පළාත් ගණනාවක පොලොව හෙල්ලෙයි
ශ්‍රී ලංකාව තුල ගෙවී ගිය සතිය ඇතුලත භූචලන දෙකක් සටහන් වීමට මූලික වූ හේතු පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය තීරණය කොට තිබේ.
පසුගිය 20දා අලුයම 1.45 ට පමණ විනාඩි දෙකක පමණ භූචලනයක් බදුල්ල , නුවර එලිය මස්කෙළිය, පිදුරුතලාගල ප්‍රදේශවල සිදුවූ අතර දෙවැනි භූචලනය පසුගිය 26 දා රාත්‍රී 9.52 ත් 9.53 ත් අතර කාලය තුල විනාඩියකට ආසන්න කාලයක් පවතින. නුවර එලිය, හැටන් , අම්පාර, මාතර, යාපනය හා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට මේ භූචලනය දැනී ඇත.
එම භූචලන හක්මන පල්ලෙකැලේ සහ මහකනදරාව ප්‍රදේශවල පිහුටුවා ඇති භූකම්පන මධ්‍යස්ථාන වල සටහන්වී ඇති බවත්, එය රට ආසන්නයේ සිදුවූ සුළු භූ කම්පනයක් බවට විශ්වාස කරන බවත් භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී විජයනන්දන මහතා පැවසීය.
භූකම්පන මාපක මධ්‍යස්ථානවල සටහන් වී ඇති දත්ත උපයෝගී කරගනිමින්, එය ආරම්භවී අත්හ්ටේ කිනම් ස්තානයකින්ද යන්න ගැන අධ්‍යයනයක් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය තීරණය කොට ඇත
Copied By Mawbima