ප්‍රශ්නේ ඩබල් උනා බන්..

sadun_gamage

Active member
  • Mar 7, 2011
    235
    36
    28

    මේ මම දාපු පරණ ත්රෙඅඩ් එක බන්..

    කොල්ලනේ මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ

    මට ඕනි උනේ ප්‍රශ්නය සාමකාමිව විසදා ගන්න බන්..ඒත් ඒක දැන් ඩබල් උනා ..මේ ප්‍රශ්නේ නිසා මුලින් තාත්තා බැන්නට මේක විසදගන්න සෑහෙන්න උවමනාව තිබ්බ ..තාත්තම පස්සේ කිවුවා මේක කතා බහ කරලා බේර ගමු ..දවසක් දාගෙන wifege අම්මලාගේ දිහා යමු කියල.එයාලා ගේ තාත්තා කිසිම දේකට වැඩිය involve වෙන්නේ නැහැ ..එයාගේ අම්මා තමයි හැම දේකටම මැදිහත් වෙන්නේ ..එයාලට කඩයක් තියෙනවා ..කඩේ තමයි phone එක තියෙන්නේ ..ඉතින් අපේ අම්ම call කලා එයාලගේ දිහාට ...එයාලගේ තාත්තා phone එක අරන් තිබ්බේ ..අම්මා කඩේ ගිහින් ටිකකින් ගන්න කියලා ...ඕවගේ දෙතුන් පාරක් විතර අපේ අම්ම එහෙට ගත්ත..ආයේ පාරක් ගත්තම answer කලේ නැහැ ..පස්සේ දවසේ ගත්තම ඒත් එයාලගේ තාත්තා කියලා පල්ලෙහා ගෙදර ගියා ආවම ගන්නම් කියල ...උවමනාවෙන්ම මග හරිනවා වගේ සීන් එකක් තිබ්බේ ..ඕකට ඉතින් තාත්තට තවත් මල ...අන්තිමටම අපේ අම්ම wife ට call කලා ..ඒකටත් answer කලේ නැහැ ...මටත් පුදුම කේන්ති මේ වෙච්ච දේට ..ඊට පස්සේ අපි කවුරුත් call කරන්න ගියේ නැහැ ...ඊට පස්සේ එයාගේ අම්මා මට කතා කරලා ඇහුවා මොකක්ද ප්‍රශ්නේ මොකක්ද උනේ ඇයි අපේ ගෙදරින් කතා කරන්නේ කියලා ...ඊට කලින් මම එයාගේ අම්මත් එක්ක කතා කරලා තිබ්බේ ..ඒ හැම පාරකම wife වැරදි අපි මේක කතා කරලා විසද ගමු එයාගේ තාත්තා එක්ක ඇවිත් මේ ගැන කතා කරමු කියන මතයේ හිටියේ. මම කිවුවා අපේ ගෙදරිනුත් ඕනි මේක කරන්න තමයි ඒකට තමයි අම්මලට call කරලා තිබ්බේ කියලා ..මම ඊට පස්සේ wife ගේ ගෙදර ගිහින් ඔය ගැන කතා කලාමත් එයාගේ අම්මා මුලින් wifeta දොස් කිවුව ..මේක විසදා ගන්න කියලා ..හින් සීරුවේ ඊට පස්සේ එයා ගේ අම්ම දුවව සුද්ද කරන්න ගත්තා දුවගේ වැරදි ඇති හැබයි ඒවාට මුල අපි කියලා ..පස්සේ මම නැන්දම්මට හොදට කියල දුන්න ..ඊට පස්සේ සද්දයක් නැතුව හිටිය..හෙන කපටියි නැන්දම්මා . හැබැයි මට තේරුන දේ තමයි නැන්දම්මා කැමැති නැහැ අපේ ගෙදරත් එක්ක කතා කරන්න ...එයා මගේ එක්කත් පුළුවන් තරම් try කලේ පරණ ප්‍රශ්න ඇදල අරන් දුවගේ වැරදි වහන්න ..මම එහෙන්මම ආවා අපේ ගෙදර ..පස්සේ දවසේ රෑ නැන්දම්මා අපේ ගෙදරට call කලා ..අපේ අම්ම අරන් තියෙන්නේ ..අපේ අම්ම කියනවා කතා කරපු ගමන් ඇහුවලු මොකටද call කරන්න කිවුවේ මොකද්ද ප්‍රශ්නේ කියල ගහන්න වගේ..ඕකට අපේ අම්මත් ටිකක් හයියෙන් වගේ වෙච්ච දේවල් ටික කියල ...ඊට පස්සේ නැන්දම්මා මුකුත් නොකිය phone එක cut කරලා ..අම්මා මට සිද්දිය කිඋවා ..වැඩේ කියන්නේ බන් නැන්දම්මා call එක අරන් තියෙන්නේ එයාලගේ කඩේ ඉදන් ..මෙය ගෙදර ගිහින් කියල අපේ අම්ම call එක ගත්තම බැන්න කියල. මම wifeta කතා කරලා සිද්දිය කිවුවම කියනවා එයාගේ අම්ම එයාට කිවූවලු අපේ අම්ම බැන්න කියල..එයා විශ්වාස කරන්නේ එයාගේ අම්මා කියන එක ..එයා කියනවා එයාගේ තත්තගෙනුත් ඇහුවලු .එයත් එතන හිටියලු ..එයාගේ අම්ම එහෙම බැන්නේ නැහැලු..මේ සීන් එක නිසා අපේ තාත්තට මලම පැනල ඉන්නේ ...හොදටම බනිනවා wifelage මුළු පවුලටම ...මමත් ඉන්නේ ගොඩක් කලකිරීමෙන් මචන් අවන්කවම ..ඒත් මම තාමත් හිතන්නේ මේ දේවල් නිසා ළමයට ප්‍රශ්නයක් නොවෙන්න ඕනි කියන තැන ..ඒත් එකම අවුල wife වත් එයාගේ ගෙදර මිනිස්සුවත් මේවා විසදගන්නවා වෙනුවට ප්‍රශ්න ඩබල් කරනවා ...හැම පැත්තෙන්ම මම හිර වෙලා මචන් ඉන්නේ ..ඒ වගේම සැහෙන්න කලකිරීමෙන් ...මේ හින්දම පහු ගිය කාලේ ex -girlfriend එක්ක ටිකක් කිට්ටු උනා නොදැනීම ..ඒකිගේ birthday එකට මම cake එකක් දුන්නා ..ඒකිත් මට dinner එකක් දුන්න ..සතියකට සැරයක් විතර කතා කරනවා ..හැබැයි එකී දන්නේ නැහැ මගේ මේ කිසිම ප්‍රශ්නයක් ..හැබැයි ඒකිට දැනිල තියෙන්නේ මම ලොකු ප්‍රශ්නයක ඉන්නේ කියලා ..එයා කලින් අපේ ගෙවල් ළග බෝඩිම් වෙලා හිටියේ ..මම marry කලාට පස්සේ බෝඩිම අත ඇරලා ගියා ...මේ ප්‍රශ්න අස්සේ ඒකිත් ආයෙම අපේ ගෙවල් ළගට එන්න හදනවා බෝඩිම් වෙන්න ..ලගදි දවසක අපේ ගෙවල් පැත්තේ ඇවිත් බෝඩිම් බලල ..අ මදිවට අපේ ගෙදරත් ඇවිත් ...බෝඩිමක් බලන්න එනවා කියලා කිවුවට මම හිතුවේ නැහැ ඒවි කියල ..ඇත්තටම කියනවා නම් අපේ තාත්තා කැමැත්තක් තිබ්බ ඒකිව මම marry කරයි කියල ..එදා ගෙදර ආවම වක්කඩ කැඩුවා වගේ තාත්තා ඔක්කොම දේවල් ඒකිට කියල ..ඊට පස්සේ මම ඒකිට කතා කරන එකත් නැවැත්තුව ..මාර ප්‍රශ්න ගොඩක් බන් ඉන්නේ ...හිතේ තියාගෙන ඉන්න බැරි කමට මේකේ දැම්මේ ..මොකද මගේ ගොඩක් යාලුවෝ දන්නේ නැහැ මේ සිද්දි ..උන් හිතන් ඉන්නේ අපි ලස්සනට ජිවත් වෙනවා කියල
     

    honesty

    Well-known member
  • May 2, 2015
    703
    910
    93
    Reduce the involvement of both parents. talk with your wife and tell her we both have to live independently and get away with unwanted attachments with both old parties. without that you two may lost with others opinions and destroy your own lives.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    4,057
    5,575
    113
    ඇත්තටම කියනවා නම් අපේ තාත්තා කැමැත්තක් තිබ්බ ඒකිව මම marry කරයි කියල .
    ube parana thread wala thiyenne ekitath gedarin akamathi una kiyalane.

    1625548365860.png

    1625548385025.png

    ------ Post added on Jul 6, 2021 at 10:47 AM
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,236
    4,555
    113
    ඇයි අහන්නේ,එන්නද
    අම්මට සිරි වෙනවා කියන්නේ මේ වගේ සීන් වලට යකෝ

    මම මේ නිකමට කියන්නේ. ඇත්ත සීන් එක දන්නේ උඹනේ
    උඹ නිකමට සීන් එක අත්ඇරලා මාසයක් දෙකක් ඩොන්ට් කෙයාර් ලෙවල් එකේ ඉඳලා බලපන් මම කියනවට
    පුප දීගෙන පස්සෙන් යන මොඩ් එක නවත්තලා
    පොඩ්ඩට වැරද්දක් වෙන්නේ නෑ ඒ පොඩ්ඩගේ අම්මානේ

    උඹ සීන් එකෙන් ඇත්වෙයන් වෙන්නේ මොකක්ද කියලා බලන්නත් එක්ක
    ජොබ් එක කරන තැනට හිමිටි වචනේ දාපන් ප්‍රහ්ණ අනම් මනම් කියලා
    උඹ සුදනා මොඩ් එකෙන් එතැන බැක්ග්‍රවුන් එක හදපන්. උඹ මේ අපි ඉස්සරහ සුදනා උනා වගේ

    මොකද දෙන්න දෙන්න නලලට ගන්න එකාත් මොඩයා. ගන්න ගන්න දෙන එකත් මොඩයා
    උඹ ඒ සර්කල් එක කඩපන් නිකමට මොකද වෙන්නේ බලනන්

    හැබැයි ඒ අස්සේ පරණ ඒවාට ටෝක් දෙන්න යන්න එපා
    මාකද ඉන්න කන්ඩිෂන් එකේ විදියට ඒවා නවතින්නේ වෙන වෙන දේවල් වලින්
    තැනකින් නොලැබෙන දේ තව තැනකින් හොයනවා අපේ වේස හිත
    අත්දැකිමෙන් කියන්නේ
    අන්තිමට එක්ස්ටත් කෙලලා ඒකීවත් බඩකරලා උබ නවතින්නේ
    දැන්ම නවත්තපන් ඒ කතාව උඹ උඹේ නිල කතාව බේරගෙන ඉස්සරහට යන්න ආසනම්

    මොකද දුක අහන්න රූම් එකකට ගිහින් දුක විතරක් අහලා එලියට එන එවුන් මේ ලෝකේ ඉන්නේ 0.00000000000000001 වගේ ප්‍රතිශතයක්
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    1,591
    820
    113
    33
    @ katubedda
    අම්මලා ලමයි ඒක්ක ගැනු තියාගන්න‌ෙ නැ බන්. ප්‍රශ්න‌ෙ ව‌ෙන්න‌ෙ ඒකිට මිසක් උබට න‌ෙව‌ෙයි. උබ වැදග‌ෙන යන නිසයි උබව නටවන්න‌ෙ. ල‌ොකුකම යන්නත් ඒක්ක උබ සීන් ඒක‌ෙන් මගඇරලා ඉදපන්. හැබැයි ව‌ෙන ක‌ොටු පයින්න යන්න ඒපා. උබට ලමයත් නැතිව‌ෙලා වන්දිත් ග‌ෙවන්න ව‌ෙනවා.

    ps. පුළුවන්නම් ඒකිග‌ෙ ඔලුවට දාපන් අම්මලා තව වැඩිකාලයක් ඉන්න‌ෙනැ ඊට පස්ස‌ෙ ඒයා තනිව‌ෙනවා කියන ඒක.
     
    • Like
    Reactions: NRTG and JohnSnow

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    4,126
    7,967
    113
    අම්මලා ලමයි ඒක්ක ගැනු තියාගන්න‌ෙ නැ බන්. ප්‍රශ්න‌ෙ ව‌ෙන්න‌ෙ ඒකිට මිසක් උබට න‌ෙව‌ෙයි. උබ වැදග‌ෙන යන නිසයි උබව නටවන්න‌ෙ. ල‌ොකුකම යන්නත් ඒක්ක උබ සීන් ඒක‌ෙන් මගඇරලා ඉදපන්. හැබැයි ව‌ෙන ක‌ොටු පයින්න යන්න ඒපා. උබට ලමයත් නැතිව‌ෙලා වන්දිත් ග‌ෙවන්න ව‌ෙනවා.

    ps. පුළුවන්නම් ඒකිග‌ෙ ඔලුවට දාපන් අම්මලා තව වැඩිකාලයක් ඉන්න‌ෙනැ ඊට පස්ස‌ෙ ඒයා තනිව‌ෙනවා කියන ඒක.
    අඩෝ මේක තමයි හොදම දේ. ඕනිවට වඩා දෙන්න ගියාම (ඇත්තටම අපේ මනුස්සකමට එහෙම ඉන්නව කියන එක අපි විතරනෙ දන්නෙ) උන් අපේ කරේ නගින්න එනව. කරන්න තියෙන්නෙ උන්ව ගනන් ගන්නෙ නැතුව ඉන්න එක. පස්සෙ උන්ම එනව වැදගෙන.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    6,704
    6,294
    113
    අඩෝ මේක තමයි හොදම දේ. ඕනිවට වඩා දෙන්න ගියාම (ඇත්තටම අපේ මනුස්සකමට එහෙම ඉන්නව කියන එක අපි විතරනෙ දන්නෙ) උන් අපේ කරේ නගින්න එනව. කරන්න තියෙන්නෙ උන්ව ගනන් ගන්නෙ නැතුව ඉන්න එක. පස්සෙ උන්ම එනව වැදගෙන.
    aniwa seen eke inna ona. passe unma enawa onna aye hemita. api onawata denna giyoth un dannawa. ona kiyana eka. un atakota wediyen nalalata gannawa
     
    • Like
    Reactions: NRTG and spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    4,126
    7,967
    113
    aniwa seen eke inna ona. passe unma enawa onna aye hemita. api onawata denna giyoth un dannawa. ona kiyana eka. un atakota wediyen nalalata gannawa
    අනික ගෑනු එක්ක girlfriend කාලෙ කොහොම ආතල් එකේ ෆන් එකේ හිටියත් ඒකිම වයිෆ් උනාට පස්සෙ මහ අමුතු විපර්‍යාසයක් වෙනව බන්. මටනම් තේරෙන් නෑ ඒක වෙන විදියවත් පැහැදිලි කරගන්න. නමුත් කොල්ලො හුගක් වෙලාවට ඒ විදියට වෙනස් වෙන්නෙ නෑ. ඒ ගෑනු උන්ගෙ අම්මල තාත්තල කියන විදියටම නිකන් රගපානව වගේ දෙයක් වෙනව. නමුත් යාලු වෙලා ඉන්න කාලෙ එහෙම නෑ. ඒ කාලෙදි අම්මල මොකක් කිව්වත් ඒව මොනවත් ගනන් ගන්නෙ නැතුව පාඩුවෙ ඉන්නව. ඒත් බැන්දම නිකන් අමුතු දෙයක් වෙලා වගේ අම්මලගෙ උපදෙස් උන්ට නැතුවම බැරුව යනව. කිසිම දෙයක් තනියම හිතල කරන්න උත්සහ කරන්නෙ නෑ. මේ ලංකාවෙ ගෑනු මට නම් පෙන්නන්නම බැරි ඔන්න ඔය හේතු නිසා. බහුතරය ඉන්නෙ මහ ගොන් මානසිකත්වෙන්.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    13,520
    2,175
    113
    මුහුද පැත්තේ..
    අංක 1 උඹ ආයේ Ex එකත් එක්ක පැටලෙන්න යන එක නවත්තපං නැත්නම් තියෙන ප්‍රශ්න ඩබල් ත්‍රිබල් වෙනවා.. කෙළවෙන්නේ උඹට ඒ නිසා ඒකෙන් ඈත්වෙයන්, ඔය වගේ තතත්වයක් ආවම මානසික නිදහස හොයගෙන යන එක සාමාන්‍යයි‍, ඒකයි උඹ Ex ට ලංවෙන්න ඇත්තේ ඒත් පුතේ පත්තු උනොත් ඒක උඹටමයි හරහට හිටින්නේ

    ජෝක්ස් නෙමෙයි උඹලා දෙන්න අතර සෙක්ස් ලයීෆ් එකක්වත් නැද්ද බං ? දෙන්න අතර හොද සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා කියන්නේ හොද අවබෝධයකුත් තියෙනවා ඒ කියන්නේ ගොඩක් ප්‍රශ්න අඩුයි
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,631
    9,482
    113
    මොන තාම ඉස්කෝලේ යනවද යකෝ අම්මලා තාත්තලා ගාවාගන්නේ ගනිගෙයි උබෙයි ප්‍රශ්න වලට. ගැනිට ගෙදර උන්ව දිරවන්නේ නැත්නම් රෙන්ට් එකට පලකො ඉවරයි නේ ප්‍රශ්නේ. තනියෙන් ලමයි බලාගන්න බැරි නම් ළමයි හදන්න එපා ඉවරයි නේ ප්‍රශ්නේ.

    අපේ නම් ගෙදර කිසිම ප්‍රශ්නයක් අම්මලාට කියන්න යන්නේ නැ. අපිම විසඳගන්නවා. කතා කරලා හරි කතා නොකර හරි බැනලා හ‍රි ගෙදර බඩුවක් පොලේ ගහලා හරි. ගෙදර දොරෙන් එහාට ප්‍රශ්න යවන්න එපා.

    ගැනිව ඩිවෝස් කරන්න කියලා කියනවද බන් දෙමව්පියෝ. මාරයි නේ. ලමෙකුත් ඉන්නකොට. ඉස්සෙල්ලා අම්මගෙනුත් තාත්තගෙනුත් අයින් වෙයන්.

    අනික අහවල් එකටද බන් උබලගේ අම්මලා ගැනිගේ අම්මලා එක්ක උබලගේ ප්‍රශ්න කතා කරන්නේ. උබලා අර හින්දි නාට්ටි වගේ එක ගෙදර පව්ල් පහ හයම ඉන්නේ ?
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,153
    7,663
    113
    මේවා දැක්කම අපේ ජිවිත කොච්චර සරලද කියල හිතෙනවා බන්,

    උබේ ප්‍රශ්නේ ඉක්මනට විසදෙයි
     
    • Like
    Reactions: Erzo and NRTG

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    4,650
    2,272
    113
    oya prashna dan wisadila mchn uba awashya welwata thadin hitiyanam. gani, ekige ammai ubawa control karanna wage hadanne.
     
    • Like
    Reactions: NRTG