අපේ රටේ මිනිසුන් අල්පෙච්ඡ ජීවිතය ගතකරනවායයි කීම බොරුවක් ය .ඒකට හේතුව මම කියන්නම් .මක් නිසාදයත් ඇතැම් පවුල් අල්පේච්ඡ ජීවිතයකට පෙළඹේන්නෙ එහි ඇති වටිනාකම් වටහාගෙන නොව .අසරණකම නිසාය .මක් නිසාදයත් ඉහල යන ජීවන විය්දමට සරිලන පරිදි ඔවුන්ගේ උවමනාවන් සහ අවශ්ය්යතාවයන් ඔවුන් කපා හරී .එහෙත් ඔවුන් වැඩියෙන් උවමනාවන් ලඟා කර ගැනීමට ආසා කරති .එම නිසා හම්බකරන වැටුප ප්‍රමාණව්ත් නොවේ යැයි කියමින් ඇතමුන් වර්ජනය කිරීම් වල යේදේ .තවද මෙම පවුල් වල අය මෙසේ තම කපා හැරීම , ක්‍රියාවෙන් සිදුකලද නිතරම සීහින මවන්නේ බහුජාතික සමාගම් විසින් ඇතිකරන ලද ෆැන්ටසි පවුල් රටාවට කෙසේ හෝ අනුගත වීමටය .එහි ප්‍රතිඵල ලෙස ඇතමුන් සොර කමේ යෙදේ .ඇතමුන් මැදපෙරදිග ,කොරියාව වැනි රටවල කම්කරු ශ්‍රමිකයන් ලෙස නිත්‍යානුකූලව සේවය කරයි .තවත් ඇතමුන් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වැනි රටවලට යාමට උත්සහ දරයි .ඔබ් කී පරිදි අප රටේ මිනිසුන්ගේ ජිවන රටාව අල්පේච්ඡ නම් මිනිසුන් බෝට්ටුවෙන් ඉතාලියට ,ඕස්ටේලියාවට යාමට මෙතරම් දිවි පරදුවට තබන්නේ මන්ද ? .මක් නිසාදයත් සියල්ලන්ම බහුජාතික සමාගම් ෆැන්ටසි ජීවිතය සිහින මවති .
අපේ රටේ තාමත් මිනිස්සු හොද පවුල් ජීවිතයක් ගත කරනවා බටහිර රටවල් වල මිනිස්සුන්ට වැඩිය, අඩුම තරමේ තවමත් අල්පේච්ච ජීවිතයක් ගත කරන්ඩ පුරුදු වෙච්ච හින්ද තමයි මෙච්චර දුෂ්කරතා මැද්දේත් අපි අඩුමතරමේ කාල බිලා ඉන්නේ. අවුරුදු 30 යුද්ද කරලා විනාස නොවිච්ච රට වක්‍රාකාරයෙන් විනාස කරන්ඩ තමයි ඔයවගේ බළල් අත් එන්නේ. යුද්දයට අපිටම ආවේනික වෙච්ච විසදුමක් මිසක් පිටරටකින් ගෙනාපු විසදුමක් නෙමෙයි කියන එක වත් උබට තේරුම් ගන්ඩ බැරි එකයි ප්‍රශ්නේ. තේරෙන්නේ නැත්නම් දුටු ගැමුණු රජ්ජුරුවෝ ගැන අධ්‍යයනය කරලා බලපන් කොහොමද එළාරට විරුද්දව සේනා සංවිදානය කරේ කියල.
මම කොතනකවත් කියලා නැහැ පිටරටින් බඩු ගෙනෙන්ඩ එපා කියලා, කොයි දේ කවුරු කොහොම කිව්වත් අපි අපිට ගැලපෙන විදියට හදා ගන්ඩ ඕන කියන එකයි. සුද්දා අපිට දෙල් පුරුදු කරාට අපි දැනගන්ඩ ඕන පොල් එක්ක දෙල් කාණ්ඩ. එහෙම නැතුව මිනිස්සුන්ගේ හොද දේවල් ගන්ඩ එපා කියල නෙමෙයි කියන්නේ.
…නිකන් හිතලා බලන්න ඕස්ට්‍රේලියාවට ,ඒංගලන්තයට නිකන් වීසා දුන්නොත් කියෙන් කීදෙනෙක් පොර කාවිද ඔව්වට යන්න(මුලින්ම පොර කන්නේ ඔය දේශප්‍රේමී ,සමාජවාදි පොර ටෝක් දෙන උන්ම තමා ) .මොකද ඒ අයගේ හිතේ නිතරම වැඩ කරන්නේ අර කිව්ව ෆැන්ටසිය .නමුත් ලංකාවේ තියෙන වාතාවරණය හමුවේ එම ෆැන්ටසිය ඔවුන්ට ලඟා කර ගැනිමට නොහැකි කල ඔවුන් බලන්නේ කෙසේ හෝ නීතී විරෝධී ක්‍රියාවන් මඟින් එය ලඟා කරගන්න .අනික මෙතන තව කපටි වැඩක් වෙනවා .ඒ තමා පවතින ආණ්ඩුවේ නොසැළකිල්ල හා ගසා කෑම නිසා පිරිහෙමින් තිබෙන මුල්‍යමය වාතාවරණය සමතුලිත කරගන්න ජනතාවට බර පටවනවා .පටවලා ඉවර වෙලා ඒ පැටවීම ට එක එක නිදහසට කාරනා කිය කිය මිනිස්සුන්ගේ මොළ හෝදනවා .එක කරන්නේ ආණ්ඩුවට කඩේ යන හෙංචයියිලා. එක උදාහරණයක් කියන්නම් .පාන් මිල වැඩි කරාහම කිව්වා "අපේ රටෙ පැරණි මිනිස්සු පාන් කෑවේ නැහැ කැවේ බත් .ඒක නිසා පාන් ම්ළ වැඩ් උන එකමයි හොඳ ." කියලා .අපෙ රටේ පැරැන්නෝ පාන් කෑවේ නැහැ තමා .ඒත් මේ කතාව පලිහක් කරගෙන මේ ආණ්ඩු කරන්නේ තමන්ගේ දූෂනය නාස්තිය වහගන්න එක .
… හැබැයි ඔය දුෂණ නාස්තිය වගේ කතා අපේ රටේ බහුතරයකට හිතට වදින්නේ නැහැ .ඔවුන්ගේ හිතට වදින්නේ අර කිව්වා වගේ දේශප්‍රේමී අල්පේච්ඡ අදහස් .ඒක නිසා තමා ගොඩක් අය කන්න නැති උනත් හිත හදා ගෙන ආණ්ඩුවෙන් කියන දේ හරි කියලා හිතලා මුළාවේ වැටෙන්නේ .නමුත් මේ දේ වැඩිකල් තියෙන්නේ නැහැ.මොකද මිනිස්සුන්ටත් රැවටිල ඇතිවෙන දවසක් එනවා .අන්න එතනදි වෙන්නේ අර ඊජිප්තුවේ ,යේමන්යේ වගේ අරාබි වසන්තයවල් මෙහෙත් සිද්ධ වෙන එක .






…



