ප්‍රින්ස්ට අසාධ්‍යයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ප්‍රින්ස්ට අසාධ්‍යයි

    සුදු මල් පොකුරක් අතින් දරා,සඳරේණු වෑහෙනා වැනි ගීත සමූහයකින් රසික හදවත් සනසාලූ ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත යළි අසාධ්‍යව කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර තිබෙනවා. අපි ඒ පිළිබඳව ඔහුගේ සොහොයුරිය වූ ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු මහත්මියගෙන් වැඩිදුර තොරතුරු විමසා සිටියෙමු.

    "මේ වන විට ප්‍රින්ස්ට සිහිකල්පනාව නම් සියයට පණහක් පමණ තියෙනවා. තවම ඔහු වෙනුවෙන් (ඉන්ජෙක්සන්) ප්‍රතිකාර ක්‍රියාවලියක් සිදුකෙරෙනවා. ඒ ඉන්ජෙක්ෂන් එක දවසට ලක්ෂ පහක් පමණ වෙන අත්‍යවශයම ක්‍රියාවලියක්. දවස් පහක් පමණ එය ලබා දිය යුතුයි. දැනට දවස් දෙකක් ලබා දුන්නා. තව දවස් තුනක් පමණ ලබා දිය යුතුයි.

    කොළඹ ජාතික රෝහලේ දින තුනක ප්‍රතිකාර ලබා දීමෙන් පසුව සඳුදා හවස තමයි මෙම රෝහලට රැගෙන ආවේ.සඳුදා හවස් වනවිට ඔහු හොඳටම අසාධ්‍ය වුණාමයි මෙම රෝහලට රැගෙන ආවේ. මේ සඳහා කැමති රසික රසිකාවියනටජාතික ඉතිරිකිරීමේ බැංකුව 100948803862 / කොමර්ෂල් 8103017799 - ඇල්පිටිය යන ගිණුම් අංකවලට මූල්‍යමය ආධාර ලබාදිය හැකි අතර 0769111838 යන දුරකථන අංකයට අමතා වැඩිදුර විස්තර දැනගත හැකියි."
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    private hospital wela natara wela rasika rasikawiyange adara illanawa aio lankawe artist lage tathwe :(