ප්‍රාඩෝ ආයුර්වේද වෙද්දු ධම්මික පැණියට අවි අමෝරයි... Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    කෑගල්ලේ පැණිය තනිකරම වංචාවක්.. එය බිවු සියල්ලන්ගේ ශරීරයේ විශ..- වෙන්ඩෝල් සභාපති

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනය සඳහා හඳුන්නා දුන් පැණිය මුළුමනින්ම වංචාවක් බව වෙන්ඩෝල් ලංකා සමාගම සභාපති ආයුර්වේද වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත ලේල්වල ගොඩකන්ද මහතා සඳහන් කරයි.

    එකී පැණිය පානය කළ අයගේ මුළු ශරීරෙය්ම දැන් විස ඇති බවත් වහාම ඒ විෂ ඉවත් කරගත යුතු බවත් ඔහු සඳහන් කරයි.

    මෙම පැණිය පානය කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාද බරපතල අනතුරක බවත් ඔහු කියා සිටී.

    ආයුර්වේදයට අනුව කිසිම දවසක මීපැණි රත් කරන්නේ නැති බවත් රත් කල මී පැණි වස වන බවත් ඔහු පවසයි.

    එමෙන්ම සාදික්කා භාවිතා කිරීමද තනිකරම වසක් බව ද ඔහු කියා සිටී.

    මෙම කටයුත්තට ආයුර්වේද ඇමතිවරයා සහ කොමසාරිස්වරයා වක කිවයුතු බවත් මෙය මුළු රටක් නොමඟ යවන මාධ්‍ය සංදර්ශනයක් පමණක් යැයිද ඔහු පෙන්වා දෙයි.

    මෙම වංචාවන්ට තවදුරටත් ඉඩ නොදිය යුතු බවත් ඒ මහතා කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

    තමන් විසින් දැනට සතියකට පමණ පෙර කොරෝනා සදහා යොදාගත හැකි ආයුර්වේද ඖෂධයක් ‘සුදර්ශණ චූර්ණය’ නමින් හදුන්වා දුන් බවත් එය ඉතා හොදින් වෛරසය නසා දමන බවත් ඔහු එහිදී පැවසීය.

    තමන්ගේ ඖෂධයේ පර්යේෂණ පත‍්‍රිකාව අන්තර්ජාලයේ ඇති බවත් ඉන්දීය රජය විසින් අනුමත කර ඇති බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    -lankacnews-

    ඔක්කෝටම කලින් කියන්ට ඔනේ.වෙන්ඩෝල් සබන් උලනවා උලනවා.ඇගේ කුණු ටික එහෙමමායි. :D :D :D මෙයාගේ ප්‍රොඩක්ට් බැලුවම මෙයා ඇත්තටම ආයුර්වේද වෙදෙක්ද ? නැත්තම් ආයුර්වේදේ විකුණන් කන බිස්නස්කාරයෙක්ද කියලා දෙවරක් හිතන්න වෙනවා.:rofl:
     
    • Haha
    Reactions: Boralugoda01

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඕකෙන් සනීප වෙන්නේ නෑ. අරු සල්ලි හොයනවට ඉරිසියාව අනිත් උන්ගේ. නොබිපු උනුත් සනීප වෙනවා. බිව්වා කියල විශේෂයක් නෑ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕකෙන් සනීප වෙන්නේ නෑ.
    ඇයි ?
    නොබිපු උනුත් සනීප වෙනවා. බිව්වා කියල විශේෂයක් නෑ

    නොබීපු උන්ට සනීප වෙන්න සතියකට වඩා යනවා නේ - මෙකෙන් දවස් 3න් සනීපයි නේ - කාර්යක්ෂමතාව ගැන අහල නැතෙයි ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Vaccine mulu ratata denna baha podi amount ekak apu gaman VIP set eka ewa gahagannawa :P
    Minissunge oluwata danawa vaccine ganna epa kiyala pani bonna kiyala etakota vaccinne illala minissu kalabala karanna baha
    Ekek dennek kagahapu gaman NGO karayo kalawam suddo kiyala label gahanawa :P
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඇයි ?

    නොබීපු උන්ට සනීප වෙන්න සතියකට වඩා යනවා නේ - මෙකෙන් දවස් 3න් සනීපයි නේ - කාර්යක්ෂමතාව ගැන අහල නැතෙයි ?
    ඇඹිලිපිටියේ කොවිඩ් කෑම්ප් එකේ දැනට 170ක් විතර ඉන්නවා. අපේ ගමේ අය තමයි එතන ඉන්න අයට පත්තර , කිරිපිටි, පොඩි උන්ට බිස්කට් , වොෂින් මැෂින්, ටීවී එහෙම දෙන්න. එතන විස්තර අපි දන්නවා. එන අය රෝග ලක්ෂණ නැති අය ගොඩාක්. දවස් හතරෙන් විතර යනවා එන අය. පරක්කු වෙනවනම් වෙන්නේ ටෙස්ට් රිසල්ට් පරක්කු හින්දා. ඕක නිකන් රැල්ලක් විතරයි. ඇඟට හොඳ ඇති. ඒ උනාට අර යකා කියන්නේ සදහටම කොවිඩ් හැදෙන්නේ නෑ කියල. හොඳ සාර්ථක ප්ලැසිබෝ එකක් කියල නම් මම පිලිගන්නවා. ඔච්චරම ෂුවර් නම් ඕක ලොකුවට හදල විකුනන්න්නත් පුළුවන් පිට රටට.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔක්කෝටම කලින් කියන්ට ඔනේ.වෙන්ඩෝල් සබන් උලනවා උලනවා.ඇගේ කුණු ටික එහෙමමායි. :D :D :D මෙයාගේ ප්‍රොඩක්ට් බැලුවම මෙයා ඇත්තටම ආයුර්වේද වෙදෙක්ද ? නැත්තම් ආයුර්වේදේ විකුණන් කන බිස්නස්කාරයෙක්ද කියලා දෙවරක් හිතන්න වෙනවා.:rofl:
    වෙන්ඩෝල් සබන් වලට එහෙම කියන එක වැරදියිනේ මහත්තයෝ. වෙන්ඩෝල් සබන් වලින් කුනු යනවා දවසක් ඇර දවසක්, දවස් දෙකක් ඇර දවස් දෙකක් නාන කට්ටියගේ. මහත්තයා වගේ මාස දෙකකට පාරක් නාන උන්ගේ කුනු යවන්න තමා අර හාඩ්වෙයාර් වල වයර් බ්‍රශ් තියෙන්නේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    දැන් ඉන්න කොරෝනා ලෙඩ්ඩු 8708 දවස් 3න් සනීප කරන්න කියපන් ඒ මේසන් බාස්ට..ඵතකොට විශ්වාස කරන්නම්😀😀😀

    Cyl94SM.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇඹිලිපිටියේ කොවිඩ් කෑම්ප් එකේ දැනට 170ක් විතර ඉන්නවා. අපේ ගමේ අය තමයි එතන ඉන්න අයට පත්තර , කිරිපිටි, පොඩි උන්ට බිස්කට් , වොෂින් මැෂින්, ටීවී එහෙම දෙන්න. එතන විස්තර අපි දන්නවා. එන අය රෝග ලක්ෂණ නැති අය ගොඩාක්. දවස් හතරෙන් විතර යනවා එන අය. පරක්කු වෙනවනම් වෙන්නේ ටෙස්ට් රිසල්ට් පරක්කු හින්දා. ඕක නිකන් රැල්ලක් විතරයි. ඇඟට හොඳ ඇති. ඒ උනාට අර යකා කියන්නේ සදහටම කොවිඩ් හැදෙන්නේ නෑ කියල. හොඳ සාර්ථක ප්ලැසිබෝ එකක් කියල නම් මම පිලිගන්නවා. ඔච්චරම ෂුවර් නම් ඕක ලොකුවට හදල විකුනන්න්නත් පුළුවන් පිට රටට.
    Asymptomatic අය අපි ගණන් ගන්නෙ නෑ කොහොමත් - එයාල ගැන නෙවෙයි මේ කියන්නේ - රෝග ලක්ෂණ තියෙන ලෙඩ්ඩු ගැනයි.

    දැන් ඉන්න කොරෝනා ලෙඩ්ඩු 8708 දවස් 3න් සනීප කරන්න කියපන් ඒ මේසන් බාස්ට..ඵතකොට විශ්වාස කරන්නම්😀😀😀

    Cyl94SM.jpg
    මේසන් බාස් ඕන නෑ - දේශීය වෛද්‍ය විද්‍යාල වල පළවෙනි වසරේ වෛද්‍ය ශීෂ්‍යයන්ට බාර දියන් - එයාල කොරයි සුපිරියට.
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    Asymptomatic අය අපි ගණන් ගන්නෙ නෑ කොහොමත් - එයාල ගැන නෙවෙයි මේ කියන්නේ - රෝග ලක්ෂණ තියෙන ලෙඩ්ඩු ගැනයි.

    මේසන් බාස් ඕන නෑ - දේශීය වෛද්‍ය විද්‍යාල වල පළවෙනි වසරේ වෛද්‍ය ශීෂ්‍යයන්ට බාර දියන් - එයාල කොරයි සුපිරියට.
    :yes: :lol: :lol:
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Asymptomatic අය අපි ගණන් ගන්නෙ නෑ කොහොමත් - එයාල ගැන නෙවෙයි මේ කියන්නේ - රෝග ලක්ෂණ තියෙන ලෙඩ්ඩු ගැනයි.
    ඉතින් කාටත් පෙන්න පිළිවෙලකට අමාරු ලෙඩ්ඩු හොයාගෙන සනීප කරලා පෙන්නන්න කියපන්කො. එතකොටනේ ඕකට හරි පිළිගැනීමක් එන්නේ. උඹ අර සදහටම කොවෝඩ් හැදෙන්නේ නෑ කියන කතාවක් ගෙඩිය පිටින් ගිල්ලද? ප්‍රතිශක්තිකරණය නම් ඉතින් කොහොමත් වැඩිවෙනවා ඇති ඕකට. මෙච්චර දහස් ගානක් සනීප උනේ ඔය පනිය බීල නෙමෙයිනේ. මම කියන්නේ දේශීය ක්‍රම සාර්ථක නෑ කියල නෙමෙයි. පැහැදිලිවම සාර්ථක ක්‍රම තියෙනවා, තියෙන්න ඕන. මේකා නම් කරන්නේ මාධ්‍ය සහ රාජ්‍ය අනුග්‍රහය ඇතුව බොරුවක්.
     
    • Dislike
    Reactions: jcj

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    mata nam penne meka meya kiyana widihen therenne nikan eyage business walata kela wena nisa kiyapu deyak wage. anika kiyana dewal athishokthiyen kiyawanne
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් කාටත් පෙන්න පිළිවෙලකට අමාරු ලෙඩ්ඩු හොයාගෙන සනීප කරලා පෙන්නන්න කියපන්කො.
    අවසර අරන් දියන්කො - ගිය අප්‍රේල් වල ඉඳල නෙ ඉල්ලන්නෙ - කෝ තාම දෙන්නෙ නෑනේ - ආන්න එක කොරල දියන් - එතකොට ලංකාවටම පේන්න live video වලින් සනීප කොරල පෙන්නන්නම් :yes:

    එතකොටනේ ඕකට හරි පිළිගැනීමක් එන්නේ. උඹ අර සදහටම කොවෝඩ් හැදෙන්නේ නෑ කියන කතාවක් ගෙඩිය පිටින් ගිල්ලද? ප්‍රතිශක්තිකරණය නම් ඉතින් කොහොමත් වැඩිවෙනවා ඇති ඕකට. මෙච්චර දහස් ගානක් සනීප උනේ ඔය පනිය බීල නෙමෙයිනේ.
    දාස් ගාණින් සනීප වුණට වැඩක් නෑනේ ලෙඩ්ඩුන් එක්කෙනෙක් හරි මැරෙනවා නම් - වසංගතයක් දින්නය කියන්නේ වැඩි දෙනෙක් සනීප වුණාය කියන එක නෙවෙයි - ඒකෙන් ලෙඩ්ඩු මැරෙන එක නැවත්වීමයි.
    මම කියන්නේ දේශීය ක්‍රම සාර්ථක නෑ කියල නෙමෙයි. පැහැදිලිවම සාර්ථක ක්‍රම තියෙනවා, තියෙන්න ඕන. මේකා නම් කරන්නේ මාධ්‍ය සහ රාජ්‍ය අනුග්‍රහය ඇතුව බොරුවක්.
    ඕකා ඉතිං බිස්නස් කාරයා නේ - උන් එහෙම තමයි
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    වෙන්ඩෝල් සබන් වලට එහෙම කියන එක වැරදියිනේ මහත්තයෝ. වෙන්ඩෝල් සබන් වලින් කුනු යනවා දවසක් ඇර දවසක්, දවස් දෙකක් ඇර දවස් දෙකක් නාන කට්ටියගේ. මහත්තයා වගේ මාස දෙකකට පාරක් නාන උන්ගේ කුනු යවන්න තමා අර හාඩ්වෙයාර් වල වයර් බ්‍රශ් තියෙන්නේ.
    වෙන්ඩෝල් සබන් වලට කුණු යන්නේ බටහිර ඩොකාලගෙයි..සුද්දෝ ඇරපු, ඩොක්කුන්ට කහින කලවo සිoහල උන්ගෙයි විතරයි.. :yes:
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    "ආයුර්වේදයට අනුව කිසිම දවසක මීපැණි රත් කරන්නේ නැති බවත් රත් කල මී පැණි වස වන බවත් ඔහු පවසයි."

    සාමාන්‍යයෙන් ආයුර්වේදයට අනුව මී පැණි රත් කරහම විෂ වෙන්න ඉඩ තියෙනබව ඕනෙම ආයුර්වේද වෙදෙක් කියන දෙයක් . ඒකෙන්ම පේනවා මේ දම්මික කියන කෙනා ආයුර්වේද හෝ පාරම්පරික සිංහල වෙදෙක් නොවෙයි කියන එක..

    දේවාලෙක පොරක් දෙන ඒවා බීලා ලෝක ලෙඩක් තමා වෙන්නේ.. :no:
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    "ආයුර්වේදයට අනුව කිසිම දවසක මීපැණි රත් කරන්නේ නැති බවත් රත් කල මී පැණි වස වන බවත් ඔහු පවසයි."

    සාමාන්‍යයෙන් ආයුර්වේදයට අනුව මී පැණි රත් කරහම විෂ වෙන්න ඉඩ තියෙනබව ඕනෙම ආයුර්වේද වෙදෙක් කියන දෙයක් . ඒකෙන්ම පේනවා මේ දම්මික කියන කෙනා ආයුර්වේද හෝ පාරම්පරික සිංහල වෙදෙක් නොවෙයි කියන එක..

    දේවාලෙක පොරක් දෙන ඒවා බීලා ලෝක ලෙඩක් තමා වෙන්නේ.. :no:
    Honey should not be heated rapidly, over direct heat. ... Excessive heat can have detrimental effects on the nutritional value of honey. Heating up to 37°C (98.6 F) causes loss of nearly 200 components, part of which are antibacterial. Heating up to 40°C (104 F) destroys invertase, an important enzyme
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    "ආයුර්වේදයට අනුව කිසිම දවසක මීපැණි රත් කරන්නේ නැති බවත් රත් කල මී පැණි වස වන බවත් ඔහු පවසයි."

    සාමාන්‍යයෙන් ආයුර්වේදයට අනුව මී පැණි රත් කරහම විෂ වෙන්න ඉඩ තියෙනබව ඕනෙම ආයුර්වේද වෙදෙක් කියන දෙයක් . ඒකෙන්ම පේනවා මේ දම්මික කියන කෙනා ආයුර්වේද හෝ පාරම්පරික සිංහල වෙදෙක් නොවෙයි කියන එක..

    දේවාලෙක පොරක් දෙන ඒවා බීලා ලෝක ලෙඩක් තමා වෙන්නේ.. :no:
    ධම්මික පැණිය හදන කොට මීපැණි රත් කරන්නේ නෑ . රත් කරලා නිවූනු කසායට පැණි වක්කරන එකයි කරන්නේ.
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    අවසර අරන් දියන්කො - ගිය අප්‍රේල් වල ඉඳල නෙ ඉල්ලන්නෙ - කෝ තාම දෙන්නෙ නෑනේ - ආන්න එක කොරල දියන් - එතකොට ලංකාවටම පේන්න live video වලින් සනීප කොරල පෙන්නන්නම් :yes:

    අපිට කියන්නෙ උබ අවසර අරන් දියන්කො.:yes: