පසමිතුරාගේ විවාහය

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    පසමිතුරාගේ විවාහය

    පසමිතුරාගේ විවාහය

    එදවස පාසැල්වියේ
    මා හදගත් යුවතිය
    ඇය මගෙ කරගන්නට
    ඕනෙ බව කීවා මිතුරාට

    ඔහු මගෙ හොඳ මිතුරෙක්
    කරන බව කීවා උදව්
    එසේ කියමින් රවටා මං
    ඔහු පෙමින් බැඳුන ඇය සමගින්

    මම හිතින් ඇඩුවා
    හිතින් මිතුරට බැන්නා
    කාලය ගත උනා
    මගේ දුක අඩු උනා

    ඔවුන්ගේ ප්‍රේමයට
    තිබුනේ නැ වැඩි ආයුශ
    මාස හත අටකින්
    වෙන් උනා දෙපසට

    කාලය ගත උනා
    වෙන ලඳක් හමු උනා
    අප හද එක් උනා
    මා ඈ හා පෙමින් බැඳුනා

    දෙමවුපිය ආසිරි මැද
    මා ගියෙම් යුග දිවියට
    සතුටින් සාමයෙන්
    ගතකරමි ජීවිතය

    මගෙ පැරනි මිතුරත්
    සොයාගත්තා ලඳක්
    බලා හොඳ නැකතක්
    එක් උනා ඇය සමගින්

    ගතවන්නට පෙර මසක්
    ඇරඹුනා විරසකයක්
    ඔහුගේ නිවස විය නිරයක්
    අවසානය දික්කසාදයක්

    ඔහු ඇගෙන් වෙන් උනා
    දැන් ඔහු තනි උනා
    මට අතීතය සිහිඋනා
    ඔහු මට කලදේ මතක් උනා


    කෙනෙකුට ලබනවිට වේදනාවක්
    හොඳ නෑ ලබන්න සතුටක්
    ඒත් මම ලබන්නෙමි සතුටක්
    මම තව පෘතග්ජන මිනිසෙක්


    images





    මෙය මම එලකිරි වලට ලියන පලමු කවියයි.
    කවියට පාදක උනේ කලකට පෙර මා අසාතිබූ සිදුවීමක්.
    නිර්මානයේ හොඳ නරක කියන්න ඔබට බාරයි.
    ඔබේ අදහස් මගේ ඉදිරි නිර්මාන වලට රුකුලක් වේවි.
    ස්තුතියි.
     
    Last edited:
    Oct 25, 2009
    228
    19
    0
    m m m m
    kiwwa wage wena kenekuge duka dihaa balala satutu wenna hoda naha . ..
    eth api hamoma prutagjana minissu kiyala hitunaama . . api itin monaa karannada. . . eth tamange ea wage naraka gati adu kara ganna puluwannam hodai kiyala hitenne nadda???
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Nirmanaya sadaha PS nirmanayak kalanam wadath lassana wevi saho ...nirmanaye adu paduwak mata nam penne na komath nirmanayak kiyanne swadina deyak ne :) digatama liyanna obata jaya ..!

    awasanawantha iduweemak lassanata padawel walin galapala :D
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මුලින්ම අපි ඔක්කොම වෙනුවෙන් ඔය සහෝදරයාව අපේ කවි පියසට සෙනෙහසින් පිලි ගන්නවා...

    නිර්මානය අගෙයි...පැහැදිලි දසුන් පෙලක් මනස ඉදිරියේ දිගහැරියා වගේ....

    එක දෙයක් කියන්න ඕනේ නිර්මානකරුවෝ කියන්නේ මා අදහන විදිහට සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඔබ්බට සිත පුරුදු පුහුණු කල සංවේදී පිරිසක්...ඉතින් සතුටට වඩා අනුන්ගේ දුකේදී සතුරාට වුව අපි ඉදිරියේදී කරුණාව පාමු....

    පලමු එකෙන්ම ඔබ හොඳ කුසලතාවයක් ඔප්පු කොට තිබෙන නිසා ඇවැසි වන්නේ දිගටම විවිධ අන්තර්ගතයන් ඔස්සේ නිර්මාන කරමින් හා අභ්‍යාස කරමින් කුසලතාවය තව තවත් ගොඩ නංවා ගැනීමයි..

    දිගටම ලියන්න ...ඔබට ජය....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නිර්මාණය හොඳයි ...... ලස්සනට ලියලා තියෙනවා

    සුභ පැතුම් ...... දිගටම ලියන්න