පහත්_තැනින්_යයි_ගලා_ජලේ
පහත් තැනින් යයි ගලා ජලේ . . .
රියෑදුරකු නොමැතිව දෙමටගොඩ දුම්රිය අංගනයේ සිට දුම්රිය එන්ජිමක් ධාවනය වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කළ විමර්ශන කමිටු වාර්තා අනුව දෙමටගොඩ අංගනයට අදාළව සේවය කළ ආදේශ කම්කරුවන් දෙදෙනකු 2014 මැයි මස 29 වන දින සේවයෙන් පහකර ඇත.
දුම්රිය එන්ජිම ධාවනය වීම සම්බන්ධයෙන් එම දුම්රිය එන්ජිම භාරව සිටින රියදුරු සහ සහාය රියදුරු ඇතුළු එදින දුම්රිය පාලක මැදිරියේ නිලධාරීන්ට එරෙහිව කිසිදු ස්ථිර ක්රියාමාර්ගයක් නොගෙන මෙම ආදේශ කම්කරුවන් දෙදෙනා සේවයෙන් පහ කිරීම ඉතාම අසාධාරණ බව දුම්රිය පොදු සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ලේකම් සම්පත් රාජිත මහතා පවසා ඇත.
දෙමටගොඩ දුම්රිය අංගනයෙන් ධාවනය වූ දුම්රිය එන්ජිම කොම්පඤ්ඤවීදිය දුම්රියපළ පසු කරන තෙක් දුම්රිය පාලක මැදිරිය දැන නොසිට ඇත. දෙමටගොඩ දුම්රිය අංගනයෙන් ලබාදුන් තොරතුරු මත පසුව එම දුම්රිය එන්ජිම රත්මලාන දෙසට ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය දෙමටගොඩ දුම්රිය අංගන නිලධාරීන්ට දැනුම්දී තිබිණි. ඒ අනුව දෙමටගොඩ දුම්රිය අංගනයේ සිව්දෙනකු ගිලන් රථයකින් ගොස් රත්මලාන ප්රදේශයේදී දුම්රිය එන්ජිම නතර කර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ත්රිපුද්ගල කමිටුවක් පත් කර එහි නිර්දේශ මත දුම්රිය රියදුරන්ට එරෙහිව කටයුතු කරනු ලැබුවහොත්, දුම්රිය රියදුරන් විසින් පාලක මැදිරියට ද එරෙහිව කටයුතු කළ යුතු බවට පොදු එකඟතාවක සිටින නිසා, එම දෙපිරිසටම එරෙහිව කටයුතු නොකර ස්ථිර සේවකයන් නොවන දෙදෙනකු සේවයෙන් පහ කිරීමට කටයුතු කිරීම ඉතාම අසාධාරණ බවද ඒ මහතා කීය.
දුම්රිය එන්ජිම ධාවනය වීම 2013 දෙසැම්බර් මස 05 වැනි දින අලුයම 12.50 ට සිදුවී තිබිණි. එදින දුම්රිය එන්ජිම ගිලන් රථයකින් ගොස් නතර කළ සිව්දෙනාට උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාදෙන බවට බලධාරීන් දැනුම්දී සිටියද මේ වනතෙක් (2014 ජූනි මස 24වන දින ) සේවය ඇගයීමේ (ප්රශංසා) ලිපියක්වත් නිකුත් කර නැතැයිද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
උපුටා ගැනීම 2014 මැයි 30 වන සිකුරාදා දිවයින පුවත්පත.