පසුගිය දිනවල බුදු දහම ගැන විවිද ගැටළු විමසා එළකිරි යේ විවිද ත්‍රෙඩ් දමා තිබුණි. ඒවායේ පව් පින් ගැනත් විමසා තිබුණි.
මේ ඇරඹෙන්නේ එම ගැටළු වලට සරලව පිළිතුරු ලබා දෙමින් ආරම්භ කෙරු ත්‍රෙඩ් එකක පළමු වන්නය.
ප්‍රතිචාර අනුව අනිකුත් ලිපිත් පල කිරීමට බලාපොරොත්තු වෙමි.
මේ පහතින් දැක්වෙන්නේ දශ අකුසල් ය.
1)ප්‍රාණඝාතය
2)සොරකම
3)කාමමිච්චාචාරය.
4)බොරු කීම
5)කේලම් කීම
6)පරුෂ වචන කීම
7)සම්ප්‍රලාප කීම
8)අන්සතු දෑ අයිතිකර ගැනීමට සිතීම
9) ඊර්ෂ්‍යාව මුල්කර ගෙන අන් අය නැසෙත්වා කියා සතිම
10) මිත්‍යාදෘෂ්ටිය
දැන් මේවා විස්තර සහිතව විමසා බලමු. මෙහිදී ඉතා සරලව පැහැදිලි කර ඇත.
1)ප්‍රාණඝාතය
ප්‍රාණඝාත අකුසලයක් සිදු වීමට පහත කරුණු සම්පුර්න විය යුතුය.
පණ ඇති සතෙක් විය යුතුය,සතාට පණ ඇති බව දැන ගැනීම, සතාව මරන්න චේතනාවක් පැමිණීම, සතාව මරන්නට උප්‍රකමයක් යෙදීම ඒ නිසා සතා මරණයට පත් වීම.
මේ කාරනා පහ සම්පුර්ණ වුවහොත් ප්‍රාණ ඝාත අකුසලක් සිදුවේ. එහිදී සතෙක් මැරීම පවක් කියා දැන සිටියත්, නොදැන සිටියත් අදාළ අකුසලය සිදුවේ.
එසේම යම්කසි කෙනෙකුගේ කීම මත තවත් කෙනෙක් සතෙක්ව මරුවහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවේ.
එසේම තවත් දෙයක් කිව යුතුය. යම්කසි අයෙක් සතෙක් මරා දැමීම සදහා ඌට යම්කසි පහරක් ගැසුවා කියා සිතමු. ඒ පහර නිසා එම සත්වයා එම මොහොතේ මිය නොගියත්, එම පහර හේතුකොට ගෙන අනාගතයේ දිනකඅදාළ සත්වයා මිය යනවා කියා සිතමු. උදාහරණයක් විදියට එල්ල කරපු පහර නිසා සතාගේ කකුලක් කැඩී අහාර සොයා ගැනීමට නොහැකිව.
එසේ වුවහොත් අර මුලින් කි තැනැත්තා අදාළ සතාට පහර එල්ල කල මොහොතේම ප්‍රාණ ඝාත අකුසලය සිදුවේ. එම මොහොතේ සතා මිය නොගියත්, අනාගතයේ සතා මිය යන නිසා අකුසලය සිදුවේ.
සැලකිය යුතුය- මෙවිට ඇතැම් කෙනෙක්ට අනාගතයේ වෙන දෙයකට මේ මොහොතේ අකුසලය වෙන්නේ කෙසේදැයි කියා සිතිය හැක. එනමුත් කීමට ඇත්තේ, මෙහි දැක්වෙන ඇතැම් කරනා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කර ගත යුතු ඒවාය. ඒවා කෙනෙකුට පහදවා දිය නොහැක,
සෝවාන් ඵලයට පිවිසුණු උත්තමයන්ගෙන් සිට ඉහලට ඇතැම් කාරනා වැටහෙනු ඇත.
ඉහතින් දක්වා ඇත්තේ සත්වයන් මැරීම ගැනය. එයට මිනිසුන් ඝාතනය කිරීමද අයිති මුත් මා පියන් මැරීම වෙනම පැහැදලි කර යුතුය.
යම්කසි මිනිසෙක්, මනුෂ්‍ය වුම තම මව හෝ පියා මරුවහොත් නොවැරදීම ඉලගට ආත්මයේදී පඩිසන් දෙන බැවින් ආනන්තනිය පාපකර්මය ලෙස එය හැදින්වේ.
එය යම්කසි උදාහරණ කිහිපයකින් තේරුම් ගනිමු.
උදාහරණයක් ලෙස යම්කසි කෙනෙක් රාත්‍රියේ නිදාගෙන සිටිනා විට නිවසට හොරු ඇවිත් බව දැන ගන්නවා කියා සිතමු. ඒ මොහොතේ, හොරාව මරා දැමීමට එල්ල කරන පහර වැදී මව හෝ පියා මරුනහොත් ආනන්තනිය පාප කර්මය සිදුවේ.
එසේම යම්කසි කෙනෙක් සතෙක් මරා දැමීමට ඕනා යයි කියා එල්ල කරන පහරක් වැදී ඒ තැනැත්තාගේ මව හෝ පියා මැරුණත් එහිදීද මුලින් කි ආනන්තනිය පාප කර්මය සිදුවේ.
මෙහිදී මේ ආනන්තනිය පාප කර්මය බලපාන්නේ යම්කසි කෙනෙක්, තවත් සත්වයෙක්ව මරා දැමිය යුතු යයි කියා එල්ල කරන පහරක් වැදී මව පියා මිය ගියහොත් පමණකි.
එසේ නොමැතිව, වෙනත් කෙනෙක්ව මරා දැමීමේ චේතනාවෙන් නොමැතිව, එල්ල කරන පහරක් වැදී මව පියා මරුනහොත් ආනන්තනිය පව සිදු නොවේ.
උදාරණයක් විදියට, යම්කසි කෙනෙක් තමා සතුව ඇති පිහියක මඩ තැවරී ඇති බව දැක එය පිරිසිදු කර ගැනීමට එම පිහියෙන් පිදුරු ගොඩකට ඇන්නා යයි කියා සිතමු, එහිදී ඒ පිදුරු ගොඩ ඇතුලේ සිටි ඒ තැනැත්තාගේ මව හෝ පියා එම පිහිය ඇනී මිය ගියාට ආන්නතනිය පාපය සිදු නොවේ. මන්ද ඔහු පිදුරු ගොඩට පිහියෙන් ඇන්නේ කිසිවෙකු මරා දැමීමට නොවන නිසාය.
ඉහතින් දක්වා ඇත්තේ මනුෂයන් තමුන්ගේ මව් පියා මරුවහොත් එය බලපාන අයුරුය. එනමුත් තිරිසන් සතෙක් ,තිරිසන් ආත්මයකම වූ තම මව,පියා මරා දැමුවාට ආනන්තනිය පාපකර්මයක් සිදු නොවන මුත්, ඉතා බලවත් අකුසලක් පමණක් සිදුවන බව දැනගත යුතුය.
එසේම ප්‍රාණඝාත අකුසලය හා කතා කිරීමේදී තවත් දෙයක් කිව යුතුය.
එනම් මරා දමන සතාගේ ප්‍රමාණය, ගුණ අගුණ බව අනුවද සිදුවන ප්‍රාණඝාත කර්මයේ ප්‍රමාණය වෙනස් වේ.
මරා දමනු ලබන සත්වය ගුණවත්, සිල්වත් අයෙකු වූ කල සිදුවන අකුසලය වැඩිය.
මෙහිදී සාමාන්‍ය අයෙකුට ප්‍රාණ ඝාත අකුසලයක් නිසා සිදුවන බරපතලම පව සිදුවන්නේ මව්පියන් හා රහතන් වහන්සේලා මැරීමෙන් ය. මේ උත්තමයන් මරා දැමීමෙන් සිදුවන ආනන්තනිය පාප කර්මය නිසා කල්පයක් පුරාවට නිරයේ දුක් විදීමට සිදුවන බව කියවේ.
කිසිම කෙනෙකුට බුදු රජාණන් වහන්සේ කෙනෙක්ව නැසිය නොහැක. එම නිසා බුද්ධ ඝාත කර්මයක් නොමැත. එනමුත් යම්කසි තද පහරක් වැදුන හොත් බුදුවරයෙක්ගේ සිරුරේ එම ස්ථානයේ ලේ කැටි වේ. එය නම් මහා අකුසල් ගෙන දෙන ආනන්තනිය පවකි.
අනික නම් එකම ගුණ ඇති ශරීර ප්‍රමාණ වෙනස් සතුන් සලකා බලමු. එහිදී ශරීර ප්‍රමාණය විශාල සතුන් මරා දැමීමේදී සිදුවන අකුසලය වැඩිය. එසේම සතෙක් මැරීමේදී දැඩි ක්‍රෝධයෙන් එය කිරීමේදී සිදුවන අකුසලය වැඩිය. ක්‍රෝධය අඩුවෙන් එය කිරීමේදී සිදුවන අකුසලය අඩුය. එසේම කිසිදු ක්‍රෝධයක් නැතිව තවත් අයෙක්ට කිසිම සතෙක් ඝාතනය කිරීමට නොහැකි බවද දැනගත යුතුය.
මේ කොටසේ ගැටළු ඇත්තම් විමසා පහදවා ගන්න ලෙස ඉල්ලා සිටින්නෙමි.
දෙවැනි අකුසලයේ සරල පැහැදිලි කිරීමත් සමග නැවත හමුවෙමු.
තෙරුවන් සරණයි.

Last edited: