ඇඳට පලයන්. ඇස් පියාගනින්. උඩුබැලි අතට නිදා ගනින්. නිදි මත නැත්නම් ගොඩක් හොඳයි. දවල්ට තමයි ලේසි. ටික වෙලාවක් යද්දී උඹට කසන්න ඕන හැරෙන්න ඕන වගේ එක එක සිග්නල් දෙයි. ඒ මොලෙන් බලනවා උඹ නිදිද නැද්ද කියලා. ඒවා එකක් වත් ගණන් ගන්න එපා. හෙලෙවෙන්නේ නැතුව එහෙමම හිටපන්. උඹ වාසනාවන්ත නම් උඹට නින්ද ගිහින් හීනේ පෙනිලා වැඩේ සෙට් වෙයි.ඔය sleep paralysis මගුල මට කවදාවත් වෙලා නෑනේ මම පට්ටම ආසයි ඕක මට වෙනවනම් ඔය experience එක ගන්න ක්රමයක් නෑනේ
උඹ ස්ලීප් පැරලයිස් උනා නම් ලොකු බයක් දැනෙනවා. ලොකු සද්දයක් ඇහෙනවා. නැගිටින්න හෙලවෙන්න බෑ නැගිටින්න ඕන උනත්. යකෙක් හරි බය හිතෙන කව්රු හරි ඇඟ උඩ නගිනවා. ළඟ කව්රුහරි ඉන්නවා වගේ දැනෙනවා. ගෙදරට කව්රු හරි ඇවිත් වගේ දැනෙනවා. ගෙදර අය කතා කරනවා වගේ ඇහෙනවා. හීනෙන් මෙහෙම උනා නම් බඩු වැඩ.
නැගිටින්න ඕනා නම් කලබල වෙන්න එපා. මුලින්ම කකුලේ ඇඟිලි හොල්ලන්න පටන් ගනින්. එතකොට ඇහැරෙනවා. නැත්නම් වෙලාව බලපන්. එතකොට වෙලාව අමුතු වෙලා පේනවනම් තේරෙනවා හීනෙක ඉන්නේ කියල. එතකොට ඇහැරෙනවා. නැත්නම් කන්නාඩියෙන් මූණ බලපං මූණ අමුතු වෙලා නම් එත් හීනෙක ඉන්නේ.
