පවුල් ප්‍රශ්නයක්
මේක ෆේක් එකකින් දාන්නේ මගේ රියල් එකෙන් දාන්න අකමැති නිසා. මට නීතිමය පැත්තෙන් පොඩි උපදෙසක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ලොකු උදව්වක්. මේකයි ප්‍රශ්නෙ. පවුලක් තියෙනවා. ඒ පවුලේ තාත්තා හොර ගෑනියෙක් එක්ක සෙට් වෙලා ඉන්නවා හොර ගෑනිගේ කීමට හැමදාම බීලා ගෙදර ඇවිත් අමු තිත්ත කුණුහරුප කියලා ගෑනිටයි ළමයින්ටයි බනිනවා රෑ 1ත 2 ටත් කෑ ගහනවා. ගෙදරින් එලියට බැහැලා පාරේ ඉඳනුත් කුණුහරුප කියලා කෑගහනවා ළමයින්ට ලැජ්ජා වෙන්න. දැන් ළමයින්ට ගෑණිට එලියට බහින්නත් බැරි තත්වෙකට ඇවිත් තියෙන්නේ. බැරිම තැන ගෑනි පොලිසි යනවා. ඒත් පොලීසියෙ ලොක්කෙක්වත් මිනිහා අදුරනවා ඒ නිසා ෂේප් වෙනවා. දැන් කොහොමහරි හොර ගෑණිගේ කීමට මිනිහ ගෙදර විකුණලා ගෑනිවයි ළමයින්වයි එළියට දානවා කියලා තර්ජනේ කරනවා. තව මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර ඉන්නේ ළමයි දෙන්නයි දෙන්නගෙන් එක්කෙනෙක් ගෑණු ළමයෙක්. එයාට වයස 18යි. තව පිරිමි ළමයෙක් ඉන්නවා එයට 22යි. හැබැයි පිරිමි ළමයත් තාම ඉගෙන ගන්නවා. ඒ නිසා රස්සාවක් කරන්නේ නෑ. මිනිහට ගෑනිව බදින්න කලින් ගේ දොර මුකුත් තිබිලා නෑ. මිනිහයි ගෑනියි එකතු වෙලා කඩයක් කරා. ඒ කඩේ ආදායමෙන් තමයි ගේ හදලා තියෙන්නේ. ඉතින් මට දැනගන්න ඕනේ මිනිහට එහෙම ගෑනිවයි ළමයින්වයි එලියට දාල ගෙදර විකුණන්න පුලුවන්ද? මොකද ළමයි දෙන්නටම 18 පහු වෙලා නිසා. පොලීසියට නැතුව මේ ගැන පමිනිලි කරන්න පුළුවන් තැන් මොනවද? ගෑනිටයි ළමයින්ටයි මේ මිනිහට විරුද්දව ගන්න පුළුවන් ක්‍රියා මාර්ග මොනවද? මෙයාලට ලොයර්ස්ලා පස්සෙන් ගිහින් උපදෙස් ගන්න සල්ලි නෑ මේ තත්වේ නිසා.

ඇහිඳගෙන බොයි