දේශපාලනේ කියන එක ගෝචර වෙන කොටසක් ඉන්නවා ඒ අය දේශපාලනය කලාට හැමෝටම දේශපාලනය කියන එක කරන්න බැහැ. අනිත් සියලුම දෙනාට ඇති අවස්තාව තමයි චන්දය. තමුන්ගේ චන්දය නිවැරදිව භාවිතා කරාම ඒ හොදටම ඇති. නිවැරදි දේ තමුන්ට ඇති හැකියාව තේරුම් අරගන්න එක. තමන්ට දක්ෂතාවය තියෙන්නේ මොකටද කියන එක. කවුරු මොනවා කිව්වත් බහුතරය ඕක තේරුම් අරගෙන ඉන්නේ එක නිසා තමයි නිහඩව ඉදලා තමන්ගේ අවස්ථාව ආපුවාම චන්දය පාවිචිචි කරන්නේ. එක පාවිච්චි කරන්නේ මොන පක්ෂේටද , මොන පුද්ගලයාටද කියන එක වැදගත් නැහැ තමුන්ට හරියි කියලා හිතෙන ඕනෑම කෙනෙකුට පාවිච්චි කල හැකියි. ඕක නිසා තමන්ට තේරෙනවා නේ ලෝකේ සිද්දවෙන්නේ මොකද්ද, රටේ සිද්දවෙන්නේ මොකද්ද දේශපාලකයෝ කරන්නේ මොකද්ද කියන එක, එක තේරුම් ගත්තානම් ඇති. අනිතෙක ලෝකේ තියෙන සියලුම බහුබූත ටික ඔලුවේ පුරවාගත්තාම වෙන්නේ නිකන්ම පවුල අවුල්වෙලා යන එක. ඔය මේකේ කියලා තියෙනවා වගේ වෙලා තියෙන එව්වා තියෙන්නේ බොහොම සුළු ප්රමාණයක්. අනිත් එක මිනිස්සු හම්බ කරනවා වගේම දාන මාන වලත් යෙදෙනවා, අනුන්ට පුළුවන් හැටියට උදවු උපකාර වල යෙදෙනවා. සුනාමි ආපු වෙලාවේ, අනිත් කරදර වෙච්ච් වෙලාවේ අපේ රටේ මිනිස්සුන්ගේ ගතිගුණ අපි දැක්කනේ, එහෙම අනිත් අයට උදවු වෙන රටවල උනාද?. හැබැයි ඔය රට හදන්න කියාගෙන ඉන්න අය ගැන හොදට හොයලා බලන්ඩ උන් අඩුම තරමේ බල්ලෙකුට බත් ටිකක්වත් දෙන්නේ නැහැ.
දේශපාලනය කියල මෙතන අදහස් කරන්නෙ පක්ෂ දේශපාලනයක් නෙවෙයි ... මෙතන දේශපාලනය කියන එකේ අදහස තමයි සමාජ ප්රශ්ණ වලට සංවේදීවීම කියන කාරණය ... එහෙම නැතුව ඡන්දෙ දවසට කතිරෙ ගහල එන එක නෙවෙයි ... ඔබතුමාගේ දේශපාලන දැනුම අනුව මේක මේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද වැඩක් මුන් මේ ඡන්දෙ ගන්න කරන වැඩක් කියන තැනට ලඝු කරන එකෙන්ම ඔබ තුමාගෙ දේශපාලනය පැහැදිලි වෙනව
උදාහරණයක් විදියට පහුගිය කාලෙ අන්තර්ජාලය දරුණු ලෙස කප්පාදුවට ලක් උනා ... එතකොට මිනිස්සුන්ට දේශපාලනික අවබෝධයක් තිබුණනම් සිවිල් සංවිධානයක් විදියට හරි එකතු වෙලා ඒ වෙනුවෙන් හඬක් නගන්න තිබ්බ ... නීතිමය ක්රියාමාර්ගයක් දක්වා ඒක ගෙනියන්න තිබ්බ .... ඒ වෙනුවට උනේ මොකද්ද ... ඔන්ලයින් පෙත්සමක ලින්ක් එකක් දාල හැමෝම ගෙදර ඉඳන් ක්ලික් කරා ... අන්තිමට අන්තර්ජාල සැපයුම් ආයතනය තීරණය කරා නිවටයන්ට ලැබිය යුතු දත්ත ප්රමාණය
Last edited:



