පළමු බබා ලැබුනට පසු හා ලැබෙන්න ඉද්දි වියද&#351

monta

Junior member
  • Jun 13, 2008
    67
    12
    8
    DONT ASK

    මචන්ලා බැදල අවුරැද්දයි නෝනාට දැන් බබෙක් ලැබෙන්න..තව ටික කාලයක් ඉන්න හිටියේ...සල්ලි ටිකක් එහෙම හොයාගෙන බබෙක්ම හදන්න...ඒත් නිකන් එක දවසක් මම හිටියා නෝනා එක්ක...දැන් බබෙක් හිටලා...දැන් බබාව සතුටින් බාර ගන්නවා...මට දැනගන්න ඕන වියදම් කොහොමද ඉහල යන්නේ කියලා....වියදම් ඩබල් වෙනවද...එක්පීරියන්ස් තියන අය හෙල්ප් එකක් දෙන්න...




    DON'T ASK ANYBODY .ITS A WONDERFUL THING EVER IN HUMAN LIFE .SO TAKE EVERYTHING POSITIVE .YOU CAN CREATE OPPORTUNITIES WHEN THINGS ARE GETTING TIGHTER
    AFTER ALL ITS ALL YOUR LIFE YOU HAVE TO CHOOSE ,SO DON'T ASK FROM ANYONE
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    lamaya iscole yanakota thamai machan wiyadam kiyana ewa anne.lamayawa hodin balaganna.2nama job walata yanawanam. jayawewa.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thama neha ban :rolleyes:
    :rolleyes::rolleyes:
    kawada hoda (mama kiwa vidiyata vade aul veida )

    Dr. Nishendra Karunarathna
    lead-2-.jpg


    අදටත් මම ගරු කරන සුපිරි මනුස්සයෙක්. ලංකා එකේ බේබි සෙන්ටරයේ ලොක්කා. බය නැතිව පලයන්. ගිහින් උඹේ විදිය කියලා අහපන් එහෙම හා ද කියලා. හා කිව්වොත් ඒ විදියට කරපන්. එපා කිව්වොත් කරන්න එපා..
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    නිකන් එක දවසක් මම හිටියා නෝනා එක්ක...දැන් බබෙක් හිටලා...

    eeeya halo හිටලා...
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලොකුවට සල්ලි ඉතුරුකරගෙන හදන්න හිටපු හැමෝම දරුවෝ නැතුව දුක් විදිනවා

    එකට හුගක් ඕව පරක්කු කරන්න ගත්තා බෙහෙත් බලපාලා තියෙනවා

    බැඳලා උපරිම අවුරුද්දක් හිටියම ඇති

    ඔතනදි වියදම් කියලා යන්නේ ඩොක්ටව චැනල් කරන්න යන ගාස්තු , ටෙස්ටින් වලට යන ගාස්තු තමා

    මේ මැයි වල මගේ පලවෙනි බබා හම්බවුනේ

    මාස දෙකෙන් දෙකට චැනල් වලට ගාස්තු ගියා
    ලේ ටෙස්ට් කරන ගාස්තු යනවා .....
    ස්කෑන් කරන්න වෙනවා අඩුම 3 වතාවක් වත් ...... එක ඩොක්ට අනුව වෙනස් වෙනවා

    ගාස්තු මචන් උබලගේ ප්‍රදේශය සහ යන තැන අනුව වෙනස් වෙනවා ..... උබ ජොබ් එකක් කරන නිසා අව්ලක් නැ .... මම ජොබක් නැතුව කට්ටියගේ උදව්වෙන් සහ කරපු අමතර ජොබ් වලින් මේක ශේප් කරගත්තා

    කියන්න තියෙන්නේ දෙන්නම හුගක් හොද සෙනෙහසින් ඉන්න කියලා තමා .. ඉවසපන් හැම වෙලාවේම ....
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    dj gamaya:20768526 said:
    ලොකුවට සල්ලි ඉතුරුකරගෙන හදන්න හිටපු හැමෝම දරුවෝ නැතුව දුක් විදිනවා

    එකට හුගක් ඕව පරක්කු කරන්න ගත්තා බෙහෙත් බලපාලා තියෙනවා

    බැඳලා උපරිම අවුරුද්දක් හිටියම ඇති

    ඔතනදි වියදම් කියලා යන්නේ ඩොක්ටව චැනල් කරන්න යන ගාස්තු , ටෙස්ටින් වලට යන ගාස්තු තමා

    මේ මැයි වල මගේ පලවෙනි බබා හම්බවුනේ

    මාස දෙකෙන් දෙකට චැනල් වලට ගාස්තු ගියා
    ලේ ටෙස්ට් කරන ගාස්තු යනවා .....
    ස්කෑන් කරන්න වෙනවා අඩුම 3 වතාවක් වත් ...... එක ඩොක්ට අනුව වෙනස් වෙනවා

    ගාස්තු මචන් උබලගේ ප්‍රදේශය සහ යන තැන අනුව වෙනස් වෙනවා ..... උබ ජොබ් එකක් කරන නිසා අව්ලක් නැ .... මම ජොබක් නැතුව කට්ටියගේ උදව්වෙන් සහ කරපු අමතර ජොබ් වලින් මේක ශේප් කරගත්තා

    කියන්න තියෙන්නේ දෙන්නම හුගක් හොද සෙනෙහසින් ඉන්න කියලා තමා .. ඉවසපන් හැම වෙලාවේම ....
    Thanks Saho...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අත්‍යාවශ්‍ය වෙලාවකදි ඇරෙන්න පැම්පර්ස් පාවිච්චි කරන්න එපා. නැපිම බබාට අන්දවනවා නම් හොඳයි.
    දැන් කාලේ මිනිස්සු පට්ට කම්මැලියි නැපි හොදන්න සහ මදින්න..
    ai?
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Thanks machanla kattiyagema upades walata..private yanns hithan inne..pahasukam athin hodaine...anika mata unath laga inna denawane...normal hambawennama balanna ona..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    එහෙම ලොකු වියදමක් යන්නේ නෑ බන්..කිරි පිටි බලට තමයි ටිකක් වියදමක් යන්නේ..
    අසනීප උනොත් බෙහෙත් වලට යනවා..(හැමදාම ලෙඩ වෙන්නේ නෑ නේ)
    බබාට අදින්න පෙරවන්න රෙදි ටිකක් හදාගනින්..ඒකට තව අවුරුද්දක් තියෙනවනේ හිමීට කරගනින්..
    ජයවේවා..
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,516
    394
    83
    43
    Wattala, Sri Lanka
    ලොකු වියදමක් යන්නේ රෝහල් ගාස්තු වලට තමයි. රජයේ රෝහලක deliver කරනවා නම් හරි, රක්ෂණයෙන් cover වෙනවා නම් හරි ලොකු වියදමක් නෑ.

    ඊට අමතරව ඉතින් ඔය පොඩි පොඩි බඩු ගන්න ඒවට Rs. 25,000ක් විතර යයි.

    ටිකක් ලොකු වුනාම නම් pampers වලට ටිකක් වියදම් වෙනවා. ඒ හැර එහෙම ලක්ෂ ගනන් යන්නේ නෑ.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උණුසුම් සුබපැතුම් මචන්

    කල් නොදා ඉක්මනින් බබෙක් හම්බුන එක හොඳයි මචං .පස්සේ කාලෙක plan කරලා කරනකොට වෙන නොහිතපු ප්‍රශ්ණ එන්න පුළුවන්.අපේ ජීවිත එහෙමනේ .නොකඩවා වෙනස් වෙනවා .ඒ නිසා අර අපායට යනකොටත් ඉක්මනට යන්න ඕනේ කියනවනේ .

    වැදගත් දේ තමා දෙවෙනි බබා පරක්කු කරන එක.පොඩි එවුන් දෙන්නෙක් ළඟ වයස්වලින් ගෙදර ඉන්නවා කියන්නේ යුද්දයක්.අඩුම තරමේ අවුරුදු 4ක Gap එකක් තියෙන්න ඕනේ.
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    සල්ලි ගැන හිතල කල්පනා කරන්න තරම් ප්‍රස්නයක් නෙවෙයි, 10000 වගේ බබාට ඕනේ කරන දේවල් ගන්න වෙයි delivery එකට කලින් (හරියටම කිව්වොත් මට 9560.00 වගේ ගිය අපට ) එකෙනුත් ඔයාලට පුළුවන් නම් කොට්ට උර පොඩි කොට්ට වගේ ඒවා ගෙදරදී හදාගන්න, තව දෙයක් ඔයාලගේ ලග තියෙනෙව නම් පොඩ්ඩක් පාවිච්චි කල චීත්ත රෙදි හොදට උණුවතුරෙන්ඒ හෝදලා ඒවා කපල වටේට මහලා හදා ගන්න මොකද ඒවා කඩෙන් ගන්න රෙදි වලට වඩා බබාගේ ඇඟට පහසුයි.

    මේ හැමදේමත් එක්ක ආදරය කරුණාව රැකවරණය බබාට සහ මවට ලබාදෙන එක තමයි තාත්තා කෙනෙකුට කරන්න පුළුවන් වැදගත්ම දේ.

    සුභපැතුම් මචන් කලබල වෙන්න එපා හැම දේම හොඳින් සිද්ධ වේවි.

    මේකත් බලන්න සැහෙන්න වටිනා වීඩියෝ එකක්.



    :love::love::love::love::love::love::love::love::love:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    සල්ලි හොය හොය ඉන්න එපා බන් බබාල හදන්න. තියෙන සල්ලි ටික manage කර ගනින්. අඩුම 3 ක් වත් ලමයි හදපන්. :yes::yes::yes::

    හෙළයන්ට ජය වේවා…!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරා කියන්න හිටි දේවල් ටික කියා ඇත......

    මොනව හරි උදව්වක් ඕන නම් පීඑම් කරපං.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඒක උඹ අතේ තියෙන්නේ. උඹ ඩිලිවරි එකට යන්නේ ප්‍රයිවෙට් ද? ප්‍රයිවෙට් නම් ඩිලිවරි එකට 200,000ක් වත් අතේ තියාගනින්. මේ උපරිම. ඊට අමතරව ප්‍රෙග්නන්ට් කාලේ උඹ වයිෆ්ට පෝෂනීය ආහාර අරගෙන දෙන්න වෙනවා. චීස් සහ පිටි ජාති වලට උඹට වියදමක් යයි. කොච්චර ප්‍රයිවෙට් ගියත් ගමේ ක්ලිනික් එකට පලයන්. ඒකෙන් දෙනවා විටමින් ජාති ඒවා ගනින්. නැත්තම් ප්‍රයිවෙට් සල්ලි දීලා ගන්න වෙනවා. වයිෆ්ට ප්‍රෙගී කාලේ ඔන විටමින් වර්ග ගමේ ක්ලිනික් එකෙන් ගන්න පුරුදු කරගනින්.

    අමතර පිටි කියලා උඹට දෙන්න තියෙන්නේ එන්ෆාමමා එක. ඒකෙන් 400g පැක් එකක් දැන් රු. 1520ක් වෙනවා. ෆුඩ් සිටියේ ඔෆිර්ස් දානව රු1360කට. ඒකෙන් ගනින් ඊට අමතරව චීස් තමා. චීස් මෙහේ ගනන් නිසා ඒකට ටිකක් වියදමක් යයි.
    ඒ අමතරව වෙනදට වඩා පොඩ්ඩක් එළවලු මාලු පිණි වැඩියෙන්.

    ඊට පස්සේ උඹට ගමේ ක්ලිනික් එකෙන් හරි නැත්තම් ප්‍රයිවෙට් ඩොකා හරි බබාට ඕනේ කරන බඩු ලිස්ට් එකක් දෙනවා. ඒවා ගනින්. එතන තියෙනවා නැපි, කොට් ශීට්, ගවුම් අරවා මේවා ඔක්කොම. ඊට අමතරව එයාට ඕනේ බේසන්, රෙදි රැක් ලිස්ට් එකක් දාලා පිටකොටුවෙන් ගනින්. පට්ට ගනක් උඹට ඉතුරු කරගන්න පුළුවන්. නැපි මහපුවා ගන්න එපා. පට්ට ගනන්. ලේඩි ජේ එකේ රෙදි තියෙනවා. ඒකෙන් රෙදි අරගෙන නැපි මස්සව ගනින් මහන කෙනෙක්ට දීලා. උඹට ලොකු ගානක් සේව් වෙනවා.

    ඊට පස්සේ මම කීව වගේ ඩිලිවරි එක. රු.160,000-200,000 අතර ගානක් අතේ තියාගනින්. මට ලංකා හොස්පිටල් එකේ වියදම 160,000යි. දවස් තුනයි.

    ඊට පස්සේ බබාව සති දෙකෙන්, සති හතරෙන්, මාසදෙකෙන්, තුනෙන්, හතරෙන්, පහෙන්, හයෙන් ඔය විදියට මාසෙන් මාසේ ඩොක්ටර්ට පෙන්වන්න ඕනේ. ඒවට රු. 1500 ගානේ වියදම් වෙනවා.

    ඊට පස්සෙ බබාට ඉන්ජෙක්ශන් ගහන්න තියෙනවා. මාස 2-4-6-9-12 ඔය විදියට අවුරුදු 10 වෙනකන්. මාස දෙකේ එකට මට රු.4020ක් ගියා. 04 එකට රු. 6000ක් ගියා. තාම එච්චරයි ගැහුවේ. මුල් මාස 06 අනිවා ප්‍රයිවෙට් ගහපන්. ඊට පස්සේ ටික ගමේ ක්ලිනික් එකේ ගහපන්. ඒක උඹේ කැමැත්ත. දිගටම ප්‍රයිවෙට් ගහනවා නම් එහෙම කරපන්.

    වැදගත්ම දේ...
    බබ ලැබුනම උඹේ ගෑණිව දෙවෙනි තැනට වැටෙනව. ගොඩක් උන් බබාට කිරි දෙනකන් විතරයි එයාට හොඳට කන්න බොන්න දෙන්නේ. ඊට පස්සේ ඔක්කොම් දේවල් බබාට තමා. ගෑණිට මොකුත් නෑ. එහෙම වෙන්න එපා. අදටත් මම ඕනම දෙයක් ගෙදර ගෙනියනවා නම් බබාට වෙනම, වයිෆ්ට වෙනම ගෙනියනවා.
    තා මොනා හරි දැනගන්න ඔනේ නම් පීඇම් කරපන්.

    ෆට්ට කමෙන්ට් එක. මෙන්න උපදෙස් නම්. :yes: Rep +11