ප්‍රයිවෙට් කැම්පස්
සදෙව් ලොවට අධිපති සක් දෙවිඳු මෙමා
මගෙ පොඩි එකා යැවුවෙත් මොරටුවට තමා
ලැබුණා දිනක් ලිපියක් නෙතු කදුළු තෙමා
ඒමට නොහැකි බව ලද රැකියාව දමා
ඒ.සී කාමරේ හරි හරියටලු ඉඩ
දේවිය කියනවා රස කර දමා හැඩ
සතුටුයි පුතා ගිය එක ගැන ඔහොම ගොඩ
හිතුවා බලන්නට පුතු මනුලොවට වැඩ
පුතුගේ යහළුවන් හට මෙය දෙන්න කියා
කීවා බිසව ලොකු පොදියක් අතක තියා
ලිපියේ එවූ විස්තරයට අනුව සොයා
ඔන්න ඉතින් මම නියමිත තැනට ගියා
බාගෙට හදපු උපාධි කඩයකි ඒක
පැත්තක් හදා ඇත පැත්තක වැඩ නේක
දැක්කම පිස්සු හැදෙනව නොවැ බොල මේක
ඒ.සී කාමරය පුතුගේ වෙද කෝක
අදහා ගත නොහී දිස් වූ දසුන එම
යළිත් වරක් ඇස් පිහිදා බැලිමි මම
මැටීරියල් මිතුරෙක් පුතු වයසෙ සම
වළවල් කපනවා අඩිතාලමට බිම
මිතුරෙක් සිවිල් වැරහැලි රෙදි කඩක් ඇඳන්
මෙක් කොල්ලෙක් එක්ක උස්සති යකඩ කඳන්
බිල්ඩිම අසල ගහ යට පොඩි පැලක් බැඳන්
කෙමිකල් කෙල්ල තේ හදනව ඇතුළේ ඉඳන්
මේවද කරන්නේ යාළුවො පුතාගේ
කෙල කරගෙනද මන්දා මුන් විභාගේ
අවසන ට්‍රිකල් නොම වී ඇත අභාගේ
පුතු බේරිලා පෙර පිනකට තමාගේ
ලෙක්චස් කට් කරන්නැති මුන් දිගට එක
උන්ගෙම විහින් ලොස් වෙන්නැති නේද ඇක
හේතුව විමසමින් මේ අය විදින දුක
බිල්ඩිම තුළට පා නැගුවෙමි යමෙකු දැක
ඉස්සර ඉදන් ඇක දම දම දුක් වින්ද
සී.එස් කොල්ලො බිම අතු ගානව මන්ද
මගෙ පුතු වරක් හොර රහසේ පෙම් බැන්ද
ට්‍රොනික් කෙල්ල පිහිදයි දූවිලි කන්ද
ලක්දිව මෙලෙස උපාධි කඩ අරුණාම
මුදලට විකිණේවි කිවුවා හැමදේම
නිදහස් ඉගෙනුමේ මහ පාවා දීම
පඬුපුල් අසුන උණුවනු මතකයි තාම
ප්‍රයිවට් යුනිවර්සිටි ඇරඹෙන බව කීවා
අපෙ කැම්පස් වැහෙනා බව මොර ගෑවා
බලන් යද්දි ඇත්තද මන්දා මේවා
ඇති මෙහෙමවත් මගේ පුතා ගොඩ ආවා
මෙච්චර කලක් දහ දුක් වින්දට පස්සේ
ඇයි අපෙ කොල්ලො මේ තරමට පසු බැස්සේ
ඔලුවත් කැරකෙනව මේ ජරමර අස්සේ
යමි ඉදිරියට ඒ.සී කාමර ඔස්සේ
යන විට ඉදිරියට පුතු දැක ගැනුම පතා
දුටු දර්ශනය මම කොහොමද ගන්නෙ සිතා
බිම ඇණ තියන් නොකරම අන් කිසිදු කතා
ඒ.සී එකක මළකඩ හූරනව පුතා
මූනු පොතෙන් ඉස්සුවේ....
කොමෙන්ටුවක් වත් දාලා යන්න... 
හොඳ නම් රෙප් දෙන්න ඉතින්....


රී පොස්ට් නම් සොරි....

සදෙව් ලොවට අධිපති සක් දෙවිඳු මෙමා
මගෙ පොඩි එකා යැවුවෙත් මොරටුවට තමා
ලැබුණා දිනක් ලිපියක් නෙතු කදුළු තෙමා
ඒමට නොහැකි බව ලද රැකියාව දමා
ඒ.සී කාමරේ හරි හරියටලු ඉඩ
දේවිය කියනවා රස කර දමා හැඩ
සතුටුයි පුතා ගිය එක ගැන ඔහොම ගොඩ
හිතුවා බලන්නට පුතු මනුලොවට වැඩ
පුතුගේ යහළුවන් හට මෙය දෙන්න කියා
කීවා බිසව ලොකු පොදියක් අතක තියා
ලිපියේ එවූ විස්තරයට අනුව සොයා
ඔන්න ඉතින් මම නියමිත තැනට ගියා
බාගෙට හදපු උපාධි කඩයකි ඒක
පැත්තක් හදා ඇත පැත්තක වැඩ නේක
දැක්කම පිස්සු හැදෙනව නොවැ බොල මේක
ඒ.සී කාමරය පුතුගේ වෙද කෝක
අදහා ගත නොහී දිස් වූ දසුන එම
යළිත් වරක් ඇස් පිහිදා බැලිමි මම
මැටීරියල් මිතුරෙක් පුතු වයසෙ සම
වළවල් කපනවා අඩිතාලමට බිම
මිතුරෙක් සිවිල් වැරහැලි රෙදි කඩක් ඇඳන්
මෙක් කොල්ලෙක් එක්ක උස්සති යකඩ කඳන්
බිල්ඩිම අසල ගහ යට පොඩි පැලක් බැඳන්
කෙමිකල් කෙල්ල තේ හදනව ඇතුළේ ඉඳන්
මේවද කරන්නේ යාළුවො පුතාගේ
කෙල කරගෙනද මන්දා මුන් විභාගේ
අවසන ට්‍රිකල් නොම වී ඇත අභාගේ
පුතු බේරිලා පෙර පිනකට තමාගේ
ලෙක්චස් කට් කරන්නැති මුන් දිගට එක
උන්ගෙම විහින් ලොස් වෙන්නැති නේද ඇක
හේතුව විමසමින් මේ අය විදින දුක
බිල්ඩිම තුළට පා නැගුවෙමි යමෙකු දැක
ඉස්සර ඉදන් ඇක දම දම දුක් වින්ද
සී.එස් කොල්ලො බිම අතු ගානව මන්ද
මගෙ පුතු වරක් හොර රහසේ පෙම් බැන්ද
ට්‍රොනික් කෙල්ල පිහිදයි දූවිලි කන්ද
ලක්දිව මෙලෙස උපාධි කඩ අරුණාම
මුදලට විකිණේවි කිවුවා හැමදේම
නිදහස් ඉගෙනුමේ මහ පාවා දීම
පඬුපුල් අසුන උණුවනු මතකයි තාම
ප්‍රයිවට් යුනිවර්සිටි ඇරඹෙන බව කීවා
අපෙ කැම්පස් වැහෙනා බව මොර ගෑවා
බලන් යද්දි ඇත්තද මන්දා මේවා
ඇති මෙහෙමවත් මගේ පුතා ගොඩ ආවා
මෙච්චර කලක් දහ දුක් වින්දට පස්සේ
ඇයි අපෙ කොල්ලො මේ තරමට පසු බැස්සේ
ඔලුවත් කැරකෙනව මේ ජරමර අස්සේ
යමි ඉදිරියට ඒ.සී කාමර ඔස්සේ
යන විට ඉදිරියට පුතු දැක ගැනුම පතා
දුටු දර්ශනය මම කොහොමද ගන්නෙ සිතා
බිම ඇණ තියන් නොකරම අන් කිසිදු කතා
ඒ.සී එකක මළකඩ හූරනව පුතා
මූනු පොතෙන් ඉස්සුවේ....

කොමෙන්ටුවක් වත් දාලා යන්න... 
හොඳ නම් රෙප් දෙන්න ඉතින්....


රී පොස්ට් නම් සොරි....


