බලය කියන්නේ ඉසිල්ඩෝ බේන් (ලෝඩ් ඔෆ් ද රින්ග්ස් මුද්ද) වගේ ඉතාම භයානක දෙයක්.ඒකත් එක්ක හරියට සෙල්ලම් කරන විදිහ ඉගෙන නොගෙන දේශපාලනිකව පරිණත නොවී,දේශපාලන අවබෝධය,අත්දැකීම් නොලබා මේ බලය අතට ලැබුණොත් ඒ ලැබුණ හාදයට දෙයියන්ගේම පිහිටයි!
බලය ලබාගන්න කලින් ඉතාම ප්‍රශංසනීයව කටයුතු කළ අගමැති හරිනි අමරසූරිය දැන් නිකන් ඊට සම්පූර්ණ පරස්පර විරෝධීව කටයුතු කරන්න පටන් අරන්.ඕක හරි සාමාන්‍යයි.මම ඔය උඩ කියපු ලොජික් එක දාලා බලන්න.එයාට ඔය බලය වැඩී.ඒ බලය නිසා එයා මලකඩ කමින් ඉන්නේ
ඒ හින්දා තමයි ගංගොඩේ ගෑණුවත් නොහැසිරෙන අන්ත නින්දාසහගත විදිහට හැසිරෙන්නේ
"ආරක්ශක ඇමතිතුමා අපිට පොඩ්ඩක් මොරටුවේ නගරාධිපති අපේක්ෂකයා ගැන බලන්න වෙයි"
"දේශපාලන බලපෑම කරන්න බෑනේ"
වගේ කතා ප්‍රසිද්ධ වේදිකාවක කියන්නේ, "නිහඬ කාලය තුළ ඔයාලා නිහඬ වෙන්න එපා ශේප් එකේ කරන් යන්න" කියලා කියන්නේ
මෙයාලගේ වාසනාවට විපක්ෂය හුස්මගන්න බැරුව ඉන්නේ!
ශක්තිමත්,අළුත් බලවේගයක් නිර්මාණය වුණු වෙලාවක මේ ආණ්ඩුව සුන්නද්දූලි කරනවා!!!!
Nirashan Withanage