ඔය බස් එක මචං 99 පාරෙ පිඹල යන එකක්. පිටකොටුවෙන් අදින්නෙ 7.40ට. සාමාන්‍යයෙන් බදුල්ලට පැය 7.30ක ටයිම් එකක් දීල තියෙනවා NTC එකෙන්. මේ බස් එක පාන්දර 1.40 වෙද්දි දානවා බදුල්ලට. මචං හිතපන් ඔය වෙලාවට පිටකොටුවෙ ඉඳන් හෝමාගමට තියෙන ට්‍රැෆික් එක. කොච්චර ට්‍රැෆික් තිබ්බත් බස් එක පැය 6.00ක් 6.30ක් යනකොට බදුල්ලෙ. ඕක ඔය බස් එකේ විතරක් නෙමෙයි ඔය රූට් එක පටන් ගත්ත NCG Express ලාගෙ ඉඳන්ම එහෙමයි. ඒ හින්ද ඔය බස් එකට පට්ට සෙනගක් ඉන්නෙ. මිනිස්සුත් බලන්නෙ පුලුවන් ඉක්මනට ගෙවල් වලට යන්නනෙ බං. කොළඹ බදුල්ල යන එවුන් නම් දන්නවා පැය 8ක් විතර බස් එකක යනකොට තියෙන සැප. අනිත් එක බන් බස් වලට ටයිම් දෙන එවූනුත් හිතන්න ඕනි බන් ගමනාන්තයට ගිහින් බස් එකකට නිශ්චිත ටයිම් එකක් රෙස්ට් කරන්න දෙන්න. ඔය බස් එක පාන්දර 3.30ට ලුණුගලට යන්නෙ. උදේ 6.40ට ආපහු ලුණුගලින් එන්න ඕනි. බස් එක destination එකට ගිහින් පාක් කරල ඔක්කොම කරල නිදාගෙන පැය බාගෙකට විතර කලින් que එකට දාල ආපහු එද්දි ඩ්‍රයිවර් පැය 2ක් නිදාගෙන නෑ. පැය 8ක් පත වංගු කරකවල ඩ්‍රයිව් කරල පැය 2කටත් අඩුවෙන් රෙස්ට් ගන්නෙ. ඔක්කොම වැරදි මචන්. උඹල කිව්වට විස්වාස කරන්නෙ නෑ මං දැකල තියෙනවා ඩ්‍රයිවර්ල නිදාගෙන ඩ්‍රයිව් කරනවා. එක පාරක් දෙමෝදර පහු කරල එනවා ඉන්ටර්සිටියක්. පාන්දර 2ට විතර ඇති. කොන්දා නිදි. මට මීටර් බස් එක ටික දුරක්ගිහින් හිමීට ඇක්සලරේශන් නවතිනවා. ආපහු ඇක්සලරේට් වෙනවා. ඔහොම කීප සැරයක් උනා. බලනකොට ඩ්‍රයිවර් නිදි. ඌට නින්ද යනකොට ඇක්සලරේශන් නවතිනවා. ඇහරෙන්කොට ඇක්සලරේට් කරනවා. යකෝ මං ගිහින් ඩ්‍රයිවරයව කතාවකට අල්ල ගත්තා. නැත්තන් හෙලකට තාම පෙරලෙනවා.