පලවෙනි වතාවට මෙහෙම අත්දැකීමක් ලැබුනේ. මට සාමාන්‍යයෙන් ගොඩක් දිග හීන පෙන්නේ නැහැ. ඒ පේන ඒවත් කිසිම තේරුමක් නැහැ. lucid dream ගැන කිසිම විශ්වාසයක් තිනුනෙ නැහැ. ඒත් ඊයේ වෙනස්. ගොඩක් දිග හීනයක්. 20%ක් විතර යදිදී තමයි මම ඉන්නේ හීනෙක කියල දැන ගත්තේ. එතන ඉදන් ගොඩක් දුරට මට ඕන දේවල් කරේ. ඒත් සමහර වෙලාවට පාලනය නැතිව යනව. (ගොඩනැගිලි, මිනිස්සු වගේ දේවල් තේරුමක් නැතිව මැවෙනව) ටවුන් එකේ මගේ පන්තියේ හිටිය එකෙක් එක්ක ඉන්න සීන් එකකෙන් හීනෙ පටන් ගත්තේ. ඊට පස්සේ අපේ ගෙවල් තියෙන පැත්තට ගිහින් තමයි ඉවරවුනේ. (සම්පුර්ණ විස්තරය සැහෙන්න දිගයි. ටයිප් කරන්න ගිහින් අයෙත් නතර කරා. පැය ගානක් ලියන්න තියෙනවා)
මම දන්න ගෙවල් ඒ පිළිවෙලටම තිබුන. ඒත් හැඩය සම්පුර්ණයෙන්ම වෙනස්. (අලුත් ඩිසයින් එකකට තියෙන්නේ, කාමර තියෙන තැනුත් වෙනස් ) ඒත පේන පරිසරය ගොඩක් දුරට දැන් තියෙනවා වගේම තමයි. ඒත් ඉදිරියට ඇවිදන් යදිදී ඒ ගෙදරට යන පාරේ තියෙන දේවල් වෙනස් වෙන්වෙලා තිබුන. ප්‍රධාන පාරෙන් අපේ සීයගෙ ගෙදරට යදිදී ලොකු ගගක් අයිනෙන් යන්න තිබුනෙ. ඒත් ඇත්තටම එහෙම එකක් නෑ. අයෙ ඒ පාරෙන් ප්‍රධාන පාරට එදිදී මට මතක් වුණා යදිදී තිබුන වගේම ඒ පාර තියේද කියල බලන්න. හරියටම ඒ විදියටම තිබුන. කොහොම හරි අවසානෙ අපේ ගෙදර හොයාගන්න බැරිවුනා. ( ගෙදර ඉස්සරහින් ගියා. ඒත් ආපස්සට එන්න හැදුවට එන්න බැහැ වගේ දෙයක් වුනේ.) එතනින් තමයි හීනෙ ඉවර වුනේ.
මෙහෙම එකක් මිට කලින් දැකල තිබුනෙ නැහැ. අනේ මන්ද බන්. හැබැයි මම දකින්නේ හීනයක් කියල තේරුම් ගිය වෙලාවේ ඉදන් මම එක එක විදියට හොයල බැලුව. අර ගගක් තිබුන තැන ඇත්තටම ගගක් නැහැ, මේ හීනෙන් පෙන්නේ කියල සම්පුර්ණ වැටහීමක් තිබුන. අනිත් දේවලුත් එහෙමයි. ඕන විදියට සාමාන්‍ය ලෝකයේ කරන්න බැරි දේවල් එකෙ කරන්න බැහැ (පියාබන්න, සම්පුර්ණ පාලනය ගන්න...etc). ඒත් හීනෙක ඉන්නෙ කියන එක හොදින්ම දන්නව.