෙක්ට කිසිම සතෙක් ඝාතනය කිරීමට නොහැකි බවද දැනගත යුතුය.

මේ කොටසේ ගැටළු ඇත්තම් විමසා පහදවා ගන්න ලෙස ඉල්ලා සිටින්නෙමි.

දෙවැනි අකුසලයේ සරල පැහැදිලි කිරීමත් සමග නැවත හමුවෙමු.

තෙරුවන් සරණයි.
 
Last edited:

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
මචන් නියම වැඩක්......ඉදිරියටම කරගෙන යන.....ජය වේවා....!!!:yes::yes::yes:
REP+
 
Nov 21, 2013
34
12
0
මචන් නියම වැඩක්......ඉදිරියටම කරගෙන යන.....ජය වේවා....!!!:yes::yes::yes:
REP+

TFS +rep.

patta

oka ohommama wiki ekatath dapan

ස්තුතියි හැමෝටම.ඊළගට කොටසට යාමට කලින් ඉහත පැහැදලි කිරීම ගැටළු තිබේ නම් අසන්න.
 
praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන් දැන් හොරෙක් පැනලා හොරාට ගසද්දී ඒ පහරින් අම්මා මැරුනොත් කොහොමද අකුසල් වෙන්නේ? එතකොට චේතනාව තමා හොරා මරණ එක , අම්මා මරණ එක නෙමෙයි. කවදාවත් එහෙම නොසිතා කරන දෙයින් ඊට අසමාන අකුසලක් වෙන්නේ නැ. හොරාට ගහන පාර අම්මාට වෙදිලා මැරුණට ආනන්තරිය අකුසලක් වෙන්නේ නැ. මොකද එයාගේ හිතුවිලි රටාව 'තාමා' හා 'අම්මා' යන දෙන්නම බේරීම.නමුත් සිද්ද උනේ වෙන දෙයක්.
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන් දැන් හොරෙක් පැනලා හොරාට ගසද්දී ඒ පහරින් අම්මා මැරුනොත් කොහොමද අකුසල් වෙන්නේ? එතකොට චේතනාව තමා හොරා මරණ එක , අම්මා මරණ එක නෙමෙයි. කවදාවත් එහෙම නොසිතා කරන දෙයින් ඊට අසමාන අකුසලක් වෙන්නේ නැ. හොරාට ගහන පාර අම්මාට වෙදිලා මැරුණට ආනන්තරිය අකුසලක් වෙන්නේ නැ. මොකද එයාගේ හිතුවිලි රටාව 'තාමා' හා 'අම්මා' යන දෙන්නම බේරීම.නමුත් සිද්ද උනේ වෙන දෙයක්.
    :confused::confused::confused:
    bump
     
    මම ඒක තමයි ආනාන්තරිය පාප කර්මය සිදුවන ආකාරය ගැන පැහැදිලි කරලා තියෙන්නේ.
    හොරාට පහරක් එල්ල කරන්නේ ඔහුව මරා දැමීමේ චේතනාවෙන්.
    ඒ කියන්නේ සත්වයෙක්ව මරා දැමීමට චේතනාවක් ඇවිත් තිබෙන්නේ. ඉතිං ඒ චේතනාවෙන් එල්ල කරන පහරක් මවට හෝ පියාට වැදී මරුනහොත් ආනන්තරිය පාප කර්මය සිදු වෙනවා.

    දැන් හිතන්න මෙහෙම, ගෙදරට ආපු හොරා ඔබේ පියාව අල්ලාගෙන ඉන්නවා. ඒ වෙලේ ඔබ පහරක් එල්ල කරනවා හොරාට මරාදැමීමේ චේතනාවෙන් තොරව, හොරාට පහර දීම නිසා පියාට බේරී යන්න පුළුවන් වෙයි කියල. නමුත් ඒ පහර වැදී පියා මරුනහොත් ආනන්තරිය පාපයක් සිදු වන්නේ නෑ.
    අනික තමයි අපි හිතමු හොරාට පහරක් එල්ල කරන්න යන මොහොතේ ඒ පහර පියාටත් වදින්න ඉඩ තිබෙනා බව දැන ගත්තා කියලා. ඒ මොහොතේ හොරාට එල්ල කරපු පහර පියාට වැදුනොත්, එයින් පියා මැරුනොත් ආනන්තනිය පව සිදුවේ.
     
    මචන් මට තර්ක කරන්න අවශ්‍ය නැත. නමුත් මචන් උබ කියන විදියට වෙන චේතනාවකින් කරන දෙයකින් ආනන්තරිය පාපකර්මයක් වෙන්න පුළුවන් කියන නිසායි මට ප්‍රශ්න. එහෙම බලද්දී බුදුරජාණන් වහන්සේ දේශානා කළ චේතනාවන් බික්ඛ වේ කම්මං වදාමි කිව්වේ එකේ තෙරුමක් නැනේ. මොකද හොරා මරණ චෙතානාවට අහක ඉන්න අම්මා,තාත්තා ගෙ මැරීමට හවුල් වෙනවා. ඔයා ඔය කියන කාරණය උදාහරණ සහිත ව පෙන්නුවොත් අපි ඔක්කොටම හොදයි. මොකද, හිත අපේ දෙයක් නෙමෙයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Akusal=paw=sins= negative change of the universal energy.------------------Kusal=Pin=Merits= Positive change of the Universal energy.
     
    Nov 21, 2013
    34
    12
    0
    මචන් මට තර්ක කරන්න අවශ්‍ය නැත. නමුත් මචන් උබ කියන විදියට වෙන චේතනාවකින් කරන දෙයකින් ආනන්තරිය පාපකර්මයක් වෙන්න පුළුවන් කියන නිසායි මට ප්‍රශ්න. එහෙම බලද්දී බුදුරජාණන් වහන්සේ දේශානා කළ චේතනාවන් බික්ඛ වේ කම්මං වදාමි කිව්වේ එකේ තෙරුමක් නැනේ. මොකද හොරා මරණ චෙතානාවට අහක ඉන්න අම්මා,තාත්තා ගෙ මැරීමට හවුල් වෙනවා. ඔයා ඔය කියන කාරණය උදාහරණ සහිත ව පෙන්නුවොත් අපි ඔක්කොටම හොදයි. මොකද, හිත අපේ දෙයක් නෙමෙයි.

    මනුෂ්‍යයෙකු විසින් දැන හෝ නොදැන මව හි පියා මරුවහොත් ආනන්තරිය පාප කර්මයම සිදුවේ.

    මේ කරුණ සදහා පැහැදිලි කිරීමට ඔබට නිදර්ශයක් අවශ්‍ය බව කියූ නිසා මේ පහත පැහැදිලි කිරීම උපුටාගෙන ඇත්තේ බෞද්ධයාගේ අත්පොත නමැති ග්‍රන්ථයෙනි. එහි රචකයා රේරුකානේ චන්ද්‍රවිමල මහා නාහිමිය.

    ...
    මිනිසෙකු විසින් තම මව පියා දැන හෝ නොදැන මරා දැමීම නිසා සිදුවන ආනන්තය පාප කර්මය පැහැදිලි කිරීමට පහත චතුෂ්ක හතර දක්වා ඇත.

    1) ඒලක චතුෂ්කය
    2) චෞර චතුෂ්කය
    3) සංග්‍රාම චතුෂ්කය
    4) පලාල චතුෂ්කය

    1) ඒලක චතුෂ්කය
    යම්කසි තැනක දවල් එළුවෙකු නිදනු දැක රාත්‍රියේ ගොසින් ආදලා එළුවා මැරීමට ආයුධයක් ගෙන පහර දුන්නා යයි සිතමු. ඒ මොහොතේ එතන එළුවා නැතිව මව පියා නිදාගෙන සිට ඔවුන්ට පහර වැදී මරුනහොත් ආනන්තනිය පාපය සිදුවේ.
    මන්ද 'මම මේ සත්වයා මරමි' යයි කියා පහර දුන්නේ මව පියාට වන බැවිනි.

    2) චෞර චතුෂ්කය
    නිවසට පැමිණි සොරෙකුයි සිතා මව හි පියා මරන්නහුට ද ආනනතනිය පාපය ම වේ. මෙය ඉහතින් පහදා ඇත.

    3) සංග්‍රාම චතුෂ්කය
    යුද්ධයකදී පියා සතුරු පැත්තේ අල්වා ගෙන සිටින ව යයි සිතමු.
    එහිදී අන් අයට පහර දුන් විට පියා පලා යයි කියා සිතා පහර දෙන විට ඒ පහර වැදී පියා මැරුණට ආනන්තනිය පාපයක් නැත.
    නමුත් සතුරාට එල්ල කරන පහර පියාටද වැදෙනා බව දැක,සතුරා මැරීමට පහරක් එල්ල කළහොත්, ඒ පහර වැදී පියා මැරුනොත් ආනන්තනිය පාපයම වේ.

    4) පලාල චතුෂ්කය
    මෙයත් කලින් පැහැදලි කර ඇත. පිහියක් ගෙන කිසිවෙකු මැරීමේ චේතනාවක් නැතිව පිදුරු ගොඩකට ඇන්නා කියා සිතමු. එම පහර් වැදී පිදුරු ගොඩේ සැඟව සිටි මව පියා මැරුණට ආනන්තනිය පවක් නැත.
    නමුත් මම යමෙකු මරමි යයි කියා සිතා පිදුරු ගොඩට පිහියෙන් ඇන්න විට ඒ පහර වැදී පිදුරු ගොඩේ සැඟව සිටි මව පියා මැරුනොත් ආනන්තනිය පාපයම වේ.
     
    Last edited:
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    අනික නම් එකම ගුණ ඇති ශරීර ප්‍රමාණ වෙනස් සතුන් සලකා බලමු. එහිදී ශරීර ප්‍රමාණය විශාල සතුන් මරා දැමීමේදී සිදුවන අකුසලය වැඩිය. එසේම සතෙක් මැරීමේදී දැඩි ක්‍රෝධයෙන් එය කිරීමේදී සිදුවන අකුසලය වැඩිය. ක්‍රෝධය අඩුවෙන් එය කිරීමේදී සිදුවන අකුසලය අඩුය. එසේම කිසිදු ක්‍රෝධයක් නැතිව තවත් අයෙක්ට කිසිම සතෙක් ඝාතනය කිරීමට නොහැකි බවද දැනගත යුතුය.

    මේ විදියටද බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ? සතාගෙ ශරීර ප්‍රමාණය අනුව?:confused: