අද දිනයේදී ලෝකයේ වැඩියෙන්ම සංසරණය වන ඡායාරූප අතර අපේ සෞඛ්‍ය ඇමතිනිය පැණි බොන ඡායාරූපය මුල් තැනක් ගන්නවා ඇත. ඒ ලංකාවාසීන්ගේ බුද්ධිමට්ටම ලෝකය ඉදිරියේ අවඥාවට ලක් කරමිනි. කොටින්ම අද ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියට යන්නේ කිසිදු තාර්කික බුදිධියක් නොමැති නූතන විද්‍යාව පිළිබඳව කිසිත් නොදන්නා ගෝත්‍රික නොදියුණු රාජ්‍යයක් ලෙසිනි.
ලොවක් ඉදිරියේ ලාංකික ජාතිය රෙදි ගැලවුන අන්තර්ජාතික විහිළුවක් බවට අද පත්ව ඇත. මේ අපේ පාලකයින් අප හට ලබා දී ඇති අභිමානයයි. එය සතුටින් භුක්ති විඳින්න.
හෙට දිනයේත් කෑගල්ලේ පැණි පෝලිම එලෙසම තිබෙනු ඇත. දහස් ගනන් දී පැණියට පොරකන උගත් නූගත් දහස් ගනන් ඒ පෝලිම්වල දැකිය හැකි වනු ඇත.
" දියුණුව" ලංකාවේ උන්ට හීනයක්ම පමණි. අපේ දරුවන්ද ඒ හීනයම දකිමින් පොලොවට පස්වනු ඇත.