පව් නම් කන්න

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බුකියේ අදුරන කෙනෙකුගේ පොස්ට් එකක් වැදගත් කියල හිතුන නිසා දැම්මා
    බඩ ඉරිඟු සහ අපි...
    ගොඩාක් දෙනා බඩ ඉරිඟු කන්න ආසයි...තම්බලා...පුච්චලා... නැත්තං ඇට බැදලා... කොහොම හරි..
    ඉස්සර අපේ ගම් පළාත්වලට බඩ ඉරිඟු ගෙනාවේ වියළි කලාපෙන් එළවලු ගේන ලොරි වල...නැත්තං පොළට එන වෙළෙන්දෝ..
    ඒත් කාලෙකට විතරයි...මාස් වැස්ස බලලා හේන්වල බඩ ඉරිඟු හිටෝනවා..කන්නේ කැපෙන කාලෙට බඩ ඉරිඟු ලාබයි... ඊට පස්සේ ආයෙත් අවුරුද්දක් විතර නෑ...(හැබැයි හේන් කරන ඇත්තො වේළලා තියාගෙන උන්නා....අපේ අහ කොහේ තියෙන හේං?)
    ඉතිං කාලයක් ඔය ත්‍රිපෝෂ..සත්ව ආහාර වලට ඕන බඩ ඉරිඟු පිටින් ගෙන්නුවා...ඊටත් පස්සේ දෙදහ දෙදහස් දහය කාලේ අපි ඕන්න බඩ ඉරිඟු වලින් ස්වයං පෝෂිතයි...
    දැන් කන්නයක් කියලා වාරයක් කියලා නෑ... පාරවල් අයිනේ හැමදාම බඩ ඉරිඟු තම්බන අය ඉන්නවා..කඩුගන්නාව පල්ලමේ..එතකොට නාවුල පොලිසිය ළඟ බස් නවත්තන හෝටලේ ලඟ...දඹුල්ලේ...වරකාපොළ..බඩගමු මූකලාන ළඟ... හැම දාම බඩ ඉරිඟු... මෙහෙත් එහෙමයි..හොරොව්පොතාන පාරේ ඇතාකඩට හැරෙන තැන...පදවිය පාරේ කඩවත් රඹෑවට යන තැන..
    ඉස්සර ඉඳන් අපිත් බඩ ඉරිඟු කන්න ඇත්තටම පෙරේතයි..අනික අපේ පැත්තට එන්නෙත් මෝරපු ගල් වගේ එව්වා.. මෙහෙ අලුත් ළපටි ඉරිඟු.....
    එක එක හුටපට වලට එහෙ මෙහෙ යද්දි ඉස්සරෝම දවස් වල බඩ ඉරිඟු දැක්කත් ඇති...ඒත් දවසක් අපේ රියදුරු රංජි..
    සර්..මේ දවස් වල නම් කෑවට කමක් නෑ..ඒත් යලේ නම් කන්න හොඳ නෑ...
    අර මොකෝ?
    සර්.. යලේ වතුර අඩුයි.. ලෙඩ වැඩියි..ඉතිං බෙහෙත් ගහනවා...
    බෙහෙත් නොගහන්නේ මොනාටද බාං?
    නෑ සර්.. ඉරිඟු කරල් එද්දි.. පනුවෙක් එනවා.. පනුවා ඔක්කොම ඉවර කරනවා... මාස් කන්නේ වතුර නිසා පනු හානිය අඩුයි..යලේ උපරිමයි..ඉතිං මිනිස්සු කුරෙටර් දානවා...
    ගහට..?
    නෑ..සර් කරලේ වටේ තියෙන කොලපු අස්සට....
    දෙය්යෝ සාක්කි!..එව්වත් එක්ක අපි කනවා..?
    ඉතිං පනුවෝ නෑ....
    ............
    ............
    ටිකක් විපරම් කරලා බැලින්නම් කතාව ඇත්ත...මුලින්ම රටේ ඉන්න ඔක්කොටෝම වස කැව්වෙව්ව්වා...දැනුත් කව්වනවා.... දිට්ඨ ධම්ම වේදනීය කර්මය අනුව වකුගඩු දිරාපත් වෙනවා...
    එතැනින් පස්සේ බඩ ඉරිඟු සඳහා වූ පෙරේතකම නැති වුනා.....නැත්තටම නෙවෙයි... ඒත් කන්නේ නැතුව ඉන්න්ට හිතා ගත්තා..
    කන්ට කලින් හිතහල්ලා.... අසරණ ගොවි මහත්තුරු පව් වගේ හිතෙනවා නම් කාහල්ලා...

    Kaveendra
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්ත කතාව.මව්බිම පත්තරෙත් තිබුනා ඔය ගැන විස්තරයක්.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පත්තරේක ගිය පළියට මේවා විශ්වාස කරන්න එපා. දැන් රට බඩ ඉරිගු වලින් ස්වයංපොෂිතයි. මේක බලාගෙන ඉන්න බැරි විදේශ බලවේග, බහුජාතික සමාගම්, බඩඉරිගු පිටරටින් ආනයනට කල මුදලාලිලා, ඒ වගේම වැලේ වැල් නැති දේශපාලුවන් මිනිස්සුන්ගේ බඩ ඉරිගු පරිභොජනය අඩුකර ගොවියා අධෛර්ය කර රටේ ආර්තිකයට පහරක් එල්ල කර හෝ බලය ගන්න විදෙස් උවමනාවන් ඉටුකර ගන්න පත්තර මුදලාලිලා ජනමාධ්‍යවේදීන් කියාගන්න රූකඩ හරහා රටේ මෙවැනි මත ඇති කිරීමට උත්සාහා ගන්නවා. ඉතිහාසයේ මේ වගේ දේවල් ඔනෙ තරම් වෙලා තියෙනවා. එක උදාහරණයක් පොල්තෙල්.

    එළකිරියෙ ඇත්තටම බඩඉරිගු වගා කරන එකෙක් ඉන්නවනම් මේක ඇත්තද කියපල්ලා.
     
    මචන් ඇත්ත නැත්තනම් මමත් හරියටම දන්නේ නැහැ.....

    මේක ලියල තියෙනේ අනුරාධපුර පැත්තේ AGA කෙනෙක් ...
     
    Jun 3, 2013
    659
    59
    0
    මේක විස්වාස කරන්න අමාරුයි..මොකද වතුර වැඩියෙන් තියෙද්දි පණුවෝ නැහැ කියන්නේ කොහොමද ? ගොයම් වගේ වතුරෙන් යට කරලා තියන්නේ නැහැනේ... බඩ ඉරිඟ හදන්න වතුර මහලොකු ගොඩක් ඕනෙත් නැහැ... අනික පණුවා එනවා නම් කරලෙන් කරලට කුරේටර් / ෆියරඩෑන් ගහන්න උඔලා හිතනවද අක්කර 1ක බඩ ඉරිඟු කරල් හැදෙන්නේ 10ක් 20 ක් වෙන්නැති කියලා... මෙව්වා රටේ එක තැනක දෙතැනක වුනාට රටේ හැම තැනම වෙනවා කියන්න පුලුවනද ?
    මොනවා වුනත් මම කියන්නේ පත්තරේ යන්නේ පරම සත්‍ය නෙවෙයි..හෝදලා ගරලා වේලලා ගනිල්ලා..:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රිදිලා™;15639152 said:

    හැබැයි පුතෝ කුරේටර් දන්නේ නැහැ කියන්නත් බැහැ ....දැන් ගොවියොත් අපි හිතන තරඟ අහිංසක නැහැ....උබ කියන කතාවත් ඇත්ත...වැස්සට පනුවෝ ගහනවා වැඩි කියල කතාවක් නම් මම අහල තියෙනවා ...
     
    Jun 3, 2013
    659
    59
    0
    හැබැයි පුතෝ කුරේටර් දන්නේ නැහැ කියන්නත් බැහැ ....දැන් ගොවියොත් අපි හිතන තරඟ අහිංසක නැහැ....උබ කියන කතාවත් ඇත්ත...වැස්සට පනුවෝ ගහනවා වැඩි කියල කතාවක් නම් මම අහල තියෙනවා ...

    ගොවියෝ නෙවෙයි බං දැන් කාලේ මොකෙක්වත් අහිනංසක නැහැ..ලාබේ තමයි අංක එක...ඒත් අක්කර 2/3 ක් කරනකොට කුරේටර් කරලින් කරලට ගහන්න කොච්චර ඕනේද...ශුමයට වියදම කෘමි නාශක වියදම ගොඩක් ලොකු වෙන්න ඕනේ...මේක ප්‍රායෝගික නැහැ බං..ඕකේ ඇත්ත තියෙන්නේ 1% යි ...ඉඳලා හිටලා තැනක දෙකක කරල් සුලු ප්‍රමාණයකට වෙනවා ඇති..ඒත් මුන් ගස් වලට නම් අවස්ථානුකූලව කෘමි නාශක ගහනවා..ඒත් කරලේ කොලපු ඈත් කරලා අස්සට ගහන එක තමයි :baffled:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    karala pahena kota danwa kiyala thma kiwe nathnm panuwa winasa karanwa ,thwa wishtra ahala kiyanam
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රිදිලා™;15639265 said:
    ගොවියෝ නෙවෙයි බං දැන් කාලේ මොකෙක්වත් අහිනංසක නැහැ..ලාබේ තමයි අංක එක...ඒත් අක්කර 2/3 ක් කරනකොට කුරේටර් කරලින් කරලට ගහන්න කොච්චර ඕනේද...ශුමයට වියදම කෘමි නාශක වියදම ගොඩක් ලොකු වෙන්න ඕනේ...මේක ප්‍රායෝගික නැහැ බං..ඕකේ ඇත්ත තියෙන්නේ 1% යි ...ඉඳලා හිටලා තැනක දෙකක කරල් සුලු ප්‍රමාණයකට වෙනවා ඇති..ඒත් මුන් ගස් වලට නම් අවස්ථානුකූලව කෘමි නාශක ගහනවා..ඒත් කරලේ කොලපු ඈත් කරලා අස්සට ගහන එක තමයි :baffled:

    කරල් පැහිගෙන එනකොටනෙ දන්නේ බන්...පනුවෝ ඉන්නවද කියල බලලා ....හරියටම විස්තරේ අහල කියන්නම්