සුනෙත් කියන්නේ පුද්ගලික ආයතනයක වැඩ කරන විධායක නිලධාරියෙක්. ඔහුට වයස අවුරුදු 36 යි ඔහු විවාහකයි. ඔහුට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඔහු මොන තරම් හොඳට ඉගෙනගෙන වැදගත් රැකියාවක් කරත්, ඔහුගේ අසාමාන්‍ය හැසිරීම නිසා ඔහුව පීඩනයට පත්වෙලා. ඔහු විතරක් නෙවෙයි ඔහුගේ මෙම අසාමාන්‍ය හැසිරීම නිසා පීඩනයට පත්වූ බිරිඳ තමයි ඔහු ගැන කතා කරන්න ගත්තේ. මේ සුනෙත් ගේ බිරිඳ පැවසූ දේ…
” මම සුනීත marry කලේ විවාහ යෝජනාවකින්. එයා හරිම හොඳ කෙනෙක්. මටයි දරුවන්ටයි වෙන්න ඕනි හැම යුතුකමක්ම එයා හොඳට කරනවා. ඒත් එයාගෙ මේ අසාමාන්‍ය හැසිරීම් රටාව නිසා මම හරිම පීඩනයට පත්වෙලා ඉන්නෙ. එයා හරි පිලිවෙලට අඳින කෙනෙක්. ඒ වගේම එයාගේ වැඩක් හරිම පිළිවෙලයි. ඒ මොන දේ උනත් එයා කරන වැඩ නිසා එයා හරිම පහත් කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ. එයා ගැහැනු අයට එයාගෙ ලිංගික අවයව පෙන්නනවා. මේ ගැන මුලින්ම හරියට දැනගෙන හිටියෙ නැහැ. එයා ඇයි මෙහෙම කරන්නේ කියලා. මං බොහොම අමාරුවෙන් තමයි එයාගෙන් ඒ ගැන දැනගත්තේ .ගෑනු ළමයි ඉන්න තැන් වල, පාසල්, walking path වගේ තැන්වල ගිහින් එයාගෙ ලිංගික අවයවය ගෑණු ළමයින්ට පෙන්නනව. මෙයාට පිරිසක් අල්ලගෙන හොඳටම ගහලා තිබුණ.”
මේ සුනෙත් කතාව
“මමත් මේ නිසා ලොකු පීඩනයකින් ඉන්නේ. අනෙක මං කරන රැකියාවත් එක්ක මගේ තත්වෙට මේක හොඳ නෑ කියලා මං දන්නවා. ඒත් මට ඒක නතර කරගන්න බැහැ. ඒකෙන් මං ලොකු සතුටක් ලබනවා. කොටින්ම කිව්වොත් මම මගේ බිරිඳත් එක්ක ලිංගිකව එකතු වෙනකොට දැනෙන සතුටට වඩා ලොකු සතුටක් මේ නිසා මට ලබනවා. වැරදි දෙයක් කියලා දැනුනට මට ඒකෙන් මිදෙන්න බැහැ”.සුනීත තිබුණේ ප්‍රදර්ශනාත්මක කාමුකත්වය නැතිනම් (Exhibitionism) කියන මානසික රෝගී තත්ත්වයයි. අසාමාන්‍ය ලිංගික හැසිරීම් ඇති පුද්ගලයෙක් ලෙස මෙවැනි පුද්ගලයන් හඳුන්වා දෙන්න පුළුවන්. මෙවැනි රෝගී තත්ත්වයක් ඇති පුද්ගලයෝ තමන්ගේ ලිංගික අවයව ප්‍රදර්ශනය කරලා සතුටට පත් වෙනවා. ඒ සඳහා ඔවුන් බොහෝ විට ප්‍රසිද්ධ ස්ථාන තමයි තෝරගන්නේ .උදාහරණ වශයෙන් බස් හෝල්ට් ,ගෑනු ළමයි සිටින පාසල්, ගැහැණු නාන ස්ථාන ,වැනි තැන් තෝරගන්නවා. මෙවැනි තත්ත්වයන්ට වැඩිපුරම ගොදුරු වන්නේ පිරිමි පාර්ශවයයි .මෙලෙස ලිංගික අවයව පෙන්වීම මගින් මොවුන් විශාල තෘප්තිමත් භාවයට පත් වෙනවා . ඔවුන් මෙලෙස සතුටට පත්වන කාරණය ගැන ඇහුවොත් ඔබ පුදුමයට පත් වේවි. තම ලිංගික අවයව පෙන්වීමේදී බයට පත් වෙන කාන්තාවන් හෝ ගැහැනු ලමුන්ගේ බයවෙන මුහුණු හා ඔවුන් කෑ ගසන ආකාරයට මොවුන් ඉතා කැමති. ලිංගික අවයව පෙන්වා සතුටට පත් වුවත් මොවුන් ලිංගික අතවර කිරීම් වලට යන්නේ නැහැ.
Exhibitionism නැතිනම් ප්‍රදර්ශනාත්මක කාමුකත්වය ඇතිවීමට බලපාන හේතු
- පුංචි කාලෙදි ලිංගික අතවර වලට ලක් වීම
- පුංචි කාලේ ලිංගික හැසිරීම් හෝ දරුවන්ට නොසුදුසු චිත්‍රපට දැකීම එමගින් ඔවුන් ලිංගික උත්තේජනයට පත්වීම
උපදේශනයේදී මෙවැනි රෝගීන් හට මෙන්ම පවුලේ අයට ද මනෝ උපදේශනය වැදගත් වන්නේ එබැවිනි. එහිදී මෙවැනි රෝගී තත්වයන් ඇති පුද්ගලයන් සමග හැසිරිය යුතු ආකාරය ගැනත් අවබෝධ කරලා දෙනවා. එමෙන්ම ඔහුගේ මෙම රෝගී තත්ත්වය නිසා එනම් ඔහුගේ මෙම හැසිරීම් රටා නිසා ඔහුට සිදු වෙන හානි, එමෙන්ම ඔහුගේ පවුලට ඔහුට රැකියාවට, සමාජයෙන් ඔහුට අහිමි වන දේවල් ගැනත් කතා කරනවා. මේ නිසා මෙවැනි රෝගීන් හට ශාරීරික හිංසා කිරීම් නොකර නිසි වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශනයට යොමු කිරීම මගින් ඔවුන් එයින් ව මුදවා ගැනීමට හැකියි. එහෙම අගින් ඔහුට ඔහුගේ පවුලේ අයට මෙන්ම මුළුමහත් සමාජයටම සිදුවන්නේ යහපතකි.
