ජාන වලටත් වඩා පවුල් ඇතුලෙ දෙමව්පියන් වැඩ කරන හැටි ළමයින්ගෙ ඔලුවලට යනවා කියලා හිතෙනවා.මොකද්ද බන් මේකට හේතුව ? ජීන්ස් ද ? නැත්තන් ඉන්ෆ්ලුවන්ස් එකද ?
මම ගැනම කියන්නම්. අපේ තාත්තා වැඩිය කතා බහ නොකරපු ජොබ් එක විතරක් කරගෙන පාඩුවෙ හිටපු මනුස්සයෙක්. එයා එක එක දේවල් අත්හදා බලන්නවත් අලුත් දේවල් කරන්නවත් හිතපු මනුස්සයෙක් නෙමේ. ඒවගේම මට නම් පොඩි කාලෙ බල්ලෙක්ට වගේ බනිනවා.
දැන් මම ඔච්චර ඉගෙන ගෙනත් මටත් මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න බෑ. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ව නමන්න තේරෙන්නෙ නෑ. තමුන්ගෙම කියලා දෙයක් පටන් ගන්න උවමනාව තිබ්බත් තේරෙන්නෙ නෑ කොහෙන් පටන් ගන්නද කියලා. ඒවගේම මම මගේ පොඩි උන්ටත් හොඳටම බනිනවා. ඒක වැරදි කියලා මම දැන ගෙන කොච්චර පාලනය කරන්න හැදුවත් පොඩ්ඩ ගැස්සුන ගමන් වචන පනිනවා.
ඔය වගේ මිනිස්සු පොඩි කාලෙ ඉඳන් ගොඩක් දකින්නෙ තමුන්ගෙ එදිනෙදා පරිසරය ඇතුලෙ තියෙන රාමුව විතරයි.
අනික මට හිතෙන හැටියට ඔය රාමුවෙන් පිට පනින්න නම් අඩුම පරම්පරා තුනක් වත් යන්න ඕනෙ.
තව උදාහරණ කිව්වොත් අම්මලා තාත්තලා වටේ ගිය උන්ගේ ළමයි වටේ යනවා ඊට වැඩිය. මේකට නම් උදාහරණ ඕනෙ තරම් තියෙනවා. හොරකම් කරන උන්ගෙ ළමයින්ට හොරකම් කරන එක ගානක් නෑ.