පළපුරුදු නායකයා VS ආධුනික නායකයා
මේ තත්ත්වය කෙටියෙන් කියනවානම් මෙසේ ය. මහින්ද රාජපක්ෂ මහතා, යුද ජයග්‍රහණ උණුසුම අස්සේම, ඊළ`ග ජනාධිපති ජයත් අතට ගැනීමට, හදිසි ජනාධිපතිවරණයක් කැ`දවූයේ ය. එසේ තිබියදී ප්‍රතිවාදියා ලෙස සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත්විය. එය ලංකාවේ දේශපාලන විශ්වය තුළ එක්තරා දේශපාලන උභතෝකෝටිකයක් ඇති කිරීමට හේතු විය. පළමුව සිංහල සමාජය ට ප්රශ්නය ආවේ ය. තමන්ගේ නායකයා ලෙස ඒ දෙදෙනාගෙන් කවුරුන් තෝරාගත යුතුද කියා ගැටලූවක් හටගත්තේ ය. දෙවනුව දෙමළ ජනතාවට ද යුද්ධය නිසා හටගත් ඉමහත් වේදනා මැද්දේ ම ද්ශපාලන තීරණයක් ගැනීමට සිදු විය. එය ඔවුන් බලා පොරොත්තු ොවූ අවස්ථාවක් වූයේ ය. අනෙක් කුඩා ජන වර්ගවලට ද මුහුණ පාන්නට වූ තත්ත්වය ද එසේම ය. මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පිලට වූයේ ත්, බෝතලයෙන් යකා එළියට පැන ගත් පස,ු යකැදුරාට වූ ඇබැද්දියමය. පළමු වතාවේ මෙන් ම තවත් වතාවක් දේශපාලන ලොතරැයි දිනුමක් ඇදෙයි කියා ඔවුහු සිතා සිටියෝ ය. එහෙත් ඔවුහු අනපේක්ෂිත දරුණු අභියෝගයකට මුහුණ පා සිටිති. මේ නිසා අහස කඩා වැටෙන්නා සේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේවල් වන්නට පටන් ගත්තේ ය.
විශ්මයකි. ගිනස් පොතට යන්නට, නියම වැඩක් දෙන්නම් කියා සිතා ලා, රාජපක්ෂ මහතා කල් ඇතිව සකස් කරගත් මැතිවරණ සැලැස්ම විකෘති වී ගියේ ය. ඒ නිසා රාජපක්ෂ මහතා හා ඔහුගේ පිල, සිය නියම මරුමුස් රූපයෙන් පෙනී සිටින්නට විය. ඔවුහු මුරුගසන් වරුසාවට හසු වූ කලෙක මෙන්, පිස්සු කෙලින්නට වන්හ. දෙවිදත් තෙරුන් පොළවේ ගිලී ගියා සේ, විධිමත් වාමාංශික ධාරාව බලා සිටිද්දී ම උභතෝකෝටිකය තුළ ගිලී ගියේ ය. දේශපාලන විචාරකයන්, මාධ්‍ය කරුවන්, උගතුන්, කලා කරුවන් ආදී, සමාජය ට සිතන්නට උගන්වන අය, කවුද යන්න හෙළි වී, ඔවුන් ට ද අමු කැවුණා සේ, තමන්ගේ සැබෑ ස්වරූපයෙන් පෙනී සිටින්නට සිදුවිය. මුලූ සිලෝන් එකම පෙරේත ලෝකය මිහි පිට ඉදි වූ කලෙක මෙන් විය. පිපී-පිපී රේණු නටන, මල් වැල් සේ, දිලී දිලී සිටි සුදු මුදු කලා කරුවෝ, ඝෝරවිෂ විදින සර්පයන් වී, හැරුණු හැරුණු අත දෂ්ට කරන්ට වන්හ. ඇත්තටම කියනවානම් මුලූ යථාර්ථයම උඩු යටිකුරු වී තිබේ. සමාවන්න, යථාර්ථය නියම අයුරින් ම පිහිටා සිටී.
දෙමල සන්නද්ධ බලය අහෝසි වීමෙන් පසු, රටේ දේශපාලන වියමනේ සිදු වූ මෙම වෙනස්කම, අමුත්තක් හෝ අහම්බයක් නොවේ. විය යුතුව ම තිබුණු සංසිද්ධියකි. දේශපාලන විද්‍යාව දත් උගතුන් මෙම වෙනස්කම හ`දුන්වන්නේ අධිනිශ්චය උදාසීන වීමක් හැටියට ය. එතෙක් ඉහළට පැන නැග තිබුණු ගැටුම/ප්රතිවිරෝධය උදාසීන වීම නිසා එතෙක් යටගොස් තිබුණු ගැටලූ මතුවන්නට විය. අලූත් ගමනක් රටට වුවමනා විය. මෙම තත්ත්වය දැන සිටියානම්, රාජ පක්ෂවරුන් හෝ රට යා යුතු ම`ග උගන්වමින් සිටි අය හෝ මේ විදියට වැඩ වරද්දාගන්නේ නැත. විපක්ෂය ද දඩි බිඩියේ, හැපි හැපී, අසංවිධානාත්මක සටනකට එළැඹෙන්නේ නැත. මේ නිසා සියල්ල සිදු වන්නේ නුහුරට ය. අඩු පාඩු ඕනෑ තරම් ය. රාජපක්ෂවරුන් මුළු වැර යොදා සිය ප්‍රතිවාදියා ට පහරක් එල්ල කළ විට, එය භූමරංග පහරක් සේ ආපසු පැමිණ, සිය බල කොටුවේ ම පදාසයක් කඩා වැටේ. කටින් පිට කරන අදහසක් තමන්ටම එල්ලවන වස් කවියක් වේ. මේ විපිරියාසය ඈත අහසේ වැජැඹෙන ග්‍රහයන් නිසා ඇතිවන තත්ත්වයක් යැයි විශ්වාස කරන අය ඒ වෙනුවෙන් ප්‍රතිකාර සොයති. සුර පොකුරු ගෙල වටා ය. ඉන වටා ය. කනට එන ආරංචි අනුව, මේ සම්බන්ධව රාජපක්ෂ මහතා ගේ විග්‍රහය වන්නේ කෙළෙහිගුණ නොදත් මූසිලයෙකු නිසා මේ අවදානම තමන් ට අත් වූ බවය.
නමුත් මෙය ඇත්තක්ද? කවුද මූසිලයා? එතකොට කවුද ගුත්තිල?
කෙළෙහිගුණය ලෙස මෙහිදී ඇ`ගවෙන්නේ කුමක්ද? සරත් ෆොන්සේකා මහතා හමුදාපති තනතුරට පත්කිරීමද? හමුදා පටිපාටියට අනුව, එය සාමාන්‍යයෙන් සිදුවිය යුත්තක් නොවේද? ඔහු නුසුදුස්සෙක් ද? යුද්ධය ජය ගැනීම සම්බන්ධයෙන් හෙතෙම සුවිශේෂ උපායශීලියකු වීම වැදගත් ම සාධකය නොවේ ද? මහින්ද මහතා ජනතාවට අලෙවි කරන ජයග්‍රහණය මේ සුවිශේෂ මිනිසාගේ ප්රයත්නය හා ධෛර්ය නිසා ලැබුණු ඵලයක් නොවේද? එහෙම නම්, නියම ගුණමකුකම වන්නේ ඒ නිලධාරියා සිය රට වෙනුවෙන් කළ කැපවීම නොතකා හැරීම නොවේද? ඉතින් මූසිලයා කවුද? මේවා මහින්ද මහතා සිය හෘදසාක්ෂියෙන් අසා විස`දාගත යුතුය.
තමන් ට 40 වසරක දේශපාලන අත්දැකීම් ඇති බවත්, සරත් ෆොන්සේකා මහතාට ඇත්තේ දින 40 ක අත්දැකීම් බවත්, අර මූසිල තර්කයේ ම පිහිටා මහින්ද මහතා කියයි. ඔහු පුන පුනා කියන නිසාම මෙම තර්කය මදක් විමසා බැලීම වටී.
මහින්ද මහතා වසර 40 ක් පාර්ලිමේන්තු දේශපාලනයේ නියුතු අයෙකි. වසර 40 ක් අත්දැකීම් ඇති, මේ පළපුරුදු නායකයාට වර්තමානයේ දිගහැරෙන යථාර්ථය කල් ඇතිව තේරුම්ගන්නට හැකි වූයේ නැත. මැතිවරණ පිටිය පුරා මුදා හැර ඇති, ඉතිහාසයේ නින්දාසහගතම ප්රචණ්ඩත්වය උපන්නේ ඒ නිසයි. ඡන්ද නීති වලට ගරු කරණ ලෙස රටේ නායකයාගේ දේශපාලන ව්‍යාපාරයෙන් ඉල්ලා සිටින්නට මැතිවරණ කොමසාරිස් වරයාට සිදු විය. අවසානයේ එය බේරුමක් කරගන්නට අධිකරණය වෙත යන්නට ජනතාවට සිදුවිය. නමුත් අධිකරණ නියෝගයට ද පිටු පා ක්‍රියාකිරීමෙන් මහින්ද මහතා ඔප්පුකර සිටින්නේ කුමක් ද? ඡන්ද නීති රීති වලට ගරුකරන්නට තමන් ට බැරි බවය. මෙයද, ඉතින් 40 වසරක පළපුරුද්ද? ශීලාචාරව ඡන්දක් කරන්නට පුරුදු වන්නටවත් ඒ වසර 40 බැරිවුණා නොවේ ද? හෙතෙම යළි පත් කර නොගන්නට මෙයම මදිද? තමන් ඡන්දය කල් ඇතිව පවත්වන්නට ගත් තීරණය වැරදී ඇති නිසා, තමන් හිතුවාට වෙනස් ව ජනතාව තමන්ගෙන් ඈත් ව සිටින නිසා, ප්රචණ්ඩත්වයේ පිහිට පැතීමට ඔහුට සිදු වී ඇත. එය පැහැදිලි ය. තමන් ට හිමිව තිබුණු ඉතිරි දෙවසර රටට සේවය කොට ඡන්දයට ආවා නම් සරත් කෙනෙක් අභියෝගයක් වී නොනැගෙන්නට ද ඉඩ තිබිණ. එහෙත් ඒ නුවණ ඔහුට පහළ වූයේ ම නැත. අවුරුදු හතලිහක පළපුරුද්දවත් හික්මීමවත් සංවේදීකමවත් ඉවසීමවත් කෝ? හතලිස් වසරක දේශපාලන අත්දැකීම් කෝ?

Last edited: