ප්‍රචණ්ඩ_භික්‍ෂූන්
ප්‍රචණ්ඩ හැසිරීම් පෙන්වන භික්‍ෂූන් ලිංගික අපයෝජනයන් වල වින්දිතයන් ද ?
බෞද්ධ භික්‍ෂුවකගෙන් සමාජය උවැසියන් බලාපොරොත්තු වන්නේ සංවර හැසිරීමකි. නීග්‍රෝධ සාමනේරවන් පරමාදර්ශී භික්‍ෂු හැසිරීමක් අපේක්‍ෂා කරන බෞද්ධ සමාජය අද දකින්නේ ඉතා අවිනීත ලෙස කුණුහරප කියන , බැණ වැදීම් කරන සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොව පොලිස් නිලධාරීන්ටද පහර දෙන වල් වැදී ගිය චීවරධාරීන් පිරිසකි. සමහරක් විට සිවිල් සමාජයද මෙම ප්‍රචණ්ඩ හැසිරීම් සාධාරණීකරනය කරන්නේ සිංහලයන්ට බුද්ධාගමට වින කිරීමට බාහිර සතුරන් එන විට භික්‍ෂූන් පෙරමුණ ගන්නා බව කියමිනි. සිංහල ජාතියට හෝ බුද්ධාගමට එරෙහි සතුරු ආක්‍රමණ ආ විට පෙර කාලයේ භික්‍ෂූන් නම් කරන ලද්දේ උපැවිදිව සටනට ගොස් සතුරා නසා යලි සාසනයට ඇතුළු වීමයි. නමුත් වර්තමානයේ කියා සිවුර කරට ගෙන සිංහල ජාතිය හා බුද්ධාගම රැකීමට එන චීවරධාරීන් කරන්නේ සමාජ ප්‍රචණ්ඩත්වයේ යෙදීමත් අන්තවාදය වැපිරීමත් ය. මෙය එක්තරා ආකාරයකට බුදු දහමට එරෙහි බලවේග වලට ආයුධ සපයා දීමක් ලෙස නම් කල හැකිය.
කුඩා ළමුන් බොහෝ විට අද මහණ කිරීම සඳහා සංඝ සාසනයට ඇතුළු වන්නේ සමාජ ආර්ථික ගැටළු නිසාය. මෙලෙස මහණ කිරීම සඳහා සංඝ සාසනයට ඇතුලත් වන ළමයා බොහෝ විට ඉතා කුඩා කාලයේ සිටම දරිද්‍රතාව , මාතෘ හෝ පීතෘ වියෝග කාංසාව වැනි සාධකයන්ට ලක්ව පන්සලට ඇතුළු වෙයි. පන්සලේදී සාමනේර තත්වයට පත් වන ළමයාට බොහෝ විට වැඩහිටි භික්‍ෂූන් ගෙන් කායික මානසික අතවර පමණක් නොව ලිංගික අපයෝජනයන්ටද ලක් වීමට සිදුවේ. මෙලෙස වසර ගනනාවක් විවිධ අපයෝජනයන්ට ලක්ව සමාජය ඉදිරියට එන්නේ කාල බෝම්බයක් බඳු පුද්ගලයෙකි. මෙම පුද්ගලයන් සමාජ ප්‍රචණ්ඩත්වයේ යෙදීමේ සම්භාවිතාව ඉහල අතර ඔවුන්ව අතකොළු ලෙස බොහෝ අන්තවාදී සංවිධාන වලට භාවිතා කල හැකිය.
අපරැක්කේ පුඤ්ඤානන්ද භික්‍ෂුවගේ සිද්ධිය
බාලවයස්කාර කුඩා සාමනේර හිමිවරුන් පස්දෙනෙකුට බරපතළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අපරැක්කේ පුන්‍යානන්ද හිමියන් අදාළ සාමනේර හිමිවරුන්ට ඉඳහිට ලිංගික අතවර කළ බව පිළිගනිමින් කටඋත්තරයක් ලබාදී ඇතැයි අධිකරණයේදී හෙළිවිය.
නාගස්ඇල්ල පමුණුව ශී‍්‍ර විවේකාරමයේ විහාරාධිපති වන අපරැුක්කේ හිමියන් රාතී‍්‍ර කාලයේදී මෙම සාමනේර හිමිවරුන් බියවද්දා ලිංගික අතවර කර ඇතැයි ද පැවසේ. මෙම සාමනේර හිමිවරුන් වයස අවුරුදු 10ත් 14 ත් අතරේ පසුවූ අතර මෙම වින්දිත සාමනේර හිමිවරුන්ට උපදේශන ප්‍රතිකාරයක් ලැබුනේද යන්න පිලිබඳව සඳහනක් නැත.
ස්වපීඩාකාමී භික්‍ෂූන්
විරෝධතාවන් සඳහා ගිනි තබාගෙන මැරෙන බවට හෝ එසේ ගිනි තබා ගෙන දිවි තොර කර ගැනීමට උත්සහ කල භික්‍ෂූන් පිලිබඳව මෑත කාලයේදී වාර්තා වී තිබේ. බෝවත්තේ ඉන්දරතන යනු ගව ඝාතනයට විරෝධය දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී සිරුරට ගිනි තබාගත් භික්‍ෂුවකි. මෙම භික්‍ෂුව පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර ඇති අතර එම භික්‍ෂුවට එරෙහිව උසාවි වරෙන්තු කීපයක් තිබූ බවද පොලිස් පරීක්‍ෂණ වලදී හෙලි විය.
බොහෝ විට ස්වපීඩකත්වය ව්‍යභිචාරී ආශයන් නිසා පැන නගින බව මනෝ විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ. මේ නිසා ස්වපීඩක චර්‍යාවන් පෙන්වන භික්‍ෂූන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම මගින් ආත්ම හානි අවම කර ගත හැකි වෙයි.
මිනිස් බෝම්බයක් වීමට උත්සහ කල සොල්දාදුවා
යුද හමුදා රෝහලේ මා සේවය කල කාලයේදී දුස්සාධ්‍ය විශාදයෙන් පෙළුණු එක් සොල්දාදුවෙකු මා වෙත පැමිණ ඔහුට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වී සතුරා නැසීමට අවශ්‍යයි කියා ඒ සඳහා ඔහුව හමුදාපතිවරයාට යොමු කරන ලෙස ඉල්ලීමක් කලේය. ශ්‍රී ලංකා යුද හමුදාව අන්තර් ජාතික යුද නීති වලට අනුව ක්‍රියා කිරීමට බැඳී තිබෙන නිසා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීම හමුදාව විසින් නොකරන බව කියා මම ඔහුට පිළිතුරු දුන්නෙමි. එහෙත් මෙම සොල්දාදුවා මට පෙරැත්ත කරමින් ඔහුට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වීමට අවශ්‍ය බව කීවේය. මෙවැනි චිත්තයක් ඔහු තුල පහළ වූයේ දේශප්‍රේමය නිසාද නැතහොත් වෙනත් හේතුව නිසාද කියා බැලීම සඳහා මම එකී සොල්දාදුවා සමග කතා බහ කොට ඔහුගේ තොරතුරු විමසුවෙමි.
මෙම පුද්ගලයා උපත ලබන්නේ ඉතා දිලිඳු පවුලකය. පියා මධුලෝලියෙකි. පියා නිතරම ළමුන් ඉදිරියේ ඉතා බරපතල ලෙසින් බිරිඳට පහර දෙයි. මේ නිසා කුඩා කාලයේ සිට දරිද්‍රතාවයෙන් සහ අනාරක්‍ෂිත බවින් ඔහු පීඩා වින්දේය. සමහර විට නිවසේ කෑමට දෙයක් පවා නොවීය. මේ නිසා වයස නවය වන විට ඔහුගේ මව ඔහුව පන්සලට භාර දෙන්නේ කෑම ටික හෝ ලැබෙනු ඇතැයි සිතාගෙනය. ලාබාල වයසේ මහණ වූ මෙම පුද්ගලයා පන්සලේදී වැඩිහිටි භික්‍ෂූන් අතින් ලිංගික අපයෝජනයට ලක්වෙති. ඔහු පැවසූ පරිදි සමහර රාත්‍රී වල වැඩිහිටි භික්‍ෂූන් අට දෙනෙකු පමණ ඔහුව වරින් වර ලිංගික අපයෝජනයට ලක් කොට තිබේ. මෙසේ ලිංගික අපයෝජනයන්ට මුහුණ දෙමින් වසර ගනනාවක් ඔහු පන්සලේ කාලය ගත කරයි. වසර දහ අට වන විට මෙම පුද්ගලයා උපැවිදිව හමුදාවට බැඳේ. හමුදාවේදී ඔහු අන්‍ය සොල්දාදුවන් සමලිංගික ක්‍රියා සඳහා යොමු කරවා ගැනීමට උත්සහ දරයි. මේ නිසා ඔහුට රාජකාරිමය වශයෙන් ආතති තත්වයක් ඇතිවේ. මෙසේ වසර කීපයක් ක්‍රියාන්විත ප්‍රදේශ වල රාජකාරී කරන විට යුද ආතතිය නිසාද ළමා කාලයේ අත් දුටු ක්‍ෂිතිමය අත්දැකීම් නිසාද ඔහු තුල විශාදය හට ගනියි. එහෙත් ඒ සඳහා ඔහුට ප්‍රතිකාර නොලැබේ. විශාද තත්වය යටතේ ඔහු ක්‍රියාන්විත රාජකාරී කරයි. මේ හේතුවෙන් වරක් බංකරයකදී තම අවියෙන් ඔහු වෙඩි තබා ගැනීමට උත්සහ දරයි. නමුත් වෙනත් සොල්දාදුවෙකුගේ මැදිහත් වීමෙන් එය වැලකේ. අණතුරුව මෙම පුද්ගලයා යුද හමුදා රෝහලේ මානසික රෝග වාට්ටුව වෙත යොමු කරනු ලබයි.
බෞද්ධ පන්සල් වල පමණක් නොව ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථාන වලද ළමා අපයෝජනයන් බොහෝ සිදුවෙයි. එහෙත් මේවා වාර්තා කිරීම වෙනුවට යටපත් කෙරේ. මාධ්‍ය විසින් බහුලවම වාර්තා කරනු ලබන්නේ බෞද්ධ භික්‍ෂූන් විසින් කරන ලද අපයෝජනයන් පමණි. ඉස්ලාම් මෙන්ම හින්දු පූජකයන් අතින් සිදු වූ අපයෝජනයන් ද මෑත ඉතිහාසයේ වාර්තා වී තිබේ.
ළමා කාලයේ සිදුවන අපයෝජන වැඩිහිටි දිවියට බලපාන අයුරු
ළමා කාලයේ සිදුවන අපයෝජන නිසා පසු කාලයක විශාදය , පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව , මත්ද්‍රව්‍ය - මත්පැන් ඇබ්බැහිය යනාදී දුර්විපාක මෙන්ම පෞරුෂ අක්‍රමතාද ඇති විය හැකි බව ජෝන් බොල්බි මෙන්ම මෑත කාලයේ බැසිල් වැන්ඩ කොල්ක් වැනි පරියේෂකයන් විසින් පෙන්වා දී තිබේ. මේ නිසා භික්‍ෂූන් විසින් පෙන්වන චර්‍යාත්මක අක්‍රමතාවන් නෛතික කෝණයකින් පමණක් නොව මනෝ විද්‍යාත්මක කෝණයකින් බැලිය යුතුය.
බෞද්ධයෙක්මි. වජිරාරාමයේ නාරද හිමිපානන් යටතේ ධර්මය හැදෑරුවෙක්මි. බුදුදහම පිලිබඳ පොත් සහ ළිපි ලියූ අයෙක්මි. නමුත් මේ ළමා අපයෝජනය මසිත සසළ කරයි.
ළමා සාමනේරවරුන් ආරක්‍ෂා කිරීම
ළමා මහණ කිරීම් සාධාරණීකරනය කිරීම සඳහා බොහෝ දෙනෙකු බුදුරදුන් රාහුල කුමාරයා මහණ කල බව කියති. බුදු රදුන් රාහුල පුතු ළමා කාලයේදීම මහණ කලේ විශේශ හේතුවක් නිසා බව මම සිතමි. රාහුල පුතුට තරමක් වැඩිහිටි දිවියට පත්වී මහණ වීමට හැකියාව තිබුනද ළමා කාලයේදීම මහණ කලේ ඉදිරි කාලයේ එන දේශපාලන වාතාවරණය අහිතකර වන බව බුදුන්ට වැටහීම නිසාය. සුදාවුන් රජුගෙන් පසු රාහුල ශාක්‍ය ජනපදයේ සිහසුනට උරුමක්කාරයා විය. නමුත් ඒ වන විට ශාක්‍ය ජනපදයේ අවුල් වියවුල් හටගෙන තිබුණි. විඩූඩභ ශාක්‍ය වංශිකයන් සමූලඝාතනය කිරීමට අර අඳිමින් සිටියේය. ඉදිරි අනාගතයේ විඩූඩභ විසින් සිදු කරන ජන ඝාතනය පිළිබඳ අවබෝධයෙන් සිටි බුදු රදුන් විඩූඩභ ගේ කඩුවට මුලින්ම ගොදුරු වන්නේ ශාක්‍ය ජනපදයේ සිහසුනට උරුමක්කාරයා බව වටහා ගත්තේය. එම නිසා ළදරු රාහුලව මහණ කරවා ඔහුගේ ජීවිතය සුරක්‍ෂිත කලේය. මේ දේශපාලන වාතාවරණය ගැන අවබෝදයක් නොතිබුණු සුදාවුන් රජුට රාහුල මහණ කිරීම ළමා මහණ කිරීමක් බඳු විය. විඩූඩභ ගේ ශාක්‍ය සංහාරය එළැඹි විට එය වැලැක්වීමට බුදු රදුන් තෙවරක් උත්සහ ගත් නමුත් ශාක්‍යයන් රෝහිනී නදියට විස මුසු කොට ජනයා මරා දැමූ නිසා විඩූඩභට ශාක්‍යන් සමූලඝාතනය කිරීමට අනෙකුත් ජනපදවල සහයද ලැබුණි. විඩූඩභ ශාක්‍යන් සංහාර කොට මහා ගංවතුරකට යටවී මලේය. බුදු රදුන් රාහුල පුතු ළමා කාලයේදීම මහණ කළ නිසා ඔහුට රජ උරුමය පිළිබඳ අාශාවක් ඇති නොවීය. බුදු සසුනේ සිටි නිසා ශාක්‍ය ජනපදයේ සිහසුනට උරුමක්කාරයාගේ දිවි ගැලවිණ.
වර්තමානයේදී සසනයට ඇතුළු වන ළමුන් ආරක්‍ෂා කර ගැනීමේ හෝ ඔවුන් ගැන සොය බැලීමේ ක්‍රමවේදයක් නැත. රජය සහ ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් මේ සඳහා පියවර ගත යුතු වූවද එවැනි පියවරක් ගැනීමට රජය බියක් දක්වන බව පෙනේ. එහෙත් බුදු සසුනේ ආරක්‍ෂාව මෙන්ම සංඝ සාසනයේ චිරස්ථිය අවශ්‍ය නම් මෙවැනි වැඩ පිලිවෙලක් අත්‍යාවශ්‍ය කෙරේ. පන්සල් වල සිටින බාල වයස්කරුවන් පිලිබඳ සොයා බැලීම හා ඔවුන් ගේ කායික මානසික සුවතාව ඇගයීම මගින් වඩාත් නිරෝගී සංඝ පරපුරක් ඇති කල හැකිය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
http://transyl2014.blogspot.com/

පූජකාරාම තුල සිදු වන ලිංගික අපයෝජනයන්

Last edited: