ප්‍රබුද්ධයින්ගෙන් අත්වැලක්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ප්‍රබුද්ධයින්ගෙන් අත්වැලක්

    දැන් කාලේ ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්න තමයි:

    • O/L ෆේල් උනානෙ. මම දැන් මොකද කරන්නේ? තව පාරක් ලියනවද නැත්නම් මොනවහරි වුර්තීය පුහුණුවකට යනවද?
    • O/L නම් පාස් A/L වලට මොනවද තෝරාගන්න හොඳ? සයන්ස් කරලා අනාගන්න වෙයිද. ආර්ට් කොමස් කරලා ජොබ් තියෙයිද?
    • A/L ෆේල් උනානේ, ආපහු කරනවද නැත්නම් වෙන කෝස් එකකට යනවද? මටනම් මලාට A/L ගොඩ දාගන්න බෑ. මොනවද තෝරාගන්න හොඳ කෝස්?
    • A/L නම් පාස් ඒ උනාට කැම්පස් යන්න ලකුණු මදි. තව අවුරුද්දක් කට්ට කාලා කැම්පස් යනවද නැත්නම් පුළුවන් විදිහෙ ජොබ් එකකට දානවද?
    • කැම්පස් නම් සිලෙක්ට් වෙලා, මොනවද තෝරගන්නෙ?
    • කැම්පස් යන ගමන් ජොබක් කරන්න බැරි වෙයිද?
    • මේ ජොබ් එකේම ඉන්නවද නැත්නම් වෙන ජොබ් එකකට මාරු වෙනවද?
    • දැන් මේ ජොබ් එකේ මේ පොසිෂන් එකේ හිටිය කල් ඇති. කොහොමද තව ඉහලට යන්නේ?
    • මේ තිඉයන කොලිෆිකේෂන් සහ එක්ස්පීරියන්ස් එක්ක වෙන රටකට යන්න බැරිද?
    • වෙන රටකට ගිහිල්ල ජොබ් කරනකොට මොන වගේ ගැටළු වලට මූණ දෙන්න වෙයිද?

    ඔය වගේ ප්‍රශ්නනම් තව ඕන තරම් මේ පිටුව පිරෙන්න ලියන්න පුළුවන්.

    අද අපි ඉන්න තැන ඉඳල ආපහු හැරිලා බලපුවම සමහර වෙලාවට හිතෙනවා "මට මෙහෙම නෙමේ කරන්න තිබුනෙ අනිත් විදිහටනෙ. ඒ උනාට ඒ කාලේ ඕව මට තේරුනෙත් නෑ අපේ ගෙදර අයටත් එහෙම කියල දෙන්න තරම් දැනුමක් තිබුනේ නෑනෙ" කියල.

    ඔය වගේ සරල සමාජයීය ප්‍රශ්න වලට විසඳුම් හොයන්න අපි වගේ දියුණු වෙමින් පවතින රටකට ඉස්පාසුවක් නෑ. ඒ උනාට නිවැරදි මග පෙන්වීමක් ලැබුනොත් කෙනෙක්ගේ ජීවිතේ පසුකාලීනව ගත කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් (හොඳ දිශාවට).

    මේකට කරන්න තියෙන්නෙ බොහොම සුළු දෙයයි. ඒක මම ඉන්න රටේ බොහොම නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි....

    එක එක මට්ටමේ අයට එක එක විදිහෙ ස්කිල් ලෙවල් තියනවනෙ. ඉහල මට්ටමේ ස්කිල් ලෙවෙල් තියන සමහර අය ඉන්නවා එයාල කාට හරි තමන් දන්නා දේ කියල දෙන්න කැමතියි. ඒ උනාට එයාලගෙන් ඇවිල්ල කවුරුත් අහන්නේ නැති නිසා ඒකට එයාලට අවස්ථාවක් නෑ. ඒ නිසා ඒ වගේ අය රජයෙන්ම ඩේටබේස් එකකට දාල එයාලට මග පෙන්නන්න පුළුවන් මොන වගේ ඒරියා වලටද කියල දාල තියනවා. අවශ්‍ය කෙනෙකුට තියෙන්නේ ඒ වගේ කෙනෙක්ව ඩේටබේස් එකෙන් තෝරගන තමන්ට අවශ්‍ය ඒරිය එක ගැන උපදෙස් දෙන්න කැමතිද කියල ඩිස්කස් කරන එකයි. දෙන්නම කැමතිනම් ඒ විදිහට ඉදිරියට යන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක ඔන් ලයින් වෙන්නෙ. ඉහල මට්ටමේ කෙනාට තියෙන්නෙ කාලසටහනකට අනුව කීප දෙනෙක් වෙනුවෙන් දවසකට පැය බාගයක් විතර වෙන් කරන එක විතරයි. අපේ ඔෆිස් වල හැම අවුරුද්දකටම දෙපාරක් (දැන් මාස්පතා) පර්ෆෝමන්ස් ගැන රිවිව් එකක් තියනවා. ඒ වෙලවට මේ වගේ දේවල් කරන්න කියල හරියට එන්කරේජ් කරනවා. අන්තිමට වෙන්නෙ ඉගෙනගන්න කෙනාට මාර උදවුවක් ලැබෙනවා වගේම කියලදෙන කෙනාටත් වෙනම ස්කිල් සෙට් එකක් ඩිවලොප් වෙනවා කියල දීම සම්බන්ධව.

    මේක බොහොම ලේසියෙන් එළකිරියේ ඉන්න යාළුවන්ට ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. මගේ අදහස මම සැකෙවින් කිවුවේ. මට හරියට ලස්සනට ලියන්න පුළුවන් කෙනෙක් නෙමේ. මේ අදහස කවුරුහරි අරගන මීටවඩා නීට් එකට ප්‍රොමෝට් කරන්න පුලුවන්නම් ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි.
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    විභාග නෙමේ උත්සාහය වැදගත් වෙන්නේ .. හැබැයි විභාග පාස් උනාම එක තමන්ගේ ගමනට අත්වැලක් වෙනව , හැබැයි කොච්චර විභාග පාස් උනත් වැඩක් නෑ උත්සාහය නැත්නම්, මගේ අත්දැකීමක් තියෙනව මන් පස්සේ වෙලාවක් දාන්නම් ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැඩේ නම් පට්ට මචන්
    අපේ උන්ගෙන් අහන්න ඕනා
    දැන් හැම එකම අසහනයටනේ බර
    එකෙන් මිදෙන්න හොද වැඩක්
    රේප්+
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama mage A/L result anuwa select wune Computer Scince degree1k kranna. a kaale hari hati therumak na me dewal gena.mama asa na office ekakata hira wela job ekak kranna mulu dawasama.
    a kaale me dewal theruna nam surveyor science wage degree ekak follow krnwa.

    eka nisa aluth unta kiyanne

    degree1k karanna kalin hodata hoyala balanna thamanta mona wage field ekakada weda kranna wenne kiyala. A/L walin yannan waale mokakhari degree1k kranna epaa..:)
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මමත් කැමතියි බං මම දන්න දේ කියල දෙන්න.. කෝ ඉතින් කෞරුවත් අහන්නෙ නෑනෙ...:lol::lol:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mama mage A/L result anuwa select wune Computer Scince degree1k kranna. a kaale hari hati therumak na me dewal gena.mama asa na office ekakata hira wela job ekak kranna mulu dawasama.
    a kaale me dewal theruna nam surveyor science wage degree ekak follow krnwa.

    eka nisa aluth unta kiyanne

    degree1k karanna kalin hodata hoyala balanna thamanta mona wage field ekakada weda kranna wenne kiyala. A/L walin yannan waale mokakhari degree1k kranna epaa..:)

    Thanks Machan :)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Mage jeewithen mama igenagaththa dewal methana kiyalawath wadak na... mokada madahath sithin ewa ahala therun ganna puluwan un meke na..
    Naththan ithin business gana nan hodiye idala degree eka dakwa kiyala denna puluwan..