තව පොඩි දෙයක්...
අපි authorized service center එකකට දෙනකොට විතරක් මේක ගැන මම අහන්නේ. නමුත් අනෙක් බහුතරයත් අදාලයි..
කාගෙන් හරි සර්විස් ස්ටේෂන් එකකින් අපි වාහනය සර්විස් කරව ගනිද්දී වාහනය කොච්චර පරණයිද කියන කාරණේ අදාළ නැතුව යම් රෙපෙයාර් එකක් හෝ හෝදලා සර්විස් කරද්දී වාහනයට අලාබයක් උනොත් ඒක කස්ටමර්ගේ පිට දාලා වගකීමෙන් පනින්න බෑ නේද? අපි ඒ ස්ථානයට දෙන්නේ අඩු පාඩු, ලෙඩ නැති වහනයක් හෝදලා, තෙල් මාරු කරලා දෙන්න. නමුත් හෝදනකොට break hose එකකට වගේ high pressure water jet එක අල්ලලා කැඩිලා ගියොත් අන්න ඒවා replace කරන්න සල්ලි ගන්න එක ගැන කියන්නේ.
ඒ උපාංගයට අදාළ මුදල ශේප් එකේ අන්තිමට බිලට දාලා customerට ගෙවන්න කියලා දෙන එක නිත්යනුකුලද? අපිට මෙහෙම උනහම පොලිසිය සම්බන්ද කරන සමතයකට පත් කරගන්න පුලුවන්ද? මට මෙහෙම එකක් උනා ගිය ඉරිදා බයිසිකලේ සර්විස් කරද්දී..
ඒකේ මම රබර් ග්රිප් 2 මාරු කරලා දෙන්න කිව්වා. සාමාන්‍ය සර්විස් එකෙන් පරිභාහිර ඉල්ලීමක් තමා. උන් මේක ගලවන්න හදද්දී බැලන්සරය කියලා එකක් කැඩිලා තියෙනවා බයිසිකලේ පරණ නිසා. දැන් එකට පට්ටල් ගාස්තු ඔක්කොම මට ගෙවන්න දාලා.. කමක් නෑ කියමුකෝ.. පට්ටලේ උන් ඒක බොඩි එකට පාස්සද්දී welding machine එකට earth එක ගන්න මගේ ක්ලච් කේබල් එකට වයර් එක ගහලා. සර්විස් සෙන්ටර් එකෙන් කිව්වා එහෙම කරන්න එපා කියලා තමා ආවේ.. කරන හැටිත් කියලා දුන්නාලු. මට පවුද්ගලික වැඩකට යන්න උන නිසා හිටියේ නෑ ඕක බලන්න. එහෙම කරලා ක්ලච් කේබල් එක ගිනි අගුරු වෙන්න උණු වෙලා කිව්වා සර්විස් එකෙන්. දැන් මට ඒ කේබල් එක අලුතින් දාලා බිල හදලා ඒකට ගිය මුදල එක්ක.
ඒ උන සිද්දියට මම වැරදිත් නෑ.. සර්විස් ස්ටේෂන් එක අදාලත් නෑ. නමුත් මුදල ගෙවන්න උනේ මට.. ඔය වගේ උඩ හෝස් බටේ සිද්දිය සම්බන්දයෙන් වෙනවා නම් මොකෝ වෙන්නේ? උන් කවුරුත් මෙහෙම වගකීමක් අරන් වැඩක් කරලා දෙන්න බෑ කියන්න පුලුවන්ද?
මෙහෙමයි.. එහෙම රෙපෙයාර් එකට සංවේදී තැනක් තියෙනවනං උඹ ඒක දැනුවත් කරලා ඉන්න ඕනේ.. සර්විස් එකට දානකොට උඹ එහෙමනං උන්ව දැනුවත් කරන්න ඕනේ..
නිකංම උඹට උන්ට වරදක් කියන්න බෑ..
හෝස් එක කලින්ම කරවෙලා ලාවට පිපිරිලා තිබ්බ එකක් වෙන්න පුළුවන් , කොතනින් හරි ඩැමේජ් වෙලා තිබිලා ප්‍රෙශර් එකට සහමුලින්ම පුපුරලා ගියා වෙන්නත්..
100% ගුණාත්මක ත්ත්වයේ තිබුන එකක් කියල සහතික කරන්න බෑනේ..
එහෙම මොකක් හරි සංවේදී ස්ථානයක් තියෙනවනං ඒක උඹ සර්විස් එකට දැනුම් දෙන්න ඕනේ..
එහෙම කියලත් උන් අපරීක්ශාකාරි උනොත් උන් ඒ මුදල ගෙවන්න ඕනේ.. එහෙම නොකිය වෙන හදිසි ඩැමේජස් වලට උන්ට වගකීමක් ගන්න කියන්න බෑ..