ප්‍රාණයෙන් ලෙයින් දෙවියන් පිදීම තහනම්!

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ප්‍රාණයෙන් ලෙයින් දෙවියන් පිදීම තහනම්!

    [FONT=Malithi_Web]වසර 500ක්‌ තිස්‌සේ දෙවියන් නොමග යෑවූ චාරිත්‍රය අවසන්

    [/FONT]
    jeffna1.jpg


    [FONT=Malithi_Web]යාපනය මහාධිකරණ විනිසුරු මානික්‌කවාසගර් ඉලන්චෙලියන් මහතා මෑතකදී මුළු රටම සංවේදී කළේය. ඒ ඔහුගේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ සැරයන් හේමචන්ද්‍ර මහතාව පිස්‌තෝලකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකට කළ මානව දයාව හේතුවෙනි.
    [/FONT]
    jeffna.jpg


    [FONT=Malithi_Web]ශිවලෝගනාදන් විද්‍යා දැරිය සම්බන්ධයෙන් වූ නඩු විභාගයේදී ලබාදුන් තීන්දුවේදීද ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ නම කියවුණු අතර ඉන් ප්‍රකට වූයේ ඔහුගේ අදීන භාවයයි.[/FONT]

    [FONT=Malithi_Web] යළිත් මේ දිනවල මේ විනිසුරුවරයා ගැන බොහෝ දෙනෙකු කතා කරති. ඒ අවුරුදු පන්සීයකටත් වඩා යාපනය දිස්‌ත්‍රික්‌කයේ පැවති එක්‌ සංස්‌කෘතියක්‌ කණපිට හරවමින් ලබාදුන් නඩු තීන්දුවක්‌ හේතුවෙනි.[/FONT]

    [FONT=Malithi_Web] යාපනයේ කිසිදු කෝවිලක මින් ඉදිරියට දේව පූජා සඳහා සතුන් බිලි දීම තහනම් කරමින් මහාධිකරණ නියෝගයක්‌ ඉලන්චෙලියන් විනිසුරුතුමා විසින් නිකුත් කරන ලද්දේ පසුගිය ඔක්‌තෝබර් විසිහතර වැනිදාය. අහිංසාවාදයත්, නිර්මාංශ භාවයත් පෙරදැරි කරගෙන යාපනයේ ජීවත් වන බ්‍රාහ්මණ වංශික කුරුක්‌කල්වරු (හින්දු පූජකවරු) පිරිසක්‌ විසින් යාපනය මහාධිකරණයේ ගොනු කරන ලද පෙත්සමක්‌ සලකා බැලීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
    [/FONT]
    [FONT=Malithi_Web]මුළු ජීවිත කාලය පුරාවටම හාල් මැස්‌සෙක්‌ හෝ අනුභව නොකරන එසේ අනුභව කරන නිවසකින් වතුර පොදක්‌ හෝ පානය නොකරන හින්දු පූජකවරුන් පිරිසක්‌ මෙන්ම මහජන කොට්‌ඨාසයක්‌ද යාපනයේ පමණක්‌ නොව මුළු ලෝකයේම වාසය කරති. ඔවුන් නියම හින්දු භක්‌තිකයෝය.[/FONT]

    [FONT=Malithi_Web] මේ අතරතුර මස්‌ මාංශ බුදිමින් අහිංසක සතුන්ගේ ගෙල කපා එම සතුන්ගේ මස්‌ මාංශ පමණක්‌ නොව රුධිරයද දෙවියන් වෙත පූජා කරමින් කල්යල් ගෙවන හින්දු භක්‌තිකයින් පිරිසක්‌ද ලෝකයේ වාසය කරති. මේ පදනම් දෙකක්‌ හින්දු සංස්‌කෘතිය තුළ නිර්මාණය වී ඇත්තේ හින්දු සංස්‌කෘතියේ දකින්නට අසන්නට ලැබෙන තිස්‌තුන්කෝටියටත් මදක්‌ වැඩියෙන් සිටින දෙවිවරුන්ගෙන් ඇතැම් දෙවිවරුන්ගේ මනදොල සැපිරීමටයි. [/FONT]

    [FONT=Malithi_Web] ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ නඩු තීන්දුවත් සමඟම හින්දු ආගමේ දෙවන පාර්ශ්වය අගතියකට පත්ව සිටින බවට දැන් දැන් කතාබහක්‌ රටපුරා පැතිර යමින් පවතී. නමුත් නඩු තීන්දුව ලබාදීමට පෙර මස්‌ මාංශ සමඟ ජීවත් වන හින්දු පූජකවරුන් කැඳවා ඔවුන්ගේද තොරතුරු හා විස්‌තර විමසාලීමට ඉලන්චෙලියන් විනිසුරුවරයා අමතක කොට නොමැත. ඒ පිරිස්‌ විසින් ඉදිරිපත් කරන ලද තර්ක විතර්කවලටද විනිසුරුවරයා සවන් දුන් නමුත් නඩු තීන්දුව ලබාදීමට ඔවුන්ගේ පුහු තර්ක මේ විනිසුරුවරයාට පාදක වී නොමැත. ඔහු ලබාදුන් නඩු තීන්දුවේදී එම පිරිස වෙනුවෙන් දක්‌වා ඇත්තේ දෙවියන් වහන්සේ උදෙසා මස්‌ මාංශ හා රුධිරය පූජා කිරීමට අවශ්‍ය නම් රජයේ ලියාපදිංචි මස්‌ වෙළෙඳසැලකට කල්තියා ඒ බව දැනුම් දී මස්‌ හා රුධිරය ලබා ගන්නා ලෙසය. දෙවියන් වහන්සේ ඉදිරියේදී අහිංසක සතුන් කපා ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ කොට දෙවියන් වැඳීම අත්‍යවශ්‍ය කාරණයක්‌ නොවන බව ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ නඩු තීන්දුවයි.[/FONT]

    [FONT=Malithi_Web] මුළු රට තුළම මහත් ආන්දෝලනයකට ලක්‌ වූ මේ නඩු තීන්දුව පිළිනොගන්නා මාංශ භක්‌ෂක පූජකවරුන් ශේ්‍රෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සූදානම් වෙති. ඔවුන්ට අනුබල දීම සඳහා යාපනයෙන් මේ දිනවල ගොඩපෙරකදෝරුවන් පිරිසක්‌ද පෙළ ගැසී සිටිති. ඒ කෙසේ වෙතත් ඉලන්චෙලියන් විනිසුරුවරයා විසින් ලබාදුන් මේ නඩු තීන්දුව නිසා අවිහිංසාව අගය කරන දකුණේ පිරිස්‌ද ඔහු වෙත හෘදයාංගම ප්‍රණාමය විවිධ ක්‍රම ඔස්‌සේ මේ දිනවල පුද කරමින් සිටිති. යාපනයේ කෝවිල් දහසක්‌ පමණ ඇති අතර ඒවායින් බොහොමයකදී වසරකට කුකුළන් දසදහසක්‌ පමණද එළුවන් හාරදහසක්‌ පමණද දෙවියන් වහන්සේ ඉදිරියේදී මරණයට පත්වෙති. වසර පන්සීයකට වැඩි කාලයක්‌ මුළුල්ලේ සිට පැවතඑන මෙම චාරිත්‍රය එක්‌ නඩු තීන්දුවක්‌ මගින් තහනම් වීම නිසා දහස්‌ සංඛ්‍යාත සතුන් පිරිසකට අභය දානය ලැබෙන්නේය. මේ නඩු තීන්දුවේ ඇති මානුෂීය භාවය වන්නේ එම සතුන්ගේ ජීවිත ආරක්‌ෂා වීමත්, මනුෂ්‍යයෝ පවුකාරකමින් ගැලවීමත් යන කාරණාවන් දෙකය.[/FONT]

    [FONT=Malithi_Web] මේ ලෝක ධාතුව තුළ සතුන් බිලි දීම ආරම්භ වන්නේ අද ඊයේ සිට නොවේ. ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ මැද භාගයේදී එනම් බුද්ධ කාලයේදීත් ඊට පෙරත් මේ සිරිත ඉන්දියාවේ පැවතුනි. එළුවන්, කුකුළන්, අශ්වයින් වැනි සතුන් පමණක්‌ නොව මහා යාගවලදී මිනිසුන් පවා මරා ඔවුන්ගේ ලේ දෙවියන්ට පූජා කොට ඇත. අශ්වමේද යාගය, පුරුෂමේද යාගය වශයෙන් යාග ක්‍රම වර්ගීකරණය වී ඇති අන්දම දෙස බලන විට එය ඉතා පැහැදිලි වෙයි.[/FONT]

    [FONT=Malithi_Web] ශ්‍රී ලංකාවේ යාපනයේදී පමණක්‌ නොව තවත් බොහෝa ප්‍රදේශවලදී කෝවිල්වල පැවැත්වෙන වාර්ෂික මංගල්‍යවලදී එළුවන්, කුකුළන් වැනි සතුන් බිලි දීම ඉපැරණි චාරිත්‍රයක්‌ වී තිබේ. හලාවත දිස්‌ත්‍රික්‌කයේ මුන්නේශ්වරන් ප්‍රදේශයේ එක්‌ කාලි කෝවිලකදී ද මේ අහිංසක සත්ව සංහාරය සිදුවන බැවින් ඊට එරෙහිව මේ රටේ පරිසර සංවිධාන හා අවිහිංසාවාදී ව්‍යාපාර විසින් අධිකරණ නියෝගයක්‌ ලබාගෙන සතුන් බිලි දීම වළක්‌වාලීමට කටයුතු කළහ. නමුත් වාර්ෂික මංගල්‍යය එළැඹි දිනයේදී එකිනෙකා කෝවිල වෙත පැමිණියේ කුකුළකු තුරුළු කරගෙන හෝ ලණුවක ගැට ගැසූ එළුවකු ද දක්‌කාගෙනය.[/FONT]

    [FONT=Malithi_Web] අවසානයේදී හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා තමන්ගේ පෞරුෂය කුමන හෝ අන්දමකින් යොදවා ඒ පිරිස මර්දනය කළේය. එහෙත් කෝවිලේ වාර්ෂික මංගල්ලයේදී එකම සතෙකු හෝ දෙවියන් වෙනුවෙන් බිලි නොවූ බවක්‌ අපට දැනගන්නට නොලැබුණි.[/FONT]

    [FONT=Malithi_Web] මිනිසුන් දෙවියන් අදහනු ලබන්නේ බිය නිසාය. ගස්‌, ගල්, පර්වත, ඉර, හඳ, අහස, වැස්‌ස පවා දෙවියන් කොට සලකා බොහෝ මිනිසුන් ඊට දේවත්වයෙන් සලකන ලද්දේ ද බිය නිසාමය. ලෝකය කොතරම් දියුණු වුවත් සාම්ප්‍රදායික හා ඉපැරණි මේ යාතු කර්ම අදටත් ලෝකයේ කොතැනක හෝ දැකිය හැකිය.[/FONT]

    [FONT=Malithi_Web] අහිංසක සතුන් හා ඔවුන්ගේ මස්‌ ද, ලේ ද, දෙවියන් වෙත පුද කරනු ලබන්නේ තමන්ට ආරක්‌ෂාව ලබා ගැනීම උදෙසාය. හින්දු දහම තුළ වැඩ වාසය කරන දෙවිවරුන් සමුදායෙන් තමන්ට ආරක්‌ෂාව ලබාදෙන්නේ දෙවිවරුන් කීප දෙනකු බවට මිනිසුන් තුළ විශ්වාසයක්‌ පවතී. මේ දෙවිවරුන් අතරින් කාලි මෑණියෝද, මුනි අප්පර් දෙවියෝද, සූනියම් දෙවියෝද තවත් දෙවිවරුන් කීප දෙනෙක්‌ද තමන්ට ආරක්‌ෂාව සපයන බවට විශ්වාසය තබා ගෙන සිටින මිනිසුන් ඒ ඒ දෙවිවරු වෙනුවෙන් අහිංසක සතුන් බිලි දෙති. මේ ක්‍රමයද ඉන්දියාවේ පැවති බ්‍රාහ්මණ සම්ප්‍රදායේ විශ්වාසයකි. සතුන් බිල්ලට දීමෙන්ද, සතුන්ගේ මස්‌ හා ලේ ගින්නට දමා පිළිස්‌සීමෙන් ද , මහා බ්‍රහ්මයා සතුටු වී තමන්ට යස ඉසුරු ලබාදෙන බව එකල ඉන්දියාවේ යම් යම් ආගම් අතර පැවති විශ්වාසය නිසාවෙන් මහා යාග පවත්වා අහිංසක සතුන් බිල්ලට දීම ඉතා උත්සවශ්‍රීයෙන් යුතුව සිදු කළහ.[/FONT]

    [FONT=Malithi_Web] දෙවියන් ඇදහීම සඳහා ඕනෑම පුද්ගලයකුට අයිතියක්‌ ඇති බව සත්‍යයකි. නමුත් ඒ දෙවියන් ඇදහීම සඳහා අහිංසක සතුන් බිල්ලට දීම කොතෙක්‌ දුරට සදාචාර සම්පන්න ක්‍රියාවක්‌ ද යන්න යළි යළිත් සිතා බැලිය යුතුව තිබේ. ඉලන්චෙලියන් විනිසුරුවරයාට මේ තත්ත්වය අවබෝධ වී තිබීම අප ඉතා අගය කළ යුතු ක්‍රියාවකි. මන්ද එතුමාද හොඳ හින්දු භක්‌තිකයෙකි. ඔහු හින්දු භක්‌තිකයෙකු වුවද හින්දු භක්‌තිකයන්ගෙන් පිරිසක්‌ විසින් සිදු කරනු ලබන සදාචාර සම්පන්න නොවන අමන ක්‍රියාවකට එරෙහිව ඔහු තීන්දුවක්‌ ලබා දී තිබේ. [/FONT]

    [FONT=Malithi_Web] මේ දිනවල රටේ සියලු දෙනාම කතාබහ කරන්නේ බුදු දහමට ප්‍රමුඛත්වයක්‌ ලබාදිය යුතුය යන කාරණයයි. බුදු දහමේ කිසිදු තැනක සත්ව හිංසාව අනුමත නොකරයි. නමුත් රට තුළ දිනකට මරා දමන එළුවන්, කුකුළන් හා ගවයන් සංඛ්‍යාව කොතෙක්‌ වේද? වසර දෙදහස්‌ පන්සිය හැටකට වඩා සම්බුද්ධ ශාසනය ආරක්‌ෂා වූ බෞද්ධ රටක සමස්‌තයට මේ සත්තව ඝාතනයන් හා සත්ත්ව හිංසාවන් වළක්‌වා ගැනීමට නොහැකිව ළතැවෙනි. ඒ අනුව බලන විට ඉලන්චෙලියන් විනිසුරුවරයා යාපනය දිස්‌ත්‍රික්‌කය තුළ හෝ සත්ත්ව ඝාතනය එක්‌ අවස්‌ථාවකට පමණක්‌ හෝ තහනම් කළේ නම් ඔහු විනිසුරුවරයකුට වඩා මනුෂ්‍යයෙක්‌ බව ඔප්පු කොට තිබේ.[/FONT]


    [FONT=Malithi_Web]දිනසේන රතුගමගේ (Divaina) [/FONT]
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හින්දු අයගේ ඇති මහ ලොකු සත්ව ඝාතනයක් නෑ බෞද්ධයන් එක්ක සංසන්දනය කරනකොට.හින්දු මිනිස්සුන්ගෙන් 70%ක්ම මස් මාලු කන්නේ නෑ.උන්ගෙන් බොහොම ටික දෙනෙක් විතරයි දෙවියන්ට පූජාවක් විදිහට සතෙක් දෙන්නෙක් මරනවා. ඒ උනාට මහ ලොකු බෞද්දයන්ගෙන් හැම එකාම වගේ උන්ට කන්න බොන්න සත්තු මස් කරාට කමක් නෑහැලු.අනේ හුකේ. පන්සලකට මස් මාලු නැත්නම් දානයක්වත් බාර ගන්නේ නෑ. හමුදුරුවෝම ඉල්ලනව රසට කකුලුවෙක් උයාගෙන එන්න.එහෙම නැත්නම් එවෙලම මරපු ෆ්‍රෙශ් චිකන් එක්ක උයාගෙන එන්න.නැත්නම් ඌරූ ගාතයක් රෝස්ට් කරලා එවන්න කියලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,802
    113
    විග්නේශ්වරන් වගේ ජාතිවාදියෙක්ට නැතුව මේ වගේ වැදගත් උගතෙක්ට උතුරේ මහ ඇමතිකම ලැබුනා නම් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ ගොඩක් විසඳලා ඉවරයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    විග්නේශ්වරන් වගේ ජාතිවාදියෙක්ට නැතුව මේ වගේ වැදගත් උගතෙක්ට උතුරේ මහ ඇමතිකම ලැබුනා නම් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ ගොඩක් විසඳලා ඉවරයි.

    එකෙන්ම, හැම ජාතියකම, හැම ආගමකම, හොද මිනිසුන් සිටින වගට කදිම උදාහරණයක් තමයි මේ මිනිසා
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මේ නඩුවෙ නඩු අංකෙ දන්නවනම් කවුරුහරි කියන්නකො...!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,802
    113
    එකෙන්ම, හැම ජාතියකම, හැම ආගමකම, හොද මිනිසුන් සිටින වගට කදිම උදාහරණයක් තමයි මේ මිනිසා

    :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    විග්නේශ්වරන් වගේ ජාතිවාදියෙක්ට නැතුව මේ වගේ වැදගත් උගතෙක්ට උතුරේ මහ ඇමතිකම ලැබුනා නම් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ ගොඩක් විසඳලා ඉවරයි.

    :yes:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    හින්දු අයගේ ඇති මහ ලොකු සත්ව ඝාතනයක් නෑ බෞද්ධයන් එක්ක සංසන්දනය කරනකොට.හින්දු මිනිස්සුන්ගෙන් 70%ක්ම මස් මාලු කන්නේ නෑ.උන්ගෙන් බොහොම ටික දෙනෙක් විතරයි දෙවියන්ට පූජාවක් විදිහට සතෙක් දෙන්නෙක් මරනවා. ඒ උනාට මහ ලොකු බෞද්දයන්ගෙන් හැම එකාම වගේ උන්ට කන්න බොන්න සත්තු මස් කරාට කමක් නෑහැලු.අනේ හුකේ. පන්සලකට මස් මාලු නැත්නම් දානයක්වත් බාර ගන්නේ නෑ. හමුදුරුවෝම ඉල්ලනව රසට කකුලුවෙක් උයාගෙන එන්න.එහෙම නැත්නම් එවෙලම මරපු ෆ්‍රෙශ් චිකන් එක්ක උයාගෙන එන්න.නැත්නම් ඌරූ ගාතයක් රෝස්ට් කරලා එවන්න කියලා.

    කොයි පංසලේ හාමුදුරැවොද බං ඔහොම කිවුවේ උඹට?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Honored Great Judge. ---First I salute you for your humanity. You have shown, the meaning of a great life. Life is not just a breathing. Real life consists of great qualities. That is effective forever. Forever means for your next lives as well as this life. You have increased the respect of every life and also have increased respect of Tamil nations. As a Man speaking sinhala language , I Salute to Great Gentleman speaking Tamil Language . You are a pride for People who are speaking Tamil Language.Ilangcheli Judge Sir, Please accept my great respect for you.
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    Honored Great Judge. ---First I salute you for your humanity. You have shown, the meaning of a great life. Life is not just a breathing. Real life consists of great qualities. That is effective forever. Forever means for your next lives as well as this life. You have increased the respect of every life and also have increased respect of Tamil nations. As a Man speaking sinhala language , I Salute to Great Gentleman speaking Tamil Language . You are a pride for People who are speaking Tamil Language.Ilangcheli Judge Sir, Please accept my great respect for you.

    Yes, of course
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොයි පංසලේ හාමුදුරැවොද බං ඔහොම කිවුවේ උඹට?
    උගේ අම්ම පදුරක් අස්සෙ හැමිනුන සිවුරක් දාගත්ත හොරා තමා කියල තියෙන්නේ එහෙම.....:growl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ වගේ මිනිස්සු රටේ ඉහලම තැන් වලට එනව නම් රටම ගොඩ තමා..
    ශින්හලය වගේ නෙවෙයි දෙමලා කිව්වොත් කිව්වා ආයේ දෙකක් නෑ. විග්නේශ්වරන් වගේ උන්ට පැවැත්මක් නෑ මේ වගේ ම්නිස්සු ඉන්නකන්..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එකෙන්ම, හැම ජාතියකම, හැම ආගමකම, හොද මිනිසුන් සිටින වගට කදිම උදාහරණයක් තමයි මේ මිනිසා

    except muslim
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කොයි පංසලේ හාමුදුරැවොද බං ඔහොම කිවුවේ උඹට?
    එහෙම ඇගිල්ල දික්කරන්න මම කැමති නෑ.හැම පන්සලකම ඉල්ලනවා.