ප්‍රාතිහාර්ය...

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තාම ගල් යුගයෙද ජීවත් වෙන්නෙ.
    කොහෙවත් පොතක තිබ්බ පලියට ඒව ඇත්ත වෙනවද.
    ඔය ප්‍රාතිහාර්ය පාන්ට පුලුවන් නම් ඒ අයට පුලුවන් ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් මහත්තයගෙ අබියොග වලට අබියොග කරන්න.
    බුදුරජාණන් වහන්සේ වදාළේ අනුස්‍රවයෙන් ආ පමණින්, ගුරුවරුන්ගෙන් ආ පමණින්, තර්කයට ගැළපුන පමණින්, යමක්පිළිගත යුතු නැහැ.

    මචන් මේක තියන්නේ අහිධර්ම පිටකයේ.. :rofl::rofl::rofl: මම දන්න විදිහට මේක පුලුවන් කියලා කියපු කෙනා (බුදුන් වහන්සේ) ඔය කෝවුර් වගේ උන්ට උත්තර දෙන්නේ නෑ.. ඉස්සෙල්ල ත්‍රෙඩ් එක හරියට කියවන්න... අනික ඔය කාලාම සූත්‍රය අල්ලන් උඩ පැන්නට දන්නවද කාලාම සූත්‍රය දේශනා කලේ මිත්‍යාදෘෂ්ඨිකයන්ට කියලා? අන්න ඒකයි කිව්වේ මම කිව්වත් පිලිගන්න එපා තම මනසට ගෝචර වෙනවනම් පිලිගන්න කියලා... අපි වගේ තිසරන ගිය අයට මහත්තයෝ විචිකිච්චාව කියන්නේ ආස්‍රවයක්.. සසර දික් වෙන්න හේතුවක්.. :lol: බුදු බන උපුටා දක්වන්න ඉස්සෙල්ලා තමන් උපුටා දක්වන එක කිව්වේ කටද කොහෙදිද කියලවත් අඩුම ගානේ පොතකින් කියවලා දැනගන්න.. නැත්තන් මේ වගේ ගොන් තර්ක තමයි ගේන්න වෙන්නේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මචං උබ මම දන්නේ මේ ලෝකේ තියෙන දේවල් වලින් දශම ප්‍රමාණයක් විතරයි. දැනටත් ඇමෙරිකාවේ පරික්ස්න කැරෙනවා මනෝමය හැකියාවන් පිළිබඳව. අපි බටහිර විධ්යාවෙන් අන්ද වෙලා අපේ දේවල් බොරුය කියනකොට උන් අපිට හොරෙන් ඒ දේවල් වලින් ප්‍රයෝජන ගන්නවා.

    මචං බටහිර රජවෙලා තියෙන්නේ මේ ආසියාවෙන් උස්සන් ගිය දැනුමෙන්.

    විද්‍යාවෙන් අන්ද වෙන්න එපා මචං. විද්‍යාව කියන්නේ නිතරම වෙනස් වෙන අලුත් වෙන. දෙයක්. උදා Pluto නැවත ග්‍රහ ලොවක් ලෙස නම් කරයි.

    මචං උඹ නලින්ද සිල්ව අදුරනවද ? එල බුවා නෙහ් :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න අපෙ ලොවුතුරා බුදු රජානන් වහන්සෙ සැවත් නුවරට වඩිනවාලු ශාවක ස්වාමින්වහන්සෙලත් සමග සැවත් නුවරට යන්නනම් ගගකින් එගොඩ වෙන්න ඔනලු ගගෙන් එගොඩට යන්න ඔරුවක් තියෙනවලු තොටියෙකුත් ඉන්නවලු ගග ලගට වැඩිය බුදුන් වහන්සෙ ඇතුලු ශාවක පිරිස
    ගං ඉවුරට වෙලා ඉන්නවලු තොටියා මෙගොඩට එනකම් ඔහොම වැඩ සිටින කොට
    ගගෙන් එගොඩ වෙන්න ඉසිවරයෙක් ආවලු ඉසිවරයා එ පැත්ත මෙ පැත්ත බලල බුදුන් වහන්සෙ ඉන්නවා දැකලා ඉර්දිබලයෙන් දිය උඩින් පා තබලා එගොඩ උනාලු
    ඔක දැකපු ශාවක වහන්සෙලා බුදුන්ට මෙහෙම කිවුවලු ඉසිවරයත් එහෙම ගියානම් බුදුන් වහන්සෙත් එහෙම නොවැඩ ඉන්න එක හරි නැහැනෙ ඔබ වහන්සෙත් ඉසිවරයා විදියට එගොඩට වඩින්න කියලා ඉල්ලා සිටියලු
    ඔයාල හිතන්නෙ බුදුන් වහන්සෙ වඩින්න ඇති කියලද ?
    නැහැ
    බුදුන් වහන්සෙ තොටියා එනකම් ඉදලා එගොඩට යන ගාන කියද කියලා ඇහුවාලු
    තොටියා කිවුවාලු තුට්ටුවයි කියලා
    එතකොට බුදුන් වහන්සෙ ශාවකයන්ට දෙශනා කරාලු
    දැක්කා නෙද ප්‍රතිහාර්යෙ ගාන කියලා

    සිංහල වචන වල ආඩු පාඩු ඇති සමා වෙනු
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    කොහොම හරි ඉසිවරයා උඩින් ගිහින්, මම හරිද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තාම ගල් යුගයෙද ජීවත් වෙන්නෙ.
    කොහෙවත් පොතක තිබ්බ පලියට ඒව ඇත්ත වෙනවද.
    ඔය ප්‍රාතිහාර්ය පාන්ට පුලුවන් නම් ඒ අයට පුලුවන් ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් මහත්තයගෙ අබියොග වලට අබියොග කරන්න.
    බුදුරජාණන් වහන්සේ වදාළේ අනුස්‍රවයෙන් ආ පමණින්, ගුරුවරුන්ගෙන් ආ පමණින්, තර්කයට ගැළපුන පමණින්, යමක්පිළිගත යුතු නැහැ.

    බුදුන් වහන්සේගේ පරමාර්ථ දේශනාව කොහෙවත් තියන පොතක් විධියට උඹට පේනවා නම් ඉතින් මම මොනවා කරන්නද බන්???
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඔන්න අපෙ ලොවුතුරා බුදු රජානන් වහන්සෙ සැවත් නුවරට වඩිනවාලු ශාවක ස්වාමින්වහන්සෙලත් සමග සැවත් නුවරට යන්නනම් ගගකින් එගොඩ වෙන්න ඔනලු ගගෙන් එගොඩට යන්න ඔරුවක් තියෙනවලු තොටියෙකුත් ඉන්නවලු ගග ලගට වැඩිය බුදුන් වහන්සෙ ඇතුලු ශාවක පිරිස
    ගං ඉවුරට වෙලා ඉන්නවලු තොටියා මෙගොඩට එනකම් ඔහොම වැඩ සිටින කොට
    ගගෙන් එගොඩ වෙන්න ඉසිවරයෙක් ආවලු ඉසිවරයා එ පැත්ත මෙ පැත්ත බලල බුදුන් වහන්සෙ ඉන්නවා දැකලා ඉර්දිබලයෙන් දිය උඩින් පා තබලා එගොඩ උනාලු
    ඔක දැකපු ශාවක වහන්සෙලා බුදුන්ට මෙහෙම කිවුවලු ඉසිවරයත් එහෙම ගියානම් බුදුන් වහන්සෙත් එහෙම නොවැඩ ඉන්න එක හරි නැහැනෙ ඔබ වහන්සෙත් ඉසිවරයා විදියට එගොඩට වඩින්න කියලා ඉල්ලා සිටියලු
    ඔයාල හිතන්නෙ බුදුන් වහන්සෙ වඩින්න ඇති කියලද ?
    නැහැ
    බුදුන් වහන්සෙ තොටියා එනකම් ඉදලා එගොඩට යන ගාන කියද කියලා ඇහුවාලු
    තොටියා කිවුවාලු තුට්ටුවයි කියලා
    එතකොට බුදුන් වහන්සෙ ශාවකයන්ට දෙශනා කරාලු
    දැක්කා නෙද ප්‍රතිහාර්යෙ ගාන කියලා

    සිංහල වචන වල ආඩු පාඩු ඇති සමා වෙනු

    අර ඒ කාලේ කොල්ලෝ කුරුට්ටෝ තවත් මරිසියක් කියන්නේ බං බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉඳන් යුරෝපේ පැත්තට වදිනවලු , ජේසුතුමා ඒ පැත්තේ ඉඳන් ආසියාව පැත්තට එනවලු.
    කොහොමහරි දෙන්න මුනට මුණ හම්බවෙලා පොඩි චැටකට එහෙම සෙට් වෙලා තිබ්බ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    කොහොම හරි ඉසිවරයා උඩින් ගිහින්, මම හරිද?

    නෑ ඉසිවරෙයෙක් කියල එකෙක් ඇත්තෙත් නෑ උව කතාව සරසන්න add කළා එක බෞද්ධ සාහිත්‍ය. බුදුහාමුදුරුවෝ බිමින්ම වැඩියා. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    අඳුනනව මචන්. භෞතික විධ්‍යා කථිකාචාර්ය වරයෙක්. මොකද්ද ප්‍රශ්නේ?

    නෑ මෑන්ස් කියන්නෙත් බටහිර විද්‍යාව බොරු කියල. බටහිර විද්‍යාව බොරු නේද මචං ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොම හරි ඉසිවරයා උඩින් ගිහින්, මම හරිද?
    හරි හරි දැන් ඔයා මොකක් කියන්ඩද තෙපර බාන්නෙ කියන්ඩ බලන්ඩ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හරි හරි දැන් ඔයා මොකක් කියන්ඩද තෙපර බාන්නෙ කියන්ඩ බලන්ඩ

    කියන්නේ තොටයි මටයි බැරි උනාට ඕව පුළුවන් ය ඉන්නවා කියල..
    උඹ අලුත් අවුරුද්දට නැකතට කනවද? නිකන් දැනගන්න අහන්නේ???
    උඹ කතරගම ගිහින් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
    උඹගේ උපන් වෙලාවට කේන්දරයක් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
    උඹ ඉන්න ගෙදර නැකතට වැඩ පටන් අරන් නිධන් වස්තු එහෙම දාපු ගෙයක්ද?නිකන් දැනගන්න අහන්නේ?
    උඹගේ නමේ මුල් අකුර මොන නැකතට අනුවද දාල තියෙන්නේ? නිකන් දැනගන්න අහන්නේ?
    උඹ වාහනයක් පදිනවා නම් එකෙන් කතරගම ගිහින් හරි වෙන තැනකින් හරි පඬුරු ගැට ගහල තියනවද?

    ඔය හැම එකටම උත්තරේ කියපන් ඉස්සෙල්ල වගේ "ට්‍රර්ක්" එකෙන් පනින්න එපා..

    මේ උඹට නෙමෙයි කියන්නේ, දවසක් එළකිරි එකේ අම්බානක ලොරි ටෝක් දීල ඔය ජ්‍යෝතිෂ්‍ය, දෙවියෝ බොරු කියපු ඩයල් එකක් මම දැක්ක පුජා වට්ටියක් අරන් කතරගම ඉන්නවා අලුත ගත්ත වාහනේට පඳුරක් ගැටගහන්න.. මම මීට වඩා කියන්නේ නැහැ. උම්බගෙන්ම අහල බලපන් උඹත් එහෙමද කියල..
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    නෑ මෑන්ස් කියන්නෙත් බටහිර විද්‍යාව බොරු කියල. බටහිර විද්‍යාව බොරු නේද මචං ?

    Everything is theoretically impossible, until it is done.
    Robert A. Heinlein

    "Fifty percent of the material we will teach you will be wrong after you graduate. The problem is, we don't know which 50%"
    http://boards.medscape.com/forums/?128@@.2a5b30de!comment=1

    මචං දන්න ටික ගොඩක් කියල හිතන්න එපා. අපි දන්නේ නැති ගොඩක් දේවල් තියෙනව. ඉගෙන ගනින්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    Everything is theoretically impossible, until it is done.
    Robert A. Heinlein

    "Fifty percent of the material we will teach you will be wrong after you graduate. The problem is, we don't know which 50%"
    http://boards.medscape.com/forums/?128@@.2a5b30de!comment=1

    මචං දන්න ටික ගොඩක් කියල හිතන්න එපා. අපි දන්නේ නැති ගොඩක් දේවල් තියෙනව. ඉගෙන ගනින්.

    නලින්ද සිල්ව & ඔහුගේ අනුගාමිකයන්ට කියන්න තියෙන්නෙත් ඕකම තමයි මචං
    නාථ දෙය්යෝ එහෙම සෙට් උනේ නැතෙයි ලඟදි :rofl:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    කියන්නේ තොටයි මටයි බැරි උනාට ඕව පුළුවන් ය ඉන්නවා කියල..
    උඹ අලුත් අවුරුද්දට නැකතට කනවද? නිකන් දැනගන්න අහන්නේ???
    උඹ කතරගම ගිහින් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
    උඹගේ උපන් වෙලාවට කේන්දරයක් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
    උඹ ඉන්න ගෙදර නැකතට වැඩ පටන් අරන් නිධන් වස්තු එහෙම දාපු ගෙයක්ද?නිකන් දැනගන්න අහන්නේ?
    උඹගේ නමේ මුල් අකුර මොන නැකතට අනුවද දාල තියෙන්නේ? නිකන් දැනගන්න අහන්නේ?
    උඹ වාහනයක් පදිනවා නම් එකෙන් කතරගම ගිහින් හරි වෙන තැනකින් හරි පඬුරු ගැට ගහල තියනවද?

    ඔය හැම එකටම උත්තරේ කියපන් ඉස්සෙල්ල වගේ "ට්‍රර්ක්" එකෙන් පනින්න එපා..

    මේ උඹට නෙමෙයි කියන්නේ, දවසක් එළකිරි එකේ අම්බානක ලොරි ටෝක් දීල ඔය ජ්‍යෝතිෂ්‍ය, දෙවියෝ බොරු කියපු ඩයල් එකක් මම දැක්ක පුජා වට්ටියක් අරන් කතරගම ඉන්නවා අලුත ගත්ත වාහනේට පඳුරක් ගැටගහන්න.. මම මීට වඩා කියන්නේ නැහැ. උම්බගෙන්ම අහල බලපන් උඹත් එහෙමද කියල..

    මචං කිසිම වෙලාවක එක පැත්තක් ගන්න එපා මචං.

    මමත් ඉන්දියාවෙන් ආපු මිත්‍යා මත පිළිගන්නේ නෑ. මම කිසිම දේවාලෙකට යන්නේ නැ. කතරගම නෙවෙයි පන්සලක තියෙන දෙවලේකටවත් යන්නේ නැ ඇත 12යි අවල් ඒවා 12යි තියෙන එක ගොන් දෙයියෙක්ටවත් වඳින්නෙත් නෑ.

    කවදාවත් පඳුරු ගැට ගහලත් නෑ. අපේ පන්සලේ බෝගහේ අපි තරුණ සමිතිය විදිහට පඳුරු ගැටගහන්න කොඩි ගැටගහන්න දෙන්නෙත් නෑ.. නිකන් බෝ ගහේ අතු කඩනවා ඕව කරන්න ගිහින් මිනිස්සු.

    ඕව මචන් තනිකර මිත්‍යා විශ්වාස. නමුත් සාම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඉන්නවා මචං. මහසෙන් දෙවියෝ සමන් දෙවියෝ වගේ. එත් ඒ දෙවී වරුන්වත් දැන් business එකක් කරගෙන තියෙන්නේ තේරුමක් නෑ.. දෙවියෙක් කියන්නේ මචං මෙලොවදී පින් කරලා සත් පුරුෂ විදිහට හිටපු මිනිස්සුන්ට. සමන් දෙවියෝ කියන්නේ මචං රජෙක් හොඳින් රටකරවපු රජෙක්.

    මම ඒ වගේම අර මහා සිය පොඩි සිය කියා කියා හූනියම් බන්දන කරන උන් විශ්වාස කරන්නෙත් නෑ.
    එතැනදී මම කළෝ ෆොන්සේකා මහත්තයලගේ පැත්තේ. හැබැයි ඒ දේවල් කරන්න පුළුවන් මිනිස්සු ඉස්සර ඉඳල තියෙනව. දැන් නැති උනාට. භූතයෝ ඉන්නවා මචන්. දැනටත් බෙහෙත් මවන මනුස්සය්ක් මම මගේ ඇස දෙකින් දැකල තියෙනව ඒ කොහොද කින්ද මන්ද කියල කියන්නේ නෑ. ඒ මවන්නේ භූත බලයෙන්.

    නමුත් මචං මම නලින්ද සිල්වා කියන සමහර දේවල් වලට එකඟ නෑ. එය කියනව බට හිර විද්‍යාව අමුම අමු බොරුවක් කියල. ලෙඩකට බෙහෙතක් වත් බොන්න එපා කියල. එක වැරදි. විද්‍යාවේ මිනිස් සංහතියට කරපු හොඳ දේවල් අප්‍රමාණව තියෙනව. විද්‍යාව දිනෙන් දින දියුණු වෙන්ව. අපිට එහම පිටින්ම ඇත හරින්න බෑ..

    හැම දේම අන්තවාදී නොවී මධ්‍යස්ථව බැලුවොත් සත්‍ය තේරෙයි. එකයි බුදුන් වහන්සේගේ. මාර්ගය.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    නලින්ද සිල්ව & ඔහුගේ අනුගාමිකයන්ට කියන්න තියෙන්නෙත් ඕකම තමයි මචං
    නාථ දෙය්යෝ එහෙම සෙට් උනේ නැතෙයි ලඟදි :rofl:

    මට උබේ තර්කෙ තේරෙන්නේ නෑ බන්. ප්‍රශ්නයක් තියේ නම් කෙලින් අහපන්. මාත් හැම දේම දන්නේ නෑ උබ දන්නෙත් නෑ. එත් උබ පෙන්නන්න හදනව උබ දන්නවා කියල. අපි හිනාවෙන්නේ නෑ මචං අහපන්. දන්නා දෙයක්නම් දන්නා විදිහට පැහැදිලි කරල දෙන්නම්. අරය දන්න්ව්වද මෙය දන්නවද කියල උබ තර්ක කරන විදිහ හරි මාන්දවිකයි බන්.

    කලින් මම උත්තර දීල ඇති . එක කියවපන් එක තියෙනව සමන් දෙවියෝ ගැන එහෙම. නාථ දෙවියොත් එතනට අයිති
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහත්තයෝ.. බයිලා කියන්නේ නැතුව කියනවද මේ කියල තියන දේවල් ඇත්තද බොරුද කියල.. යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල් උත්තර දෙන්න එපා..

    අනිත් අය කොහොම කියයිද දන්නෙ නැ මටනම් ඔය බුදුන් නොදෙසු දෙයක් / සාහිත්යාලන්කාර /පිටින් එකතු වු කතා / බොරු හො මැජික් මචන්

    කලින් කතාවත් මෙතෙන්ටම එකතු කරනම් vvv

    එතකොට බුදු හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය දක්වපු කතා බොරුද?/:D:D

    මචන් උබ දැන් ඉගෙන ගන්න බුදුදහමෙ උගන්වන්නෙ බුදුහාමුදුරුවො කියපු දෙවල්මද ? නිකන් අහන්නෙ

    බුදු හාමුදුරුවෝ කියපු දෙවල්මද කියලනම් දන්නේ නැහැ. එක වටහාගන්න මාර්ග පල ලබන්න වෙයි..

    එහෙනම් මාර්ග පල ලබන්නෙ නැතුව ඔබතුම කොහොමද කියන්නෙ බුදුහාමුදුරුවො ප්‍රාතිහාර්ය පැව දෙවල් ඇත්තමයි කියල ,බුද්දදර්මය ත්‍රිපිටකගත වෙන්නෙ බුද්ද පරිනිර්වනයෙන් අවුරුදු 250 Wඅඩි කාලයක් කට වචනෙන් විතරක් පැවති දර්මයක් ,තොරතුරු තක්ශනය දියුනු නැති කාලෙක අවුරුදු 250 කට වචනෙන් පමනක් පැවතින්ඩ ඇත්තෙ ඇත්තම වෙන්ඩ ඇතිද , ඔතන සහිත්යම උලුප්ප දැක්විම් එහෙම තියෙන්ඩ විඩිහක් නැද්ද ? බුදුහාමුදුරුවො විතරක් නෙවෙයි ඔනිම කෙනෙක් ගන්න පුලුවන් ජෙසු තුමා මුහුද දෙබැ කරපු එක ඇත්ත වෙන්ඩ ඇතිද ? නැත්තන් සස ජාතකය (306) විදිහට හදෙ හාව අදින්න ගල් පර්වතයක් මිරිකලද ? මෙව ඇත්ත වෙන්ඩ ඇති කියල විස්වාස කරනවද උබ ?

    (සැයු : මා බෞද්ධ නොවේ)
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නැකැත් රාල;17215383 said:
    මචන් මේක තියන්නේ අහිධර්ම පිටකයේ.. :rofl::rofl::rofl: මම දන්න විදිහට මේක පුලුවන් කියලා කියපු කෙනා (බුදුන් වහන්සේ) ඔය කෝවුර් වගේ උන්ට උත්තර දෙන්නේ නෑ.. ඉස්සෙල්ල ත්‍රෙඩ් එක හරියට කියවන්න... අනික ඔය කාලාම සූත්‍රය අල්ලන් උඩ පැන්නට දන්නවද කාලාම සූත්‍රය දේශනා කලේ මිත්‍යාදෘෂ්ඨිකයන්ට කියලා? අන්න ඒකයි කිව්වේ මම කිව්වත් පිලිගන්න එපා තම මනසට ගෝචර වෙනවනම් පිලිගන්න කියලා... අපි වගේ තිසරන ගිය අයට මහත්තයෝ විචිකිච්චාව කියන්නේ ආස්‍රවයක්.. සසර දික් වෙන්න හේතුවක්.. :lol: බුදු බන උපුටා දක්වන්න ඉස්සෙල්ලා තමන් උපුටා දක්වන එක කිව්වේ කටද කොහෙදිද කියලවත් අඩුම ගානේ පොතකින් කියවලා දැනගන්න.. නැත්තන් මේ වගේ ගොන් තර්ක තමයි ගේන්න වෙන්නේ..

    Doggy 10000:P:P
    ඔයාට කොහොමත් ඔය බොරුවෙන් තොර පැවැත්මක් නෑ..
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    නෑ ඉසිවරෙයෙක් කියල එකෙක් ඇත්තෙත් නෑ උව කතාව සරසන්න add කළා එක බෞද්ධ සාහිත්‍ය. බුදුහාමුදුරුවෝ බිමින්ම වැඩියා. :D

    මුගලන් මහා රහතන් වහන්සේ විශ්වයේ කෙළවරක් සොයන්න ගිය එකත් බොරු ද බන්?

    නාලාගිරි ඇතා මෙල්ල කරපුව. බුදුන් වහන්සේ යාම මහා පෙළහර පාපුව එහෙම බොරුද බන්. ?

    බුදුන් වහන්සේ තමන්ගේ කාලයෙන් හැමදාම අලුයම කොටසක් දෙවියන් වෙනුවෙන් වෙන් කලේ අයි?

    බුදුන් වහන්සේ දවසක් ගිනි ගන්න ගමන් අහසේ ගමන් කරන පිඹුරෙක් ගැන දේශනා කලේ ප්‍රේතයෙක් ගැන නෙවෙයි ද මචං?

    බුදුන් වහන්සේ කරණිය මෙත්ත සුත්‍රය දේශනා කලේ අයි බන්?

    ඔක්කොම සාහිත්‍ය ද මචන්?

    මචං බුද්ධ මාර්ගයේ යාමට පළමු පියවර ශිල සමාධි ප්‍රඥා මචං.

    සීලයෙන් තොර සමාධිය නැත. සමාධියෙන් තොර ප්‍රඥා ව නැත..

    නමුත් අද බොහෝ දෙනෙක් සීලය අන්ධ බක්තිය කොට ගෙනත් ඇත..
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මෙන්න මේ ටික මම ගත්තේ අභිධර්ම මාර්ගය කියන පොතෙන්,,,මේවා බොරු කියලද දැන් ඔය කට්ටිය කියන්නේ... (පිටුව 389)

    එක කෙනෙක් සිය දෙනෙක් දහස් දෙනෙක් වීම, එසේ පෙනී සිටීම. නොපෙනී සිටීම, බිත්ති පර්වත ආදියෙන් ඔබ්බට නො සැපී යාම..ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම.අධිට්ටානිද්ධි නම් වේ,..

    තමාගේ ප්‍රකුර්තිය හැර දෙවියෙකු මෙන් හෝ යකෙකු මෙන් හෝ, සිංහ ආදී සතෙකු මෙන් පෙනී සිටීම විකුබ්බනිද්ධි නම් වේ..

    තමාගේ ශරීරය තුල තවත් අංග සම්පුර්ණ ශරීරයක් මවා පිටතට ගැනීම මනොමයිද්ධී නම් වේ..

    මට PM එකක් දාලා තිබ්බ නිසා උත්තරයක් දෙන්නම් මේකට

    ඔය කියලා තියෙන ප්‍රාතිහාර්යය කරන්න පුලුවන් අය හිටියා / ඉන්නවා කියන දෙයට තියෙන සාක්ෂි ප්‍රමාණය

    =

    දෙවියන් මේ ලෝකෙ දවස් හතෙන් මැව්වා කියන එකට තියෙන සාක්ෂි ප්‍රමාණය

    =

    අල්ලාහ් දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරුනොත් කන්‍යාවන් 72ක් ලැබෙනවා කියන එකට තියෙන සාක්ෂි ප්‍රමාණය

    =

    අපේ ලෝකෙ වටේ ඇහැට, දුරේක්ෂවලට නොපෙනෙන තේ කෝප්පයක් පරිභ්‍රමණය කරනවා කියන එකට තියෙන සාක්ෂි ප්‍රමාණය

    =

    0

    මම කියන්නෙ බොරු කියලා ඔප්පු කරන්න පුලුවන් කියන එක නෙමෙයි. සාක්ෂි නැතුව නිකන් පොතක ලියලා තිබූ පමණින් පිළිගන්න බෑ කියන එක.

    ඒක මට උපතින් ලැබුණු ආගමට අදාළ පොතක් කියලා මම වෙනසක් කරන්නෙ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මුගලන් මහා රහතන් වහන්සේ විශ්වයේ කෙළවරක් සොයන්න ගිය එකත් බොරු ද බන්?

    නාලාගිරි ඇතා මෙල්ල කරපුව. බුදුන් වහන්සේ යාම මහා පෙළහර පාපුව එහෙම බොරුද බන්. ?

    බුදුන් වහන්සේ තමන්ගේ කාලයෙන් හැමදාම අලුයම කොටසක් දෙවියන් වෙනුවෙන් වෙන් කලේ අයි?

    බුදුන් වහන්සේ දවසක් ගිනි ගන්න ගමන් අහසේ ගමන් කරන පිඹුරෙක් ගැන දේශනා කලේ ප්‍රේතයෙක් ගැන නෙවෙයි ද මචං?

    බුදුන් වහන්සේ කරණිය මෙත්ත සුත්‍රය දේශනා කලේ අයි බන්?

    ඔක්කොම සාහිත්‍ය ද මචන්?

    මචං බුද්ධ මාර්ගයේ යාමට පළමු පියවර ශිල සමාධි ප්‍රඥා මචං.

    සීලයෙන් තොර සමාධිය නැත. සමාධියෙන් තොර ප්‍රඥා ව නැත..

    නමුත් අද බොහෝ දෙනෙක් සීලය අන්ධ බක්තිය කොට ගෙනත් ඇත..

    අන්ධ බක්තිය කිසිදා අප නොදැකපු නොඇසූ දෙයක් විස්වාස කිරීම
    හැම ආගමේම සැහෙන්න ප්‍රමාණයක් බොරු, මවපු දේවල් තියෙනව
    එහෙම නොව්නොත් ආගමට තියෙන ආකර්ෂණය නැති වෙනව
    ප්‍රාතිහාර්ය පෑම - මේ දේ මගේ ඇස දෙකෙන් දකිනකන් මම විස්වාස කරන්නේ නෑ
    දැන් මචං උඹ මගෙන් මේවා බොරුද අහන්නේ ඒවා ඇත්ත කියල උඹ කොහොමද ඔප්පු කරන්නේ ?

    බෞද්ධයෙක් නම් මේවා පිළිගන්න ඕනා. එත් ලොකුම ප්‍රශ්නේ මේවා ඇත්තද කියන එකයි.
    මේ ලෝකේ දෙය්යෙක් මැව්වා කියන මැවීම් වාදය, අපි බොරු ඒක එහෙම වෙන්නේ නෑ කියල කියන ගමන්ම, අපේ ආගමේ එන ඒවගේම බොරු ඇත්ත කියල පිළිගනිම කොයි තරම් විහිලු සහගතද