ප්‍රථම_ප්‍රේමය
මුලින්ම කියන්න ඕනේ මේක ෆේස්බුක් එකේ මගේ යාලුවෙක් දාල තිබ්බ ලිපියක්..මේක එයාට කොහෙන් හම්බ වුනාද දන්නේ නෑ..එයා ලිව්වද දන්නෙත් නෑ..නැත්තම් එලකිරියෙන්,බ්ලොග් එකකින් ගත්තද දන්නෙත් නෑ..මොනවා වුනත් හොඳයි කියල හිතුන නිසා කට්ටිය එක්ක බෙදා ගන්න හිතුන..ලිපියේ සියලු ගෞරවය මුලින්ම මේක ලියපු කෙනාට හිමි විය යුතුයි...

මේ ලිපියේ කියවෙන්නේ ප්‍රථම ආදරය ගැන..ඇත්තටම ප්‍රථම ආදරයත් එක්ක අපිට ජිවිතයේ හැමදාම ඉන්න පුළුවන් නම් අපි හරි වාසනාවන්තයි..නමුත් ඒ ආදරය බිඳිල ගියොත්..ගොඩක් අයට ඒක දරා ගන්න අමාරුයි..අමතක කරන්න අමාරුයි..ඒ තරමට ප්‍රථම ආදරය සංවේදී යි..දෙවෙනි ආදරයක් ලැබුනත් අපිට ප්‍රථම ආදරේ මතක හැමදාම රැදිලා තියෙනවා...

නමුත් මම නම් කියන්නේ අපිට ප්‍රථම ආදරේට වඩා හොඳ දෙවෙනි ආදරයක් ලැබුනොත් අපිට පරණ දේවල් සේරම අමතක කරන්න පුළුවන් කියලයි...

ඉතින් මේ ලිපියෙන් කියවෙන්නේ ප්‍රථම ආදරය අමතක කරන්න බැරි ඇයි කියල..ලිපිය බැලුවම නම් සේරම ඇත්ත කියල හිතෙනවා..ඔයාලත් බලන්නකෝ..නැවතත් කියනවා...ලිපියේ සියලු ගෞරවය මුලින්ම මේක ලියපු කෙනාට හිමි විය යුතුයි...ඔන්න එහෙනම් ලිපිය...

ප්‍රථම ප්‍රේමය අමතක කළ නොහැක්කේ ඇයි?????
ලොව වසන බහුතරයක් වූ මිනිසුන් පිරිසක් ප්‍රථම ප්‍රේමය අහිමි වීමෙන් පීඩා විදිති. එය එසේ විමට මා දකින කරුණු කිහිපයක් පහතින් සදහන් කරමි..
1. ආදරයතුල අප විදින සෑම අත්දැකීමක් කුලුදුල් වන්නේ ප්‍රථම ප්‍රේමය තුලය.
2. බොළද ආදරය යනුවෙන් හදුන්වන ආශාවල් පමණක් යදින ජීවිතයක මිහිර ඇත්තේ එය තුල පමණක්වීම.
3. වයසින් මුහුකුරා යත්ම ප්‍රථම ප්‍රේමයෙන් ඉටු කරන ලද අශාවල් නැවතත් ඉල්ලා සිටිය නොහැකි නිසා සිත තුල ඇති වන්නා වූ පීඩනය.
අප බොළද ප්‍රේමයතුල බොහෝ බොලද වන්නේය.
එය වයසින් මුහුකුරා ගිය පසු ලැබෙන ආදරයෙන් ඉල්ලා සිටීම හෝ ලැබීම ලැජ්ජාවට කාරණයක් මෙන් බොහෝදෙනා දකිති.
(උදා* ප්‍රථම ප්‍රේමය තුල දුරකථනයෙන් සිප වැළද ගැනීමෙන් පවා අසීමිතව සැනෙසෙන මිනිසුන් වයසින් මුහුකුරා යත්ම එවැනි ආසාවල් හිත තුල පැවතියද “අපි දැන් ලොකුයි එහෙම බොළද වැඩ උවමනා නැතැ”යි යනුවෙන් සිතා හිත හදා ගැනීමට පුරුදුව සිටිමු, නමුදු “එයා හිටිය නමි කිස් එකක් දෙනවා යැයි “තමාම සිතා ගනිමින් අහේතුක දුකක් අත් විදිති)
4. ලැබූ ප්‍රථම ආදරයේ මිහිර දෙවනි පෙම්වතා හෝ පෙම්වතිය සමග බෙදා ගැනීමට ඇති අකමැත්ත.
එනම් දෙවනුව ලබන අදාරය තුල ප්‍රථම ප්‍රේමය පිළිදව කිසිත් කතිකා කර නොගනී. එසේ කතිකා කිරීමෙන් දෙදෙනා විරසක වන්නේ නම් එයින් අදහස් වනුයේ දෙදෙනා අතර මනා අවබෝධයක් නොමැති බවය. එසේ පැවසීමෙන් වෙන කෙනෙක්ගෙ තුරුලෙ හිටපු කෙනෙක් යැයි සිතුවිල්ලක් ඇති වන නිසා එය කීමෙන් වැලකී සිටියහොත්, පසු කලක එය දැන ගත්විට ඇයි මෙචිචර දවස් නොකිය හිටියෙ, තව මොනවද හංගගෙන හිටියෙ යැයි, අසූ තැන් සිට දෙදෙනා අතර තිබෙන්නා වූ විශ්වාසය පලුදු වී යාමට හැක. යමක් වසන් කිරීමෙන් අත් වන්නා වූ කිසිදු යහපත් ඉරණමක් නොමැත.
5 ප්‍රථම ආදරය තුල අප සියල දේ කැප කිරීමට සුදානම් වන්නෙමු නමුදු දෙවනි ආදරයතුල එවැනි කැප කිරීමක් සදහා සිත පෙළඹවිමක් සිදු නොවන අතර ලබා ගැනීම සදහා පමණක් ආසාවක් පවතී.
මිනිසුන් ලබන දෙවැනි ආදරයක්තුල සැනසීමට නොහැක්කේ ඇයි??
අප දෙවැනි ආදරයක්තුල ලබන සෑම හැගීමක්ම පලමු ප්‍රේමය හා සැසදීම අප අතින් ඇල්ලුවද සිතනුසේ කලින් කෙනා මෙහෙම නෙමේ යැයි සිතුවිල්ල සිතතුල නිතර හොල්මන් කරයි.
නමුත් එම සිතුවිල්ල පවසා එම සුවය අත් විදීමට අප මැලිවන්නෙමු. බොහෝවිට ලබන දෙවනි ආදරයක්තුල අප කොපමණ ආදරය ලැබූවත් පෙර ආදරය සමග සැසදීමට යාමෙන් අප ලබන වින්දනය අප විසින්ම නැති කර ගනු ලබන බව මා තරයේ විශ්වාස කරමි.
අප සියල්ලොම මිනිසුන් වෙමු. ආදරය ඉදිරියේ හිගමන්යදින්නෝ වෙමු. නමුත් අප හිත්තුල ඇතිවන්නා වූ අශාවන් එකිකනකා අතර හුවමාරු කරගැනිමට අප මැලි වෙමු.
එම හේතුව අප රටතුල විවාහ දෙදරා යාමට හේතුවන ප්‍රධාන සාධයකි..විශේෂයෙන් කාන්තාවන්ගේ හිත්තුල කොපමණ ආශාවල් පැවතියද මොකක්දෝ සොයාගත නොහැකි හේතුවක් නිසාවෙන් එවන් වූ සිතුවිලි සිත තුල සිරකරගෙන පිඩාවන් විදිති.
මාගේ මතයනම් දෙදෙනෙකු ආදරය නම් දෙදෙනා අතර කිසිදු රහසක් පැවතිය නොහැක.
අශාවන් අදහස් වැනි සියලුම සිතුවිලි දෙදෙනා අතර හුවමාරුවිය යුතුය. ප්‍රථම ප්‍රේමයේ මිහිර දෙදෙනාම පැවසිය යුතුය.
මක්නිසාද යත් අපතුල අනුන්ගේ සිත් දැකීමේ නුවණක් නොපවතින බැවිනි. එකිනෙකා කොපමණ ආදරයකින් හෝ බැදීමකින් පසු වුවද දෙදෙනාට සිත් කියවීම කිසිසේත් සිදුකළ නොහැක.
ප්‍රථම ප්‍රේමයතුල ලැබූ සතුට සහ හැගීම් අභිබවා ලබන්නා වූ ආදරයක් හා රැකවරණයක් තුල ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් දුක් වීමට කාළයක් හෝ ඉඩක් ඉතුරුවන්නේ නැත........

ඔන්න ඔහොමයි ලිපිය..ඔයාලට මොනවද හිතෙන්නේ මේ ගැන..ඔයාලගේ අදහසුත් දක්වන්න..ගොඩක් අයට ඒක වැදගත් වෙයි..

_________________________________________________