උබල කොහොමද බන් US / Canada වගේ රටවල් වලට economy class යන්නේ. මම කවදාවත්ම දුර යන ගමන් වල business class ගිහින් නැහැ. හේතුව දරන්න බැරි මට්ටමකට තියන මිල ගණන්. මම US යන හැම වාරයකම economy . කකුල් දෙවකවත් තියාගන්න බැහැ. සමහර ඉස්සරහ සීට් එකේ සෙල්ෆිෂ් ට්‍රැවල් කරන උන් ඉන්නවා සීට් එක දිග ඇර ගන්නවා. කන්නවත් බැහැ. මම එකෙක් එක්ක ඇර ගත්තා දවසක්. ගහගන්න මට්ටමටම ගියා. පස්සේ කැබින් එකේ උන් ඇවිල්ල සමතයකට පත් කරලා මාව දොර ලග තියන සිට් එකේ ඉන්දෙවුවා. එතන නම් සිට්ස් නැහැ. කකුල් දෙක දිග ඇරලා යන්න පුළුවන්.
ඇයි බන් ගුවන් සමාගම් ප්‍රයිවට් බස් වල වගේ සිට්ස් දාන්නේ. හදිසියෙවත් window side seat එකේ හිටියොත් ටොයිලට් එකටවත් යන්න හම්බ වෙන්නේ නැහැ. අනෙක් උන්ව පාගාගෙන තමයි යන්න වෙන්නේ.
