ප්‍රදීප් එක්නැලිගොඩ නම් වූ සිංහල කොටියා..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප්ලේන් එකක්‌ බිම දාන්න හැදූ කවුද මේ ප්‍රදීප් රංජිත්?


    kavendran77.jpg


    එල්ටිටී සාම්පූර් බුද්ධි ප්‍රධානියාව සිටි තවේන්ද්‍රන්


    යහපාලනයේ ආරම්භයත් සමග ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය ලහි ලහියේ කරළියට ගෙනා සීඅයිඩීයේ මහත්වරු එකී සිද්ධිය පෙන්වමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු සහ තවත් නිලධාරින් පිරිසක්‌ අත්අඩංගුවට ගනු ලැබුවේ මීට මාස දහයකට පමණ ඉහතදීය.

    පසුව මාස තුනක කාලයක්‌ රඳවා ගැනීමේ නියෝග මත රට බේරා ගත් ඒ රණවිරුවන්ව සිරකරගෙන ප්‍රශ්න කළ සීඅයිඩීය අවසානයේ ඉන් කිහිප දෙනකු රජයේ සාක්‍ෂිකරුවන් ලෙස මුදා හරිනු ලැබීය. ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ඇතුළු හය දෙනකු පමණක්‌ එක්‌නැලිගොඩ ඝාතනයේ සැකකරුවන් යෑයි කියමින් දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටද කටයුතු කළේය.

    සීඅයිඩීයේ මේ ආරම්භයත් සමඟ එදා එක්‌වරම අපේ සිහියට නැඟුණේ 2002 වසරේ සිදු කෙරුණු "මිලේනියම් සිටි" නින්දිත පාවාදීමය. එහෙත් අපට නිහඬව බලා සිටින්නට සිදු විය. මන්ද ඇරඹී තිබුණේ යහපාලනය නිසාය. ඉතින් අපි අතපය බැඳගෙන පිහිනා යා නොහැකි නිසා ඔහේ බලා සිටියෙමු.

    මේ නිසාම එකී රණවිරුවන් අත්අඩංගුවට ගැනීමේ සීඅයිඩීයේ එක්‌නැලිගොඩ කතාව එතරම් සමාජගත වීමක්‌ද නොවීය. එහෙත් අවසානයේ මේ එක්‌නැලිගොඩ කතාව ජනතාව අතරට ගෙනයන්නට අපට පාර පෙන්වා දුන්නේද සීඅයිඩී මහත්වරුම ය.

    ඒ පසුගිය ජනවාරි එකොළොස්‌ වැනිදා හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ එම නඩුව විභාගයට ගත් අවස්‌ථාවේ අධිකරණ නියෝගයක්‌ තිබියදීත් එක්‌නැලිගොඩ විමර්ශනයට යුද හමුදාව සහාය නොදෙන්නේ යෑයි පවසමින් මහෙස්‌ත්‍රාත්වරයාට කරුණු දැක්‌වීමත් සමගිනි.

    මෙසේ අධිකරණය ඉදිරියේ කරුණු පැවසීමත් සමග හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා, අධිකරණ නියෝගයක්‌ තිබියදී යුද හමුදාව සහාය නොදෙන්නේ නම් යුද හමුදාපතිවරයාට එරෙහිව නඩු පැවරිය හැකි බව රහස්‌ පොලිසියට පෙන්වා දුන්නේය. එක්‌නැලිගොඩ කතාවට ජනතා අවධානය යොමු වූයේ මෙකී සිද්ධිය පසුදා මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමගය.

    මෙහිදී තවත් විශේෂිත දෙයක්‌ද සිදුවිය. ඒ හෝමාගම අධිකරණයේ කතාව ඇසූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වහාම ක්‍රියාත්මක වී ඉතිහාසයේ කිසි දිනකත් සිදු නොවූ පරිදි යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බලකායේ ගිරිතලේ කඳවුර සීල් තැබීමට පියවර ගැනීමය. එය රටේ ජනතා අවධානය තව තවත් එක්‌නැලිගොඩ කතාව දෙසට යොමු කරවන්නක්‌ විය.

    මෙසේ ගිරිතලේ කඳවුර සීල් කළ යුද හමුදාපතිවරයා අවසානයේ යුද හමුදා පොලිසිය යොදවා විමර්ශනයක්‌ සිදු කර මීට දින දොළහකට පමණ ඉහතදී එහි තිබූ එක්‌තරා හඬපටයක්‌ ගෙන සීඅයිඩීයට භාර දුන්නේය. මෙකී හඬ පටයේ තිබුණේ මොනවාද?

    පොලිස්‌ මූලස්‌ථානයෙන් ලැබනෙ ආරංචි මාර්ග අනුව කියෑවෙන්නේ එහි අන්තර්ගතව ඇත්තේ ප්‍රදීප් රංජිත් නමැති කොළඹ සිට ක්‍රියාත්මක වූ සිංහල කොටියකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතය කිරීමට එල්ටීටීඊය සමග කරන සැලසුමකට අදාළ කතාවක්‌ බවය.

    ප්‍රදීප් රංජිත් නමැති සිංහල කොටියා හෙවත් ත්‍රස්‌තවාදියාට අදාළ එම හඬපටයට අනුව ඉහළ පෙළේ ප්‍රභූවරයකු විදේශගත වන අවස්‌ථාවක ඔහු ගමන් කරන ගුවන් යානයට කටුනායක ප්‍රදේශයේදී ප්‍රහාරයක්‌ එල්ල කර ඔහු ඝාතනය කිරීම කොටින්ගේ මූලික ඉලක්‌කය වී තිබී ඇත.

    ඉන් පසුව එකී ඝාතනයට වත්මන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හෝ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැටලවීමට ඒ හඬපටයට අනුව සැලසුම් කරන බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.


    එහි ඇතුළත් වන්නේ එවන් සැලසුමක්‌ නම් මෙය සිදු විය යුත්තේ ඉකුත් 2009 වසරේ මැයි මාසයෙන් පසුව විය යුතුය. මන්ද එවකට යුද හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෙµdන්සේකා සහ මහින්ද රාජපක්‍ෂ මහතා අතර විරසකයක්‌ ගොඩ නැගෙන්නේ මුල්ලවයික්‌කාල් හි බල්ලා මැරීම හෙවත් අපේ රණවිරුවන් මිනීමරු ප්‍රභාකරන් පරලොව යෑවීමෙන් පසුව වන නිසාය.

    එකී හඬ පටයෙන් කියෑවෙන්නේ මේ කතාව නම් එය අතිශය භයානක සැලසුමකි. මන්ද මෙහිදී සිදු කෙරෙන්නේ රටට සාමය ගෙන දීමට කටයුතු කළා වූ දේශපාලන නායකත්වය සහ යුද නායකත්වය එකවර වනසා දැමීමට කරනු ලබන කුමන්ත්‍රණයක්‌ වන නිසාය.

    එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් සමග සම්බන්ධ වෙමින් මෙකී බිහිසුණු කුමන්ත්‍රණය කළ බව කියන මේ පී. රංජිත් නොහොත් ප්‍රදීප් රංජිත් නමැති සිංහල කොටි ත්‍රස්‌තවාදියා යනු කවරෙක්‌ද?

    එය නන්දිකඩාල් කලපුවේ කරවටක්‌ ගිලී අපාගත වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති මිනීමරුවා මැරුම් කෑ ඉකුත් 2009 වසරේ මැයි මස 18 වැනිදායින් පසුව ගෙවී ගිය කෙටි කාලසීමාව විය. ඒ වන විට එල්ටීටීඊය සමඟ වූ සටන අවසන්ව තිබුණද මේ කාලයේදී යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් විසින් එක්‌ වටිනා හෙළිදරව්වක්‌ කරගනු ලැබිණ.

    ඒ ප්‍රභාකරන් මිය ගියද යළි ත්‍රස්‌තවාදය මතු කිරීමේ සැලසුමකට අනුව සටනින් පසු පලා ගිය ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ කණ්‌ඩායම් කිහිපයකට බෙදී වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර වැනි ප්‍රදේශයන්හි කැලෑබදව රැඳී සිටින්නේ යෑයි යන්නය.

    එකී ත්‍රස්‌තවාදීන් සැඟව සිටින අතරේ විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව සමඟ සබඳතා ගොඩනඟා ගනිමින් ඔවුන්ගේ සහාය ඇතිව යළි හිස එසැවීමට සැරසෙන බවටද එදා සන්නද්ධ බුද්ධි බළකායට වාර්තා වී තිබිණි. මේ අනුව එකී ත්‍රස්‌තවාදීන්ව කොටු කර ගැනීමේ මෙහෙයුමක්‌ වහාම ආරම්භ කිරීමට සන්නද්ධ බුද්ධි නිලධාරිහු කටයුතු කළහ.

    මෙකී මෙහෙයුම සඳහා යුද හමුදා විශේෂ බළකායේ සහ කොමාණ්‌ඩෝ බළකායේ සහාය ලබා ගැනීමටද කටයුතු කර තිබිණ. මෙසේ සන්නද්ධ බුද්ධි නිලධාරින් යුද්ධය අවසානයෙන් පසුවත් රටේ ඒකීයභාවය වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටියදී ඒ දිනවල තවත් විශේෂිත දෙයක්‌ද සිදු විය.

    ඒ කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ එල්ටීටීඊ බුද්ධි අංශ ප්‍රධානියාව සිටි සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් තවේන්ද්‍රන් වන්නි ප්‍රදේශයේදී යුද හමුදාවට භාර වීමය. තවේන්ද්‍රන් යනු එල්ටීටීඊයේ සිටි ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නායකයකු විය.

    දෙමළ ජාතික පියකුට සහ සිංහල ජාතික මවකට දාව උපන් පුද්ගලයකු වූ තවේන්ද්‍රනA හමුදාවට භාර වීමත් සමග ඔහුව ත්‍රිකුණාමලය සන්නද්ධ බුද්ධි නිලධාරින් වෙත යෑවීමට වන්නි හමුදා ප්‍රධානීහු එදා කටයුතු කළේය. පසුව ත්‍රිකුණාමලය සන්නද්ධ බුද්ධි නිලධාරින් උපක්‍රමශීලිව තවේන්ද්‍රන්ගේ සිතුවිලි වෙනස්‌ කර ඔහු සම්බන්ධ කර ගනිමින් ඉතා සුක්‍ෂම සහ රහසිගත මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබීය.

    ඒ කැලෑ වැදී සිටින අනෙකුත් කොටි ත්‍රස්‌තවාදීන් පැහැදිලිව හඳුනාගෙන කොටු කර ගනු පිණිසය. ශ්‍රී ලංකා යුද හමුදාව මගින් එකී රහසිගත මෙහෙයුම නම් කරනු ලැබුවේ "ඔපරේෂන් බල් එඡ්" නමිනි. මෙම මෙහෙයුමට අනුව කෙටි කලක්‌ ගත වෙද්දී කැලෑ වැදී සිටි එල්ටීටීඊයේ මඩකලපුව බුද්ධි අංශ නායකයාව සිටි පිරබා කොටු කරගෙන ඔහුවද තමන් වෙත නම්මවා ගැනීමට යුද හමුදාව සමත් විය.

    ඒ අන්දමින් එල්ටීටීඊයේ නැගෙනහිර සන්නද්ධ බුද්ධි ප්‍රධානියාව සිටි රාම් සහ දෙවැනියා වූ නගුලන්වද යුද හමුදාව හා සම්බන්ධ කර ගැනීමට පසුව එම නිලධාරිහු සමත් විය. මෙසේ පිරබා, රාම් සහ නගුලන්ද යුද හමුදාවට අනුව කටයුතු කරන ඔත්තුකරුවන් වීමත් සමඟ එදා එල්ටීටීඊය නැවත නඟා සිටුවීමට විදේශගත කොටිහිතවාදී ඩයස්‌පෝරාව ගනු ලැබූ උත්සාහය මුළුමනින්ම ව්‍යර්ථ වී ගියේය.

    නමුත් තවේන්ද්‍රන්, රාම්, නගුලන් සහ පිරබා වැන්නවුන් යුද හමුදාවේ ඔත්තුකරුවන් වී හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සමඟ කටයුතු කරන බවක්‌ කිසිවකුත් දැන නොසිටියේය. මන්ද හමුදාව සමඟ සිටියදීත් මොවුන් දිගින් දිගටම විදේශගත කොටි ජාලය සමඟ හමුදාවේ උපදෙස්‌ මත සබඳතා පැවැත්වීමය.

    විදේශගත එල්ටීටීඊ ජාලයේ සියලු තොරතුරුද මේ ඔස්‌සේ තමන් අතට ගැනීමට යුද හමුදා සන්නද්ධ බුද්ධි නිලධාරීහු එදා සමත් වූහ. මෙසේ කටයුතු සිදු වන අතරේ ඉහතකී කොටි ත්‍රස්‌තවාදීන් සමග ක්‍රියාත්මක වූ මෙරට ජාලය කුමක්‌දැයි සෙවීමටද යුද හමුදා සන්නද්ධ බුද්ධි නිලධාරින් කටයුතු කර තිබිණි.

    එහිදී තවේන්ද්‍රන් සමග ක්‍රියාත්මක වූ මෙරට සහ පිටරට සිටින කොටි ඒජන්තයන් රැසක්‌ම සිටින බව ඔවුන්ට පෙනී ගියේය. පසුව ඔවුන් සමඟද දිගින් දිගටම සබඳතා පවත්වාගෙන යන ලෙස යුද හමුදා බුද්ධි නිලධාරින් තවේන්ද්‍රන්ට උපදෙස්‌ දෙනු ලැබීය.

    තවේන්ද්‍රන් සමග ක්‍රියාත්මක වූ මෙරට ජාලයට ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ජෙයන්දන්, ශිවන්දන්, නිමල්, සිවම්, චන්ද්‍රන්, ජෙයා, මුහුන්දන්, කිරුබා, රාසා නමැති ත්‍රස්‌තවාදීන් සම්බන්ධව සිට තිබූ අතර කොළඹ ප්‍රදේශයෙන් ප්‍රදීප් රංජිත් නොහොත් පී රංජිත්, දිනේෂ්, සිවනේෂන් සහ සුදාකරන් යන ත්‍රස්‌තවාදීහු සම්බන්ධව සිටියහ.

    මෙකී තවේන්ද්‍රන්ගේ ජාලයට අම්බලගන්, අන්බු නමැති ත්‍රස්‌තයන් වව්නියාව ප්‍රදේශයෙන් සම්බන්ධ වී සිටි අතර විදේශයන්හි සිට එල්ටීටීඊ බුද්ධි අංශ ප්‍රබලයකු වූ කපිල් මාස්‌ටර් සමඟ ශ්‍රී, ෂදිස්‌, සුරේන්, සරෝන්, ශිවකුමාර්, අයියන්, ඉලෙක්‌කියන්, පවුලිස්‌, නඩා සහ වසී නමැති එල්ටීටීඊයේ බුද්ධි සහ සන්නද්ධ කොටි ත්‍රස්‌තයන් සබඳතා පවත්වා තිබිණ.

    එක්‌නැලිගොඩ විමර්ශනයට අනුව යුද හමුදාව මගින් පසුගියදා සීඅයිඩීයට බාර දී තිබුණේ ඉහත සඳහන් වූ පී. රංජිත් නොහොත් ප්‍රදීප් රංජිත් නමැති කොළඹ සිට තවේන්ද්‍රන් සමඟ සබඳතා පැවත්වූ කොටි ත්‍රස්‌තවාදියාගේ හඬ පටයකි.

    පී. රංජිත් නොහොත් ප්‍රදීප් රංජිත් නමැති කොටි ත්‍රස්‌තවාදියා ඉහළ ළේ ප්‍රභූ දේශපාලනඥයකු ඝාතනයට සැලසුම් කරනුයේ තවේන්ද්‍රන් එසේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ඉත්තකු වී සිටියදීය.

    එහෙත් ඔහු ඒ බවක්‌ නොදැන සිටියේය. එසේ සිදු වූයේ "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුමේ තිබූ සූක්‍ෂම සහ අතිශය රහසිගත බව නිසාය. මෙකී මෙහෙයුමට අනුව යුද්ධය අවසානයේ එදා එල්ටීටීඊය යළි ප්‍රතිසංවිධානයට සැඟව සිටි කොටි ත්‍රස්‌තවාදීන් යුද හමුදා සන්නද්ධ බුද්ධි නිලධාරින්ට ගොදුරු වී ඇත්තේ හරි අපූරු ලෙසිනි.

    ඒ කතා පෙළ ඉතා රසවත්ය. එසේම විශ්මිතය. ඇතැම් අවස්‌ථාවල අතිශය බිහිසුණුය. එනිසාම "ඔපරේෂන් ඩබල් එඡ්" හි කතා පෙළ එකින් එක පෙළ ගස්‌වන්නට ඉදිරියේදී අපි බලාපොරොත්තු වන්නෙමු. ඒ යුද හමුදා සන්නද්ධ බුද්ධි නිලධාරින් මේ රටේ විමුක්‌තිය උදෙසා කැපවූ අන්දම ජනතාවට වටහා දෙනු පිණිසය.

    පී. රංජිත් නොහොත් ප්‍රදීප් රංජිත් නමැති කොටි ත්‍රස්‌තවාදියා හෙවත් සිංහල කොටියාද කිසිත් නොදැන ප්‍රභූ දේහපාලනඥයා ඝාතනය කර ඒ වගකීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හෝ ඇමැති පාඨලී චම්පික පිට පැටවීමට කුමන්ත්‍රණය කරමින් නිරුවත් වන්නේ මේ "ඔපරේෂන් ඩබල් එඡ්" ඉදිරියේය.

    එල්ටීටීඊයේ හිටපු සන්නද්ධ බුද්ධි ප්‍රබලයනුත් ඒ මෙහෙයුමේදී නිරුවත් වූයේ නම් කොළඹ සිටිමින් උපන් බිම පාවා දුන් පී. රංජිත් නමැති සිංහල කොටි කැනහිලා යනු "ඔපරේෂන් ඩබල් එඡ්" ඉදිරියේ බලන කල මොන අපතයෙක්‌ද? මේකා තවේන්ද්‍රන් සමඟ සබඳතා පවත්වා ඇත්තේ 2002 වසරේ සිට බවද එකල යුද හමුදාව මගින් අනාවරණය කරගෙන තිබිණ. ඒ එසේ කරන පාවා දීම් හමුවේ කොටින්ගෙන් ලැබුණ රුපියල් පහළොස්‌ දහසක වැටුපටය.

    ඉතින් මූ මොන තරම් කාලකණ්‌ණියෙක්‌ද? කෙසේ වෙතත් යුද හමුදාව මගින් පසුගියදා සීඅයිඩීයට භාර දුන් මෙකී ප්‍රදීප් රංජිත් නමැති කොටි ත්‍රස්‌තවාදියාගේ හඬ පටය ඉකුත් 25 වැනිදා සීඅයිඩීය එක්‌නැලිගොඩ විමර්ශනයට හමුවේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    ඒ අනුව සීඅයිඩීය මේ නොකියා කියනුයේ රුපියල් පහළොස්‌ දහසකට එල්ටීටීඊයට රට පාවා දෙමින් තවේන්ද්‍රන්ගේ ජාලයේ කොටි ඔත්තුකරුවකුව සිටි පී. රංජිත් නොහොත් ප්‍රදීප් රංජිත් යනු ප්‍රගීත් එක්‌නැලිගොඩ කියාද? එය දැන් අපට ඇති බරපතළම ප්‍රශ්නය වන්නේය.

    ඉහළ පෙළේ ප්‍රභූ දේහපාලනඥයා ඝාතනයට කුමන්ත්‍රණය කළ මේ ප්‍රදීප් රංජිත් යනු කවරෙක්‌ද? අද රට ඉදිරියේ ඇති මේ ගැටලුවට දැන් පිළිතුරු දිය යුත්තේ එක්‌නැලිගොඩ විමර්ශනයට අනුව යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල්වරුන් වන ශම්මි කුමාරරත්න සහ ප්‍රබෝධය සිරිවර්ධන ඇතුළු වීරොAධාර රණවිරුවන් හය දෙනකුට දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ මිනිස්‌ ඝාතන චෝදනා එල්ල කළ සීඅයිඩීයේ මහත්වරුය.

    මතු සම්බන්ධයි

    සමන් ගමගේ

    http://www.divaina.com/2016/01/31/feature25.html
     
    Last edited:
    • Like
    Reactions: MNV

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මාව බිත්තියට හේත්තු කරන්න එපා. ප්‍රතිඵල දරුණු වෙයි " - මහින්ද වසර 10 කට පෙර කළ අපූරු ප්‍රකාශය.







    මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිධූරයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දාය. ඉන් මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු සිදු කළ සුවිශේෂි ප්‍රකාශයක් නැවත මෙලෙස පළ කරන්නේ
    අද නැවත දේශපාලනය තුල ඒ අතීතයම නැවත වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් පවතී යැයි හැඟෙන බැවිනි.

    මීට වසර දහයකට පමණ පෙර සිදු වූ මේ සංවාදය අපට කියාදෙන පාඩම තේරුම් ගමු...
    මේ 2006 ජනවාරි 29 දින දිවයින පුවත්පත ඒ පුවත වාර්ථා කළ ආකාරයයි...

    ++++++++++++++++++
    අඟහරුවාදා සවස නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සොල්හයිම් ජනාධිපතිතුමා දැක ගන්නට ගියේය. ඔහූ ගියේ පසූවදා උදේ තමා ඇතුළු නියෝජිත පිරිසක් වන්නියට ගොස් ප්‍රභාකරන් මූණගැසී සාකච්ඡා කරන බව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනූම් දීමටය.
    මෙහිදී සිදුවූ විශේෂත්වය වූයේ ජනාධිපතිතුමා ඉතා හැඟුම්බරව හා තදින් කතා කරන්නට වීමයි.

    "මේ රටේ බලයට පත් වූණ හැම නායකයෙකුටම කොටි සංවිධානය කාලයක් දුන්නා. නමූත් මට මේ අය සති දෙකක්වත් දුන්නෙ නැහැ. මම දිවූරුම් දුන්නේ 19 වැනිදා. සතියක් ඇතුළත එල්ටීටීඊ එක හමූදා භටයන් 14 දෙනෙක් මැරුවා. ආයෙත් සතියක් ඇතුළත තව 10 දෙනෙක් මැරුවා. මොනවද මෙයාලා මේ කියන්නෙ.
    පැහැදිලිවම මම කිව්වා ප්‍රභාකරන් එක්ක සාකච්ඡාවට ඕනනම් මම වන්නියට වූණත් එන්නම් කියලා. ඒත් ප්‍රභාකරන් ඒ එකක්වත් පිළිගත්තෙ නැහැ. මට පහරදීල මාව කුපිත කරන්න බැලුවා. ඒ වූණාට එයා දන්නෙ නැහැ මම මගේ දරු පවූලටත් වඩා මේ රටට ආදරය කරන බව.
    ඔයා ගිහින් ප්‍රභාකරන්ට කියන්න ඕනවට වඩා මාව කුපිත කරන්න ඇවිත් මාව බිත්තියට හේත්තු කරන්න එන්න එපා කියලා. මාව බිත්තියට හේත්තු කරන්න ආවොත් මමත් පෙරලා පහර දෙන බව විතරක් කියන්න."

    -මහින්ද රාජපක්ෂ
    2006- ජනවාරි 29 දිවයින

    ++++++++++++++++++

    නමුත් මේ අනතුරු ඇඟවීම තේරුම් ගන්නට තරම් නිස්කලංක මනසක් ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ච මෘගයාට නොවිණි. එකින් එක පෙළින් පෙළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන්නේ මහින්ද භීතියට පත් කර ඒ හරහා බෙදුම්වාදී උවමනාව ඉටු කරගැනීමටය. මීට පෙර නායකයන්ට ප්‍රභාකරන්ගේ ඒ උපාය සාර්ථක වී තිබිණ. නමුත් මෙවර ඔහුට මුණ ගැසුනේ තරමක් වෙනස් මිනිසෙකි.

    එය තේරුම් නොගත් ප්‍රභාකරන්ගේ තිරිසන් ත්‍රස්ත ක්‍රියා නිනැවතී පෙරට ඇදිණ. කැබිතිගොල්ලෑවේ ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයත් මවිලාරු සොරොව්ව වසා අසරණ ගොවීන්ට මරණ වරෙන්තුව ලියා දීමත් ඒ සිදුවීම් පෙළේ තීරණාත්මක අවස්ථාය. නමුත් අවසානයේ සිදුවූයේ කුමක්ද?

    දුෂ්ඨත්වයට පරාජයත් මාතෲභූමියට විශ්මිත විජයග්‍රහණයකුත් ලඟා කර දෙමින් එය අවසන් විය.

    අදද වෙනත් වටයකින් මහින්ද බිත්තියට හේත්තු කරමින් සිටී. ඒ දුෂ්ඨත්වයට 'යහපාලනය' යැයි අපූරු නමක් දී තිබේ. පෞද්ගලික එදිරිවාදිකම් උදෙසා මේ එල්ල කරමින් තිබෙන පීඩනය හරහා අද මේ නිර්මාණය වෙන්නේ තවත් දේශපාලන කැබිතිගොල්ලෑවක් ද තවත් දේශපාලන මාවිල්ආරුවක්ද?
    අපි බලා සිටිමු..

    සටහන : යටියන ප්‍රදීප් කුමාර
    යුතුකම සංවාද කවය
    www.yuthukama.com
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    රටට ජාතියට රණවිරුවන්ට කෙලවපු හැම එකාටම මාර තැනක් හදල දුන්න බන් දෙමළ අය. මේ පොන්සියා ඒ කියන කියන හැමදේම කලා. වික්‍රමබාහු, ප්‍රදීප්, අර මේජර් කෙනෙකුත් ඉන්නෙ අගේට. රට වෙනුවෙන් මැරුම් කාපු උන් කුණු බක්කියේ ඉන්නෙ දැන්. උන් දේශද්‍රෝහියො කරල. සොන්න බලු කාඩ වේස පක්කලිකම් කරන කුජීත බල්ලො වේසියො ඉන්නෙ දැන්.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බුද්දි අන්ස රහස් එලියට

    රටට ජාතියට රණවිරුවන්ට කෙලවපු හැම එකාටම මාර තැනක් හදල දුන්න බන් දෙමළ අය. මේ පොන්සියා ඒ කියන කියන හැමදේම කලා. වික්‍රමබාහු, ප්‍රදීප්, අර මේජර් කෙනෙකුත් ඉන්නෙ අගේට. රට වෙනුවෙන් මැරුම් කාපු උන් කුණු බක්කියේ ඉන්නෙ දැන්. උන් දේශද්‍රෝහියො කරල. සොන්න බලු කාඩ වේස පක්කලිකම් කරන කුජීත බල්ලො වේසියො ඉන්නෙ දැන්.

    මොනවා කරන්නද මචන්... ලක්ෂ 62 ක් ම ඔය වෙනසනේ ඉල්ලුවේ.. තව අවුරුදු 5 ක් යනකොට නිදහස් දින තියන්න රටක් ඉතුරු වෙයිද කියන එකයි ප්‍රශ්නය. :no:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක්‌නැලිගොඩ සිද්ධිය
    රිමාන්ඩ් භාරයේ සිටින හමුදා නිලධාරීන්ගේ
    ඇප අයෑදුම 16 වැනිදාට කල් යයි


    සමන් ගමගේ

    ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශන අනුව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන්ට ඇප ලබා ගැනීම සඳහා අවිස්‌සාවේල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයෑදුම ඉකුත් පළමු වැනිදා විභාගයට ගැණුනද මහාධිකරණ විනිසුරුවරයා නොමැතිවීම නිසා එය ලබන 16 වැනිදා දක්‌වා කල් තබා තිබේ.අවිස්‌සාවේල්ල මහාධිකරණ විනිසුරුවරයා එදින විනිශ්චය ආසනයට පැමිණ නොමැති අතර ඇප අයෑදුම පෙබරවාරි 16 වැනිදා දක්‌වා කල් තබන බව අධිකරණයේ තෝල්ක තැන විසින් දැනුම් දී ඇත.

    එක්‌නැලිගොඩ විමර්ශන සිදු කරන රහස්‌ පොලිසිය මෙම හමුදා බුද්ධි නිලධාරින් දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් එම නඩුව විභාග කරන හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයාට ඇප ලබාදිය නොහැකි නිසා එකී හමුදා බුද්ධි නිලධාරින්ගේ නීතිඥයන් මෙම ඇප අයෑදුම අවිස්‌සාවේල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

    අදාළ ඇප අයෑදුම සළකා බැලීමට නියමිතව තිබූ ඉකුත් පළමු වැනිදා හමුදා බුද්ධි නිලධාරින්ගේ නීතිඥයන් අධිකරණය හමුවේ පෙනී සිටියද නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ රහස්‌ පොලිසියේ කිසිවකු ද අධිකරණයට පැමිණ සිට නැත.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක්නැලිගොඩ අතුරුදන්වීමට තවත් හමුදා සැරයන්වරයෙකු රිමාන්ඩ්



    මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (06) අත්අඩංගුවට ගැනුණු යුධ හමුදා සැරයන්වරයා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි. දුරකතන දත්ත පරීක්ෂා කිරීමේදී හෙලිවූ තොරතුරුවලට අනුව මෙම යුධ හමුදා සැරයන්වරයා අත්අඩංගුවට ගෙන සිටියා. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිිගොඩ අතුරුදන් වූ බව කියන වකවානුවේදී ඔහු සේවය කර ඇත්තේ යුධ හමුදා කෝප‍්‍රල්වරයෙක් ලෙසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් 07 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,002
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලත් මාර පොරවල් තමයි. එක්නැලිගොඩ කියන්නෙ කේපීට වඩා ලොකු කොටියෙක් ද? මහින්දගෙ කාලෙ ඌට එරෙහිව වචනයක් කතා කරල මැරුම් කාපු එවුන් ඔක්කොම අන්තිමට කොටි කියලනෙ කිව්වෙ:shocked:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹලත් මාර පොරවල් තමයි. එක්නැලිගොඩ කියන්නෙ කේපීට වඩා ලොකු කොටියෙක් ද? මහින්දගෙ කාලෙ ඌට එරෙහිව වචනයක් කතා කරල මැරුම් කාපු එවුන් ඔක්කොම අන්තිමට කොටි කියලනෙ කිව්වෙ:shocked:

    ඇයි දැන් කේ.පී හිරගෙදර - පොන්සේකා රජගෙදර ද?
    ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියපු උබ වගේ ගොන්නු දැන් එනවා අපිට කොටි කවුද කියල අදුන්නලා දෙන්න... ඕක කියල දීපන් ළමයෙකුට...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි දැන් කේ.පී හිරගෙදර - පොන්සේකා රජගෙදර ද?
    ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියපු උබ වගේ ගොන්නු දැන් එනවා අපිට කොටි කවුද කියල අදුන්නලා දෙන්න... ඕක කියල දීපන් ළමයෙකුට...
    :yes::yes::yes::yes: unp බල්ලො මහ සක්කිලි ජාතියක් බන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පවු බන් මේ unp ලෝල්ලෝ ටික. නිදහස් දවසේ ජාතික ගීය දෙමලෙන් කිව්වේ නෑ කියලා හෙන ටෝක් දුන්නා. අන්තිමේදී උන්ටත් හොරෙන් සිරිසෙනයි පොනිලයි ජාතික ගීය දෙමලෙන් කිව්වා.උබල දැන් කියන්නේ කොටි නිදහස් කරාට යුධ්ධේ නෑ කියලා නේ ආයෙත්. උබල මතක තියාගනින් ඔය වගේම තමයි දවසක ltte එකත්. උබලට (උබලට තියා සිරිසේන ට වත් කියාවිද මන්ද ) කිය කියා නෙවි කොටිත් සංවිධානය වෙන්නේ/කරන්නේ. බෝම්බයක් පිපිරුනාම දැනගන්න පුළුවන් .