ඒක උඹ අතේ තියෙන්නේ. උඹ ඩිලිවරි එකට යන්නේ ප්‍රයිවෙට් ද? ප්‍රයිවෙට් නම් ඩිලිවරි එකට 200,000ක් වත් අතේ තියාගනින්. මේ උපරිම. ඊට අමතරව ප්‍රෙග්නන්ට් කාලේ උඹ වයිෆ්ට පෝෂනීය ආහාර අරගෙන දෙන්න වෙනවා. චීස් සහ පිටි ජාති වලට උඹට වියදමක් යයි. කොච්චර ප්‍රයිවෙට් ගියත් ගමේ ක්ලිනික් එකට පලයන්. ඒකෙන් දෙනවා විටමින් ජාති ඒවා ගනින්. නැත්තම් ප්‍රයිවෙට් සල්ලි දීලා ගන්න වෙනවා. වයිෆ්ට ප්‍රෙගී කාලේ ඔන විටමින් වර්ග ගමේ ක්ලිනික් එකෙන් ගන්න පුරුදු කරගනින්.
අමතර පිටි කියලා උඹට දෙන්න තියෙන්නේ එන්ෆාමමා එක. ඒකෙන් 400g පැක් එකක් දැන් රු. 1520ක් වෙනවා. ෆුඩ් සිටියේ ඔෆිර්ස් දානව රු1360කට. ඒකෙන් ගනින් ඊට අමතරව චීස් තමා. චීස් මෙහේ ගනන් නිසා ඒකට ටිකක් වියදමක් යයි.
ඒ අමතරව වෙනදට වඩා පොඩ්ඩක් එළවලු මාලු පිණි වැඩියෙන්.
ඊට පස්සේ උඹට ගමේ ක්ලිනික් එකෙන් හරි නැත්තම් ප්‍රයිවෙට් ඩොකා හරි බබාට ඕනේ කරන බඩු ලිස්ට් එකක් දෙනවා. ඒවා ගනින්. එතන තියෙනවා නැපි, කොට් ශීට්, ගවුම් අරවා මේවා ඔක්කොම. ඊට අමතරව එයාට ඕනේ බේසන්, රෙදි රැක් ලිස්ට් එකක් දාලා පිටකොටුවෙන් ගනින්. පට්ට ගනක් උඹට ඉතුරු කරගන්න පුළුවන්. නැපි මහපුවා ගන්න එපා. පට්ට ගනන්. ලේඩි ජේ එකේ රෙදි තියෙනවා. ඒකෙන් රෙදි අරගෙන නැපි මස්සව ගනින් මහන කෙනෙක්ට දීලා. උඹට ලොකු ගානක් සේව් වෙනවා.
ඊට පස්සේ මම කීව වගේ ඩිලිවරි එක. රු.160,000-200,000 අතර ගානක් අතේ තියාගනින්. මට ලංකා හොස්පිටල් එකේ වියදම 160,000යි. දවස් තුනයි.
ඊට පස්සේ බබාව සති දෙකෙන්, සති හතරෙන්, මාසදෙකෙන්, තුනෙන්, හතරෙන්, පහෙන්, හයෙන් ඔය විදියට මාසෙන් මාසේ ඩොක්ටර්ට පෙන්වන්න ඕනේ. ඒවට රු. 1500 ගානේ වියදම් වෙනවා.
ඊට පස්සෙ බබාට ඉන්ජෙක්ශන් ගහන්න තියෙනවා. මාස 2-4-6-9-12 ඔය විදියට අවුරුදු 10 වෙනකන්. මාස දෙකේ එකට මට රු.4020ක් ගියා. 04 එකට රු. 6000ක් ගියා. තාම එච්චරයි ගැහුවේ. මුල් මාස 06 අනිවා ප්‍රයිවෙට් ගහපන්. ඊට පස්සේ ටික ගමේ ක්ලිනික් එකේ ගහපන්. ඒක උඹේ කැමැත්ත. දිගටම ප්‍රයිවෙට් ගහනවා නම් එහෙම කරපන්.
වැදගත්ම දේ...
බබ ලැබුනම උඹේ ගෑණිව දෙවෙනි තැනට වැටෙනව. ගොඩක් උන් බබාට කිරි දෙනකන් විතරයි එයාට හොඳට කන්න බොන්න දෙන්නේ. ඊට පස්සේ ඔක්කොම් දේවල් බබාට තමා. ගෑණිට මොකුත් නෑ. එහෙම වෙන්න එපා. අදටත් මම ඕනම දෙයක් ගෙදර ගෙනියනවා නම් බබාට වෙනම, වයිෆ්ට වෙනම ගෙනියනවා.
තා මොනා හරි දැනගන්න ඔනේ නම් පීඇම් කරපන්.