ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

    ප්‍රංශයේ පැරිස් අගනුවරට ප්‍රහාර මාලාවක්

    151113230106_sp_paris_624x351_afp.jpg


    ප්‍රංශයේ පැරිස් අගනුවරට එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවකින් සහ Stade de France ප්‍රදේශයේ හටගත් පිපිරීම් කිහිපයකින් 140 දෙනකුවත් මරුමුවට පත්ව ඇති බව විශ්වාස කෙරේ.බත්කලාන් කළා මධ්‍යස්ථානය අසලදී 40 දෙනකුවත් මරා දමා ඇති බව පවසන ප්‍රංශ ජනමාධ්‍ය, 100කට ආසන්න පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙසින් රඳවාගෙන සිටින බවද සඳහන් කරති.මධ්‍යස්ථානයට පොලිසිය කඩා වැදීමෙන් අනතුරුව ඇතැම් ප්‍රේක්ෂකයෝ පලායාමට සමත්වූහ. කෙසේ නමුත් එහි සිටි විශාල පිරිසකට වෙඩි තැබීමට තුවක්කරුවන් සමත් වූ බවයි වාර්තා වෙන්නේ.ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය. "පෙර නොවූ විරූ ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක්" ලෙසිනුයි, ජනාධිපතිවරයා එම ප්‍රහාරය හඳුන්වා දුන්නේ.රටේ සියලුම දේශසීමා වසා දමන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ අතර, නිවෙස් තුල රැඳී සිටින මෙන් පැරිස් නුවර බලධාරීහු නගරවාසීන්ගෙන් ඉල්ලා සිටියහ.

    151113225556_paris_attacks_624x351_reuters_nocredit.jpg


    151113223813_sp_paris_624x351_afp_nocredit.jpg

    අගනුවර Stade de France ප්‍රදේශයේ අවන්හලක් අවට පිපිරීම් තුනක හඬ ඇසුණු බවයි වාර්තා වෙන්නේ.මේ අතර නගරයේ එකොලොස් වැනි දිස්ත්‍රික්කයේ භෝජන ශාලාවකට තුවක්කුකරුවකු එල්ල කල වෙඩි ප්‍රහාරවලින් කිහිප දෙනකු තුවාල ලැබීය.ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ දස දෙනකු බිම වැතිර සිටිනු දුටු බව එම භෝජන ශාලාවේ සිටි බීබීසී වාර්තාකරුවෙක් පවසයි.පොලිසිය පැමිණ දැන් එම ප්‍රදේශය සීල් තබා තිබේ.



    පැරිස් නගරයේ දී එල්ල කෙරුණ ප්‍රහාරය IS ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති යුද්ධයේ තවත් ප්‍රහාරයක් වන හැටියට ප්‍රංශ ජනාධිපති ෆ්‍රාන්ෂුවා ඔලෝන්ඩ් මෙයින් ස්වල්ප වෙලාවකට පෙර විග්‍රහ කළේය.ජන මාධ්‍ය සඳහා කරුණු පැහැදිලි කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා කියා සිටියේ රටතුළ ද උදව් ඇතිව විදේශයන්හි දී ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි.පැරිස් නගරය තුළ ස්ථාන කිහිපයක දී සිදු වූ වෙඩි තැබීම් සහ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 128 ක් බව නවතම වාර්තාවලින් දැක්වෙයි.

    මේ අතරින් දරුණුතම ප්‍රහාරය වන සංගීත ප්‍රසංගයක් පැවතී රඟහලකට එල්ල වූ ප්‍රහාරයෙන් පමණක් 80 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
    මරා ගෙන මැරෙන ප්‍රහාරකයන්පොලිසිය සිද්ධිය වූ ස්ථානය වෙත දිව එද්දී ප්‍රහාරකයන්ගෙන් තිදෙනෙකු තමන් ඇඳ සිටි උඩු කබාය තුළ වූ බෝම්බ පුපුරුවා ගනිමින් සිය දිවි නසා ගත් අතර සතරවැන්නා වෙඩි ප්‍රහාරයේ දී මරණයට පත් වූ බවයි වාර්තා වන්නේ.එයට පෙර තුවක්කුකරු අසළ වූ ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම අවස්ථාවේ තවත් ජීවිත විනාශයක් සිදුව ඇත.සෙසු ප්‍රහාරකයන් පැරිස් ජාතික ක්‍රීඩාංගණයට පිටතින් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ වන විට එහි ප්‍රංශය සහ ජර්මනිය අතර පාපන්දු තරඟයක් පැවත්වෙමින් තිබුණි.බලධාරීන් පවසන ආකාරයට ප්‍රහාරකයන් අතරින් අට දෙනෙකු මියගොස් ඇති අතර ඉන් හත් දෙනෙකුම මරා ගෙන මැරෙන ප්‍රහාරකයන් බවයි වාර්තා වන්නේ.

    ප්‍රංශය තුළ මේ වනවිට හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර පැරිස් නගරයේ සංවිධානය කර තිබුණ ක්‍රීඩා තරඟ අතුලුන් සියලු උත්සව අවලංගු කරනු ලැබ ඇත.පැරිස් උමං දුම්රිය මාර්ග පද්ධතියේ ඇතැම් ගමන් මාර්ග නතර කොට ඇති බවත් වාර්තා වෙයි.පාසල් සහ සරසවි විවෘත නොකරන ලෙසත් බලධාරීන් විසින් නියෝග කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.පොදු ආයතන සහ ආණ්ඩුවේ කාර්යාල බොහොමයක් වසා දමනු ලබා තිබෙනවා.

    පැරිස් නගරයෙන් පිටත පිහිටි ‘ඩිස්නිලන්ත’ විනෝද උයන විවෘත නොකරන බවත් ප්‍රකාශයට පත් කොට ඇත.




     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    France has declared a national state of emergency and has closed its borders after scores of people were killed in multiple gun and bomb attacks in Paris.
    At least 100 people are reported to have died at the Bataclan concert hall in central Paris.Gunmen took many hostages there before being overpowered when police stormed the building.Others died in attacks near the Stade de France, with some reports suggesting a suicide blast, and at restaurants.
    Paris residents have been asked to stay indoors and military personnel are being deployed across the city.


     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    හරියටම සීන් එක මොකක්ද දන්නෙ නැහැ. හැබැයි අහක යන හම්බයො රෙද්ද අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ කියන්න වෙයිද දන්නැහැ.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    R.I.P France :(

    10th, 11t wala explosions wela thiyenawa. 100k withara hostages lu.
    Meka kare ISIS nam suicide karagaththa wage thama.

    ahinsaka minissu thamai awsanedi jeewitha walin wandi gewanne...


    හරියටම සීන් එක මොකක්ද දන්නෙ නැහැ. හැබැයි අහක යන හම්බයො රෙද්ද අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ කියන්න වෙයිද දන්නැහැ.


    :yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක කරපු අයට දඩුවම් දෙනවා කියලා හොලන්ඩේ ටිකක් දරුණු විදියට කියලා තියෙනවා

    We wanted to be here among all those who saw these atrocious things, to say that we are going to fight and our fight will be merciless, because these terrorists that are capable of such atrocities need to know that they will be confronted by a France that is determined, unified and pulled together and a France that will not let itself be overawed even if today it is expressing an infinite amount of emotion at this drama and this tragedy, which was an abomination and a barbaric act.