කියන්නේ තොටයි මටයි බැරි උනාට ඕව පුළුවන් ය ඉන්නවා කියල..
උඹ අලුත් අවුරුද්දට නැකතට කනවද? නිකන් දැනගන්න අහන්නේ???
උඹ කතරගම ගිහින් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
උඹගේ උපන් වෙලාවට කේන්දරයක් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
උඹ ඉන්න ගෙදර නැකතට වැඩ පටන් අරන් නිධන් වස්තු එහෙම දාපු ගෙයක්ද?නිකන් දැනගන්න අහන්නේ?
උඹගේ නමේ මුල් අකුර මොන නැකතට අනුවද දාල තියෙන්නේ? නිකන් දැනගන්න අහන්නේ?
උඹ වාහනයක් පදිනවා නම් එකෙන් කතරගම ගිහින් හරි වෙන තැනකින් හරි පඬුරු ගැට ගහල තියනවද?
ඔය හැම එකටම උත්තරේ කියපන් ඉස්සෙල්ල වගේ "ට්‍රර්ක්" එකෙන් පනින්න එපා..
මේ උඹට නෙමෙයි කියන්නේ, දවසක් එළකිරි එකේ අම්බානක ලොරි ටෝක් දීල ඔය ජ්‍යෝතිෂ්‍ය, දෙවියෝ බොරු කියපු ඩයල් එකක් මම දැක්ක පුජා වට්ටියක් අරන් කතරගම ඉන්නවා අලුත ගත්ත වාහනේට පඳුරක් ගැටගහන්න.. මම මීට වඩා කියන්නේ නැහැ. උම්බගෙන්ම අහල බලපන් උඹත් එහෙමද කියල..
මචං කිසිම වෙලාවක එක පැත්තක් ගන්න එපා මචං.
මමත් ඉන්දියාවෙන් ආපු මිත්‍යා මත පිළිගන්නේ නෑ. මම කිසිම දේවාලෙකට යන්නේ නැ. කතරගම නෙවෙයි පන්සලක තියෙන දෙවලේකටවත් යන්නේ නැ ඇත 12යි අවල් ඒවා 12යි තියෙන එක ගොන් දෙයියෙක්ටවත් වඳින්නෙත් නෑ.
කවදාවත් පඳුරු ගැට ගහලත් නෑ. අපේ පන්සලේ බෝගහේ අපි තරුණ සමිතිය විදිහට පඳුරු ගැටගහන්න කොඩි ගැටගහන්න දෙන්නෙත් නෑ.. නිකන් බෝ ගහේ අතු කඩනවා ඕව කරන්න ගිහින් මිනිස්සු.
ඕව මචන් තනිකර මිත්‍යා විශ්වාස. නමුත් සාම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඉන්නවා මචං. මහසෙන් දෙවියෝ සමන් දෙවියෝ වගේ. එත් ඒ දෙවී වරුන්වත් දැන් business එකක් කරගෙන තියෙන්නේ තේරුමක් නෑ.. දෙවියෙක් කියන්නේ මචං මෙලොවදී පින් කරලා සත් පුරුෂ විදිහට හිටපු මිනිස්සුන්ට. සමන් දෙවියෝ කියන්නේ මචං රජෙක් හොඳින් රටකරවපු රජෙක්.
මම ඒ වගේම අර මහා සිය පොඩි සිය කියා කියා හූනියම් බන්දන කරන උන් විශ්වාස කරන්නෙත් නෑ.
එතැනදී මම කළෝ ෆොන්සේකා මහත්තයලගේ පැත්තේ. හැබැයි ඒ දේවල් කරන්න පුළුවන් මිනිස්සු ඉස්සර ඉඳල තියෙනව. දැන් නැති උනාට. භූතයෝ ඉන්නවා මචන්. දැනටත් බෙහෙත් මවන මනුස්සය්ක් මම මගේ ඇස දෙකින් දැකල තියෙනව ඒ කොහොද කින්ද මන්ද කියල කියන්නේ නෑ. ඒ මවන්නේ භූත බලයෙන්.
නමුත් මචං මම නලින්ද සිල්වා කියන සමහර දේවල් වලට එකඟ නෑ. එය කියනව බට හිර විද්‍යාව අමුම අමු බොරුවක් කියල. ලෙඩකට බෙහෙතක් වත් බොන්න එපා කියල. එක වැරදි. විද්‍යාවේ මිනිස් සංහතියට කරපු හොඳ දේවල් අප්‍රමාණව තියෙනව. විද්‍යාව දිනෙන් දින දියුණු වෙන්ව. අපිට එහම පිටින්ම ඇත හරින්න බෑ..
හැම දේම අන්තවාදී නොවී මධ්‍යස්ථව බැලුවොත් සත්‍ය තේරෙයි. එකයි බුදුන් වහන්සේගේ. මාර්ගය.