ප්‍රභාකරන්ව මරා ගත්තා – දැන් නිර්භීත නායක&#351

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,620
    113
    ප්‍රභාකරන්ව මරා ගත්තා – දැන් නිර්භීත නායක&#351

    යහපාලන රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වුවත් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් දෙමළ ජනතාවට සිටි එකම නායකයා වූ ප්‍රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාවට නිර්භීත නායකයෙකු නොමැති බවත් ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් අද (28) සවස කිළිනොච්චියේදී පවසා සිටියා.
    තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය පවසා ඇත්තේ වල්මත් වූ දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයටත් සෙසු දෙමළ දේශපාලන පක්ෂවලටත් ඡන්දය ලබාදෙන නමුත් එම ක්‍රියාදාමය තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවක් නොවිසදෙන බවයි.
    දෙමළ ජනතාවගේ සැබෑ නායකයෙකු වූ ප්‍රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාව අසරණ වී ඇති බව ප්‍රකාශ කරන ඇය, ප්‍රභාකරන්ට එම ඉරණම උදා කිරීමට දායක වූයේද දෙමළ ජනතාවගෙන්ම කොටසක් බවද පවසා සිටියා.
    විවිධ වරප්‍රසාද හා තනතුරුවලට කෑදරකමින් දෙමළ ජනතාවගෙන් කොටසක් ප්‍රභාකරන් මෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්ද පාවාදී ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
    http://nethnews.lk/article/32610


     
    • Like
    Reactions: vito and kinkon

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    meki kiyala thibuna prabakaran hitiyanam me anduwe agamathi hari amathi kenek hari wenda thibuna kiyala. unge awasanawata prabakaran marunalu.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරාගෙ වැඩත් එක්ක ප්‍රභාකරන් මොනවද කියලත් හිතෙනව වෙලාවකට.....
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෙහෙම ප්‍රකාශ වලට ඉස්සර නම් කුදලාගෙන යන්න පුළුවන් නේද?
    ඉස්සර ත්‍රස්ත මර්දන පනත කියලා තිබ්බේ, දැන් එක නැද්ද?