You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මට කලින් කියන්න අමතක වුනා.
මේ Ciss යුනිට් එකක් හයි කරපුවම වේස්ට් වෙන තීන්ත ප්‍රින්ටර් එක ඇතුලේ තියෙන ස්පොන්ජ් එකට උරාගන්න අමාරුයි. ඒ නිසා ප්‍රින්ටර් එක විටින් විට සර්විස් කරන්න වෙනවා. ඒකට පිලියමක් විදියට සමහර කඩ වලින් නම් තින්ත වේස්ට් වුනාම පිට කරන බටේ ප්‍රින්ටර් එකේ පිටිපස්සෙන් එලියට දාලා දෙනවා. ඒස් සමහර කඩ කාරයෝ ඒක ඇතුලෙම තිබුනම ප්‍රින්ටර් එක විටින් විට සර්විස් කරන්න ගේන්න වෙන නිසා ගාන කඩා ගන්න ඒ බටේ එලියට දාලා දෙන්න නෑ.
ඔයාලගෙ ප්‍රින්ටර් වලත් පිටිපස්සෙන් පොඩි බට කෑල්ලක් එලියට දාලා වේස්ට් වෙන තීන්න භාජනයකට එකතු කරගන්නවද?
එහෙම බටයක් කඩෙන් දාලා දුන්නෙ නැත්තං ඒක ඔයාලා දාගන්න. වැඩේ කරන්න ලේසි. මුලින්ම කරන්න තියෙන්නේ ප්‍රින්ටර් එකේ පිටිපස්සේ තියන පුංචි පියන විවෘත කරගන්න එක. එතකොට ඒක ඇතුලේ අලුපාට බටයක් පේන තියනවා. මේක ඒ පියන හිල් කරලා එලියට ගන්න පුලුවන්. නැත්තං පියන ඇරලා තියලා බටේ එලියට ගන්නත් පුලුවන්. ඊට පස්සේ ඒ බටේ පොඩ් බෝතලයකට සෙට් කරගන්න. අවශ්‍ය නම් ඒකට තව සේලයින් බට කෑල්ලක් හයි කරලා බෝතලේ මේසේ යට තියාගන්න පුලුවන්.
Meka link eka nadda?