ප්‍රභාකරන්ගේ උපන්දිනය යාපනයේ ජයටම සමරයි
ප්‍රභාකරන්ගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් අද(26) අළුයම යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් පවත්වා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බවයි.
යාපනය විශ්ව විද්‍යාල සිසුන් යාපනය විශ්ව විද්‍යාලය තුළ ස්ථාන කිහිපයකම ප්‍රභාකරන්ගේ පෝස්ටර අලවා ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කළහ.
ප්‍රභාකරන්ගේ උපන්ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක්ද කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බව ආරක්ෂක අංශ පවසයි.
එල්.ටී.ටී.ඊ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 1954 නොවැම්බර් 26 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී උපත ලබා තිබේ.
වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා මුලතිව් නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විණ.
එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති අවධියේ මහා ජන සංහාරයක් සිදුකරමින් ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම පැවැත්වීමට එල්.ටී.ටී.ඊ සංවිධානය කටයුතු කර තිබේ.
ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම වෙනුවෙන් හා මහවිරු සැමරුම් වෙනුවෙන් මහවිරු පවුල් වෙනුවෙන් භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන් රැසක් ඊයේ(25) යාපනය හා මුලතිව් ප්‍රදේශයන්හිදීද පවත්වා ඇති බව ආරක්ෂක අංශ පැවසූහ.
ADADERANA
පොන්නයෙක් හොර අගමැති වෙලා පබයෙක් ජනපති උනහම ඔහොම තමා..

2015 jan 8 idan 2018 oct 26 dakwa koti samarum enakam baiyo asawen balan hitiya
2018 oct 26n passe koti samarum enakam toiyo asawen balan innawa
Sinhalu vipaksheta giyama ta hikana desapremayak thiyenne
