පළාත් වල භාෂාවල්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පළාත් වල භාෂාවල්

    පහුගිය දවස් ටිකේ බුකිය පුරාම ගියේ ලංකාවේ දකුණේ අය කතා කරන භාෂාව ගැනනේ...

    ඉතින් දකුණ විතරක් නෙවි වෙන පළාත් වලත් ඒ ඒ පළාත් වලට ආවේනික භාෂා මාධ්‍යයන් තියෙනවනේ... එක එක දේවල් වලට එක එක පළාත් වල කියන වචන සෙට් තියේනම් කට්ටිය ශෙයා කරගමු බලන්න...

    ගම්පහ පැත්තේ කෙනෙක් කිවුව කරගැට වලට කියන්නේ පොක්කලම් කියලලු...
    ඒ වගේම පළගැටියට කියන්නේ කුම්බුට්ට කියලලු...

    ඒ වගේ ඔයාල එක එක පළාත් වල අහපු නම් වර්ග දාමු බලන්න....
    හුදෙක් විනෝදය සඳහා මිස අපහාසයක් සඳහා නොවන්න වගබලාගන්න...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ එකෙක් හිටියා, පොරත් දකුණේ තමා.උන් හිරමනේට කියන්නේ "කොලොම්බු කොටේ" කියලා :baffled::baffled:

    අරෙහෙ මෙහෙ යනවා කිවුවම කොළඹ අය කියන්නේ "අහරේ යනවා" කියල...

     

    blue_in_rio

    Well-known member
  • අරෙහෙ මෙහෙ යනවා කිවුවම කොළඹ අය කියන්නේ "අහරේ යනවා" කියල...


    අම්මට බොල, මම කොලඹ එකා වෙලත් අදනේ යකෝ ඒක දන්නේ.මම නම් ඉස්සෙල්ලම ඔය වචනේ ඇහුවේ අපේ තාත්තගේ යාලුවෙක්ගෙන්.ඒ අන්කල් බලංගොඩ. :sorry::sorry: